ඩයනා උදයංගනී
රටේ ආර්ථීකය සංවර්ධනය කිරීමේ අවංක උවමනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇති නමුත් අගමැතිවරයා සහ මුදල් අමාත්‍යවරයා එයට ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.
මෙරටින් බිහිවූ ප්‍රවීණ ආර්ථීක විශෙෂඥයෙකු වන ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ද ගෙන්වා ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථීක කවුන්සිලයට මුදල් අමාත්‍යාංශය කිසිම සහයෝගයක් ලබානොදෙන බව එස්.බී දිසානායක මහතා සඳහන් කළේය.
එස්.බී දිසානායක මහතා මේ බව පැවසුවේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම පුංචි බොරැල්ල, නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
රටේ ආර්ථීක දියුණුව වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ ආර්ථීක කළමනාකරණ කමිටුව අහෝසි කර ආර්ථීක කවුන්සිලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවූයේ දිගින් දිගටම රටේ ආර්ථීකට පිරිහීම හේතුවෙන් බව ද දිසානායක මහතා කීවේය.
ආර්ථීක කළමනාකරණ කමිටුව යටතේ ආර්ථීකය දිගින් දිගටම කඩාවැටීම හේතුවෙන් ජනාධිපතිවරයා එය අහෝසි කළ යුතු බව කී මන්ත්‍රීවරයා ඉන්පසු ආරම්භ කළ ආර්ථීක කවුන්සිලය යටතේ ලලිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථීක කළමනාකරණ වැඩපිළිවෙලක් සකස් කළ බව ද ප්‍රකාශ කළේය.
එම වැඩපිළිවෙල අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් හමුවේ ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ එය කියවා ඇති නිසා කාලය නාස්ති කළ නොහැකි බව කියමින් අග්‍රාමාත්‍යවරයා හා මුදල් ඇමතිවරයා එතැනින් බැහැරව ගිය බව ද සඳහන් කළේය.
මහාචාර්ය ලලිත් මහතාට තවමත් මුදල් අමාත්‍යාංශයෙන් සහයෝගයක් හිමිනොවන බව කී එස්.බී දිසානායක මහතා දිගින් දිගටම කෙනෙහිලිකම් කරන බව ද කීවේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජනපතිගේ වැඩපිළිවෙළට අගමැතිගෙන් මුදල් ඇමතිගෙන් බාධා - එස්බී
සතයපාල Thursday, 12 July 2018 01:26 PM
ඇත්තටම !
gamage Thursday, 12 July 2018 04:31 PM
රටේ මිනිස්සු කියන දේ හරි නේ දැන්වත් තේරුම් ගන්නවා නම් තමයි හොඳ
pj Thursday, 12 July 2018 11:09 PM
ඒ මහාචාර්යවරයාගේ වැටුප හෝ දීමනාව දේශීය විශ්ව විද්‍යාල මහාචාර්යවරයකුගේ වැටුප මෙන් කී ගුණයක්ද?
Susanthika Friday, 13 July 2018 12:42 AM
අත්තෙන් අත්තකට පනින ගස් ගෙම්බන්ගේ කතා අසමු....
Lalith Friday, 13 July 2018 03:36 AM
එහෙම කියන්න එපා ඇමතිතුමා. අගමැතිතුමා තවම ප්ලැන් කරනවා. පසුගිය දවස්වල එක හෝටලේක කිරිහරක් ප්ලෑන් කල. තව හෝටලේක අපනයනේ ප්ලෑන්කළ. මේ ලඟදි ත්‍රිකුණාමලේ ගුවන්තොටුපොළක් ප්ලෑන් කළා . කලින් බ්‍රේස්ලට් ටැබ්ලේට් එහෙමත් න් කළා තව අවුරුදු තිහකින් බලන්නකෝ?
kalani Friday, 13 July 2018 03:39 AM
හැබැයි, ඔබතුමාටත් තේරුමක් නැති ගානයි. එකාබද්ධයට තව කොපමණ දුරද?
Shan Friday, 13 July 2018 06:15 AM
අපි නොදන්න ජනාධිපති ගේ වැඩ පිළිවෙලවල්.
Shan Friday, 13 July 2018 06:17 AM
අපි නොදන්න ජනපති ගේ වැඩ පිළිවෙලවල්. මේ කතා හොඳයි මේවා කියන උන්ටම.
sam Friday, 13 July 2018 07:39 AM
අගමැතිගේ වැඩපිළිවෙලට ජනපති බාධා කරන කොට ජනපතිගේ වැඩවලට අගමැති බාධා කරනවා . ඒ මදිවාට කිසිම මහජන නියෝජනයක් නැති ඔබතුමා වාගේ දේශපාලන අනාථයෝ පඬි ටෝක් දානවා .
ආනන්ද Friday, 13 July 2018 09:00 AM
මෙරට ඇමති මණ්ඩලයේ අදාළ විෂයයන් සඳහා ඇමතිවරුන් පත් කර ඇත. ඔවුන්ට එම කාර්යයන් කර ගැනීමට ඉඩ දෙන්නේ නම් මැනවි. නැත්නම් අර සිංහල අවුරුදු කාලෙට දැක පුරුදු කඹ ඇදිල්ල ?
KANDEPOLA Friday, 13 July 2018 09:34 AM
රටේ ආර්ථිකය ගොඩනගන්න අගමැතිට වුවමනාවක් තියෙනවනම්, මහා බැංකුව මංකොල්ල කන්න මහා දවල් කුමන්ත්‍රණය කරයිද...?