(ක්‍රිෂාන් ජිවක ජයරක්, සුජීව සමරක්කොඩි සහ එන්.කේ.ඉන්ද්‍රවංශ)
අකුරැස්ස කියාඩුව මහ වංගුවේ දී ලංගම බසයක් හා පෞද්ගලික බසයක් අද (19) මුහුණට මුහුණලා ගැටීමෙන් මගීන් 52 දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි.
තුවාල ලැබුවන් අතර පිරිමි පුද්ගලයින් විසි එක් දෙනෙකු හා කාන්තාවන් තිස් එක් දෙනෙකු සිටින බව පොලිස් නිලධාරියකු පැවසීය.
ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර සදහා අකුරැස්ස රජයේ රෝහල වෙත ඇතුළත් කළ බවත් බරපතල තත්වයේ පසු වන හය දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත මාරු කර එවන ලදි.
වැලිගම සිට හොරගොඩ හරහා අකුරැස්ස බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බසයක් හා අකුරැස්ස සිට කොලඹ බලා ධාවනය වෙමින් තිබු ලංගම බසයක් මෙම අනතුරට ලක්ව තිබුණි.
තුවාලකරුවන් අතර කුඩා දරුවන් කිහිප දෙනෙකු ද සිටි බව පොලීසිය සදහන් කරයි.
(ඡායාරූප - අයි.කේ.ඉන්ද්‍රවංශ)
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අකුරැස්ස මහවංගුවේ බස් ගැටුමෙන් 52 ක් රෝහලේ