IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

නාලක සංජීව දහනායක

 

රට ගොඩ ගැනීමට ඇති අන්තිම අවස්ථාව මෙය බැවින් මැතිවරණ නොපවත්වා දිගටම බලයේ හිඳිමින් රට විනාශ කිරීමට වළිකන බලවේග පරාජය කිරීම සඳහා එකතු වෙන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් අද (25) සියලූ රට වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.

පසුගිය ආණ්ඩුව යටතේ සිදුවූ දරුණු ආර්ථික පරිහානිය නතරකරවා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් තමන්ට රට බාරදුන් බවත් කී අගමැතිවරයා මේ මොහොතේදී තිබෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් බැවින් බිඳවැටීමේ ප‍්‍රවණතාවයන් මාසයෙන් දෙකෙන් නිවැරදි තත්ත්වයට හැරවිය නොහැකි යැයි කීය.

කොළඹ,මල්පාරේ පිහිටි අගමැති කාර්යාලයේදී අද (25) අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම ප‍්‍රකාශය සිදුකළේය.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

මේ මොහොතේදී ආර්ථික ප‍්‍රපාතයෙන් රට ගොඩ ගැනීම සඳහා රජයේ අනවශ්‍ය වියදම් කපා හැර කැපකිරීම් කළ යුතු බවත් කී අගමැතිවරයා ජනතාව මත බදු පටවමින් මැති ඇමැතිවරුන්ට අධික වියදම් කළ එක්සත් ජාතික පක්‍ෂයේ ක‍්‍රමය නතර කරන බවද පැවසීය.

එබැවින් යුද්ධය අවසන් කිරීමට තමන්ට සහය දුන්නාක්මෙන් වැටී තිබෙන රට ගොඩ ගැනීම සඳහා තමන්ට මේ මොහොතේදී සහය ලබාදෙන ලෙසත්, මෙම අවස්ථාව මඟ හැරුණහොත් ග‍්‍රීසියට සිදුවූ දෙයම අප රටටත් සිදුවනු ඇතැයිද අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.   

 

( වීඩියෝ 356)



අදහස් (23)

අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

d.upul Sunday, 25 November 2018 11:25 AM

අවුරුදු 30ක් විතර තිස්සේ දේශපාලකයෝ ඔක්කොම කියන්නේ "මේ තමයි රට ගොඩගන්න තියන අන්තිම අවස්ථාව" කියල. මෙතුමා දෙවරක් විධායක ජනපති වෙලා ඉන්න කාලේ ඔය "අවස්ථාව" නොගත්තේ මොකද කියන එක අපට ලොකු ප්‍රශ්නයක්.

:       0       25

Nalaka Sunday, 25 November 2018 11:35 AM

අනිවාර්යෙන්ම අපගේ සහය ඔබතුමාටයි. යූ.එන්.පී එකෙන් විනාශ කරපු අපේ මාතෘ භූමිය නැවත ගොඩ නැංවිය හැක්කේ ඔබතුමාට පමණයි. හැබැයි මේ දේත් මතක තියාගන්න. නැවතත් නාමල්, බැසිල් වගේ කට්ටිය ඕනෑවට වඩා ලං කරගත්තොත් රටට පෙර ඔබ නැතිවනවාට කිසිම සැකයකුත් නැති බව. එවැන්නන්ගේ බේබි හෝ සර් පට්ටම් රටට වැඩක් නැහැ වගේම එවැනි පට්ටම් රටේ මහජනයාට තම්මැට්ටම් පමණක් බවත් මතකයේ තබාගන්න. ඔබගේ අරමුණට ජය ප්‍රාර්ථනා කරමි...

:       57       2

ruchi Sunday, 25 November 2018 11:36 AM

අනිවාර්යයෙන්ම අපි සපෝර්ට් එක දෙනවා. හැබැයි ඉදිරිය පැහැදිලි විය යුතුයි!!! 1. ජනතාව ඉවත් කරන මන්ත්‍රීන්, ජාතික ලැයිස්තුවෙන් නොගත යුතුයි. 2. පවුලේ අය සම්බන්ධ කරගැනීම් අවම විය යුතුයි. 3. මර්වින් වැනි අයට නොමිනේෂන් නොදිය යුතුයි. 4. විදේශ සංචාර සඳහා විශාල පිරිස් සහභාගි නොවිය යුතුයි. 5. මන්ත්‍රීන් සහ ඇමැතීන්ට වාහන පර්මිට් නොදිය යුතුයි. 6. කුඩු සහ මත්ද්‍රව්‍ය වලට ඉහළම දඬුවම් නියමකළ යුතුයි.

:       27       3

wasantha Sunday, 25 November 2018 11:40 AM

සියලු දෑ අනිත්‍යයි.

:       0       0

naradha Sunday, 25 November 2018 11:45 AM

මෙහි පළමු පියවර ලෙස ණය රෝල් කරමින් ණයට ජිවත් වෙන සංස්කෘතිය නවත්වන්න. අද අපි භුක්ති විදින්නේ රටේ අදායමට දැරිය නොහැකි අන්දමට ණය ලබා ගනිමින් රටට ආදායමක් නැති ව්‍යපෘති කරවීමේ ප්‍රතිපලයි. අපේ අපනයන සහ ආනයන අතර වෙනස පමණක් ඩොලර් බිලියන 10 ක්. මෙවැනි පරතරයක් පියවීමට ණය ගැනීමට වඩා, ඉන්ධන වැනි දේ ලෝක වෙළඳ පොලෙන් මිලදී ගන්නා මුදලටම මහජනයාට අලෙවි කල යුතුයි. මෙවැනි දේ ජනප්‍රිය තීරණ නොවුනත්, රටේ ජනතාවට පවතින යථාර්තය ඒත්තු ගැන්වීම සඳහා කල යුතුයි.

:       0       0

Bamunuarachchi Tuesday, 27 November 2018 11:18 PM

ඩී. උපුල් හලෝ මෙතුමා ඔබගේ නායකයින්ට අවුරුදු 25 ගොඩගන්න බැරුව සිටි මෙරට ගොඩ දාලා දෙනවිට ඉපදිලා හිටියේ නැද්ද? එල් ටී ටී ඊ ත්‍රස්තයින් පරදවා ගන්න බැරිඋනාම ඔබේ නායකයා තීරණය කලේ ප්‍රබාකරන්ට උතුර භාර දෙන්න නේද. කොයි පැත්තෙන්ද කතාකොරන්න.

:       10       0

PRIYANTHA Sunday, 25 November 2018 12:38 PM

රටක කොඳුනාරටිය කියන්නේ ව්‍යවස්ථාව... ඔබතුමා 113 පෙන්නුවා නම් ප්‍රශ්නය ඉවරයිනේ...

:       0       0

kamal Sunday, 25 November 2018 01:24 PM

අභිමතය ලෙස භාවිතා කිරීම නීත්‍යානුකූල නොවේ...

:       1048       311

suranga Sunday, 25 November 2018 01:47 PM

අද අගමැති කෙනෙක් රටට නැහැ...

:       1273       1023

සනත්Sunday, 25 November 2018 02:10 PM

ඇස් නොපෙනෙන, කණ නොඇසෙන සුළුතර ගොළුවන්ට දැනෙන හැටි...

:       634       1368

rocky Sunday, 25 November 2018 02:11 PM

පස්ස දොරෙන් රිංගාගත හොර අගමැති කෙනෙකුගේ කතා අපට වැඩක් නැහැ ..!

:       2352       1859

Lakmal Sunday, 25 November 2018 03:09 PM

ඔබතුමා කොහොම වැජඹෙන්න ඕනෙ කෙනෙක්ද? හොරෙන් අගමැතිකම ගන්න තත්වයට වැටිලා...

:       420       694

පෙරුමාල් Sunday, 25 November 2018 03:34 PM

පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව, මුදල් හෝ පනත් අනුමත සම්මත කර ගැනීමට නොහැකිව තිබියදී ලේ පිපාසිත කූඩැල්ලෙකු මෙන් ව්‍යවස්ථා විරෝධි ලෙස අගමැති තනතුරෙ එල්ලී සිටින්නේ ඇයි? මහින්ද (හිටපු) රජතුමනි? තමන්ගේ පවුලේ උදවියට සහ ගාමිණි සෙනරත්, වීරතුංග වැනි අයට විරුද්ධව පවරා ඇති දූෂණ හා මිනීමැරුම් චොදනාවලට අදාල සාක්ෂි හා ලේඛන අතුරුදහන් කරවා ගැනීමට නම් ඒ සම්බන්ධ පරීක්ෂණ කරන නිලධාරින් බියගැන්වීමටද ඔය තනතුරේ බලය උපරිම ලෙස භාවිතා කළ හැකියි. අගමැති තනතුරේත් ගෞරවය රැකෙන විදියට, ඒ තනතුර බාරගැනීම ගැන ජාතියෙන්ම සමාව අරගෙන ෂේප් වුණා නම් නම්බුකාරයි නේද, හිටපු රජතුමනි?

:       27       89

Nandalal DE SILVA - France Sunday, 25 November 2018 06:55 PM

මෙයා ඉතින් කොහේ ගියත් දෙසා බාන්නේ "විශේෂ ප්‍රකාශ" නිසා ඒවායේ කිසිම වැදගත්කමක් නැහැ. කවදාද මෙයාගේ මුඛෙන් අලුත් දෙයක් පිට උනේ? මහජන වේදිකාවකට නැග්ගත්, පන්සලකට ගියත් වාදනය කරන්නේ එකම තැටිය විතරයි.

:       0       0

Sunil Sunday, 25 November 2018 07:03 PM

දැන්ද තේරුනේ ග්‍රීසියට වෙච්චදේ වෙයි කියල ? ජාත්‍යන්තර ආධාර නැවැත්තුවේ සංචාරකයින් බුකින් අවලංගු කලේ 26 වැනිදායින් පස්සෙ,

:       0       1

jerami Sunday, 25 November 2018 11:10 PM

මට තියන ප්‍රශ්නය මෙච්චරයි. දැන් ඔබ ගිය දවසට අපිට හිටපු ජනාධිපති කියන්න බැනේ. ඔබ හිටපු අගමැති වෙනවා නිකම්ම. වෙන රටවල් වල ජනාධිපති උනාම එතනින් නතර වෙනවා. මිනිස්සු සලකනවා ඉන් පස්සේ හිටපු ජනාධිපති කියලා.

:       0       0

BamunuarachchiTuesday, 27 November 2018 11:35 PM

අනේ ඔබ කිසිවක් නොකිය ඉන්නකෝ. මෙතුමා නැතිව රට කරවන්න තරම් පෞර්ශත්වයක් ඇති කෘතහස්ත නායකයෙක් නම් කොරන්නකෝ. මෙතන ලියන කිසිම කෙනෙක් රටේ ජනතාවට ගසා ඇති බදු ගැන කතා කරනවාද? මෙතුමාට තරම් සලකන වෙනත් රාජ්‍ය නායකයෙක් මෙරටේ ඉන්නවාද. 30 වතාවක් පැරදුන රනිල්ට ගල් ගැසුවේ එජාප මිනිස්සුම තමයි. නමුත් මෙතුමා පැරදුන වෙලාවේ මෙතුමා බැහැදකින්න කාල්ටන් නිවසට ගිය සෙනග දැක්කාද. එමනිසා ඔබවන්නෙක් මෙතුමාට කොහොම කතා කොලත් අපිට කමක් නැත.

:       0       0

disa Monday, 26 November 2018 12:20 AM

තාත්තගේ නමට සලකලා දැන්වත් ගෙදර යන්න මහත්තයෝ....

:       0       0

jaya Monday, 26 November 2018 12:57 AM

එදා ආර්ථිකය අපි දැක්කා.

:       0       0

Saman Monday, 26 November 2018 03:05 AM

කියන කතා දවසින් දවස වෙනස් වෙනවනෙ.

:       6       21

ajith Monday, 26 November 2018 07:36 AM

කවුද අප්පේ මෙයාට අගමැති වෙන්න කියලා ඡන්දෙ දුන්නේ? පස්ස දොරෙන් රිංගලා ඇවිත් කරන්න බැරි දේවල් කියලා සවුත්තු වෙන්න එපා.

:       0       9

Kosala Tuesday, 27 November 2018 04:05 AM

ග්‍රීසියට වෙන්න යන දේ දැක දැක තමා මෙයාලගේ කාලේ ග්‍රීක බැදුම්කර වල ආයෝජනය කරේ.

:       0       4

Bamunuarachchi Tuesday, 27 November 2018 11:40 PM

ජයා ආර්ථිකය කියන්නේ මොකක්ද කියලා දන්නවාද? නොදන්නා දේවල් කතා කොරන්න ගිහිල්ලා දිව විකා ගන්නේ නැතිව ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 217 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 192 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 244 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 149 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 576 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 980 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site