IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අන්තරේ පාගමනින් ටවුන්හෝල්හි වාහන තදබදයක්

ඉන්දිකා රාමනායක

සරසවි විෂය මාලාවෙන් බුද්ධ දර්ශනය  කප්පාදු  කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු  බලමණ්ඩලය සංවිධානය කළ විරෝධාතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල ප‍්‍රදේශයේ මාර්ග තදබදයක් හටගෙන ඇත බව පොලිසිය පවසයි .

මෙම විරෝධතා පාගමන පස්වරුවේ  සෞන්දර්ය විශ්ව විද්‍යාල ඉදිරිපිටින් ආරම්භ කර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිටට ගොස් නැවත පුරහල වෙත පැමිණ ඇත.

විරෝධතාකරුවන් උපවාසයක් පැවැත්වීම සඳහා පුරහල බැප්ටිස් දේවස්ථානය අසල අට්ටාලයක් ඉදිකරමින් පවතියි.

(ඡායාරූප- ගයාන් අමරසේකර)

 



අදහස් (13)

අන්තරේ පාගමනින් ටවුන්හෝල්හි වාහන තදබදයක්

dhamneth Wednesday, 16 May 2018 11:05 AM

බුද්ධ දර්ශනය තියෙද්දීත් මේ හාමුදුරුවරු මෙහෙම නම් අපි බලමු බුද්ධ දර්ශනය නැතිවුණාම මේ හාමුදුරුවරුන්ගේ හැසිරීම් රටාව කොහොමද කියලා.

:       2       220

nalin Wednesday, 16 May 2018 11:13 AM

විශ්ව විද්‍යාල කොමිසම වෙනත් කොහේ හරි පාලු ඈතකට අරන් යන්න. එතකොට උද්ඝෝෂණ කළාට හානි නැහැනේ. වැඩ කරන අයට ට්‍රාන්ස්පෝර්ට් දෙන්න... නැත්නම් ලෙඩෙක්වත් අරන් යන්න බැහැ.

:       0       203

Jehaan Wednesday, 16 May 2018 11:30 AM

තිබුණා කියලා අපිට නම් කිසිම වෙනසක් සමහර පාර්ශවයින්ගේ හැසිරීමේ පේන්න නැහැ.

:       42       214

surath Wednesday, 16 May 2018 12:42 PM

බෞද්ධ දර්ශනය විෂය ආරක්‍ෂා කරන්න මෙහෙම හාමුදුරුවෝවත් පාරට බැස්සේ නැත්නම් මේ රජයේ නොපනත්කම්වලට කතා කරන්නේ කොයි දේශපාලකයාද?

:       187       61

kap Wednesday, 16 May 2018 01:11 PM

බුද්ධ දර්ශනය අයින් කරලා බුද්ධි දර්ශනය ඇතුළත් කළොත් මේ අයට මොලේ පෑදෙයි.

:       5       247

vernon Wednesday, 16 May 2018 01:35 PM

බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න විශ්ව විද්‍යාලයට එන්නම ඕන නෑ. අනික වඩා වැදගත් වෙන්නේ ධර්මයට අනුව ජීවත්වීම මිස වනපොත් කරන එක නෙවෙයි. බෞද්ධ දර්ශනය හැදෑරීමට ඇතුළු කර ගන්නා සිසුන් අඩුයි නම් එය සාකච්ඡා කළ යුත්තේ ඔය මහෝපාධ්‍යය වහන්සේ සමඟ හා පීඨාධිපතිවරු සමඟ. එහෙම නැතුව පාරේ ඉන්න මිනිස්සු එක්ක නෙවෙයි.

:       14       235

ධනුෂ්කWednesday, 16 May 2018 02:39 PM

තමුන් දැක්කේ නැති වුණාට එහෙම කරලා බැරිතැන තමයි මෙහෙම එන්නේ... බීරි අලින්ට කන් අැහෙන්නේ මෙහෙම... මට මතකයි. කොළඹ අවට කැම්පස් එකක නිතරම වතුර ඉවරවෙනවා. නාන ගමන් ඉවර වෙනවා. පරිපාලනයෙන් ඉල්ලුවා අමතර ස්ටොක් ටැංකි ටිකක් ගන්න කියලා. එ්ක අැහුනේ නෑ. එ්ක අැහුනේ වතුරු නැති වෙලාවක සිසුන් තුවායෙන් මූණ වහගෙන යටට මුකුත් නැතුව නේවාසිකාගාරයෙන් එළියට බැස්ස දවසේ....

:       386       160

vernonThursday, 17 May 2018 04:40 AM

එතකොට ඒක දැකලද කතා කරන්නේ? විශ්වවිද්‍යාලයට කොච්චර සංඛ්‍යාවක් කුමන පාඨමාලාවන්ට ගන්නවද නිර්දේශ දෙන්නේ ඒ ඒ විශ්වවිද්‍යාලය.

:       0       24

Don Wednesday, 16 May 2018 01:44 PM

මේ භික්ෂූන් වහන්සේලාගෙන් බෞද්ධ දර්ශනය ගැනත්, සටන් පාථ ගැනත් ඔබට බොහෝ දේ උගත හැකියි.

:       0       11

ධනුෂ්ක Wednesday, 16 May 2018 02:30 PM

උඩ අදහස් දාලා තිබෙන අය ගොඩක් අබෞද්ධ අය වෙන්නැති. මම යෝජනා කරනවා සියලු දේවවරම්වාදී අගම්වලද අාරම්භයේ පටන් ඉතිහාසය. එ්වාගේ සිදුවූ වෙනස්කම් අාදිය සියලු දෙනාට ඉගැන්විය යුතුය. ලෝකේ තැටියක් කියපුවා. ඉර ලෝකේ වටා කැරකෙනවා කියපුවා. අැත්ත කියපු නව සොයා ගැනීම් කල අය මරපුවා ඉගැන්විය යුතුයි. භෞතිකවාදයත් ඉගැන්විය යුතුයි. වෙන මොකුත් නිසා නොවේ... මිථ්‍යා දෘෂ්ඨික දේවවරම්වාදයෙන් මිනිසුන් ගලවා ගැනීමට... එතකොට මිනිස්සු තේරුම් ගනීවි දෙවියන් පෙන්නලා මිනිස්සු රවටලා ගොතාපු බොරු බේගල් තේරුම් ගනීවි...

:       147       35

Samathasena A . AluthgamaThursday, 17 May 2018 05:51 AM

ධනුෂ්ක මහතා, දෙවියන්ට බුදු හාමුදුරුවොත්, දෙසු සුත්‍ර පවා තියෙනවා. මැවීම හැරෙන්නට මොන ආගමේ හෝ දෙවියන්ගේ බලයක් තියෙනවා. ඔය යන්තම් මොනවා හරි පිටරටින් දැනගෙන සිටින ඔය භෞතිකවාදීන්ට වටහාගත නොහැකි බොහෝ දේ විදෙස් බුද්ධිමතුන් සොයාගෙන තියෙනවා. ඒ ගැන පර්යේෂණ කෙරෙනවා. භෞතිකවාදීයා ඇසට පෙනෙන දේත්, හසුවන දේත් පමණක් ගැන සිතා පර්යේෂණ කොට එය පමණක් හරි බව කියනවා. විදෙස් බුද්ධිමතුන් එහෙම නොවෙයි. භෞතිකව ඉහලටම ගිය ඔවුන් අද සොයා ගන්නේ අධ්‍යාත්මික දේ. ඔවුන් ඒවාට වස්තු බීජ සොයාගන්නේ අපගෙන්. ඒත් අප ඔවුන් සොයාගත් දේ පසුපස යනවා. මෙය පුළුල් ලෙස කතා කලයුතු දෙයක්. අප භෞතිකවාදයේ එල්ලී සිටිනාවිට ඔවුන් එයින් මිදී පුනරුත්පත්තිය සත්‍ය බව විද්‍යාත්මකව ඔප්පු කළා. අද ඔවුන් සොයන්නේ පියවි ඇසට නොපෙනෙන දේ ගැනයි. ඒ නිසා භෞතික නොවනදේ බොරු යයි කීමට කිසිවෙකුට බැහැ.

:       0       14

Sanath Wednesday, 16 May 2018 08:07 PM

බෞද්ධ දර්ශනය කියන්නේ විශ්වයේ තියෙන සත්‍යවාදී එකම විද්‍යාවයි. ඉතින් මේක විෂය පථයට අඩංගු කරන්නේ නැතිව බුද්ධාගම ගැන වෙන මොනවා උගන්වන්නද? ඇත්තටම බෞද්ධ දර්ශනය වෙනුවට බෞද්ධ විද්‍යාව කියල යොදන්නත් පුළුවන්.

:       0       3

kalani withanage Thursday, 17 May 2018 10:21 AM

සියලුම බෞද්ධ භික්ෂුන්වහන්සේලා ත්‍රිපිටකය ඇතුළුව ථෙරවාදී බෞද්ධ දර්ශනය හැදෑරීම අනිවාර්ය කලයුතු කාලයක එය සරසවි විෂය මාලාවෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම කිසිසේත්ම නොකළ යුතුය. අද දවසේ අසංවිධානාත්මක ධර්ම දේශනාවලින් බෞද්ධ ජනතාව අතර මිත්‍යා අදහස් පැතිරයමින් පවතී. අවම වශයෙන් උපසම්පදාව ලබන භික්ෂුන්වහන්සේ ත්‍රිපිටකය සහ දර්ශනය හදාරා තිබිය යුතුය. නැවත ඉපදීම පිළිබඳව වූ විඥානවාදයේ හරයට එරෙහිව දැවැන්ත ප්‍රහාර එල්ල කල 21 සියවසේ මහා ප්‍රඥයා ලෙස සැලකෙන ස්ටිවන් හොකින්ස්ගේ කියවීම් සහ ලිවීම් අපට නොසලකා සිටිය නොහැකි බැවිනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 115 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 301 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 747 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1031 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 370 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 180 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site