IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අන්තර් දීමනා මුදල ලබා නොදුන්නොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට

(බිඟුන් මේනක ගමගේ)

2019 අයවැය තීරණයක් අනුව රජයේ සේවකයන් හට ලබා දෙන බව කී රුපියල් දෙදහස් පන්සීයක අන්තර් දීමනා මුදල ශ්‍රී ලංකා ගමනාගමන සේවකයන්ට ලබාදීමට මෙතෙක් කටයුතු කර නැතැයි ද ඒ සම්බන්ධයෙන් රජය පියවරක් නොගන්නේ නම් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන්නේ යැයි ද කියමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග ඇමැතිවරයාට ලිපියක් යොමු කර ඇත. 

මෙම වසරේ ජුලි මාසයේ සිට ගෙවීමට තීරණය කෙරුණු අදාළ අන්තර් දීමනා මුදල අනෙකුත් රජයේ සේවකයන්ට ලබාදෙන බවට චක්‍රලේඛයක් පවා නිකුත් කර ඇතැයි ද දැනටමත් එය දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ සේවකයන්ගේ වැටුපට එකතු කර ඇති බවට අනාවරණය වී ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.

පැවති සෑම ආණ්ඩුවක් ම අසීරුතාවයට පත්වූ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංගම සේවකයින් ඔවුන්ගේ උපරිම කැපකිරීම් කළත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොගෙන කිසිදු අයිතියක් ලබාගැනීමට ශ්‍රී ලංගම සේවකයින්හට හැකිවී නැතැයි ද එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පවසයි. 

අදාළ අන්තර් දීමනා මුදල ශ්‍රී ලංගම සේවකයින්හට ලබා නොදීමට සැළසුම් නිර්මාණය කරන බව 2019.06.17 වන දින කළමනාකාර සේවා දෙපාර්තමේතුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට යොමුකරන ලද ලිපියක් මගින් හෙළි වී ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.

එනිසා මෙම තත්ත්වය ගැන සොයා බලා සාධාරණය ඉටු කරන්නැයි ප්‍රවාහන ඇමැතිවරයාට ඉල්ලා සිටින්නේ යැයි ද එසේ නොවුණහොත් ශ්‍රී ලංගම සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ වී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අනිවාර්යයෙන්ම ගන්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

 



අදහස් (1)

අන්තර් දීමනා මුදල ලබා නොදුන්නොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට

ajith Thursday, 18 July 2019 12:14 PM

ඔය ගන්න දැඩි ක්‍රියා මාර්ග දැන්ම ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 0 0

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


අධිකරණ ඇමතිටත් වාරණයක්
2024 අප්‍රේල් මස 24 525 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 511 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1062 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 249 3

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 418 1

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1661 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site