IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අනතුරුවලට මුහුණ දුන් වාහන 80 ක් අධිවේගී මාර්ගයේ තැන තැන

(විනීතා එම්. ගමගේ)

අනතුරුවලට මුහුණ දුන් වාහන 80 කට ආසන්න ප්‍රමාණයක් මේ මොහොතේ දක්ෂිණ අධීවේගී මාර්ගයේ තැන තැන නවතා ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා කළමණාකරණ අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා පවසයි.

අධිවේගී මාර්ගවල ඇති වන අනතුරුවලට ප්‍රධාන වශයෙන් නිදිමත හා වෙහෙස ගතිය තිබියදී රිය පැදවීමත්, වාහන පරික්ෂා කර බැලීමකින් තොරව මාර්ගයට ඇතුළ් කිරීමත් හදිසියේ තිරිංග තද කිරීමත් යන හේතු බලපාන බව පෙනී යන බවත් ඔහු කියයි.

ඉකුත් 14 දා සවස අවුරුදු නැකැත් අවසන් වීමත් සමග කොළඹින් පිටවීමට උත්සාහ ගත් අවස්ථාවේ 40000 කට ආසන්න වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගයට ඇතුළත් කර තිබු බවත් එහි දී අනතුරු අටක් සිදුවී එයින් වාහන 24 කට හානි සිදුවූ බවත් ඕපනායක මහතා පවසයි.

වාහනයක් මාර්ගයට දැමීමට පෙර එහි ධාවන තත්ත්වය පිළිබඳ හොඳින්  පරික්ෂා කර බලා ධාවනය කරන්නැයි රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් විශේෂයෙන් නිදිමත පවතින අවස්ථාවල රිය ධාවනය නොකරන ලෙසත් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (12)

අනතුරුවලට මුහුණ දුන් වාහන 80 ක් අධිවේගී මාර්ගයේ තැන තැන

layman Monday, 16 April 2018 01:44 PM

නියමිත ප්‍රමිතියට අධිවේගී මාර්ගය සදන්නේනම් විවේක ගැනීමට අවශ්‍ය පහසුකම් මාර්ගයේ පිහිටුවා තිබිය යතුය. ඒවා නොපිහිටුවා රියදුරන්ට දොස් පැවරීමෙන් වැඩක් නැත.

:       813       1061

Thilina Monday, 16 April 2018 05:39 PM

දක්ෂිණ අධිවේගය වාහන ධාවනය පටන් අරන් දැන් අවරුදු 04 කටත් වැඩයි. තාම බැරිඋනා මේක හරියට කළමනාකරණය කර ගන්න.

:       0       0

jayath Tuesday, 17 April 2018 01:40 AM

රියදුරන් විවේක ගත්ත කියල වාහන මග කැඩෙන එක නවතින්නේ නැහැ. මේක සමාජයේ බලපාන්නේ ඉතාම සීමිත කොටසකට වුනත් මේකත් අධිවේගී මාර්ගයේ ගැටලුවක්. වාහන 3 ක් 4 ක් මග නවත්වලා තියන එක සාමාන්‍යය දෙයක්. මේවා බොහොමයක් අලුත් වාහන. මේකෙන් ගම්‍ය වෙන්නේ රියදුරන්ගේ තම වාහනය ගැන තියෙන අල්ප දැනුම මගේ මිතුරෙක් ඉන්නවා hybrid එකක් තියෙන මීටර පැනලයේ තියන indication දන්නේ නැහැ ! එයාලට ඕනෑකමකුත් නැහැ ඉගෙන ගන්න කියලා දෙන්න කෙනෙකුත් නැහැ.

:       0       0

Bamunuarachchi Tuesday, 17 April 2018 01:57 AM

අධි වේගයෙන් යන්නත් පුහුණුවක් තිබෙන්නේ ඕනේ ඒ පුහුණුව සිරි ලංකාවේ ලැබෙන්නේ නැහැ. සව්දිය වගේ රටවල 100 යට යාමත් කාලය කා දැමීමක්.

:       0       0

Rasi Tuesday, 17 April 2018 02:00 AM

මාර්ග වල ප්‍රමිතියට වඩා අපේ රටේ වාහන වල ප්‍රමිතිය බැලිය යුතුව ඇත. නැතහොත් එවැනි රථවාහන මෙවැනි අධිවේගී මාර්ග වලට ඇතුල් කර හානි පමුනුවන්නන්ට යම් ආකාරයක දඩුවම් පැමිණවිය යුතුව ඇත. තවද අප රටේ සැම දෙයක්ම කිරීමේදී ඒ සදහා අදාල නීති රීති ඇතිකොට ඒ පිලිබදව ජනතාව දැනුවත් කල යුතුව ඇත. පුරුද්දකට මෙන් හැම දෙයක්ම සිදුවූ විට බලදාරීන්ට (බලදාරීන් යනු රජය නොවේ) බැනීමට බලා සිටීම දැන් පුරුද්දක් වී ඇත.

:       0       0

Bandula Tuesday, 17 April 2018 02:09 AM

වෙනත් රටවල අධිවේගී මාර්ග වල රජයෙන් නොමිලේ තේ දෙනවා. සිදුවූ අනතුරු වලින් දෙකක් වලක්වගත්තනම් තේ වල ගාණ කවර් කරගන්න හැකිවෙනවා

:       0       0

Bamunuarachchi Tuesday, 17 April 2018 02:22 AM

පැය එකහමාරයි ගමන විවේක ගන්න අම්බලමකුත් හදන්නකෝ. පැය එකහමාරක් එක තැන වැඩිවෙලා වාහනය පදවන්න බැරි කෙනා කොහොමද වෙන වැඩක් කරන්නේ? මොකටද සුක්කානම අතට ගන්නේ.

:       0       0

nalin Tuesday, 17 April 2018 02:24 AM

ලේමන් ඔයා නම් නියම ලේමන් කෙනෙක්ම තමයි. අපේ අධිවේග මාර්ගයේ වැඩිම ගමන් වෙලාව පැය 2 කට අඩුයි. එකෙත් මග නවතින්න තැනක් තියෙනවා. තවත් ඕනෑමනම් පොලිස් වාහන නවත්තන තැනක නවත්තලා නිදාගන්න පුළුවන්. අනිත් රටවල් වල පැය 3-4 එකදිගට වාහනය පදවන්න තියෙන්නේ. හොඳම දේ, නිදිමතනම් වාහනය පදවන්නේ නැතුව ඉන්න එක. නැත්නම් අනිත් මිනිස්සුත් අමාරුවේ.

:       0       0

රවින් Tuesday, 17 April 2018 02:40 AM

ලෝකයේ අනිකුත් රටවල අධිවේගී මාර්ගවල හදිසි අවස්ථා මං තීරුවක් තියනවා. ඒවගේම හදිසි අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීමේ අංශයකුත් තියනවා. වේග පාලන පුවරු හා අනිකුත් උපදෙස් පැහැදිලි ලෙස ප්‍රදර්ශනය කරනවා. අනේ මන්දන්නේ නැහැ අපේ රටේ.

:       0       0

samurai Tuesday, 17 April 2018 03:24 AM

අධිවේගී මාර්ගවල කි.මී.10 න් 10 ට විවේක ගන්නා තැන නොමැති අතර පුළුල් අධ්‍යයනයකින් පසුව ඒවා ඇතිකරනු ලැබේ. ජීවිතේටවත් එවැනි මාර්ගයක් භාවිතා කළ නොමැති අය හට එය අමාරු කාර්යයකි.

:       0       0

Sampath Tuesday, 17 April 2018 04:08 AM

වාහන කොයිවෙලේ කැඩෙයිද කියන්න බැහැ. ජංගම අලුත්වැඩියා ඒකකයක් හදන්න ගොඩක් වාහන වල පොඩි දෝෂයකට නතර වෙන්නේ...

:       0       0

sam Tuesday, 17 April 2018 07:51 AM

කිලෝමීටර් සීයක් එකසිය පනහක් දුරට යන හයිවේවලට මොන විවේක පහසුකම්ද? පැයක්, නැතිනම් පැය එකහමාරක් එකදිගට එලවන්න බැරිනම් රියදුරෙකුගෙන් වැඩක් නැහැ. එහෙම නවත්ව නවත්වා යන්න ඕනේ නම් ගාලු පාර දිගේ ගියාම ඉවරයිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 78 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 105 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 171 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 167 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 142 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 382 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 297 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site