IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අක්කර 2000ක් වවන්න අක්කර 19,000ක් කපන්න යයි

තරිඳු ජයවර්ධන
 
යෝජිත පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය හේතුවන් විල්පත්තු ජාතික වනෝද්‍යානය අවට අක්කර 19,000ක වනාන්තර විනාශයට පත් වන බව පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.

 
අක්කර 2000කට ජලය සැපයීම වෙනුවෙන් අක්කර 19,000ක් විනාශ කිරීමෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ල වන බව ද කාරියවසම් මහතා කීවේය.
 
ඒ මහතා මේ බව පැවසුවේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී   පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී අදහස් දැක්වූ ආචාර්ය කාරියවසම් මහතා මෙසේ ද කීවේය. 
 
‘‘විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පසුගිය කාලයේ අක්කර 3000ක් පමණ විනාශ කළා. ඊටත් වඩා ලොකු විනාශයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මල්වතු ඔය කප්පච්චි කියන ප්‍රදේශයෙන් හරස් කරලා පහළ මල්වතුඔය ජලාශය ඉදි කරන්න පාරිසරික තක්සේරු වාර්තාම මේ වන විට මධ්‍යම පරිසර අධිකාරිය වෙත එවා තිබෙනවා. මේ පරිසර තක්සේරු වාර්තාව කරන්න කලින් ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරලයි තිබුණේ. ජාතික පාරිසරික පනතට අනුව නීති විරෝධී ක්‍රියාවලියක්.   ජලාශයට සහ නැවත පදිංචිකිරීම් සඳහා කැපෙන කැළෑ ප්‍රමාණය අක්කර 19000ක්. මෙය මහවැලි යෝජනාවක් ලෙසයි ආරම්භ වුණේ. නමුත් යුද්ධයත් සමඟ මෙය නැවතී තිබුණා. යුද්ධෙයෙන් පස්සේ නැවත චීන සමාගමකට දෙන්න යෝජනා වෙලා තිබුණා. රුපියල් බිලියන 13ක අයෝජනයකින් මේ විනාශය කරන්නයි හදන්නේ.
 
මේ ව්‍යාපෘතිය නිසා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරන කලාපයට දැඩි බලපෑමක් එල්ල වෙනවා. දෙවැනි එක තමයි මෙම වැවෙන් අක්කර 2000ක වානිජ බෝග වගා කරන්න ජලය දෙන්නයි හදන්නේ.   යෝද වැවෙන්, මාන්නක්කට්ටිය, මහළ මල්වතු ඔය , කුඩා වැව් වලින් සහ එල්ලංගා පද්ධතියෙන් ඒ ප්‍රදේශවල කුඹුරු වගා කරන්න අවශ්‍ය ජලය ලැබෙනවා.  ජලශය නිර්මාණය කරලා අක්කර 2000කට ජලය දෙන්න අක්කර 19000ක් විනාශ කරන්නයි හදන්නේ. මෙය ලංකාවේ සිද්ධ වෙන දැවැන්තම පරිසර විනාශයක්. ඒ වගේම ලංකා ඉතිහාසයේ ක්‍රියාත්මක වෙන වැදගැම්මකට නැති ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය නිසා ප්‍රදේශයේ ජෛව විවිධත්වයටත් විශාල බලපෑමක් එල්ල වෙනවා. මීට ඉහත කළ පරීක්ෂණවලදී මේ ප්‍රදේශයෙන් ක්ෂරපායී විශේෂ 41ක් වගේ සොයාගෙන තිබෙනවා. පකෂි විශේෂ 29ක්, මැඩියන් හා ගෙම්බන් විශේෂ 17ක්, කුරුලු විශේෂ 119ක් විතර සොයාගෙන තිබෙනවා. 

විල්පත්තුව දෙසට ගලන පිටාර ජලය රඳවා ගන්නයි ව්‍යාපෘතිය කරන්නේ කියලා  කියනවා. හැබැයි පිටාර ජලයෙන් තමයි විලපත්තු ජාතික වනෝද්‍යානයේ සත්තුන්ට හා ශාඛ වලට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරයක් නිර්මාණය වෙලා තියෙන්නේ. විල්පත්තුව කියන්නේ විල්ලුවලින් හැදුණු ප්‍රදේශයක්. විල්ලු පිරෙන්නේ මල්වතු ඔයේ පිටාර ජලය ගැලුවාම. මේ පිටාර වතුර හරස් කරලා බැම්මක් බැන්දම වෙන්නේ ආපහු විල්පත්තුව ඇතුළට වතුර පිටාර ගලන්නේ නෑ. එයින් ජෛව විවිධත්වට විශාල හානියක් වෙනවා.
 
ඊළග කාරණය මේ ප්‍රදේශයේ තිබෙනවා පැරණි එල්ලංගා පද්ධතියක්. එල්ලංගා පද්ධතිය කියන්නේ පුරාණ වැව් පද්ධතියත් එක්ක එන විශ්මිත නිර්මාණයක්. එල්ලංගා පද්ධතිය පහුගිය කාලේ ලෝක උරුමයක් බවටත් පත් කළා. සර් එමර්සන්ට් වගේ එක් දහස් අටසිය ගණන් වල බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ අධ්‍යයන වාර්තා බැලුවාම එල්ලංගා පද්ධතියේ විශේෂත්වය ගැන දැනගන්න පුලුවන්. අක්කර 19,000ක් විනාශ කරලා අක්කර 2000කට වතුර දෙන්න රජයට තියෙන අයිතිය මොකක්ද? චීනයෙන් ණය අරගෙන රටේ වන සම්පත විනාශ කරන්න දෙන්න බෑ.‘‘ යැයි ද කාරියවසම් මහතා කීවේය.
 
එහි දී අදහස් දැක්වූ පරිසරවේදී වෑකඳවල රාහුල හිමියෝ මෙසේ ද කීහ.
 
‘‘විල්පත්තු වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය විනාශ වෙන්න පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය දැඩි බලපෑමක් කරනවා. විල්පත්තු ජාතික වනෝද්‍යානය ජලවිද්‍යාත්මකව හා ජෛව විවිධත්වය අයිත් අපට වැදගත් වෙනවා. මේ ව්‍යාපෘතියට අක්කර 19000ක කැලෑව විනාශ කිරීම බරපතල කාරණාවක්. මේ වනසා දමන්නේ අපේ ප්‍රාග්ධනයයි.     පුද්ගලවාදීව හෝ ජාතිවාදීව මේ ප්‍රශ්න දෙස බැලිය යුතු නැහැ. ඊට එහා ගිය පුලුල් දැක්මකින් බැලිය යුතුයි. මීට කලින් විල්පත්තුව සම්බන්ධ ප්‍රශ්නයේ ජාතිවාදී මුහුණුවරක් තිබ්බා. ඒ ප්‍රශ්නය ගැන කතා කළ අය  මේ ප්‍රශ්නය ගැන   කතා කරන්නේ නෑ. මේ වනසා දමමින් තිබෙන්නේ අපේ උරුමයයි. ‘‘ යැයි ද රාහුල හිමියෝ කීහ.
 
පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ලේකම් ශානිකා පතිරණ මෙනවිය සහ නීතීඥ තුෂාර දස්කොන් මහතා ද එහිදී අදහස් දැක්වූහ.



අදහස් (14)

අක්කර 2000ක් වවන්න අක්කර 19,000ක් කපන්න යයි

Raveendra Thursday, 12 July 2018 02:54 PM

"අක්කර 2000කට ජලය සැපයීම වෙනුවෙන් අක්කර 19,000ක් විනාශ කිරීමෙන්" යන මෙම වාක්‍ය කියවීමෙන් අපහට ඇති වුනේ අපගේ මාතෘ භුමිය පිලිබදව ඉතාමත්ම අහිංසක මෙන්ම අවංක කණගාටුවකි. අප අර චාර්ය මේ චාර්ය ,මහාචාර්ය, ගණිතාචාර්ය පට්ටම් ලැබුවෝ නොවන්නෝය. නමුත් අප සාමාන්‍ය දිවිපෙවෙතක් ගතකරන අපගේ මාතෘ භූමියට අවංකවම ආදරය කරන පුරවැසියන් හැටියට ඉහත සදහන් වාක්‍යයේ අදහස රටේ ස්වභාව සෞන්දර්ය විනාශ වෙනවා හැර වෙනත් කිසිවක් අපගේ අනාගත පරපුරට නොලැබෙන බවය.

:       1       280

Bamunuarachchi Thursday, 12 July 2018 04:38 PM

මේකට තමයි සිංහලෙන් කියන්නේ අටුව කඩලා පුටුව හදනවා කියලා

:       1       74

kalani Friday, 13 July 2018 02:13 AM

ඉන්දියන් සාගරයේ මුතු ඇටය, පෙරදිග ධාන්‍යාගාරය ආසියාවේ දුපත් කාන්තාරය වන තෙක් වනාන්තරය සුද්ද කරන්න

:       0       0

ranga Friday, 13 July 2018 03:14 AM

අපේ අය කලොත් කරන්නේ මේවගේ ලෝක වාර්තා තියන වැඩනේ.

:       0       0

තුසිත ද මැල් Friday, 13 July 2018 05:24 AM

8 වත් පාස් නැති රැලක් පාලනය කරන රටක මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නට බැහැ..

:       0       2

රාජේශ් ඛන්නා Friday, 13 July 2018 07:03 AM

මෙය අටුව කැඩීමක් හෝ පුටු සැදීමක් නොවේ. මෙම යෝජිත ජලාශයේ ධාරිතාවය ඝණ මීටර් මිලියණ 209 කි. වේල්ළෙහි දිග මීටර් 3590කි. දිය වර කීපයකි. රේඩියල් ගේට් සහිත ස්පිල්වේ ,වම ඉවුර දියවර , දකුණු ඉවුර දියවර , ගඟ දියවර , වාර්ෂිකව ගෙගා වොට් 4.28 ක බලය සපයන විදුලි බලාගාරය සහ නව පදිංචි කිරීමේ ප්‍රදේශය සඳහා වූ ඇළ මාර්ග වලින් පානිය ජල සැපයුමකින් යුත් කාලීන ව්‍යාපෘතියකි. ගඟ දියවරින් ක්‍රමාණුකූල පාලනයකින් මල්වතු ඔයාට නැවත නිකුත්වන ජලයෙන් කිලෝමීටර් 24 ක් පහළින් ඇති ටෙක්කම් ඇනිකට් හි දකුණු හා වම ඉවුරු ඇළවල් හරහා යෝධ වැව ආශ්‍රිතව අක්කර 24450 ක සහ අකිටමුරුප්පු වැව ආශ්‍රිත අක්කර 6230 ක ඉඩම්වල ජල සැපයුම වඩා ක්‍රමවත්ව ශක්තිමත් කෙරේ. යෝජිත වේල්ලට පහළින් දකුණු සහ වම දියවර ආශ්‍රිතව අලුතින් සංවර්ධණය වන අක්කර 2000 න් 675 ක් වී වගාව සදහාද ඉතිරිය වාණිජමය ගොවිපොළවල් සඳහා ද වේ. නව පදිංචි කරුවන් සඳහා පානීය ජල ව්‍යාපෘතියේ සැපයුම වාර්ෂිකව ඝන මීටර් මිලියණ 2 කි. දියුණු වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටකට ගැලපෙන පරිසර වේදයකින් පටන් ගෙන ඉදිරියට යාමට අපට හැකි විය යුතුය.

:       0       9

RaveendraFriday, 13 July 2018 11:43 AM

රාජේශ් ඛන්නා මයා වෙත, ඔබගේ අදහස් කියවීමේදී විශේෂයෙන් දත්තයන් සැසදීමේදී ඔබ මේ පිලිබදව යම්කිසි අධ්‍යනයක් කර ඇතිබවක් පෙනෙන්නට තිබේ. අපගේ රටේ මහජනතාව වෙනුවෙන් මොනයම්ම හෝ හොද දෙයක් සිදුවන්නේනම් අප සැමවිටම ඒවා අගය කරන්නෙමු. අවංකවම කිසිදු පාටකට ගැති නොවී මිට පෙර කරන ලද මහා පරිමානයේ සංවර්ධන වැඩසටහන් දෙස බැලීමේදී ඒවායෙන් රටට විශේෂයෙන්ම මිලකළ නොහැකි පරිසර හානියක් සිදුවුවා හැර එහා සමගාමිව පරිසරයට ලැබුණු දෙයක් නොමැතිබව නොරහසකි. එවන් අත්දැකීම් සෑම සංවර්ධනයකින්ම බහුලව ලැබුණු අවදියක මෙම ව්‍යාපෘතියත් එවන් පාරිසරික හානියකට දායකවන්නේ යන ස්වබාවික සැකය ඕනෑම පුරවැසියකුට ඇතිවීම වැලැක්විය හැකිද ????

:       0       1

රාජේශ් ඛන්නා Friday, 13 July 2018 11:57 PM

පිරිසුදු ඇසකින් ප්‍රශ්න දිහා බලා හැදෑරීමකින් පසු අදහස් පළ කිරීමට රට වෙනුවෙන් පුරුදු විය යුතුය. අන්තවාදී අදහස් පළකිරීමෙන් පිඩිත බහුතරය නොමග යැවීම කළ හැකි වන්නේ අවස්ථාවාදීන්ට හා නරුමයන්ට ය. සැකය ජීවිතය පසුපසට ගමන් කරවන අතර සුසංවේදිව අභියෝගවලට මුහුණ දී ඉපදෙන්නට සිටින අනාගත පරපුර වෙනුවෙන් රට ඉදිරියට ගෙන යාමට හැකි අයුරින් කළ යුතු දෑපමණක් ම කිරීම තම මවට මෙන්ම මවු බිමට කරන උපහාරයකි. තියුණු පාරිසරික සිද්ධාන්තයන්ට ම පමණක් වහල් නොවී දියුණු වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටකට ගැලපෙන පරිසර වේදයකින් පටන් ගෙන ඉදිරියට යාමට අපට හැකි විය යුතුය. පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වුයේ......

:       0       0

සමීරSaturday, 14 July 2018 11:32 AM

කරපු මහා පරිමාණයේ ව්‍යාපෘති... සේනානායක සමුද්‍රය, ගල් ඔය ව්‍යාපෘතිය, මහවැලි ව්‍යාපාරය, උඩවලව ජලාශය, ඉගිනිමිටිය ජලාශය... ඔව්වා එකකින් වත් වැඩක් වෙලා නැත්තන් බත් වෙනුවට කෑවේ අලද? ෆේස් බුක් එන්නේ බයිසිකලේ ඩයිනමෝව අතින් කරකවලා බැට්‍රි චාජ් කරගෙනද?

:       0       0

BamunuarachchiFriday, 13 July 2018 11:52 PM

ඛන්නා මහතා ඔබේ කතාව කෙටිකර ගතහොත් අලුතින් වගා කරන ප්‍රමාණය අක්කර 2000 යි. මේ තව අක්කර 19000 කැලය කපන්නේ මේ අලුත් වගාවට වතුර දීම සඳහා නේද. මේ අලුතින් වගා කරන්නට යන අක්කර 2000 අත්හැර දැමුව හොත් මේ කැලැ අක්කර 19000 කැපෙනවාද?

:       0       0

රාජේශ් ඛන්නා Sunday, 15 July 2018 12:46 PM

ගැඹුරින් අඩු නිසාවෙන් මෙම යෝජිත ජලාශයෙන් යටවන ඉඩම් ප්‍රමාණය දල වශයෙන් අක්කර 17300ක් පමණ වේ. යෝධ වැවෙහි අක්කර 11243 කි. ඕනෑම ජලාශයක් සැලසුම් කිරීමේදී ජලයෙන් යටවන උපරිම ජල මට්ටමටත් මඳක් ඉහළට සියලු ගස්වැල් ආදී සියල්ලම ඉවත් කිරීමට තීරණය වේ. එම නියම ඉඩම් ප්‍රමාණය මිනින්දෝරු නිලධාරීන් විසින් පොළොවෙහි ලකුණු කර අවසාන යටවන අක්කර ප්‍රමාණය නිල වශයෙන් වාර්තා කරනු ලැබේ. එවැනි නිලධාරියකු සම්බන්ධ කර ගැනීමක් මගින් ඔබට අවශ්‍ය යටවන ඉඩම් ප්‍රමාණය හා කපා ඉවත් කළ යුතු කැලෑ හෝ ගස් ප්‍රමාණයක් වෙතොත් එයද දැන ගැනීමට හැකිවනු ඇත. කෙසේවෙතත් මෙය අටුව කැඩීමක් හෝ පුටු සැදීමක් නොවේ.

:       0       0

BamunuarachchiSunday, 15 July 2018 05:16 PM

ඛන්නා මහතා මෙම ලිපියේ මෙම ව්‍යාපෘතියේ යෝධ ඇලේ බැම්ම උස්ස්නවාද ස්පිල් මට්ටම ඉස්සෙනවාද කියා සටහන්ව නොමැත. ස්පිල් මට්ටම නැතිනම් වාන් මට්ටම ඉස්සෙනවානම් අනිවාර්යෙන්ම ෆුල් සප්ලයි ලෙවල් එක පෙන්වන සමෝච්ච රේකාව ඇතට යනවා ඇත. ලිපියේ වැදගත් සථානය හිමිවන්නේ කැලැව කැපීම ගැන මිසක් කෙරෙන ව්‍යාපෘතිය ගැන සඳහනක් නොමතිනිසා වෙන්නේ මොකක්ද කියා තේරුම් ගැනීම අපහසුය.

:       0       0

thula k Friday, 13 July 2018 07:48 AM

අයේ දෙකක් නැහැ මේ රට ඉතියෝපියාවක් කරලා තමය් රටේ ඉන්න පලකයෝය් නිලදාරියෝය් නවතින්නේ.

:       0       0

rasika Friday, 13 July 2018 12:11 PM

හොඳ වෙලාවට මහවැලිය, ඉඟිනියාගල, උඩවලව වගේ ව්‍යාපෘති කලින්ම හදලා ඉවර වුනේ. මේ කෑ ගහන අය එදාත් හිටියනම් ඔය එකක්වත් කරන්න වෙන්නෙ නෑ..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 14 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 310 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 415 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 957 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 877 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 711 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site