IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අපි තනිවම ආණ්ඩුවක් ගොඩ නගනවා - චමල් රාජපක්ෂ

චන්ද්‍ර සේන ගමගේ
 
වසර දෙකක් කල් ගන්නේ නැතිව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පවත්වා ජනතා කැමැත්තට ගරු කරන්නට මේ ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා අද (13) තිස්සමහාරාමයේදී පැවසීය.
 
තිස්සමහාරාම මැතිවරණ බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතන සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී හිටපු කථානායක වරයා මේ බව ප්‍රකාශ කළේය . 
 
 
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ චමල් රාජපක්ෂ මහතා 
 
‘‘ මහජනතාවගේ කැමැත්තකින් තොරව මම අගමැති කම් භාර ගන්නේ නෑ ඊට වඩා සුදුසුයි ගෙදරට වෙලා පැදුරක් එළා ගෙන බුදිය ගන්න එක. ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ අවුරුදු දෙකක් කල් ගන්නේ නැතිව ජනතා කැමැත්තට ඉඩ දී මැතිවරණ පවත්වා ජනතාව කැමති දේශපාලන පක්ෂයකට රට පාලනය කිරීම සඳහා ඉඩ දියු යුතු එකයි. 
 
අපි අපෙන් ගිය කිසිවෙකු සමඟ හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වී ආණ්ඩුවක් පිහිටු වීමට අදහස් නොකරන බවත් පොදුජන පෙරමුණට ඡන්දය දීපු ජනතාව එය අනුමත නොකරන බවත් අපි විශ්වාස කරනවා. 
 
අපේ වැඩ පිළිවෙල හා ප්‍රතිපත්ති අනෙක් පක්ෂ වලට වඩා වෙනස්. ඒ නිසා වෙනත් පක්ෂ සමඟ අපි එකතු වෙන්නේ නෑ . ඉදිරියේදි අපි තනිවම ආණ්ඩුවක් ගොඩ නගන්න කටයුතු කරනවා.‘‘



අදහස් (31)

අපි තනිවම ආණ්ඩුවක් ගොඩ නගනවා - චමල් රාජපක්ෂ

Jaysinghe Tuesday, 13 February 2018 03:55 PM

"අපේ වැඩ පිළිවෙල හා ප්‍රතිපත්ති අනෙක් පක්ෂ වලට වඩා වෙනස්" පොඩ්ඩක් පැහැදිලි කරොත් නරකද. කොහෙවත් දැක්කේ නෑ වැඩපිළිවෙලක් ගැන කතාකරනවා. බන්දුල නම් කිව්වා අපේ වැරදිගැන කිව්වා නිසා විගණකාධිපතිතුමා ඉවත් කරන්න ඕනි කියල. තමන්ට විරුද්ද, තමන්ගේ වැරදි එලි කරන අය එලවන එක ඒ ප්‍රතිපත්ති වල තිබ්බද? මට පෙන්නේ නම් පරණ ගමනම තමයි අයෙත් යන්න හදන්නේ. වටේ ඉන්න අය දැක්කාම තේරෙන්නේ එච්චරයි. මහින්දව විකුණගෙන හරි තමාගේ වැඩේ කරගන්න මෙයාල දක්ෂයි.

:       0       41

d.upul Tuesday, 13 February 2018 03:57 PM

ජනතාව ඡන්දෙ දුන්නේ පළාත් පාලනයට නියෝජිතයින් පත් කරගන්න මිසක මහ මැතිවරණයක් ඉල්ලලා නෙවෙයි. අයෙමත් අගමැති හීනය හොල්මන් කරන්න පටන් අරගෙන වගෙයි.

:       83       35

චමල් Tuesday, 13 February 2018 03:58 PM

මෙයා මොන පක්ෂේ සාමාජිකයෙක්ද​

:       72       80

lanka Tuesday, 13 February 2018 04:11 PM

හීනෙන්ද?

:       319       1330

senaka Tuesday, 13 February 2018 04:43 PM

ඇත්තම කතාව ගත්තොත් අපි මහින්ද මහත්තයට ආදරේ හින්ද මහින්ද මහත්තයා දිනුවා කියල කියනවා තමා. මමත් රතිඥ්ඥා වැලක් පත්තු කළා. ඒත් රජයට ලැබිල තියෙන ඡන්ද ප්‍රතිශතය වැඩි. අපි නිහතමානිව පරාජය පිළිඅරගෙන පක්ෂය සුද්ද කරගෙන ඉස්සරහට යන එක කරන්න ඕනේ.

:       12       93

perera Tuesday, 13 February 2018 06:23 PM

දවල්ද?

:       65       1173

lakshman Wednesday, 14 February 2018 09:48 AM

මෙන්න තවත් එක්කෙනෙක්... පාරම්පරික පරම්පරා දේශපාලනය...

:       0       2

U N perera Wednesday, 14 February 2018 09:51 AM

අපිට බඩට දැනෙන්න යමක් කලේ රවී මහත්තයා තමයි.

:       0       0

migida Tuesday, 13 February 2018 06:39 PM

ඔබතුම නිකරුනේ උද්දාමයට පත්වෙලා. ව්‍යවස්ථාව ටිකක් කියවල බලන්න. මම හිතුව රාජපක්ෂ පවුලේ ඉන්න එකම බුද්දිමතා ඔබතුමා කියල.

:       121       217

sirimal Tuesday, 13 February 2018 06:48 PM

දුෂිතයන් කියල කියන කට්ටිය කළ අපරාධ වලට අලුතෙන් පිහිටුවන ආණ්ඩුවෙන් දඬුවම් දෙන්න කටයුතු කරනවාද?

:       0       30

tishan Tuesday, 13 February 2018 07:35 PM

දවල්ද ?

:       114       225

Thepanis Tuesday, 13 February 2018 08:05 PM

ඇත්තටම? තනියෙමද?

:       100       202

srilankan Tuesday, 13 February 2018 08:08 PM

ලංකාව කවදත් නොදියුණු රටක්.

:       0       28

sirimal Tuesday, 13 February 2018 08:26 PM

පොහොට්ටුවේ ප්‍රතිපති ප්‍රකාශය මේ කවුරුවත් දැකල තියෙනවද? ඇත්තටම එහෙම දෙයක් තියෙනවද? මහින්ද රාජපක්ෂට ලැබුනේ තනිකර පුද්ගල ඡන්දයක්. පක්ෂයකට ලැබුන එකක් නොවේ. අනිකුත් සියලුම ඡන්ද ලැබුනේ යම් කිසී දර්ශනයකට සහ ගමන් මාර්ගයකටයී.

:       1       136

lalithsjm Wednesday, 14 February 2018 01:43 AM

හරියට හරි. එත් සුළු පක්ෂ ගැන ටිකක් සිතා බලන්න.

:       51       225

Faizerthaji Wednesday, 14 February 2018 02:43 AM

ජනවරම පළාත් පාලනයට මිස රට පාලනයට නොවේ. මෙය බල තන්හාව ප්‍රදර්ශනය කිරීමකි.

:       272       414

rama Wednesday, 14 February 2018 03:41 AM

හා කරලා බලන්නකෝ. ජයග්‍රහණයට අයිතිකාරයෝ ගොඩයි.

:       1       54

suranjith Wednesday, 14 February 2018 03:53 AM

අනේ ඔයාලගේ ආණ්ඩුව වෙනස් කියල අපි දන්නවා...

:       23       204

naushi Wednesday, 14 February 2018 03:53 AM

ඔබතුමාගේ කාලේ මහජන මතයට ගරු කිරීමක් තිබ්බේ නැහැනේ. දැන් එනවා බන කියන්නට

:       243       403

rohan perera Wednesday, 14 February 2018 04:13 AM

මොකද්ද ප්‍රතිපත්තිය, පවුල මිසක දැන් තමයි නියම පවුල් පක්ෂේ

:       185       306

Deepal Nirosh Wednesday, 14 February 2018 05:10 AM

ඉක්මන කොටයි, ඉස්සෙල්ලාම තමන්ට අහිමි කරපු පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය දිනාගන්න බලන්න. මහ මැතිවරණයකට තව අවුරුදු දෙකක් තිබෙනවා.

:       237       125

concerned citizen Wednesday, 14 February 2018 05:13 AM

ගොඩනගපු කලින් ආණ්ඩුවෙන් කරපු වැඩ වලට ඔබතුමාට පිං සිද්ධ වෙනවා.

:       25       44

Sunil Wednesday, 14 February 2018 07:19 AM

බලය තිබුණු එක කාලේ කරපු හොඳ, ඒ වගේම නරක අපිට තවම අමතක නැහැ. කරපු නරක පාපොච්චාරණයක් කරලා ඒවා අයෙත් නොකරන බවට පොරොන්දුවක් කවුරු කවුරුත් දීලාම ආවොත් ඉතින් කාරියක් නැහැ. අපිටත් ඕන යහා පාලනයක්.

:       0       8

Muhan Wednesday, 14 February 2018 07:21 AM

ඔය එන්නේ පවුල් ගසේ අතු ලියලලා

:       77       403

karu kandambi Wednesday, 14 February 2018 09:08 AM

ඔබතුමාලාගේ පවුලේ අය ඉස්සර කොමිස් ගහපු මුදල් වියදම් කරනවා නම් අපිත් කැමතියි. ඡන්දයකට අපරාදේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා ඔබතුමාලාට ඕනෑ පවුල රැකගෙන ආණ්ඩුවේ මුදල් කාබාසිනියා කර සැප ගන්න මැරෙනතුරා... ඉන්පස්සේ යන්නේ අට මහා නරකයටයි.

:       0       78

janatha anura Wednesday, 14 February 2018 09:47 AM

එය එක්සත්, තමිල්, මුස්ලිම් ජාතික පෙරමුණු පක්ෂයේ සභාපති රනිල් මහත්තයා ඡන්ද ප්‍රතිඵල සිතියමේ පේනවා. ප්‍රධාන කාර්යාලය පිට කෝට්ටේ...

:       0       11

Jand Wednesday, 14 February 2018 10:14 AM

ඔබතුමාලා එකක් මතක තියාගන්න.. අපි මේ ආණ්ඩුවට ඡන්දෙ දැම්මේ නැත්තේ කිව්ව දේවල් හරියට කරපු නැති නිසා හොඳ කනේ පාරක් දෙන්න. අඩුමගානේ ඉතුරු අවුරුදු 2 හොඳට කරයි බයට. එහෙමයි කියලා 2020 පොහොට්ටුවට ඡන්දෙ දෙන්නේ නෑ. හොරු ටික හිරේ දැම්මේ නැති නිසා තමයි ඔබතුමාලගේ වේදිකාවේ කෑ ගහන්න හරි කට්ටිය ඉතුරු වුණේ...

:       5       417

m.fazli Wednesday, 14 February 2018 12:13 PM

හොරු ටික දෙනෙක් පන්නලා.. හොරු නඩයක් ආයෙත් රට බාරගන්නවා නම් බොහොම හොඳයි. සුබ අනාගතයක්..

:       0       1

Bimal Wednesday, 14 February 2018 12:13 PM

හිතෙන හිතෙන විදියට නියමිත කාලයට කලින් ඡන්ද කරන්න කොහේ තියෙන සල්ලිද? මේක ඔබතුමාලාගේ පවුලේ හොඳකමට ලැබුණු ජයග්‍රහණයක් නෙවෙයි. එකම එක සාමාජිකයෙක් රට වෙනුවෙන් යමක් කළා කියන දේ මතක තිබුණු නිසා ජනතාව රටගැන හිතලා දීපු වරමක්... නැතිව මේ රට කාගේවත් පවුලේ නින්දගමක් නෙවෙයි

:       0       1

Nandalal DE SILVA - France Wednesday, 14 February 2018 12:22 PM

ගෙදරට වෙලා පැදුරක් එළා ගෙන බුදිය ගන්න විට මෙයාටත් ලස්සන, සුන්දර හීනයක් පෙනිලා වගෙයි. මෙයාලගේ මාලිගාවලට ගියොත් පෙනේවි පැදුරුවල බුදිය ගන්න... අනේ මගේ කට!! මේ පවුල් සංස්ථාවේ අය අතරින් මෙයාගේ හොරනෑව විතරයි නිහඬව තිබුනේ. දැන් එ්කත් අවදිවෙලා !!! අවුරුදු ගණනාවක් තිස්සේ රටේ තුන්වැනි උසස්ම තනතුර වන "කතානායක" පදවිය දැරූ මෙයා කියපු මේ කතාව අහලා අපි හිතුව "විනෝද සමය" ආපහු ඇවිල්ලා කියලා.... (ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ අවුරුදු දෙකක් කල් ගන්නේ නැතිව ජනතා කැමැත්තට ඉඩ දී මැතිවරණ පවත්වා ජනතාව කැමති දේශපාලන පක්ෂයකට රට පාලනය කිරීම සඳහා ඉඩ දියු යුතු එකයි.) හිටපු කතානායකවරයෙක් දන්නේ නැද්ද මීළඟ ඡන්දය පැවැත්විය යුතුව තිබෙන්නේ 2020 දී බව? කවුද මෙයාට එම උසස් තනතුර බාර දුන්නේ?

:       0       50

කසුන් Wednesday, 14 February 2018 01:23 PM

හලෝ නන්දලාල්, රටේ දැන් ඇතිවෙලා තියෙන තත්වය පාට, පක්ෂ භේදයෙන් තොරව බලන්න පුරුදු වෙන්න. මෙය මහා මැතිවරණයක් හෝ ජන මත විමසුමක් නොවූවත් පවතින පාලනය ගැන රටේ සිංහල බහුතරය රට ගැන හිතලා තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. තවදෙයක් ඔබතුමා, මෙතුමා කතානායකව සිටි අවධිය මතක නැතිව ඇති... මොකද ප්‍රංශයේ නේ ඉන්නේ.. මෙතුමා එකල පාර්ලිමේන්තුවේ කටයුතු සාධාරණව, ඉතා ක්‍රියාශීලිව කරගෙන ගියා. එ්කට වර්තමාන කතානායක.. මේ යුගගේ මම දුටු අසාර්ථකම කතානායක තමයි... කන් දුන්නොත් ඔවුන්ට පැවතීමක් තිබේවි !!

:       10       38

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 97 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 230 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 989 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 123 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 313 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 289 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site