IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අටුළුගම මාරාව කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද  එම  රෝග ලක්ෂණ  පහල කිරීම හේතුවෙන් මීට සුලු මොහොතකට පෙරදී 1990 සුවසැරිය ගිලන් රථයෙන් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම  සෞ‍බ‍ය වෛද‍්‍ය කාර්යාලය කියයි.

ඩුබායි රටේ දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා දින 6 ක කාලයක් තිස්සේ අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කළ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞ‍ඛ්‍ය කාර්යාලය කියයි .



අදහස් (27)

අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට

Tharindu Saturday, 28 March 2020 03:48 AM

කොරෝනා ‌ලෙඩුන්ට අපරාධකාරයෝ වගේ සළකන නිසයි ‌මේ මිනිස්සු ඔක්කොම හැං‌ගෙන්නේ.

:       870       604

SLSaturday, 28 March 2020 04:47 AM

තවම පුනරුත්ථාපනය වෙලා නැහැ වගේ.

:       47       209

indikaSaturday, 28 March 2020 05:08 AM

පිස්සුද.? මොන ලෝකෙද ඉන්නේ.? මුළු ගමම යවන්න ඕනේ කඳවුරකට. කව්රුහරි හොරෙන් ගමෙන් ගියොත් අයෙමත් ඉවරයි.

:       1       38

Ajantha Saturday, 28 March 2020 05:24 AM

බබාලට වගේ කියලා දීලා තියෙන්නේ හැමදාම... කාවත් ගිහින් වැදගෙන එන්න බැහැ. එයාලා දැනගන්න ඔනෙ... අනික් අයට ලෙඩෙ බෝ නොවෙන තැනට වැඩ කරන්න.

:       0       73

MaheshSaturday, 28 March 2020 06:02 AM

තරිදු, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා...

:       0       61

niro5854 Saturday, 28 March 2020 04:19 AM

කියන දේ නාහන උන්ට දඩුවම.

:       19       194

Bamunuarachchi Saturday, 28 March 2020 04:24 AM

අටුලුගම ගමම "ලෝක ඩවුන්" කරලාලු. වැඩි උනොත් මුළු ගමම ලංකා සිතියමෙන් අයින් කරමු.

:       645       323

kamal Saturday, 28 March 2020 04:25 AM

දැන් හරිනේ. ඕකටනේ දැඟලුවේ. මේක අනිත් අයටත් හොඳ පාඩමක් වේවා ! සියල්ලෝම ඉක්මනින් නිදුක් නිරෝගී වේවා !

:       0       121

gune Saturday, 28 March 2020 04:55 AM

තාත්තටයි සහෝදරිටයි මේ ලෙඩේ දීපු පුතා ගැන පරණ කවියක් මතක් උනා. ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ....

:       2       49

de silva Saturday, 28 March 2020 04:59 AM

රෝගය සුව වු ගමන් රිමාන්ඩ් කරලා නඩු අහලා අවුරුද්දකට දෙකකටවත් හිරේ අරින්න පාඩමක් ඉගෙන ගන්න.

:       0       95

දිපාක් කරුනාරත්න Saturday, 28 March 2020 05:04 AM

කොහොමත් ඔය අටලුගම පැත්තේ ඉන්නේ ජාතිවාදයෙන් ඔලුව ඉදිමුන අය..... අමතක නැහැ පාස්කු ඉරිදා සිදුවීමෙන් පසු දගලපු දැගලිල්ල. එකම රටක එකම පුරවැසියන් කියලා ඔය ගමේ ඉන්න උන් දන්නේ නෑ... උන් හැසිරෙන්නේ අමුතුම විදියකට ( සමහර විට මේක පලකරන එකක් නෑ එත් කමක් නෑ ඇත්ත කිව්වෙ)

:       48       177

Akila Saturday, 28 March 2020 05:18 AM

19 ආපු කෙනා කොහොමද ගුවන්තොටුපලේ බලධාරීන්ට අහු වුණේ නැත්තේ ?

:       3       87

gaminiSaturday, 28 March 2020 06:17 AM

පුදුම වෙන්නේ ඇයි? මෝල්ගහට මිී මරපු රටක ඕකත් වෙන්න බැරි වැඩක්ද?

:       0       18

සමන්ත Saturday, 28 March 2020 06:29 AM

ඔහු ආවේ ඩුබායි ඉදලා. ගුවන්තොටුපලේදී බැලුවේ ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය යන රටවලින් ආපු අය. අනෙක් එක මේ සිද්ධියේදී එම තාත්තා සම්පූර්ණයෙන්ම වැරදි. පුතා පිළිගත්තා ඩුබායි ඉදලා ලංකාවට ආවේ කියලා. තාත්තා නෑම කිව්වා. ඇත්ත⁣ටම ඒ අය විහින් දාගත්තු දෙයක් මේක. මැව්වට ‌මොලේ දෙන්න බැරිවෙලා ඒකයි ප්‍රශ්නය.

:       24       88

de silva Saturday, 28 March 2020 05:36 AM

19 , 20 ,21 යන දිනවල රජය මගින් මේ ගැන හොඳටම ජනතාව දැනුවත් කලා. මේ හැසිරීම කොහොමත් අනුමත කරන්න බැහැ . අපට ඇදිරිනීතිය දමාගෙන ගෙදරට වෙලා දිගින් දිගටම ඉන්න වෙලා තිබෙන්නේ මේවගේ කාලකන්නි කිහිපදෙනකු නිසාය. මොහුව හිරේ යවල මොහුනිසා රෝගය බෝවුන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමට රජයට යන වියදම මොහුගෙන් දඩයක් ලෙස ගන්න , සල්ලි නොමැති නම් දේපල රාජසන්තක කර හරි ලබාගන්න. එහෙමත් නැතිනම් දඩය ගෙවන තුරු විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන්න .

:       5       268

lalithm Saturday, 28 March 2020 05:51 AM

අපේ රටේ ඉගෙන ගත්තු බොහෝ දෙනෙක් අතර තිබු මතය තමා ලංකාව කියන්නේ කුණු ගොඩක්. යුරෝපය, ඇමරිකාව ,මැද පෙරදිග,කොරියාව සුර පුර කියල. එහෙම හිතපු සහ තවමත් හිතන උගත් යයි කියාගන්න මෝඩයෝ ඉන්නවා නම් ඔවුන්ගේ මොළ සෝදාගන්න හොඳ අවස්ථාවක් මේක. ඔක්කොම කුණු අපිට ආවේ ඔය සුරපුරවලින්. එහෙම කාලකන්නි බොහෝ දෙනෙකුට මව්රට මතක් වුනේ මේ වෙලාවේ.

:       93       221

champa Saturday, 28 March 2020 07:07 AM

වඳුරා සැමවිටම තමාගේ වලිගයම අගේ කරයි' මොනරාගේ පිල් ‌නොපෙනෙයි.

:       4       21

krishantha Saturday, 28 March 2020 06:16 AM

මෙයා රට ගිහිල්ලා තියෙන්නේ ‌කොරෝනා අවධානම ‌හොඳටම තියෙද්දි.

:       6       25

Athula kSaturday, 28 March 2020 07:21 AM

ඔය කට්ටිය මේ අවදානම තියෙද්දී රට යන්නේ හොර වැඩ වලට... මේ වෙලාවේ අවදානය තියෙන්නේ ලෙඩේට හින්දයි...

:       0       0

සලාමි Saturday, 28 March 2020 06:17 AM

ඔය රටවලින් හම්බ කරා එවන සල්ලි නැත්තන් ඔයාලටත් හුළං තමයි මල්ලි. මිනිස්සුන්ට බනින්න ඉස්සො මේ යන දේශපාලන ක්‍රමය වෙනස් කරල ඉන්න.

:       317       130

de silva Saturday, 28 March 2020 06:37 AM

ලලිතම් මහත්මයා, සුරපුරක්ව තිබුන අපේ ලංකාව නිදහසින් පසු අපේ දේශපාලකයන් සහ රජයේ නිලධාරීන් විසින් විනාශ කර ඇත. මිල මුදල් දේශපාලන බලය තිබෙන මනුෂ්‍යයාට ලංකාව තවම සුරපුරක්. ‌මේවා මුකුත් නැති දුප්පත් මනුෂ්‍යයාට මේකේ අනිත් පැත්ත. එම නිසා සමහරු ීයක් හරි හොයාගන්න කොරියාවේ,මැදපෙරදිග යනවා , සමහරු ඉතාලිය ඇතුළු යුරෝපයේ රටවලට සහ කැනඩාවට ඔස්ට්‍රේලියාවට යනවා පදිංචි වෙන්න. එම රටවල ඇති නැති පුද්ගලයන්ගේ ජිවන තත්වය අතර ලොකු වෙනසක් නැහැ. ීතිය හැමෝටම ක්‍රියාත්මක වෙන්නේ එක සමානව. හොඳ පොදු ප්‍රවාහන සේවා තිබෙනවා. දරුවන්ට උගන්වගන්න හොඳ පහසුකම් තිබෙනවා. අනිවාර්යයෙන්ම ලංකාවේ මධ්‍යම පන්තිකයට සහ දුප්පත් මනුෂ්‍යයාට ඒවා සුරපුරවල් බව අපි අනිවාර්යයෙන් කියන්න ඕනේ. එම රටවල මානුෂික අයිතිවාසිකම් ඉහලින්ම සළකා කටයුතු කරනවා. ඉන්දියාවේ වගේ පොලිසිය නිරායුධ මනුෂ්‍යයන්ට පාරේදී පොලු වලින් පහරදීමක් එහෙ නැහැ. එම නිසා කොරෝනා පැතිරුනා කියා මිනිස්සු තදබල ලෙස ගෙදරවල් වල හිර කරන්න එහෙ බැහැ.ඒකත් එහෙ කොරෝනා පැතිරීමට එක්තර හේතුවක්. අමතක කරන්න එපා. පිටරට ඉන්න ලංකාවේ මිනිස්සු එවන රට සල්ලි නොතිබුනානම් අපි මෙලහකට රටෙන් භාගයක් විතර චීනෙට විකුණලා.

:       109       152

kumudiniSaturday, 28 March 2020 07:36 AM

රටෙන් භාගයක් විතර චීනෙට විකුණලා ඉවරයි නේද?

:       0       0

lalithmSaturday, 28 March 2020 08:09 AM

එහෙම නම් එහෙටම වෙලා ඉන්නේ නැතුව මේ වෙලාවේ මෙහෙට එන්නේ මොකද? තමනුත් ඒ වගේ අවස්ථාවාදියෙක්ද? ඔය කියන කෙරුවාවේ තරම මේ වෙලාවේ පෙනෙනවා. නැති බැරි විදියට අපි මෙහාට වෙලා ඉන්නම්. හිඟන රටේ මිනිසුන්ගේ බදුවලින් ඉගෙනගෙන සැප විඳින්න සංක්‍රමණය වුවන් එහෙටම වෙලා හිටියම ඉවරයි නේද? මැද පෙරදිග සහ කොරියාව ගන ගැන විවාදයක් නැහැ. ඔවුන් බැරිකමට කීයක් හරි හොයා ගන්න ගිය අය. රටේ මිනිස්සු කන්නේ බොන්නේ විතරක් නොවෙයි හොර දේශපාලුවෝ විනාශ කරන්නෙත් ඒ අය එවන සල්ලි ටික.

:       0       1

Warnakulasuriya Saturday, 28 March 2020 11:38 AM

වැරදි මතයක සිටින යමෙකුට නිසි පිළිතුරක් ලබාදීම අගය කළ යුතුව ඇත. ඒ අනුව ලලිතම් මහතාට ලබාදී ඇති පිළිතුර ගැන මම සතුටු වෙමි.

:       1       0

මුසල්මානුවා Saturday, 28 March 2020 08:59 AM

දවස් දෙකක් තිස්සේ ආපහු ජාතිවාදය ඇවිස්සිලා. වැඩ (අල) කරන විරුවා ඔක්කොම අල කරගෙන වගෙයි. ජාතිවාදය අවුස්සන්න වෙන හේතුවක් නම් පේන්න නැහැ.

:       63       104

NuwanWednesday, 01 April 2020 02:28 PM

ඔය ජාතියේ අයගේ පැහැදිලි අව්ලක් තියෙන නිසා තම බහුතර මොලේ තියෙන අනිත් ජාතින් එක්ක පැටලෙන්නේ. දන්නේ නැත්නම් ලෝකේ වටේ තියෙනවා උදාහරණ කෝටි ගණන්!

:       0       12

Upul Thursday, 02 April 2020 07:26 AM

අර හකීම් ලොක්කට දෙය්යන්ගේ හාල් කැවිලා වගේ මරු කියවනවා. මේ වෙලාවෙත් චන්දෙ ගන්න ඕන වැඩක් කරනවා!

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 475 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 389 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 402 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 221 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 655 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1125 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site