IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අයෝධ්‍යාව හින්දූන්ට ලබාදිය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දශක ගණනාවක් තිස්සේ හින්දු හා මුස්ලිම්වරුන් අයිතිය සම්බන්ධව ආරවුල් ඇතිකරගන්නා ලද අයෝධ්‍යාවේ ශුද්ධ භූමිය හින්දු භක්තිකයන්ට ලබාදියයුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) තීන්දු කළේය.

පල්ලියක් ඉදිකිරීම සඳහා මුස්ලිම්වරුන්ට වෙනත් භූමියක් ලැබෙනු ඇති බවද අධිකරණය පවසයි.

බොහෝ හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ මෙම ස්ථානය ඔවුන්ගේ වඩාත්ම ගෞරවයට පාත්‍රවූ දෙවි කෙනෙකු වන රාමිගේ උපන් ස්ථානය බවයි.

මුස්ලිම්වරුන් පවසන්නේ ඔවුන් මෙම ස්ථානයට පරම්පරා ගණනාවක් තිස්සේ නමස්කාර කළ බවයි.

1992 වර්ෂයේදී හින්දු කලහකාරීන් විසින් කඩා බිඳ දැමූ මෙම මුස්ලිම් පල්ලිය 16වන සියවසට අයත් එකකි. එහිදි ඇතිවූ කළ කෝලාහල වලින් 2000කට ආසන්න පිරිසක් මිය ගියහ.

ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇතිවිය හැකි බවට තොරතුරු වාර්තා වී තිබුණු හෙයින් ඊයේ (08) දිනයේදී සිය ගණනක් පිරිස් රඳවාගනු ලැබූ බව ඉන්දිය පොලිසිය පවසයි.



(බීබීසී ඇසුරිනි - 085)



අදහස් (20)

අයෝධ්‍යාව හින්දූන්ට ලබාදිය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Amarasingha Saturday, 09 November 2019 09:51 AM

අන්න එහමයි රටක්, ජාතියක්, ආගමක් ගැන හිතන (තමන් අවිවාහක කෙනෙක් වුවත්) නීතියට ඇඟිලි නොගසන ශ්‍රේෂ්ඨ පාලකයෝ ඉන්න රටක සිද්ද වෙන්නේ... මෙහෙ ඒකට 2500 වසරක ඓතිහාසික බෞද්ධ නටබුන් ස්ථාන ඩෝසර් කරනවා. බහුතරයක් වූ මහජාතියේ ඇස් පනාපිට, වෙනත් ජාතින් ඒවා අල්ල ගන්නවා.

:       168       1616

DilanSaturday, 09 November 2019 12:42 PM

ප්‍රශ්නය ඡන්දෙ කාලෙට කාටත් ඕවා අමතක වෙන එක... මුස්ලිම් රටවල වෙනත් ජාතියකට ආගමකට පැවැත්මක් නැත්නම් අනෙක් රටවලුත් කරන්න ඕන ඒකම තමයි.

:       0       9

senaSaturday, 09 November 2019 02:12 PM

බොරු කියන්න එපා.

:       261       27

lalithm Saturday, 09 November 2019 09:54 AM

එහෙම වෙන්නේ නැහැ සිරි ලංකාවේ...

:       8       190

ලුම්බිණි Saturday, 09 November 2019 09:57 AM

නඩු කාරයන් හින්දු වුණාම මෙහෙම තමයි.

:       1035       517

SL Saturday, 09 November 2019 10:37 AM

මේ සංකල්පයම පටන්ගත්තේ අරාබියේ. මේකත් කූරගල වගේ තමයි..

:       13       572

රජින්ද Saturday, 09 November 2019 10:44 AM

එතකොට අර අයෝධ්‍යාවේ සීමාවෙන් එහා තියෙන මුඩුක්කු ටික කාගේද දන්නේ නැහැ. මිනිස්සු ධර්මය වෙනුවට අධර්මයේ භක්තියෙන් මෝහනය වෙලා ඉන්නකොට දේශපාලකයින්ගේ දූෂණය සහ රාජ්‍ය පාලනය වෙනුවට කරන බොරු සංදර්ශනද ඉහළ යයි.

:       282       319

MaheeSaturday, 09 November 2019 12:35 PM

ඔබ හරි රජින්ද, මහා විශ්වයේ අබ ඇටයක්වත් නොවන මේ මහපොළොවේ කොටස් වෙන්කරගෙන එකිනෙකා වනසා ගන්න මිනිස් වර්ගයා එහෙම එකිනෙකා වනසා ගැනීම සාධාරණීකරණය කරන්නේ, රට, ජාතිය, ආගම ආදී සංකල්පවලින්. රට, ජාතිය, ආගම ඒ ඒ මනුෂ්‍ය කොට්ටාශවල අභිවෘද්ධියට යොදාගැනීම වෙනුවට වෙනස් වර්ගවල මිනිසුන් වැනසීමට අන්ධ භක්තියෙන් යොදා ගන්නවා. දේශපාලුවන්ට ඊට වඩා වටිනා අවියක් තවත් නැහැ. ඒ අය හොඳට ප්‍රයෝජන ගන්නවා 'බෙදා වෙන්කිරීම' මගින්...

:       7       3

DhammikaSaturday, 09 November 2019 07:28 PM

ඒවා ඒ පාලකයෝ බලාගනී' ඔබ කලබලවෙන්න එපා. ධර්මය වෙනුවට අධර්මයේ නොවේ. හින්දුන්ට අයිති ඔවුන්ගේ පුදබිම මුස්ලිම් ආක්‍රමණිකයන්ගෙන් බේරුනේ එම දහමේ සත්‍යතාවය නිසා තමයි. ඔවුන්ට එය ලබාදීමට රජය කටයුතු කිරීම සංදර්ශනයක් වෙන්නේ ඔබ වගේ පටු ඝෘණාත්මක චින්තනවාදියෙකුට පමණයි.

:       4       115

Piyal Saturday, 09 November 2019 11:52 AM

අපිට සංහිඳියාව තියෙනවා..

:       39       134

janahitha Saturday, 09 November 2019 01:31 PM

ලංකාවේ කට්ටියට 25000 ක් තියෙනවා. එත් ආගමක්, ධර්මයක් නැහැ. දුප්පත්කමද අනේ මන්දා මේ ස්ථානය අනුරාධපුර යුගයේ බොහොම සම්බන්ධකම් තිබිච්ච තැනක් හින්දා බෞද්ධ පෞරාණික දේවල් බොහෝමයි.

:       0       1

Saman Saturday, 09 November 2019 04:37 PM

ඕව මොනවද ? මෙහේ අර ෂරියා විශ්වවිද්‍යාලයට විරුද්ධව කෑගහපු අයත් දැන් හිස්බුල්ලත් එක්ක එකම වේදිකාවෙ ඉඳගෙන ජනතාව අමතන්නේ?

:       45       72

RangaSunday, 10 November 2019 06:43 AM

හිස්බුල්ලා සමග එකම වේදිකාවේ ? මොන වේදිකාවෙ ද හිටියේ? හිටියානම් මොනාද සහයෝගෙට කිව්වේ? පැහැදිලි කරලා දෙන්න. නැත්තන් බොරු කතා ප්‍රසිද්ධ කිරීමෙන් වළකින්න.

:       47       67

PrasannaSunday, 10 November 2019 09:36 AM

ඇයි ඔච්චර කලබල? එකට හිටියත් නැතත්, හිස්බුල්ලා කිව්වේ එයාගේ දෙවෙනි මනාපය ගෝඨාට දෙන්න කියලා...

:       0       11

SamanSunday, 10 November 2019 09:51 AM

"එදා හිස්බුල්ලා මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාරාන්තික උපවාසයක් සිදුකළ රතන හිමිද හිස්බුල්ලා සමග එකට වේදිකාවේ සිටින බව පෙන්වා දෙන ටිල්වින් සිල්වා මහතා විමසා සිටින්නේ අද වනවිට ෂරියා විශ්වවිද්‍යාලය පිරිවෙනක් බවට පත්වී හෝ තිබෙන්නේද යනුවෙනි.

:       11       16

AchinthaSunday, 10 November 2019 09:30 AM

කරුණාකර ලින්ක් එක දෙන්න අපටත් බලන්න. ඔය එකම වේදිකාවේ හිටපු හැටි සහ කතා කරපු හැටි .... මහත්තයෝ මේක ගල් යුගය නෙවේ.

:       4       19

DonSunday, 10 November 2019 09:38 AM

ඒකෙ නම වෙනස් කරලා දැන්.. " නැගෙනහිර ෂරියා පිරිවෙන " කියලා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ දැන්..

:       13       4

chandima Sunday, 10 November 2019 02:18 AM

මුස්ලිම්වරුන්ට ඉන්නේ එකම දෙවි කෙනෙක් පමණයි. ඔවුන් දෙවියන් වෙනුවෙන් වැඳ නමස්කාර කරන්නේ මක්කම දෙවොලටයි. අයෝද්‍යාපුරය මුස්ලිම් වරුන් සිටි පළාතක් නොවෙයි. බංග්ලාදේශය පුරාණයේ සිට මුස්ලිම් රාජ්‍යයක් නොවෙයි. එරට මුස්ලිම් රටක් උනේ එක්තරා අරාබි වෙළෙන්දෙකු එරට පැළපදියම් වීමෙන් පසුව බවයි මා අසා ඇත්තේ. මේ දෙවොල මුස්ලිම් දෙවොලක් වීමට නම් කිසි විදියකින්වත් වීමට බැහැ. ශ්‍රී ලංකික අපත් අයෝද්‍යාවට සම්බන්ධකම් ඇති ජාතියක්. එබැවින් මේ උසාවි නියෝගය ඉතාම සාධාරණ එකක්. එම ස්ථානය රාමාගේ උපන් ස්ථානය වීම කෙසේ වෙතත් මුස්ලිම්වරුන්ගෙන් ගලවාගැනීම ගැන මගේ බලවත් සතුට ප්‍රකාශ කරමි.

:       4       103

නොකවුට් Sunday, 10 November 2019 03:07 AM

මෙහේ බහුතරයක් වූ මහ ජාතියේ ඇස් පනාපිට 2500 වසරක ඓතිහාසික බෞද්ධ නටඹුන් ස්ථාන ඩෝසර් කරනවා. වෙනත් ජාතින් ඒවා අල්ල ගන්නවා.

:       0       14

nisar Sunday, 10 November 2019 06:16 AM

අගමැතිතුමා සුභ පතලා ට්විටර් පණිවිඩයක් යැව්වේ නැද්ද ?

:       0       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1244 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1143 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 647 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1676 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 85 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2735 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site