IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන්නැයි මහින්දගෙන් අභියාචනයක්

(තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ) 

 

තමන් අගමැති ධූරයේ සහ අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු නියෝගය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගමැති ධූරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ , දිනේෂ් ගුණවර්ධන , ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් විසින් අද (4) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචනා පෙත්සම් දෙකක් ගොනු කරන ලදී.

මෙම විශේෂ අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය යන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

නීතීඥ සනත් විජේවර්ධන මහතා මඟින් වෙන වෙනම ගොනු කළ මෙම අභියාචන පෙත්සම් දෙකෙහි මෙසේද සඳහන් වේ.

අභියාචනාධිකරණය නීතිය  වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම තමන් එම තනතුරු වල කටයුතු කිරීම අත්හිටුවමින් පොරේදා (03) අතුරු නියෝගයක් නිකුත් කර ඇත. මෙම අතුරු නියෝගයෙන් වගඋත්තරකාර පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍යවරුන්ට අගතියක් හා අප‍්‍රතිකාරී හානියක් සිදුවන බවද පෙත්සමේ සඳහන් වේ.

එසේම තමන් තනතුරුවල කටයුතු කිරීම අත්හිටුවමින් දුන් එම තීන්දුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද එහි සඳහන් වේ.

එබැවින් පෙත්සම මෙම විශේෂ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු නියෝගය ඉවත දමන ලෙසද මෙම විශේෂ අභියාචන පෙත්සමේ සඳහන් වේ.

එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් , අභියාචනාධිකරණය හමුවේ පෙත්සම්කාර වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 දෙනෙකු විසින් ගොනු කර ඇති ක්වෝ වොරොන්ටෝ රිට් ආඥාවක් නිෂ්ප‍්‍රභ කරන්නැයි ද මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ , දිනේෂ් ගුණවර්ධන , ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් සිය විශේෂ අභියාචන පෙත්සම් වලින් ඉල්ලා සිටිති.



අදහස් (26)

අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන්නැයි මහින්දගෙන් අභියාචනයක්

ලංකේෂ් Tuesday, 04 December 2018 10:36 AM

බලය ලැබුණාම කව්රුත් ලේසියෙන් අත අරින්නේ නෑ. එල්ලිලාම ඉන්න තමයි බලන්නේ. බලන්න ජනතාව ගැන කොපමණ හිතනවද කියලා...

:       0       0

සිරිබිරිස් Tuesday, 04 December 2018 10:48 AM

අභියාචණාධිකරණය කිව්වේ 12 වැනිදාට බහුතරය පෙන්වන්න කියලනේ... එය වළක්වන්න කියන්නේ බහුතරය නැති නිසානේද?

:       0       0

Amila Tuesday, 04 December 2018 11:03 AM

ඉතින් මේකෙන්ම මෙයාට සහයෝගයට ඉන්නේ 49 කියලා පිළි අරගෙනනේ. අනික 120 අනිත් පැත්තෙ කියලත් පිළි අරගෙනනේ. බලන් ගියහම සරල බහුතරයකවත් නැතුව ඉදලා තියෙන්නෙත්. ඒකයි ඉතින් පාර්ලිමේන්තුවට යන්නත් බයවෙලා තියෙන්නේ.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 04 December 2018 11:06 AM

රටට හෙණ ගැහුවත් කමක් නැහැ තම දරුවාව රජකරවන දවල් හීනේ කෙරෙනවානම්..............

:       96       130

d.upul Tuesday, 04 December 2018 11:20 AM

අලි සෙල්ලං කරනකොට අපි තැලෙයි කිව්වලු.

:       3173       782

rocky Tuesday, 04 December 2018 11:32 AM

අනේ .. මෙහෙම ආසාවක්. අනේ .. මෙහෙම තණ්හාවක්! අපිට සේවය කරන්නලු!

:       8       415

parakkrama Tuesday, 04 December 2018 12:12 PM

ව්‍යවස්ථාවට පටහැනිව පත්කරන ලද අගමැති හා ඇමති මණ්ඩල ධුරයන්හී කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ 122 ක බහුතරයෙන් අත්හිටුවීම නොතකා අත්තනෝමතික ලෙස දිගටම කටයුතු කිරීම වැරදි බව ගරු අධිකරණයට ද පෙනීයන නිසා අත්හිටුවීමේ නියෝගය නිකුත් කළ බව පැහැදිලිය. නොතේරෙනවා ද , තේරුම් ගන්නට අවශ්‍යතාවක් නැති ද , මහජනතාවට වෙනත් දෙයක් තේරුම් කර දෙන්නට හදනවා දැයි අපට තේරෙන්න නැත.

:       0       0

dadi Tuesday, 04 December 2018 12:26 PM

මහින්ද, තවත් පච නොවී ගෙදර යන්න.

:       1       8

Rohitha Tuesday, 04 December 2018 12:49 PM

අනේ මේ අයට ලැජ්ජාවක් සහ අාත්ම ගරුත්වයක් නැති හැටි...

:       0       8

Rata Perata Tuesday, 04 December 2018 01:03 PM

අපි ආයාචනය කරනවා කරුණාකරලා අපිට පව් දෙන්නේ නැතුව යන්න කියලා.

:       0       7

de silva Tuesday, 04 December 2018 02:21 PM

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නේ නැතුව ආණ්ඩු කරන්නේ කොහොමද ? මේ විකාරවලින් වෙන්නේ රටේ ආර්ථිකය දිනෙන් දින පහල වැටෙන එක...........

:       3       207

rohana kumara mendis Tuesday, 04 December 2018 03:29 PM

අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මිනිසුනේ ලැබේද ඉන් සැනසීමක්..............

:       2       178

N D Hettiarachchi Tuesday, 04 December 2018 04:56 PM

ලෝකෙට පේන්න දවල්ට ගහබැන ගන්න, මරාගන්න මුන් දෙගොල්ල රෑට රෑට එකම මේසෙ කෑම කන්නෙ කියල දන්නෙ රටේ කීයෙන් කී දෙනාද​?....... නිල් පාට කොල පාට තවර ගත්තු වහල්ලු මුන් වෙනුවෙන් අවුරුදු 70ක් තිස්සේ දෙපැත්ත බෙදිලා මරා ගන්නවා. තහනම නොතකා වැඩ කරන්නයි දැන් කල්පනාව​....... ජනතා සේවයට මාර පෙරේතකමක් නේ මෙයාට තියෙන්නේ...මරාගෙන හරි වැඩේ දෙන්න ලොක්කෝ....

:       1       522

Ajith Nissanka Tuesday, 04 December 2018 06:20 PM

අනේ මෙහෙම තණ්හාවක්!

:       22       219

Bimal Tuesday, 04 December 2018 07:22 PM

හැමෝම තමන්ගේ අගතිය සහ අපකීර්තිය ගැන කතා කරනවා. රටට වෙන අගතිය සහ අපකීරිතිය ගැන කවුද හිතන්නේ ? මේ රට මැවිලා තිබෙන්නේ අපිට පිස්සු නටන්නයි වගේ තමයි ඔක්කොම දේශපාලකයන් හිතන්නේ. පස්සා දොරෙන් තනතුරු දෙනකොට ඒවා භාර ගන්න එක ලැජ්ජාවක් කියලා හිතුවා නම්! අන්න පිටරටින් ආරංචි එනවා ඒ රටවල මිනිස්සු අහනවලු මොකද්ද මේ ලංකාවේ අවුල කියලා . දැන් ඉතින් කියමු අපේ අවුල් අපි විසඳා ගන්නම් කියලාවත්.

:       5       162

jagath Tuesday, 04 December 2018 09:54 PM

වැඩක් නෑ තීන්දුව දීල අවසානයි 19 වන ව්‍යවස්ථාවට අනුව හිතන්න මොන්ටසොරි යන ළමයිත් හිනස්සන්න එපා.............

:       5       305

dissa Tuesday, 04 December 2018 10:19 PM

ඇයි මේ තරම් වයසට ගිහිල්ලත් බලයට කෑදර..?

:       36       363

kris Wednesday, 05 December 2018 12:59 AM

විජේදාස කොයිබටදෝ............

:       1       122

රොමේෂ් Wednesday, 05 December 2018 01:38 AM

අගමැතිකම ලොකු නැහැ කිව්ව කෙනා නේද මේ....... අගමැතිකම නැතිව මහා මැතිවරණයකට යන්න මේගොල්ලෝත් බයයි, ගියොත් කිසිම පක්ෂයකට ආණ්ඩු පිහිටුවීමට තරම් බලයක් ලැබෙන්නේ නැහැ, එතකොට ආයෙත් අර්බුදය එලෙසම පැනනගිනවා. මේ අර්බුදයට විසඳුම මහා මැතිවරණයක් කියන මෝඩයෝ පිරිසකුත් ලංකාවේ ඉන්න එක ගැන දුකයි. විය යුතුවන්නේ අර්බුදයේ නිර්මාතෘ විසින්ම අර්බුදය විසඳීමයි. ඔහු එසේ නොකරන්නේ නම්, අර්බුදය විසින්ම අර්බුදයේ නිර්මාතෘව ගිල ගැනීමට සැලැස්වීමයි.

:       255       614

lanka Wednesday, 05 December 2018 03:52 AM

දැන් ඉතින් කී පාරක් කිව්වද පිළිගන්නේ නැහැ, ඔට්ටු නැහැ, අපි හිටියේ නැහැ, මේක මහා විහිළුවක් වෙලා නේ

:       0       118

daham Wednesday, 05 December 2018 04:26 AM

මුණ අප්සෙට්

:       15       114

Chanak Los angeles Wednesday, 05 December 2018 05:21 AM

දැන් අකුලාගෙන ගියානම් නේද හොඳ .. ඕනනම් යන්න හෙලිකොප්ටර් දෙකක් එවන්නම් ..

:       309       556

sandy123 Wednesday, 05 December 2018 06:38 AM

අප්පච්චිට වෙච්ච දෙයක්?

:       1       175

Kal Wednesday, 05 December 2018 12:51 PM

මට අගමැතිකම ලොකු නැහැ හාමුදුරුවනේ... කියලා කෙනෙක් එහෙම කිව්වලු...

:       0       7

Mahee Thursday, 06 December 2018 08:48 AM

රටේ යහපත තකා, නැත්නම් අවුල් නිරවුල් කිරීම සඳහා මම අගමැති තනතුර අත්හරිමි කියලා ගෙදර ගියා නම් ඔබට ලැබෙන ගෞරවය ඔය විදිහට අගමැතිකමේ එල්ලීගෙන ඉන්න දඟලන දැඟලිල්ල හේතුවෙන් අහෝසි වන බව නිකමටවත් හිතෙන්නේ නැද්ද අගමැති තුමෝ?

:       0       0

vidya Sunday, 09 December 2018 01:53 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 34 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 274 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 987 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 547 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 87 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1569 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site