(ඩයනා උදයංගනී)
මගී ප්‍රවාහන බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම ලබන අගහරුවාදා සිට ආරම්භ කරන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මොරටුව සිට කොළඹ දක්වා සහ බත්තරමුල්ල ප්‍රදේශයේ සිට කොළඹ දක්වා මංතීරු 3 කින් සමන්විත මාර්ග ප්‍රදේශවල ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සතියේ දිනවල උදෑසන 6 සිට උදෑසන 9.00 දක්වා කාලය තුළ එය ක්‍රියාත්මක කරන අතර එම ප්‍රමුඛතා මංතීරුවල පුද්ගලික සහ ලංගම බස් රථවලට අමතරව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථවලට ද ගමන් කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි එම අමත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ අනුව අගෝස්තු 15 දින සිට මොරටුව, කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්, සැවොයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්දිය දක්වාත්, අගෝස්තු 22 සිට කටුබැද්ද මංසන්දියේ සිට මැලිබන් මංසන්දිය දක්වාත්, බම්බලපිටිය මංසන්දියේ සිට පිත්තල මංසන්දිය දක්වාත්, අගෝස්තු 29 දින සිට බත්තරමුල්ල පොල්දුව මංසන්ධියේ (දියත උයන) සිට ආයුර්වේද මංසන්ධිය දක්වා සහ ටවුන්හොල් මංසන්ධියේ සිට තුම්මුල්ල මංසන්ධිය දක්වාත්, සැප්තැම්බර් 5 සිට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව, කොටුව කොම්පඤ්ඤවීදිය දක්වාත්, සැප්තැම්බර් 12 සිට කොම්පඤ්ඤවීදිය සිට පිටකොටුව දක්වා සහ නොවැම්බර් 30 සිට බොරැල්ල සිට මරදාන දක්වාත් මෙම ප්‍රමුඛතා මංතීරුව කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අඟහරුවාදා සිට මගී ප්‍රවාහන බස් වලට ප්‍රමුඛතා මංතීරු
ase Friday, 11 August 2017 08:34 AM
කෝ මේකට වැරදි හොයන පිරිස?
sam Friday, 11 August 2017 08:49 AM
තවත් ටිකක් සංකීර්ණ කරලා ක්‍රියාත්මක කළා නම් තමා වඩාත් හොඳ!!!
Ranjan Friday, 11 August 2017 09:00 AM
හවසට මොකද වෙන්නේ?
perakumSaturday, 12 August 2017 09:25 AM
හරියට හරි හවසටත් ඒවගේම තියෙන්න ඕනෑ..
raveendra Friday, 11 August 2017 09:24 AM
මෙය ඉතා හොඳ ක්‍රියාවකි. පොදු ප්‍රවාහනය හොඳින් ක්‍රියාත්මක වෙන රටක මාර්ග තදබදය හොඳින් පාලනය කරගත හැක. මගීන් වන අපටද වගකීමක් තිබෙන අතර අවංක පොලිස් නිලධාරීන්ගේ සේවය මෙයට හොඳින් අවශ්‍ය වේ. ඒ වගේම හොඳ රියදුරු මහත්වරුන්ව අගය කලයුතු අතරම අවනීත රියදුරු "මහත්තයන් හට" දැඩි දඬුවම් දී මාර්ගවලින්ද ඉවත්කල යුතුය.
sanju Friday, 11 August 2017 02:33 PM
බස් රියදුරන්ටවත්, බස් සංවිධානවල අයවත් දන්නේ නැහැ... බස් තුළ අධික ශබ්දය ගැන කරුණාකරලා මෙයට විසඳුමක් දෙන්න. පින් සිදුවෙයි.
ගයාන් Saturday, 12 August 2017 03:27 AM
එ්කනම් සහතික ඇත්ත. සල්ලි දීලා යන බස් එකක කනක් ඇහිලා යන්න බැහැ. පොඩි ළමයි, රෝගීන් පවා මේ සද්දෙ නිසා අපහසුවට පත් වෙනවා.විශේෂයෙන්ම කොළඹ බදුල්ල බස් වල මේ ගැටළුව ගොඩාක් තියෙනවා. ඔච්චරම ඕනෑ නම් රියැදුරු අසුන ඉස්සරහ පොඩි බෆල් එකක් ගහගන්නට විතරක් අවසර දුන්නට කමක් නෑ. රියදුරාට නින්ද යන නිසා කියනවනේ ඔය කන පැලෙන තරම් සද්දෙ දාගන්නේ...
ranjith Saturday, 12 August 2017 01:41 AM
මොන ප්‍රමුකතා දුන්නත් ප්‍රයිවට් බස් රියදුරෝ කොට කොට යන්න ගත්තහම කාටවත් වෙලාවට යන්න බැහැ.