IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අනුලා බුලත්සිංහල දිවි රඟමඬලින් සමුගනී

ප්‍රවීණ රංගවේදිණී අනුලා බුලත්සිංහල මහත්මිය අද(16)  අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට ඇය 73 හැවිරිදි වියේ පසුවූවාය.  අසනීප තත්වයක් හේතුවෙන් දින කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය  අභාවප්‍රාප්ත වී ඇත.

රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, කු‍වේණි, මහාසාර,  ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවලදී ද, නිල් දිය යහන, ගෝල් වැනි සිනමාපටවලදී ද ඇගේ රංගන කුසලතාව කැපී පෙනිණි.

මෑතකදී අසන්ධිමිත්තා සිනමාපටයට ද ඈ රංගනයෙන් දායක වූවාය.

දී කිරි දී කිරි, නෙයිනගේ සූදුව, රඟහල දැන් ඇත අඬ ඇඳුරේ, පන්සල පාමුල, බුදුන් වඳින මේ දෑතින්, සුදු ඔසරිය ඇඳලා වැනි  ගීත ඇගේ අනන්‍යතාව සලකුණු කරයි.

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍යකීර්ති සම්මානය ද ඇයට හිමිවිය.

බොරැල්ල ජයරත්න මල් ශාලාවේ, ප්‍රභූන් සඳහා වෙන්කෙරුණු ශාලාවේදී හෙට(17) උදෑසන සිට දේහය තැන්පත් කරනු ලැබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට කොළඹ කනත්තේදී සිදුකිරීමට නියමිතය.



අදහස් (12)

අනුලා බුලත්සිංහල දිවි රඟමඬලින් සමුගනී

සනත් ඉතාලිය Friday, 16 October 2020 07:52 AM

තාරාවෝ ඉගිලෙති, නෙයිනගේ සූදුව. වේදිකාවේ ඔබගේ හැකියාවන් පෙන්වූ චරිත... නිවන්සුව!!! 

:       1       39

කමලිනි මොහොට්ටි Friday, 16 October 2020 08:21 AM

ලූෂන් බුලත්සිංහල මගේ හොඳම යහළුවෙක්.. ලූෂන්, මගේ කණගාටුව.

:       2       22

wasantha Friday, 16 October 2020 08:21 AM

ඔබට නිවන් දුව ලැබේවා..!!! 

:       0       26

L.G.P.Jathunarachchy. Friday, 16 October 2020 08:24 AM

ශෝකජනක පුවතක්.. ඇයට නිවන් සුව ලැබේවා...!!! 

:       0       22

Raveendra Friday, 16 October 2020 08:28 AM

ඉතාමත් දක්ෂ ශිල්පිනියක්.. ඔබතුමියට නිවන් සුව අත්වේවා...!!!

:       1       21

siri Friday, 16 October 2020 08:34 AM

ඉතාම කණගාටුදායක ආරංචියක්... එතුමියට නිවන්සුව ප්‍රාර්ථනා කරමු.

:       0       20

jayampathi Friday, 16 October 2020 08:40 AM

කලා ක්ෂේත්‍රයේ සාර්ථක ජීවිතයක් ගතකළ මහත්මියක්.. අපේ බලවත් කණගාටුව...

:       0       23

විජිත් Friday, 16 October 2020 09:39 AM

තාරාවෝ ඉගිලෙති සහ මධුර ජවනිකා යන නාට්‍යන් දෙකෙන් පමණයි මට මෙතුමියගේ දක්ෂ රංග පෞරුෂය දැකගන්නට ලැබුනේ. ඉතිරි නාට්‍යයන් දැකබලා ගැනීමට මට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ සත්‍ය සිදුවීමක් අප ඉදිරියේ සිදුවන්නාක් මෙන් අපව ඇද - බැඳ තබන්නට තරම් දක්ෂ ඒ රංගන ශිල්පිනිය අප අතහැර ගොසින්. රතු හැට්ටකාරියේ ...අනුලා බුලත්සිංහල මැතිණියනි, ඔබතුමියට උතුම් වූ නිවන් සැප ප්‍රාර්ථනා කරනවා. බුදුන් දැක නිවන් දකින්නට කලින් යලිත් වතාවක්වත් මේ රටේම ඉපදී මේ ආත්මයේ වගේම නාට්‍ය කලාව පෝෂණය කරන්න උසස් මෙහෙවරක් කරන්න. ඇත්තටම ලාංකීය නාට්‍ය ලෝකය කඳුළු සලයි. "... රඟහල අද ඇත අඩඅඳුරේ...". ඔබතුමියට උතුම් වූ නිවන් සුව ලැබේවා...!!!

:       2       20

Nihal Friday, 16 October 2020 01:01 PM

ඔබතුමිය මිනිස් භවයක් ලබා යහපත් වෙනත් රටක ඉපදේවා...

:       2       13

Champa Friday, 16 October 2020 03:24 PM

ඉතාම කණගාටුදායක පුවතක්. සිංහල වේදිකා නාට්‍යවලට පණ දුන්නු නිළිය සහ ගායිකාව අනුලා බුලත්සිංහල කියලා ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා ඉවරයි. තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා වගේ වේදිකා නාට්‍ය මුලින්ම වේදිකාවේ පෙන්වන කාලේ අපි ඉස්කෝලේ යනවා. වේදිකා නාට්‍ය ඒ කාලේ හරිම ජනප්‍රියයි. ඉස්කොලවලිනුත් සමහර නාට්‍ය බලන්න එක්කන් ගියා. පස්සේ රූපවාහිනිය ආවහම මේ වේදිකා නාට්‍ය ගීත රූපවාහිනියේ පෙන්නුවා දිගටම. අනුලා කියපු වේදිකා ගීත නෙයිනගේ සූදුව, දීකිරි දීකිරි, බුදුන් වඳින මේ දෑතින් වගේ ගීත අදටත් මතකයි. කොච්චර ඇහැව්වත් බැලුවත්, නැවත නැවත අහන්න ආස හිතෙන වේදිකා ගීත... සවභාවයෙන්ම අති දක්ෂ රංගන සහ ගායන කෞශල්‍යයක් පෙන්වපු අමතක නොවෙන කලාකාරිනියක්, අනුලා බුලත්සිංහල. ඇය දිවි රඟ මඬලෙන් සමුගැනීම හරිම ශෝක ජනක පුවතක්. ඇයගේ පවුලේ සැමට මගේ බලවත් ශෝකය...

:       1       13

Keppetipola Saturday, 17 October 2020 02:02 AM

ඔබ වැනි අග්‍ර ගන්‍යයේ රංගන ශිල්පීන් නැතිව මුලු කලා ක්ෂේත්‍රයම අද පාලුවට ගොස් අැත. අති විශිෂ්ඨ රංගනයෙන් අපව පිනවූ ඔබ සදහටම අප සිත් තුළ ජීවත් වනු අැත. ඔබ වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන් අප මව්බිමේ දසදහස් ගණනින් බිහිවේවා! ඔබතුමියට අමා මහ නිවන් සුව පතමි...

:       0       0

Puppa Saturday, 17 October 2020 04:02 AM

උතුම් අය අපෙන් වෙන්ව යනවා. කාලකණ්ණි පහත් හොරු පවතිනවා. උදාහරණය දියවන්නාව...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 248 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 683 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 707 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1130 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 781 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1648 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site