IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අමරපුර-රාමඤ්ඤ මහ නිකායන් එක්කෙරෙන සම්මුතියට අත්සන් තැබීම 16

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයට නව පරිච්ඡ්දයක් එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායත් එක් කෙරෙන සම්මුතියකට අත්සන් තැබීම කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේදී ලබන 16 වැනිදා සවස 2.30ට  පැවැත්වේ.
 

එම සම්මුතිය අත්සන් තැබීමෙන් පසු මෙම නිකායන් ‘ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග‍්‍රී මහා සංඝ සභාව ලෙස පෙනී සිටීමට නියමිතය.

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නා හිමියන්ගේ සහ අග්ගමහා පණ්ඩිත නාපාන පෙමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නා හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම සම්මුතියට අත්සන් තැබීම සිදුකෙරේ.
 
 රටේ ජාතික, ආගමික හා ශාසනික කටයුතුවලදී එක්ව ක‍්‍රියා කිරීම වෙනුවෙන් මෙම සම්මුතිය අත්සන් තැබෙන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී ශාස්ත‍්‍රපති අත්තංගනේ ශාසනරතන නා හිමියෝ පැවසූහ.
 
 බුරුම දේශයෙන් උපසම්පදාව රැගෙන විත් මෙරට ස්ථාපිත කෙරුණු ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ රාමඤ්ඤ මහා නිකාය වසර කිහිපයක් තිස්සේ කරන ලද සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම සම`ගි සම්මුතියට එළඹීමට තීරණය කෙරුණු බව ද උන්වහන්සේ කීහ.
 
 දෙපාර්ශවය එක්ව කතිකා කරගත් පරිදි පත්කරගන්නා ලද 450 නමක් වන මහ තෙරවරුන් වහන්සේලා වැඩම කරවා මෙම සම්මුතියට එළඹීම සිදුකෙරෙන බව ද මහා ලේඛකාධිකාරී හිමියෝ කියා සිටියහ.
 

 මෙහිදී අමරපුර රාමඤ්ඤ මහ නා හිමිවරුන් මෙන්ම මාතලේ ධම්මකුසල රාමඤ්ඤ මහා නිකායේ අනු නා හිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර නා හිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී ශාස්ත‍්‍රපති අත්තංගනේ ශාසනරතන නා හිමියන් ද මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

 



අදහස් (11)

අමරපුර-රාමඤ්ඤ මහ නිකායන් එක්කෙරෙන සම්මුතියට අත්සන් තැබීම 16

ravi Tuesday, 13 August 2019 11:14 AM

බුදුරජානන්වහන්සේ වැඩසිටියේ මොන නිකායෙන්ද .. ???

:       359       417

BamunuarachchiTuesday, 13 August 2019 12:03 PM

ඕවා අනිත් ආගම් වලත් තිබෙනවා.

:       142       78

KavishkaTuesday, 13 August 2019 01:10 PM

අනිත් ආගම්වල තිබුණා කියලා අපේ ඒවායේත් තියාගනිමු. එහෙම හොඳයි නේද? අනිත් නිකායවල නායක ස්වාමීන් වහන්සේලාට උස අඩුපුටු දීලා මේ නිකායේ මහනායක ස්වාමීන් වහන්සේලාට උස පුටු දෙමු. එහෙම හොඳයිද?

:       52       122

BamunuarachchiTuesday, 13 August 2019 05:22 PM

කවිෂ්ක, ඉතින් පුලුවන් නම් අයින් කරන්න.

:       10       2

ThiwTuesday, 13 August 2019 02:10 PM

කොපමණ නිකායන් තිබුණත්, බුදු දහමට ඕනෑම වෙලාවක එක මිටකට එකතුවෙන්න පුලුවන්... මොකද මූලය එකක් නිසා. ඒ දෙය ථේරවාදයටත්, මහායානයටත් පොදුයි. අනිත් අය වගේ බුදුදහමේ නෑ. නිකාය වෙනස් නිසා අනෙකාව මරන්න කියලා...

:       1       110

කමල් Tuesday, 13 August 2019 12:04 PM

සාධු! සාධු! සාධු! අනිත් නිකායනුත් එක්ව නිකාය භේදය නැතිව යත්වා!

:       0       307

සම්පත් Tuesday, 13 August 2019 01:27 PM

සාදු සාදු සාදු!!!.

:       0       90

Kumar Tuesday, 13 August 2019 03:48 PM

ගිවිසුම් අත්සන් කරන්නම ඕනෙද? වචනය හොඳ මදිද? ඔය නිකාය හදාගත්තේ කුලබේද නිසා නේද?

:       29       71

Sunil gikiyanage Tuesday, 13 August 2019 04:13 PM

නිකාය භේදයක් නැහැ. බොහෝ ආගමික කටයුතු සමගියෙන් කරනවා. අපේ පැතිවල....

:       0       18

ලුම්බිණි Wednesday, 14 August 2019 12:25 AM

නිකායන් අතර ගිවිසුම් ඇති වෙන මේ කාලේ ආගම් අතරත් ගිවිසුම් ඇති කර ගත්තොත් නරකද? ඔක්කොම ප්‍රශ්න ඉවරයි.

:       0       10

vidya Wednesday, 14 August 2019 01:35 AM

ඉතින් හතරම එකතුවෙලා ශ්‍රී ලංකා නිකාය කියලා එකක් හදාගෙන වේලකන්න නැති ගරා වැටුණු පාසල් ටික දියුණු කරන්න කටයුතු කළොත් නරකද? අපේ හාමුදුරුවනේ... අනිත් එක උත්සවයක ආපුහම ටෙලිෆෝන් තියාගෙන කිසිම චාරයක් නැතිව කතා කරකර ඉන්න එක හරිම අශෝභනයි. අශීලාචරයි... අපේ හාමුදුරුවනේ, පොඩ්ඩක් විනය පිළිබඳවත් දැනුවත් කිරීම හොඳයි අපේ හාමුදුරුවනේ... මේවා අනිකුත් ආගම් අදහන මිනිසුන් බලාගෙන ඉඳලා අපිට කියනවා.

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 0 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 12 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 55 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 385 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 163 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 104 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site