IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අගමැති බැඳුම්කර කොමිසමට එයි

(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  මීට සුළු මොහොතකට පෙර  පැමිණියේය.



අදහස් (59)

අගමැති බැඳුම්කර කොමිසමට එයි

Upali Monday, 20 November 2017 04:41 AM

කවුරු කොහොම කිව්වත් මේක නම් යහපාලනයක හොඳ ලක්ෂණයක්. මෙයට පෙර කවදාවත් අගමැතිවරයෙක් තම පාලන කාලය තුල මෙහෙම කොමිසමක් ඉදිරියට කැඳවලත් නෑ. සාක්ෂි දෙන්න සිය කැමැත්තෙන් ඇවිල්ලත් නෑ .

:       62169       46135

charithaMonday, 20 November 2017 05:13 AM

අගමැතිතුමා විසින් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් කට උත්තර ලබාදීම සිදු කල යුතු වන්නේ එතුමා මෙරට මහජන මුදල් වලට වගකියුතු නිසා . රහස් පොලිසිය විසින් අනාවරණය කර ඇති කරුණු හමුවේ මෙතුමාට අනිවාර්යෙන්ම ජනපති කොමිසමට කට උත්තර ලබාදීමට සිදුවෙනවා.

:       1663       8396

RohanMonday, 20 November 2017 05:36 AM

මේක තමයි යහපාලනය

:       6042       5449

PereraMonday, 20 November 2017 05:37 AM

චරිතා පහුගිය පාලන කාලයේ ඔයා කොහෙද හිටියේ, මේ ලෝකයේ නම් වෙන්න බැහැ.

:       5672       1000

jiffriMonday, 20 November 2017 05:20 AM

මෙය හොඳ ආදර්ශයක් අනිත් දේශපාලකයන්ට .

:       5371       4403

savanthMonday, 20 November 2017 08:55 AM

තමුන්ගේ යාළුවෙක්ව වැරදි විදිහට පත්කිරීම යහපාලන ලක්ෂණයක් වෙන්නේ කොහොමද උපාලි?

:       200       4467

surangaMonday, 20 November 2017 08:57 AM

කාටවත් කියන්න බැහැ... යහපාලනේ නිසා අගමැතිවරයා කොමිසමට අවා කියලා. මේ යහපලානේ නිසා තමයි ලෝකයේ ලොකුම බැංකු හොරකම වෙලා තියෙන්නේ.

:       136       4660

jewaMonday, 20 November 2017 09:41 AM

උපාලිගේ කතාව අගමැති රට දියුණු කරලා, ණය බර අඩුකරලා, කොමිසමට ආවා වගේ... අනේ ඔයාලාවගේ මෝඩයෝත් ඉන්නවනේ

:       169       3575

HafeelMonday, 20 November 2017 10:58 AM

මේ වෙනවිටත් සියලුම ගරුත්වය හිමිවිය යුත්තේ ජනාධිපතිතුමාටත් සහ කෝප් කමිටුවේ සභාපති තුමාටයි. එසේ නැත්නං, මේක කවදා හෝ යටපත් වෙන්න තිබුණා. අගමැතිතුමා තමන්ගේ පක්ෂයේ සාමාජිකයින් මාර්ගයෙන් පඹ කමිටුවත් පත්කරමින්, කිසිම වංචාවක් වෙලා නැහැ කියමින් බොරු වාර්තාවක් සකස්කළා. එතනින් නොනැවතී නැවතත් අර්ජුන් මහේන්ද්‍රන්ව පත්කරන්න පුන පුනා උත්සාහ කළා. උපාලි මහතා සඳහන් කළා වගේ කොහෙද යහපාලනයක් වෙන්නේ?

:       3       133

RaveendraMonday, 20 November 2017 11:34 AM

උපාලි මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. තවද පැරණි කියමනක් වන " මොකාටද කලින් කෙසෙල් ඇවරිය එලියට පැන්නා" යන්න අපට නම් මතකයට නැගෙනවා. ගන්නට බලය කොටි වලසුන් උදවු කලා.. ගත්ත ගමන් යාළුවා මට මතක් වුනා.. කාලගුණ ගැන හොදටම මම දන්න නිසා... දුන්නා " ජුනයට " ගහපන් ඇතිවෙන්න කියා...

:       0       549

Bamunuarachchi Monday, 20 November 2017 12:09 PM

රටේ අගමැතිවරයාට මෙහෙම කොමිසමක් ඉදිරියට එන්න සිදුවුනේ රටේ සිදුවුන මහා බැංකුකොල්ලයට එයාගේත් සම්මාදමක් ගෑවීමක් තිබුන නිසායි. රටේ මීට පෙර සිටිය අගමැතිවරු මේවගේ සොරකම් වලට කොහෙත්ම ගෑවුනේ නැත. මේක යහපාලනයේ තිබුණු දුර්වලකම් මිස යහපාලනය ගැන පම්පෝරි ගහන්න දෙයක් නොවෙයි. මෙයා දැන දැනම හොරකම වහන්න ඉදිරිපත් වුණා.

:       113       1643

LakviduTuesday, 21 November 2017 02:40 AM

Bamunu ayiya.... methananam oyaata hondatama waraduna, pahugiya aanduwe agamathi thumek sambanda ara grees tin kudu kase eka........!

:       1       0

උදේනි Monday, 20 November 2017 04:58 AM

ජයින් ජයිම වේවා.!

:       622       1495

BandulaG Monday, 20 November 2017 05:04 AM

අගමැතිතුමා විසින් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් කට උත්තර ලබාදීම සිදු කල යුතු වන්නේ එතුමා මෙරට මහජන මුදල් වලට වගකියුතු නිසා . රහස් පොලිසිය විසින් අනාවරණය කර ඇති කරුණු හමුවේ මෙතුමාට කට උත්තර ලබාදීම අනිවාර්යෙන්ම ජනපති කොමිසමට ලබාදීමට සිදුවෙනවා.

:       242       4585

Rajah Monday, 20 November 2017 05:26 AM

ඉතාම හොද පුර්වාදර්ශයක්; පසුගිය සමයේ සිදුවුන අකටයුතුකම් වලට මේවගේ කොමිසම් පත්කලනම්. හිටපු මැති, ඇමතිවරුන්ගෙන් 90% ඔය කොමිසම් හමුවට යන්න වෙනවා. මෙතන වී තිබෙන වංචාවේ සුලමුල හොයලා, තරාතිරම් නොබලා දඩුවම් කරන්න ඕනේ. ඒවගේම පසුගිය සමයේ සිදුවූ බරපතල වංචා දුෂනවලට වහාම නිතිය ක්‍රියාත්මක විය යුතුයි. යහපාලනය උතුරා දොරෙගලන බව හැමෝටම පේනවා.

:       4722       4678

අජිත් Monday, 20 November 2017 05:41 AM

අගමැතිගේ පිරිසිදුකම තවදුරටත් සනාථ කිරීමට මේක හොඳ අවස්ථාවක් .

:       5713       5589

dhamneth Monday, 20 November 2017 06:15 AM

නියම නායකයෙක්.

:       3458       3273

නිහාල් ජයවර්ධන Monday, 20 November 2017 06:21 AM

පූර්වාදර්ශයක්.

:       2852       2793

Luvee Monday, 20 November 2017 06:27 AM

අපරාදේ අජිත්, අගමැතිතුමාට සුදු රෙද්දකුත් අරන් යන්න තිබුනේ, පිරිසිදුකම ඔප්පු කරන්න.

:       453       1210

wicky Monday, 20 November 2017 06:32 AM

අගමැති අනිවාර්යයෙන්ම මේ කොමිසමකට කැඳවන්න ඕනේ. එක පූර්වාදර්ශයක් නෙවෙයි. එතුමාගේ දුර්වල කමක් නිසා. මොකද මහබැංකුව භාර මිනිස්ටර් තමයි අගමැති. මුදල් ඇමැති යටතේ තියෙන්න ඕනේ මහා බැංකුව තමන් යටතට අරන් කරපු මහා කොල්ලයට අනිවාර්යෙන්ම අගමැති වග කියන්න වෙනවා.

:       1291       2594

Prase Monday, 20 November 2017 06:34 AM

රටේ පළමු සහ දෙවන පුරවැසියන්... ජනපති හෝ අගමැති... අප නීතියට සහ ව්‍යවස්ථාවට ගරුකළ යුතුය.

:       5       1048

Bawa Monday, 20 November 2017 06:42 AM

මෙය රෙජීමය යටතේ කිසිසේත්ම සිදුනොවිය හැකි දෙයක්... මෙය අගමැතිතුමාගේ හොඳ උදාහරණයක් තමයි...

:       389       1197

sarath silva Monday, 20 November 2017 06:44 AM

මේ තවත් කපටි රංගනයක්. ඔහු ලියවිල්ලකින් දුන් සාක්කිය තම කට හඬින්ම කියවා ස්ථිර කරන්නයි අද බැදුම්කර කොමිසමට ආවේ. එවිට අනාගත ආණ්ඩුවකට මොහුට විරුද්ධව චෝදනා ගොනු කල නොහැකියි. මේක තේරුම් ගන්න බැරි මෝඩ රැල... මොහුගේ මහත්මා ගතිය ගැන කියවනවා. අපේ සුන්දර රට මෙවැනි හොර තක්කඩියන්ගේ පාරාදීසයක් වෙලා අපේම කරුමෙට....

:       661       1512

harsha Monday, 20 November 2017 06:50 AM

අගමැතිතුමාගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න හොඳ අවස්ථාවක්... ඔබතුමා වරදක් කර නොමැති බව අපි දන්නවා. ඔබට ජය ශ්‍රී !!!

:       1551       2085

Ruwan Monday, 20 November 2017 07:07 AM

ඔබ සැමට ඉතා වැදගත් පුර්වාදර්ශයක් දී ඇත. අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔබට සදා ගරු කරමි. පෙර රජය මෙවන් දේ වලදී සොරුන් ආරක්ෂා කල අයුරු අපට ඉතා හොඳින් මතක ඇත.

:       226       3607

priyan Monday, 20 November 2017 07:18 AM

අලුගෝසුවා එනවා මහා බැංකුවෙන් හොරකම්කළ සල්ලි ගැන සාක්කි දෙන්න ...!!!

:       2699       3029

Thilak Monday, 20 November 2017 07:19 AM

අනාගත නායකයින්ටත් හොඳ ආදර්ශයක්....

:       226       1066

Rish Monday, 20 November 2017 08:02 AM

මම කිසිම පක්ෂයකට කඩේයනවා නොවේ... අද රට තුළ නිර්මාණය වී තිබෙන තත්වය අනුව මැති ඇමතිවරුන් සිට පහලම ශ්‍රේණියේ නිලධාරියන් දක්වා යම්කිසි අයථා ගනුදෙනුවලට සම්බන්ධ වීමට පෙර දෙවරක් සිතාබලයි.... නීතිය සියලුදෙනාට යම්කිසි මට්ටමකට ක්‍රියාකරයි... මෙය රටේ ඉදිරි සංවර්ධනයට මහත් සේ රුකුලක් වනු ඇත.

:       12       556

ධනුෂ්ක Monday, 20 November 2017 08:08 AM

හිතන්න එපා මේක අාදර්ශයක් පූර්වාදර්ශයක් කියලා. අගමැති අැතුළු සහචරයින් ලැජ්ජා වෙන්න ඕනෑ මේවට. ලංකාවේ වුණු ලොකුම බැංකු වංචාව. තමන්ගේ විජාතික හිතමිතුරන් රටේ මරමස්ථාන වලට පත් කරලා. ඒ අයගේ වංචාවලට කට උත්තර බඳින්නයි මේ යන්නේ. කෝප් කමිටුවේ අාණ්ඩුව නියෝජනය කරලා තියෙන්නේ හොරාගේ මිතුරෝ. හරියට නඩු අහලා හවසට විනිසුරා විත්තිකාරයට කෝල් කරනවා වගේ වැඩක් එතන වෙලා. අවසානේ හොරු අල්ලන්න අාපු අාණ්ඩුව හොරු එකතුවෙලා අාණ්ඩුව අැල්ලුවා. මේ යන ක්‍රමය තුළින් කවුරු අාවත් මේ රට ගොඩගන්න බෑ කියලා අපිට වඩා මේ පාලකයෝ දන්නවා. එ් නිසා ඔවුන් කරන්නේ රට ගොඩ දැමිල්ල තියලා, බලය ලබාගෙන එ්තුළින් ව්‍යාපාර අාරම්භ කර, මුදල් හම්බකර තම පවුල හා පරම්පරාව ගොඩ දැමීම පමණයි. එක අායතනයක් තියනවාද හොඳයි කියන මට්ටමේ...

:       962       1429

Rohana Monday, 20 November 2017 08:19 AM

අගමැතිතුමනි, ඔබතුමා බැඳුම්කර කොමිසමට මොනවා ප්‍රකාශ කලත් ජනතාව ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු.., ඔබ මහා බැංකුවේ අධිපති ලෙස සිංගප්පුරුවේ පුරවැසියෙක් තෝරාගත්තේ ලංකාවේ සුදුසුකම් කුසලතා ඇති පුරවැසියන් නොමැති නිසාද? පත් කිරීමෙන් පසු ඔහුගේ රාජකාරි කටයුතු ගැන අධීක්ෂණය කලේද? මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවූ පසු ඔබ ඔහුට රැකවරණය සැලසුවා නේද? ඊළඟට මේ ප්‍රශ්නය මතුවූ අවස්ථාවේ ඔබ පාර්ලිමේන්තුවේ නැගිටලා අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා වන පරදි ලොකු ප්‍රකාශයක් කළා නේද? මහ බැංකුවේ බැඳුම්කර වංචාවෙන් සිදුවූ බිලියන 59 පාඩුව අය කරගන්නේ කෙසේද? කොමිසමෙන් බේරුණත් ජනතාවට වන්දි ගෙවන්න සිදුවේවි... !!!

:       80       456

ALAPALU Monday, 20 November 2017 08:31 AM

එජාප ගොබ්බයින්ට මේවා මැජික් කම්බහොරුන් රඟපානවා කියන්නේ මේවට තමයි.

:       1615       1812

Rajah Monday, 20 November 2017 09:13 AM

කම්බහොරු හිටියේ කොයි වකවානුවේද කියලා රටම දන්නවා. මෙහි ලියන සමහර අයගේ මතකයේ ප්‍රශ්නයක් තිබෙන බව පේනවා. කියන්න කොයි නායකයාද මේවගේ කොමිසමකට ගිහින් කට උත්තර දුන්නේ? ගිය ආණ්ඩුවේ අගමැති නෙමේ, ග්‍රාමසේවක කෙනෙක්වත් මේ වගේ යටහත් පහත්ව කටයුතු කලේ නැහැ. ආණ්ඩුවට ඕනෑ විදිහට ඕනදෙයක් කරපු කාලයට තිත තියලා ඉවරයි. මම හිතන විදිහට එ් වෙනසට කැමති නැති කොටසකුත් ඉන්නවා වගේ.

:       1015       760

suranga Monday, 20 November 2017 09:53 AM

කම්බහොරා තමයි ඇවිත් ඉන්නේ.... හොඳට බලාගන්න...

:       362       857

ajmalMonday, 20 November 2017 09:56 AM

වෙනසට කැමති අයත් ඉන්නවද? මේ ආණ්ඩුවේ කොමිස් ගහනවා වත්ද?

:       1       25

LakviduMonday, 20 November 2017 11:49 AM

මහත්තයෝ මේ ලොක්කා කිව්වා නේද වංචාවක් වෙලා නැහැ. මේ සිද්ධියට වගකියනවා කියනවා. ඒක එයා ජනතාවට දුන්නා කටඋත්තරේ. කොමිසම පත්කරන්න වුණේ විපක්ෂේ බලකිරීමට නොකර බැරි කමට මිසක අපි ගැන දුක හිතිලා නෙවේ. බඩු අතේ පත්තු උණාම නොගිහින් බැරිකමට ගියා මිසක තමන්ගේ උවමනාවෙන් සාක්කි දෙන්න කොමිසමට ගියාත් නෙමෙයි.

:       2       404

BamunuarachchiMonday, 20 November 2017 12:15 PM

කම්බා හොරු හිටියාලු ඉතින් අවුරුදු දෙකහමාරක් ගිහිල්ලත් මේවගේ කොමිසම් ඉදිරියට නොගෙනෙන්නේ ඇයි? කම්බාහොරු හිටියත් මේවගේ කච්චි ගණන් ගහපු හොරු හිටියේ නැත. කියවන්නකෝ නිකන් ආසාවට කොමිසමේ කියවුණු සාක්කි ටික... හැබැයි අහන ප්‍රශ්න මෙයා කලින් දන්නවා ඇති දෙන උත්තරත් කොමිසම කලින් දන්නවා ඇති සමහර විට....

:       0       244

niranjan Monday, 20 November 2017 09:26 AM

රටේ තියෙන සියලුම විමර්ශන සොයසොයා ගොස් සාක්කි දියයුතුය. එවිට අගමැතිතුමත්, යහපාලනයත් තව තවත් බැබළෙනු ඇත.

:       1       192

NUWAN Monday, 20 November 2017 09:33 AM

කොහොම හරි කමක් නැහැ... කාව කාව හරි ගෙන්නලා හොරා කාපු සල්ලි ටික අායෙත් ලැබෙන්න සලස්සන්න..! වෙන රටක නම් අගමැතිට චෝදනාව එල්ල වුණු ගමන් ඒ අය අගමැතිකම් අතහරිනවා.. එ්ත් ඉන්නේ අගමැටිලා..!

:       666       1238

Sampath pathirana Monday, 20 November 2017 09:41 AM

මෙයාට කොමිසන් වල උත්තර දීලා හොඳ පුරුද්දක් කොහොමත් තියනවනේ...

:       20       155

jewwa Monday, 20 November 2017 09:43 AM

නිහාල්, පූර්ව අාදර්ශේ වෙන්නේ නඩුවෙන් පැරදිලා හිරේ ගියොත් විතරයි. ඕව බොරු සංදර්ශන, නිහාල් වගේ අයට ඕව මැජික්...

:       314       420

larihu Monday, 20 November 2017 09:51 AM

අලි බබයි, හොරු හතළිහයි වගෙයි.... හා හා හා

:       424       570

sumith Monday, 20 November 2017 10:15 AM

කොහොම කොහොම හරි යහපාලනෙන් අල්ලා ගත්තේ යහපාලනේ හොරු ටිකනේ... කෝ කලින් තිබුණු සහෝදර පාලනේ කාලේ හොර නඩේ කවුරුවත් තාම හරියට අල්ලා ගන්න බැරි වුණානේ, සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්තියක් වත් දන්නේ නැති නීතීඥයින් ඉන්න රටක්නේ කලින් ආණ්ඩුව කාලේ බිහිකලේ... හඳට එක එක දේවල් යවපු පුතාලා, හඳට යන එක එපා වෙලාද කොහේද දැන් සින්දු කියනවනේ...

:       106       13

pradeep Monday, 20 November 2017 10:23 AM

ලෝකේ ලොකුම හොරකම !!! රජයේ නිලාරින් වැඩිම සම්බන්ධකම් තියෙන හොරකම, යහපාලනේ ලොක්කෝ දෙන්නා කිසිම දෙයක් නොදැන හිටිය හොරකම, හිතාමතාම පිටරැටියෙක් පත්කරවාගෙන සිදුකරපු හොරකම, මැති ඇමති හැමෝටම යහමින් ලැබුණු හොරකම, මේ වගේ දේවල් නොදැන ඉන්නද ලොක්කෝ දෙන්නාව පත්කරගත්තේ? මේකද යහපාලනේ? මෙතුමාට කටඋත්තර දෙන්න වුනේ බරපතල චෝදනාවක් නැතුව නොවේනේ... එහෙනම් මෛත්‍රී මහතාවත් කැඳවන්න ඕනෙනේ.... රවී මහතාගේ නම කියපු ගමන් මතක්වෙන්නේ හොර නාමයයි ඉතින් එහෙම එකේ එතුමලා වගේ කට්ටිය මුදල් ඇමතිලා කරනකොට මෙයාලා නිදාගෙන හිටියද? මහින්ද මහතා හොරකම් කරන්න ඇති...., තව මගෝඩි වැඩ කරන්නත් ඇති, නමුත් වසර 32 තිබුණු යුද්ධය නැතිකරපු එක ලොකු පිනක්, එහෙම නොවුණානම් මේ ලෝකේ වෙන කිසිම ජගතෙක් කොටින්ට අත තියන්නේ නැහැ. අපි ඇත්ත ඇති හැටියෙන් කතාකරන්න ඕනේ. අද අපිට කෝ සහනයක්? වතුර, ටෙලිෆෝන් විදුලි හා අනෙක් බිල්වල වැඩිපුරම තියෙන්නේ බදු විතරයි. යලිත් අපේ රටේ තේ, පොල්, රබර් ලැබෙන්නේ නැහැ. ඒක මොන ආණ්ඩුව ආවත් ගොඩගන්න බැහැ. ඕක තමා තිත්ත ඇත්ත. මහින්ද මහතා වැරදි හදාගෙන හොරගෙඩි පන්නලා.., මෝඩ පුත්තු ටික දේශපාලනෙන් අයින්කරලා අායිත් අාවොත් වරදින එකක් නැහැ....

:       8       764

Thilak Monday, 20 November 2017 10:49 AM

හොරුන්ව පත් කරලා හොරුන්ව ආරක්ෂා කරලා එ්කට කට උත්තර දෙන්න එන එක ආඩම්බර වීමට හෝ ආදර්ශයට ගන්න දෙයක් නැහැ... ලැජ්ජා වෙන්න ඕනේ ... අාවේ කොහොම ජාති කියලද ..? එ්කෙන් පහුගිය ආණ්ඩුවේ හොර වැඩ කිසිසේත්ම අනුමතද නොකළ යුතුය..

:       1       58

BamunuarachchiMonday, 20 November 2017 12:25 PM

හලෝ ගිය ආණ්ඩුව ගත්ත ණය ගැන කතා කරනවා. යුද්ධයක් කරන්න ඇමෙරිකානු ඩොලර් බිලියන 400 වියදම් කලේ මහින්ද මහතාගේ අම්මගේ අප්පගේ සල්ලිද? ඒවා ණය වෙලා ගත්ත මුදල්. එ්ත් කියන්න රටේ යුද්ධයක් තිබෙන බව අපි දන්නේ සයිරන් එක ගහගෙන යන ඇම්බියුලන්ස් එකක සද්දේ අැසුනාමයි. යුද්ධ කලාට බදුබර වැඩි වුණාද? තෙල් හිඟ වුණාද? නැහැ අපි අපේ සාමාන්‍ය ජීවිතය ගතකලා එකට දැන්! මේ අය අපේ බදුබර වැඩි කරලා විශ්‍රාම ගිය මන්ත්‍රින්ට මාසෙකට රුපියල් 10000 ක් දීමනාවකුත් හදා ගත්තා.

:       0       169

DE SILVA Monday, 20 November 2017 10:54 AM

හොරුත් එක්කම කොමිසමට ඇවිත් කියනවා හොරුත් එක්කම යහපාලනය ඉදිරියට ගෙනියනවලු... බැංකු හොරකම කියන්නේ යහපාලනයද? දැන් ඇති ඊජිප්තුව වගේ කොළඹ වට කරන්න කලින් ඉල්ලලා අස්වෙන්න.

:       0       105

Hafeel Monday, 20 November 2017 11:02 AM

අවසන් වාර්තාව ජනාධිපතිතුමාට බාර දුන්නෙන් පසුව බලාගන්න පුළුවන් කවුරු කවුරු ඉදිරියේදී අධිකරණයට රස්තියාදු වෙනකම් බලන්න. අද මහින්ද වගේ ඉදිරියේදී රනිල්. ගෞරවය තියාගෙන පක්ෂ නායකත්වය සුදුසු කෙනාට බාර දීල ගියානං, අද මෙහෙම වෙන්නේ නැහැ.

:       0       14

prakaash Monday, 20 November 2017 11:32 AM

මෙයා තමයි සිංගප්පූර් පුරවැසියෙක් මේ තනතුරට පත් කලේ..සැම දෙයක්ම කලේ දැනගෙන, සැලසුම් සහගතව බව හොඳට පැහැදිලියි. වංචාව පෙරදැරිව විදේශ මුදලට මේ රට විනාශ කරන මොහු අද සිටිය යුත්තේ හිරකුඩුවේය. මොවුන්ගේ හෙන්චයියලා යහපාලනයේ හොඳ නිසා තමයි බය නැතුව යන්නේ වගේ මොනවා කීවත් මේ බත් බැලයන්ට මේ රටට වන විනාශය නොපෙනීම අපරාධයකි. මේ වගේ තත්වයක් ලෝකේ වෙන තැනක සිදු වුනිනම් ඔවුන් ඉල්ලා අස් වී හමාරය. මේ රට විනාශ කරන, රටේ මුදල් හොරාකන පින්ගුත්තරයන්ට නියම විය යුත්තේ හිර දඬුවමයි. හොරා කෑ මුදල් වහා අය කර ගත යුතුයි.

:       0       155

gunarathna Monday, 20 November 2017 11:57 AM

පාර්ලිමන්ට් එකේ ඉන්න සේරම එජාප කාරයෝ ටික එක්කගෙන ආවේ කොමිසම බය කරන්න වෙන්න ඇති. කතා කෙරුවානම් මෛත්‍රි ජනාධිපතිවත් එක්කගෙන එන්න තිබුණා. කතා කරන්නේ චන්ඩි වගේ. තනියමනේ යන්න තිබුනේ....

:       2       50

Ramsi Monday, 20 November 2017 11:57 AM

අනේ මට පේන්නේ මෙහෙමයි... ඉහත සියළු දෙනා කියන පරිදි ... මහින්ද මහත්තයා 30 අවුරුදු යුද්ධය ජයග්‍රහණය කර රට බේරා ගත්තා. හොරකම් කරන්නත් ඇති. ඒ හොරු අල්ලනවා කියලා ආපු රනිල් මහත්තයා බේරාගත් රටක් නැත. අල්ලපු හොරෙක්ද නැත. බේරාගත් ඒවත් ආපසු යන පාටයි. ඔහු සහ ඔහුගේ පිරිස මෙතෙක් සිදුවූ ලොකුම හොරකමට සම්බන්ධ වී ඇත. කරුණාකර දෙපැත්ත සසඳා බලන්න.

:       1       101

sunil Gampola Monday, 20 November 2017 12:03 PM

පිංතුරේ ඔක්කොමලා නැමි නැමී බලන්නේ කලිසම නැහැ වගේ පේන නිසාද මන්දා....

:       1       60

PA-RA Monday, 20 November 2017 12:06 PM

බබා, තොත්ත බබාලා ලඟදිම එනවා. පළමු දැක්ම බබා ලන්තයේදී, දාගත්ත අං තට්ටුව පැළඳගෙන නරඹන්න.

:       0       40

dasuni Monday, 20 November 2017 12:36 PM

විදේශිකයෙක්ට තමන්ගේ රටේ මුදල් ටික හොරකන් කරගෙන යන්න ඉඩ දීලා, ඔයාලා වගේ අයව අන්දන්න තමයි ඔතෙන්ට මුණ දාන්න ගියේ. කට්ටිය ගානට ඇන්දිලයි ඉන්නේ. ලැජ්ජයි. අපේ රටට ගොඩ යාමක් නැත.

:       1       78

indunil priyantha Monday, 20 November 2017 01:52 PM

මේක හොර ජාලයක්... එකිනෙක බැඳුණු පොලිසිය අධිකරණය, දේශපාලකයෝ මේවට සම්බන්ධ... මේ හොර ජාලය මැඩලිය යුතුයි.

:       0       46

දයාන් Monday, 20 November 2017 04:15 PM

අනෙක් අය දීර්ඝ ප්‍රශ්න කිරීම් වලට ලක් වුනද අගමැති තුමාට නම් එසේ නැත. පැයකට අඩු කාලයකින් මෙම නාටකය නිම වී ඇත.... සැරදේවා ලක් මවුනි ගරු....!!!

:       0       6

Dr. Edward Perera Germany Monday, 20 November 2017 09:48 PM

හොරෙක් වුනත් ඉන්නේ මැති සබයේ නම් "එතුමා" කියා අමතන්න තරම් ජන මාධ්‍යය සදාචාරයක් තියෙන රටක් මේක. ජනතාවට ගරු කරන්න බැරිනම් අඩු තරමින් ජන මාධ්‍යයට හෝ ගරු කරන්න අපේ රටේ දේශපාලකයින් කිසිදාක ඉගෙන ගත්තේ නැහැ. එදාට වඩා අද විවේචනයට ඉඩක් ලැබී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට දුන් මැතිවරණ පොරොන්දුවක් නිසයි. නිදහස "වල් බූරු" නිදහසක් කරගත් ආණ්ඩුවේම ඇතැමුන් ප්‍රබල ජන මාධ්‍යය ඉදිරියේ පවා නිරුවත ප්‍රදර්ශනය කරන්න ඉදිරිපත් වීම "පුර්වා දර්ශයන්" ලෙස හුවා දක්වන්න උත්සාහ කරන්නේ තම පක්ෂයේම ඇට්ටම්බියන් මය. වර්තමාන ශ්‍රී ලංකා දේශපාලන සන්දර්භයේ ලොකුම ඛේදවාචකය හොරුන්ටත් ගරු සරු දැක්වීමයි. "බලන් කඩතුරා හැර දෑසේ".

:       0       4

assangaa Tuesday, 21 November 2017 08:53 AM

රනිල් හොරකම් කරන මිනිහෙක් නොවන බව මුළු ලෝකයම දන්නවා. ජනාධිපති ඔය කොමිසම පත්කලානම් 2010 සිටම කරපු බැඳුම්කර ගනදෙනු පිළිබඳව සොයන්න. බලාගන්න තිබුණ රටේ සිදුවෙලා තිබුනේ කුමක්ද කියලා.

:       1       7

manju Wednesday, 22 November 2017 05:17 PM

ඔබට සදා ජය....!!!

:       0       0

nihal Thursday, 23 November 2017 07:27 PM

අජිත් කතා කරන්නේ මොන පිරිසිදු කමක් ගැනද ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 239 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1603 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1317 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 754 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1860 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 92 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1547 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site