(ඉන්දිකා රාමනායක)
වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට රත්නපුර ගල්ඇන්ද ප්‍රදේශයේ විහාරස්ථානයට ගොස් සිටිය දී එහි සිටි හිමිනමකගේ ප්‍රහාරයට ලක්ව ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් චන්ද්‍ර ජයලාල් සමරවික්‍රම මහතා උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
රාජකාරිය ඉටුකිරීමට යාමේදී ඝාතනයට ලක් වීම සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා මෙම උසස්වීම් සිදුකර ඇත.
පොලිස් සැරයන් සමරවික්‍රම මහතා ඊයේ පෙරවරුවේ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට ගල්ඇන්ද විහාරස්ථානයට ගොස් සිටියදී සැකකාර හිමිනම එයට විරෝධය දක්වා පොලිස් සැරයන්වරයාට පහර දී ගෙල මිරිකා ඝාතනය කර තිබුණි.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඝාතනයට වූ පොලිස් සැරයන් උප පොලිස් පරීක්ෂක නිලයට
rasika Wednesday, 11 July 2018 10:14 PM
දැන් මේකට ආගම ඇදගන්න දෙයක් නැ. වරදක් කරලා තියෙනවනම් දඩුවම් දෙන්න. කොයි ආගමත් අදහන්නේ මෙ රටේ සමාජයේ ඉන්න මිනිස්සු. ඒවායේ පූජකයෝ වෙන්නෙත් ඒ අය. හැම ආගමකම එහෙමයි. එහෙම කියලා ආගම වෙනස් වෙන්නේ නැ හැබැයි ආගමේ ඉගැන්වීම් වලට සම්පූර්ණ විරුද්දව වැඩ කරලා තියෙන නිසා මේක ආගමට සම්බන්ද කරන්නෙපා. මොකද බුදු දහමේ කිසිම තැනක ආහාරය සදහාවත් අඩුම තරමේ සතෙක්වත් මරන්න එපා කියලා තියෙන්නේ. ඉතින් මේ චීවරධාරියගේ වැඩේට, මුළු බෞද්ධයන්ටම පහර ගහන්න බලාගෙන ඇති කට්ටිය.
Samathasena A . Aluthgama Thursday, 12 July 2018 02:00 AM
අනේ දෙවි හාමුදුරුවනේ ගෞතම බුද්ධ ශාසනයට ගිය කල. වගකිවයුත්තෝ නිහඬය. අන්ධය. වැඩකට නැති දේ කියමින්, අවශ්‍ය දේ මගහරිමින් සුඛෝපභෝගී ජීවිත ගත කරති. පරාර්ථය හා දහම පසෙකලා ආත්මාර්ථය පිණිසම කටයුතු කරති. මේ සියලු ව්‍යසනයන්ට හේතුව එයයි."මතු මෛත්‍රී මහා බෝසතාණන් වහන්ස, දුසිල්වතුන් පන්නා ශ්‍රී සද්ධර්මය රැකදෙනු මැනවි"
naushi Thursday, 12 July 2018 02:54 AM
මෛත්‍රිය කරුණාව දක්වන තැන මිනීමැරුම් කරන්ඩ තරම් අපේ සමාජය පිරිහිලා
maalaka Thursday, 12 July 2018 03:01 AM
මේ දේ අන්‍යාගමික පුජකවරයෙක් අතින් උනානම්...........
ratne Thursday, 12 July 2018 03:46 AM
ඝාතනය පොලිස් නිලධාරියගේ සහ පවුලේ අයගේ ඇති නඩු / පෙර වැරදි / .... ආදී කියමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ මරණය සාධාරණ බවට ප්‍රකාශ කරන්නේ නැද්ද?
nihal Thursday, 12 July 2018 04:36 AM
වසර පන්දහසකට පෙර බුදුන් වහන්සේ දේශනා කල ශාසනයේ පිරිහීම හරියටම හරි.
kalani Thursday, 12 July 2018 04:44 AM
රන්වන් පාටින් දළුලන බෝධියක් සෙවනේ මෙවැනි අපරාධ සිදුවීමෙන් පෙනී යන්නේ අප කෙතරම් පහත් තත්වයකට පත්වී ඇත්ද යන්නයි.
Ravi Dubai Thursday, 12 July 2018 05:24 AM
මාලක ඔබ කියන්න ඕනෑම දේ කිව්වා.
Chandani Thursday, 12 July 2018 05:44 AM
මම පුද්ගලිකව මේ පොලිස් නිලධාරියාව දන්නවා. හරිම අහිංසක කාටවත් වැරද්දක් නැති පාඩුවේ හිටිය හොඳ මනුස්සයෙක්.
Chandani Thursday, 12 July 2018 05:46 AM
නිවන් සැප ලැබේවා
Nuwan Thursday, 12 July 2018 05:59 AM
අපි සමාජයක් විදියට පිරිහිලා. මෙතන ආගමික ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. ආගම කියන හැටියට හිටියනම් මෙහෙම වෙන්නේ නෑ
Suneth Thursday, 12 July 2018 06:07 AM
සමස්ථ සමාජයේම ධර්මය පිරිහී ගොසින්. එයට හොඳම උදාහරණයක් මේ සිදුවීම.
Asiri Thursday, 12 July 2018 06:12 AM
අහෝ බුදු හාමුදුරුවනේ මේ ඔබගේ උතුම් මෛත්‍රී කරුණා දහම උදේ හවා දෙසනා දේශයයි
Buddika Thursday, 12 July 2018 07:06 AM
නිවන් සුව ලැබේවා. ඉතාම කණගාටුදායක දෙයක්.
Raveendra Thursday, 12 July 2018 07:37 AM
ඔබ තම රාජකාරිය කරමින් සිටිනවිටදී මෙසේ අවාසනාවන්තව ජිවිතෙන් හැරයාමට සිදුවීම පිලිබදව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. ඔබට නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමු!!!!
banda Thursday, 12 July 2018 09:50 AM
රට පුරා පන්සල් වල තත්ත්වය මේකයි ..බුද්දාගමේ අවසානය අත ලගයි ...
rocky Thursday, 12 July 2018 10:39 AM
ආසිරි මහත්තයෝ, බුදුහාමුදුරුවන්ට අද පහළ වෙන්න පුළුවන් නම් උන් වහන්සේත් වෙනත් ආගමකට යාවි. පොලිස් මහත්තයට උසස් වීමක් දුන්නානත් ඔහුව සාර්ථක ලෙස දමනය කල `බුද්ධපුත්‍රයන් වහන්සේටත්` නායක කමක් දුන්නොත් නරකද?
Hafeel Thursday, 12 July 2018 10:58 AM
රටේ අපරාධ පිරිහිලා. අද මිනිහක් මරන්නෙක ඉතා සුළු සිද්ධියක් බවට පත්වෙලා. වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්නවා විවිධ චෝදනාවල්ට ලක්වූ පිරිසක්. ඔවුන්ට තාම දඩුවම් නැහැ. රටේ අපරාධ පාලනය කරනවා නං, මුලින්ම කල යුත්තේ නීති හදන දියවන්නාවෙන් දඬුවම් පටන් ගත යුතුයි. මේ ආණ්ඩුව කල ලොකුම වරද්ද, එදා විමල් වීරවංශව අගමැති පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධයේ ආරක්ෂා කළා. එදාම මට තේරුණා මේ ආණ්ඩුව හොරුන් අල්ලන්නත් නැහැ, අපරාධ පාලන කරන්නත් නැහැ, දඩුවම් දෙන්නත් නැති බව.