(බිඟුන් මේනක ගමගේ )
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මියට බාර දී ඇතැයි අමාත්‍යංශයේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම ත්‍රිපුද්ගල කමිටු වාර්තාව සතියක් වැනි කාලයක් ඇතුළත සකස් කළේ යැයි ද ඇමැතිවරිය මේ වනවිට එය නිරීක්ෂණයට ලක්කරමින් සිටින්නේ යැයි ද එම නිලධාරියා කීය.
මේ අතර අගුණකොලපෑලැස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය පත්කළ දෙවැනි කමිටුවේ වාර්තාව ලබන 25 වැනිදා ලැබීමට නියමිත යැයි ද ඔහු පැවසීය.
ඒ අනුව අදාළ වාර්තා දෙකම සසඳා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
අගුණකොලපෑලැස්ස බන්ධානාගාරයේදී පසුගිය නොවැම්බර් 22 වැනිදා සිදු වී යැයි කියන මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මුල්වරට මාධ්‍යට කරුණු අනාවරණය කෙරුණේ පසුගිය 16 වැනිදා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.
බන්ධනාගාර පරිශ්‍රයෙහිදී පිරිසක් පොලු මුගුරුවලින් පහර දෙන දර්ශන ඇතුලත් පැය භාගයක පමණ කාලයක් පුරා ධාවනය වන සී.සී.ටී.වී දර්ශන අඩංගු සංයුක්ත තැටියක් මෙම මාධ්‍ය හමුවේදී ප්‍රදර්ශනය කෙරිණි.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අඟුණකොලපැලැස්ස කමිටු වාර්තාව බන්ධනාගාර ඇමතිනිය අතට