අජන්ත කුමාර අගලකඩ
සියලුම අමාත්‍යංශවල ප්‍රාග්ධන වියදම් 15% කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ඒ බව දන්වමින් මුදල් අමාත්‍යංශය සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් ද නිකුත් කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් මීට සති දෙකකට පමණ ඉහතදී මුදල් අමාත්‍යංශයට කැඳවා මේ ගැන දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
රජයේ අපේක්ෂිත ආදායම අඩුවීම පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයත් සමඟ ආර්ථිකයට ඇතිව තිබෙන බලපෑම් ආදිය සැළකිල්ලට ගනිමින් මෙම ප්‍රාග්ධන වියදම් කප්පාදුව සිදුකර ඇති බවද වාර්තා වේ.
මේ අතර ඉකුත් වසරවල අමාත්‍යංශවල හිඟ බිල්පත් රුපියල් කෝටි 10,000 ක් පමණ ගෙවීමට ඉතිරිව ඇති බවද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අමාත්‍යංශ වියදම් සියයට 15 කින් කපාහරින්න උපදෙස්
Raveendra Wednesday, 19 June 2019 01:56 AM
අමාත්‍යංශ වල වියදම 15% නොව ඊට වඩා අඩුකලයුතුයි අනවශ්‍ය වියදම්. විශේෂයෙන් දේශපාලුවන්ගේ එක එක උත්සව වියදම් ආදිය. එමෙන්ම බදුගෙවන පුරවැසියන් වන අප දියවන්නාඔයේ 225 සියලුම වියදම් කපා හැරීමට " 225 ටම උපදෙස් නොව නියෝග කරනවා "..
thilakasiri Wednesday, 19 June 2019 04:54 AM
අමාත්‍යංශ වල පමණක් නොවයි 225 දෙනාගේම අනවශ්‍ය වියදම් කපාහැර අන්.ඇම් කළා වගේ පාර්ලිමේන්තුවේ කන බොන දේවලුත් යම් පාලනයක් කර පිඩිත කන්න නැතුව මැරෙණ අසරණයින්ට හා පාස්කු ඉරිදා සිදුවීමෙන් අසරණවී සිටින පිරිසට සහන සලසුවොත් හොද නැත්ද? රටේ බහුතරය මෙසේ අසරණ වී සිටියදී ඔවුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවේ ඉන්න 225යි මහා ධනපති ව්‍යාපාරිකයෝ ටිකයි යම් පරිත්‍යාගයක් කිරීම මිනිස්කම නොවනේද?
Mahee Wednesday, 19 June 2019 05:35 AM
ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන්ට වෙන්කළ මුදල් ටික නම් කපා හරියි, හැබැයි, මං කොල්ල කන්න තියෙන ව්‍යාපෘති ප්‍රාග්ධන වියදම් නම් මේ කපේදී කැපෙන්නේ නෑ. මධ්‍යම අදි වේගී මාර්ගයෙන් ගසා කාල තියෙන හැටි විගණකාධිපති ඇහැට ඇඟිල්ලෙන් ඇනලම පේන්න දීල තිබුනේ.
Hafeel Wednesday, 19 June 2019 07:59 AM
දකුණු අතින් දීල වම් අතින් ගන්න වගේ වැඩ. දැන් මෙහෙම කිව්වට, පසුව මේ සේරම පරිපූරක ඇස්තමේතුවක් දාල ගනීවි. මේක තමයි මෙච්චර කල් වුණෙත්.
muditha Wednesday, 19 June 2019 08:12 AM
වියදම් කපන්න ආණ්ඩුවක් ඕනෙද? වෙන විකල්ප නැද්ද? උපදේශකයෝ කියා පඩි ගන්න අය මොකද කියන්නේ? ප්‍රාග්ධන වියදම් අඩු කළාම කොහොමද ආර්ථික වර්ධන වේගය තියාගන්නේ?
Dingiri Wednesday, 19 June 2019 09:39 AM
මේක අලුත් දෙයක් නෙමේ හැම අවුරුද්දකම වාගේ ජුනි /ජුලි මාසේ ප්‍රාග්ධන වියදමෙන් 15% කපාහරින්න කියල මු. අමාත්‍යංශය අනිකුත් අමාත්‍යංශය වලට දැනුම් දෙනවා.
Soma dubayi Wednesday, 19 June 2019 12:45 PM
යහපාලන රජය ආර්ථිකය දියුණු කළා..... අතමිට සරු කළා...... 2025 සංවර්ධිත දියුණු රටක් බවට පත් කරනවා...