(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවේ දී මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේ සැඟවී සිටි කාලයේ දී රුපියල් කෝටි 15 ක වටිනාකම කමක් ඇති ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව සිදුකළ විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
2019 වසර තුළදී පමණක් පර්චස් 309 ක ප්‍රමාණයකින් යුත් ඉඩම් 12 ක් එලෙස අත්පත් කරගෙන තිබුණේ වැල්ලම්පිටිය , අංගොඩ හා ගොතටුව පොලිස් වසම් වල පිහිටි ඉඩම් බව පොලිසිය කියයි.
එලෙස බලහත්කාරයෙන් තර්ජනාත්මකව ලබාගත් එම ඉඩම් වල හිමිකරුවන් සිව් දෙනෙකුගෙන්
පමණක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.
මුල්ලේරියාව පොලිසිය මගින් හොරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් "සිම්බු සමන්ත" නැමැත්තා අංගොඩ ලොක්කාගේ ඉඩම් නිලධාරියා ලෙස කටයුතු කළ පුද්ගලයා බවට හඳුනාගැනීමෙන් අනතුරුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතාට ලබාදුන් උපදෙස් මත රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමේදී මේ ඉඩම් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අංගොඩ ලොක්කා කෝටි 15 ක ඉඩම් අල්ලාගෙන
Prabha Monday, 14 September 2020 06:39 PM
පැමිණිලි කරලා තියෙද්දීත් පොලිසිය පොල් ගෑවාද?
බද්රානි Monday, 14 September 2020 08:25 PM
අපේ ඇත්තෝ ඡන්දෙ දාපු අය එක්ක බලද්දී, මේ මොන තුට්ටු දෙකේ ඉඩම් වංචාවක්ද? පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා තබා, අඩු තරමේ ඡන්දෙ ඉල්ලන්න වත් මේ තක්කඩිකම ප්‍රමාණවත්ද? දරවනේ, තැනකට එන්න ඕනෑ නම් මේ වගේ තව සිය ගුණයක්වත් හොරකම් කරන්න ඕනෑ.. නැත්නම්, ඉතින් නිකරුනේ ඔය වගේ ඉරණමකට තමයි මුහුණ දෙන්න වෙන්නේ.. මේක තක්කඩින්ගේ මාතෘභූමියයි. පාලකයින්ට මුට්ටි අල්ලා, ගේමක් ගසා මිස මේ රට තුළ ජීවත්වීමට වෙන නම්, විකල්පයක් නැත.
මුනසිංහ Tuesday, 15 September 2020 02:10 AM
යහපාලනය අන්ධයන් ලෙස හැසිරුණා. එයාලාට වැහි නැති හෙණ වදින්න ඕන රටට කළ විනාශයට. නව පාලනයෙන් අප බලාපොරොත්තු වන්නේ පළමුව බඩ ගෝස්තරය රැකගැනීම නොව පාතාලයන් සහ කුඩු මර්ධනයයි. එය නැති වූ විගස රට ඉබේම සෞභාග්‍යයට යොමු වේවි...!!!
sharm warn Tuesday, 15 September 2020 03:23 AM
අංගොඩ ලොක්කා විතරක්ද.? තව ලොක්කෝ කී දෙනෙක් ඔය කෙරුවාව කලාද.?
Bamunuarachchi Wednesday, 16 September 2020 03:11 AM
බලෙන් අල්ලාගෙන අදාළ අයිතිකරුවන්ට බාර දීමට කටයුතු කලොත් හොඳයි නේද.?