IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අග්නිදිග ආසියානු ජාතින් සඳහා වන ලෝක ආර්ථික සමුළුව ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න වියට්නාමයේ හැනොයි නුවර සිට)
 
අග්නිදිග ආසියානු ජාතින් සඳහා වන ලෝක ආර්ථික සමුළුව   වියට්නාමයේ හැනොයි නුවර දී වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක්  මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

 
හැනොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරුණු  සමුළුව සඳහා ආසියානු සංවිධානය නියෝජනය කරන රටවල නායකයෝ දස දෙනෙක් සහභාගි වූහ. 

සමුළුවේ විශේෂ ආරාධිතයා වූයේ චීන උප අග්‍රාමාත්‍ය හූ චුන්හ්වා මහතා ය. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූයේ විශේෂ ආරාධිතයෙකු වශයෙනි. 

වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක්  මහතා සමුළුව ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සිදු කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතාගේ සුභ පැතුම් පණිවුඩය සමුළුවට ඉදිරිපත් කරනු ලැබීය.

 ආසියාන් සංවිධානයේ සභාපතිතිවය දරන සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන්  මහතා සමුළුවේ ආරම්භක සැසිය අමතමින් සඳහන් කළේ කලාපයක් ලෙස පොදු එකඟතා පදනම් කර ගනිමින් සිව්වන කාර්මික විප්ලවයේ ප්‍රතිලාභ බෙදා හදා ගත යුතු බවය.

ඉන් අනතුරුව ලෝක ආර්ථික සමුළුවේ සාමාජිකත්වය දරණ රටවල නායකයෝ සමුළුව ඇමතූහ.

ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදොදෝ, පැවසූයේ මිනිස් සම්පත සතු කුසලතා අසීමිත බවය. ඒ කුසලතා පුබුදුවමින් අනාගතය ජය ගැනීමට ක්‍රියා කරලීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

මියන්මාර් රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිත අවුන්සාන් සුකී මහත්මියගේ දේශනයට ආසියා කලාපයේ සියලූම නායකයින්ගේ සුවිශේෂී අවධානයක් යොමු වූ අතර ආසියා කලාපයේ පසුපස තැනක සිටි මියන්මාරයට මෑත කාලයේ දී ධනාත්මක ප්‍රවණතා පෙන්වමින් ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී තිබෙන බව ඇය සමුළුව අමතමින් සඳහන් කළාය. 

කලාපීය සංවර්ධනයේ දී එක් රටක පසුබෑම සියලූම රටවල් කෙරෙහි බලපෑමක් ඇති කරන නිසා සියලූ රටවල් සමාන අයුරින් දියුණුව කරා පිය නැගීමේ අවශ්‍යතාවය ද අවුන්සාන් සුකී මහත්මිය මෙහිදී අවධාරණය කළාය. 

මියන්මාරය ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් කරා ප්‍රවේශ වෙමින් සිටින බව ද අවුන්සාන් සුකී මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.



අදහස් (1)

අග්නිදිග ආසියානු ජාතින් සඳහා වන ලෝක ආර්ථික සමුළුව ඇරැඹෙයි

.දයාවතී Wednesday, 12 September 2018 07:54 PM

බටහිර ධනවත් බලවත් ජාතීන්ගේ ආරක්ෂක සංවිධානය කියන්නේ නේටෝ නම් අපේ දුප්පත් ශක්තියෙන් හීන රටවල සංවිධානය නැට්ටෝ කියලා නම්කරමුද.

:       0       22

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 303 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 863 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2244 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2502 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 732 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 305 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site