(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ඩිජිටල් සේවා සම්බන්ධතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන එන ලෙස, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා දුරකතන සේවා සපයන සමාගම්වලට අද(02) උපදෙස් දී තිබේ. භූගෝලීය බාධක නොතකා දිවයින පුරා ඩිජිටල් සේවා වෙනුවෙන් ප්රවේශවීම සහතික කිරීම සඳහාත්, 100% ක් (4G) බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය ශ්‍රී ලංකාව පුරා ස්ථිර කිරීම සඳහාත් වහාම පියවර ගන්නා ලෙසද ඒ මහතා දැනුම් දී තිබේ.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරම්භ කළ “ගමට සන්නිවේදනය” නම් වන මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ ශ්‍රවනාගාරයේ දී අද පැවති රැස්වීමේදී ඒ මහතා මේ බව පවසා තිබේ.
සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කරන ලද බිම් මට්ටමේ සමීක්ෂණයක් මගින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අඩු පහසුකම් සහිත බවට හඳුනාගෙන ඇති ප්‍රදේශ සඳහා මෙහිදී වැඩි අවධානයක් යොමුකෙරේ.
මෙහි නියාමක ව්‍යාපෘතිය රත්නපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කරන බවද සේනානායක මහතා පැවසීය. විදුලි සංදේශ බදු අරමුදල් වලින් ඒ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද ආයෝජනය කරයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ඩිජිටල් සම්බන්ධතා දියුණු කරන්න නියෝග