ජුඩ් සමන්ත සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ
වනාතවිල්ලුව - අරුවක්කාළු ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින කසල බැහැර කිරීමේ අංගනයට කඩා වැදී එහි දේපල වලට හානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන දෙදෙනෙකුව වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයකුව සහ තවත් අයෙකි.
කොළඹ එකතු වන කැළි කසල බැහැර කිරීම සඳහා වනාතවිල්ලුව - අරුවක්කාළු ප්‍රදේශයේ කසල අංගනයක් මේ දිනවල ඉදි කරමින් සිටී.
මෙම කසල අංගනය ඉදිකළහොත් ප්‍රදේශයේ පරිසරයට විශාල හානියක් සිදුවන බව පවසමින් ප්‍රදේශවාසීන් පසුගිය 9 වැනි දා විරෝධතාවයක නිරතවුහ.
එම විරෝධතාවයේදී කසල අංගනයේ ඇති ගොඩනැගිල්ලකට පහර දී අලාභ හානි සිදු කරන ලදැයි අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම
මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු කරන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා
විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය
හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අරුවක්කාළු දේපලවලට හානි කළැයි ප්‍රා.සභා මන්ත්‍රී ඇතුළු අයෙක් අත්අඩංගුවට