(නිමන්ති රණසිංහ)
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් මහතාට අයත් ජාතික හැදුනුම්පත් අංකයට සහ විදේශ ගමන් බලපත‍්‍රයට අදාළව නිකුත් කර ඇති සියලූම සිම් කාඩ්පත් සහ විද්‍යුත් උපාංගවලට අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයාට නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ දෙවැනි සැකකරු වූ අර්ජුන් ඇලෝසියස්ට අයත් ජංගම දුරකතනය සිංගප්පූරුවේ නාන තටාකයක වැටීමෙන් විනාශවී ගිය බවට ඔහු ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ප‍්‍රකාශ කළද මෙම විමර්ශනයට අදාළව එම විනාශ වූ සිම්පතට අදාළ දත්ත ලබාගැනීමේ අවශ්‍යතාවක් ඇතැයි පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයෙන් කළ ඉල්ලිමක් සැලකිල්ලට ගෙන මෙම නියෝගය නිකුත් කැරිණි.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණය වෙත අද (11) කරුණු ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කළේය.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අර්ජුන් ඇලෝසියස්ගේ සිම් කාඩ් ගැන තොරතුරු දෙන්නැයි නියෝග
rasika Wednesday, 11 July 2018 10:19 PM
මේවා හොයන එක ගැන රජයට ස්තුති වෙන්න ඕනේ. හැබැයි මේ හැම එකක්ම නියම ආකාරයෙන් වෙන්න ඕනේ. මේ වගේ බොරු කරලා මුළු රටම කොල්ල කන අයව හැමෝටම ආදර්ශයක් වෙන්න හිරේ දාන්න ඕනේ. දඩුවම් දෙන්න ඕනේ. ඔය සිම් එක ගත්තට, වයිබර්, වට්ස් ඇප්, වගේ භාවිත කලානම් ඔය විදියට හොයන්න අමාරු වෙයි. ඒත් උත්සාහය අගයනවා. උපරිම දඩුවම් දෙන්න ඕනේ..