(නිමන්ති රණසිංහ)
පාස්කු ප්‍රහාරය අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය සිදුකළ ප්‍රහාරයක් බවට දිරිගැන්වීමට අවශ්‍ය කටයුතු කරමින් එම ත්‍රස්ත සංවිධානය සමඟ සෘජුවම සම්බන්ධතා පැවැත්වූ බව කියන ව්‍යාපාරිකයකු ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (11) නියෝග කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 30 ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි අහමදු මොහම්මදු අර්සාද් නැමැති ව්‍යාපාරිකයෙකි.
කොළඹ කිංස්බරි හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරුවන් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අදාළව මෝෂන් පත්‍රයක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණී.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අයි.එස්.අයි.එස් සමඟ සබඳතා පැවැත්වූ ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්
පිටිගල මිලානෝ Wednesday, 11 September 2019 06:02 PM
මේ ප්‍රහාරයට සම්බන්ධ සියලු දේශපාලකයෝ සුව නින්දක තබලා කතෝලික ඡන්ද ටික ගන්න හාල් කෑලි අල්ලනවා. අපි තවත් රැවටෙමුද? නාගානන්ද මහත්තයා අනේ අපිට රටක් හදා දෙන්න ගෞරවාන්විතව ලෝකයට මුහුණ දෙන්න.
chinthakaThursday, 12 September 2019 01:23 AM
රටේ මිනිසුන්ට දැනගන්නත් එක්ක පොඩි විස්තරයක් කියන්නම්. මේ ගමන ජනාධිපතිවරණයේදී "ගෝඨා"ගේ ජයග්‍රහණය ස්ථිරයි. රටට තියන ආදරේ වගේම වැඩ කරන්න පුළුවන් මනුස්සයෙකුත් බව ඔප්පු කරලා තියෙන්නේ. හැබැයි අගමැතිතුමා ගේම අතඇරලා නැහැ. එතුමා උත්සාහ දරන්නේ සිංහල ඡන්ද බෙදීම මගින් "ගෝඨා"ගේ ජයග්‍රහණය 50%ට අඩු ප්‍රමාණයකින් තබාගන්න. අපි හිතමු ගෝඨා 49% ප්‍රමාණයකුයි, අගමැතිතුමා 47% ප්‍රමාණයකුයි ඡන්ද ලබා ගත්තා කියලා. අන්න එවිට ඔය පොඩි පොඩි අපේක්ෂකයින්ට අවස්ථාවක් එනවා තමන්ගේ ඡන්ද ප්‍රමාණය තමා කැමති ප්‍රධාන අපේක්ෂකයෙකුට පිරිනමන්න. අන්න එදාට ඔය "නාගානන්දලා, ශිරාණි බණ්ඩාරනායකලා, මුස්ලිම් අපේක්ෂකයන් වගේම දෙමළ අපේක්ෂකයින් ටිකත් එක පයින්ම තමාගේ ගොඩ පිරිනමන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට.., එතුමා මේ අවුරුදු 5 කරා වගේම රටේ ඉතුරු ටිකත් ඊළඟ අවුරුදු පහේ කාලා දානවා. අන්න එ්ක නිසා ආපහු නොදන්නා වෙනසකට නොගිහින් සිංහල ඡන්ද නොබෙදා තියාගත්තොත් අපි කෙසේ වෙතත් අපේ අනාගත දරු මුණුබුරන් ගොඩයයි...
Anura u a eThursday, 12 September 2019 02:54 AM
හ්ම්...!!! ඔන්න ඕකයි තත්වේ.
Sugath PremalalThursday, 12 September 2019 04:41 AM
ජනතාව බුද්ධිමත්ව වැඩ කරන්න. යහපාලනයක් කියලා 2015 කරගත්ත හරිය හොඳටම ඇති.. නාගානන්ද කියන්නේ සිරිසේනගේ දෙවන කොටස.. වැඳලා කියන්නම්.. මේ සැරේ වැරැද්ද ගත්තොත් වෙන්නේ ලංකාව සිරියාව වගේ වෙනවා. අනිවා..!!!
sanjeewaThursday, 12 September 2019 05:06 AM
මේ දවස්වල සමාජ ජාලවල යන කෝප් කමිටු වාර්තා පොඩ්ඩක් බලන්න.. නාගානන්දලා සහ එයාලගේ ගෝල බාලයින්ගේ වැඩ...
surath Thursday, 12 September 2019 12:44 AM
නාගානන්ද මහතාට කරලා පුරුදු දෙයක් බාරදෙන්න. කටයි, නඩුයි විතරයි අපි දැක්කේ... නඩුවක් දින්නා කියලා පත්තරේකවත් තිබුණාද?
dilan Thursday, 12 September 2019 01:25 AM
කවුද මේ "නාගානන්ද" කියන්නේ? මොනවද දැනට මෙයා සමාජයට දැනෙන්න කරලා තියෙන්නේ? එහෙම නැත්නම් අර 2015 වගේ රට කන්න සළකා බලන්න පත්කරගන්න පොදු අපේක්ෂකයාද?
thushara Thursday, 12 September 2019 05:18 AM
සිවිල් පුරවැසියෙක් විදියට දේශපාලකයින්ගේ දූෂණයට විරුද්ධව, විල්පත්තු විනාශයට එරෙහිව, කළ හැකි දේ එතුමා කළා.