බ්රහස්ප්රතින්දාට එළිවූයේ මුළු රටම විශාල සුළි සුළඟක් හා දැඩි වර්ෂාවකින් ඇති වූ හානිය සමගිනි. උදේ සිටම විවිධ ප්‍රදේශ වලින් කතා කළ මැති ඇමැතිවරු සිදුව ඇති හානිය හා අවශ්‍ය ආධාර ගැන අගමැතිවරයා දැනුවත් කළහ.
උදේ 9.30 ට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය කිරීමට තිබූ හෙයින් අගමැතිවරයා කෙළින්ම පාර්ලිමේන්තුවට පිටත් විය. ඒ අතරතුර දිනේෂ් ගුණවර්ධන කතා කර හානිය ගැන විස්තර කළේය. අගමැතිවරයා අනුර ප්‍රියදර්ශනට කතා කර ආපදාවලට දිය යුතු සහන ගැන උපදෙස් දුන්නේය.
‘හවස 3 ට පක්ෂ නායක රැස්වීම තියා තීන්දු ගනිමු. තොරතුරු රැස් කරන්න.’ අගමැතිවරයා තමාට කතා කළ සියලු දෙනාට කීවේ එවැන්නකි.
අගමැතිවරයා බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තු කාර්යාලය තුළද මැති, ඇමැතිවරු රැසක් සිටියහ. එහිදීද අධික වැස්ස සහ සුළඟින් ඇතිවූ හානි ගැන බොහෝ දෙනෙක් අගමැතිට කරුණු කීහ.
‘ජනාධිපතිතුමා නිකවැරටියේදී කරපු කතාව වෙලාවෙ ඔබතුමා හිටියේ ඉන්දියාවේ නේද? ලංකාවට ආවම ජනාධිපතිතුමා හමු වුණාම මොකක්ද කිව්වේ?’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සුපුරුදු ලෙස කතාවට මුල පිරීය.
‘කොරියා යනවා කිවුවා. මට වැඩ වැඩි වේවි කිව්වා.’ අගමැති කිව්ෙව් සැහැල්ලුවෙනි.
‘ශ්‍රීලනිප-ඒකාබද්ධයේ සාකච්ඡා ගැනයි, නිකවැරටියේ කතාව ගැනයි කිව්වේ නැද්ද?’ වජිර අබේවර්ධන ඇසුවේය.
‘නැහැ. අපි සුහදව කතා කළා විතරයි. ඒකාබද්ධය එක්ක සාකච්ඡාවට නොගියොත් තමා ශ්‍රීලනිප කැඩුවා වෙන නිසා ඒකට යනවා කිව්වා. ඒත් ජනවරම අනුව සම්මුති රජය අවසානය දක්වා ගෙනියමු කියාත් කිව්වා.’ අගමැතිවරයා කීය.
‘එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයකුට දොස් කීම ගැන එතුමා සතුටු නැතිව ඇති? ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
‘එජාප කණ්ඩායම් රැස්වීමේ දී මා අපේ අයට මේක පැහැදිලි කළේ ඒකයි. ශ්‍රීලනිප අය එජාපයට විරුද්ධව මොනවා කිව්වත් ඇතුළේ මිසක් මාධ්‍ය වලින් ප්‍රහාර දෙන්න එපා කියලා මා උපදෙස් දුන්ෙන් ඒකයි.’ අගමැතිවරයා කීය.
‘මහින්දලා ඒ අයගේ ශක්තිය වැහෙන විදියට ශ්‍රීලනිප එක්ක එකතු වන එකක් නැහැ. ඒත් මහින්දලා හා ශ්‍රීලනිප ඉන්නේ කොතනද කියා බලන්න ඡන්දය තියන්නම වෙනවා.’ නවීන් දිසානායක කීවේය.
‘කෝප් එකේ විසි ගණනක් ඉඳලත් එජාප මන්ත්රීවරුන්ෙග් දුරකථන ඇමතුම් ගැන විතරක් ජනමාධ්‍යයට එළි කිරීම ගැන වරප්‍රසාද ප්රශ්නය අප අමතක කරන්න නරකයි.’ කිරිඇල්ල කීවේ අගමැතිටය.
‘කතානායක නීතිපතිගෙන් ඒ ගැන වාර්තාව කැඳවාවි. වරප්‍රසාද කමිටුවටත් මේක යාවි. මේවා පළ කරපු මාධ්‍යවල ප්‍රධානීන් හා පත්තර කර්තෘලත් කමිටුවට කැඳවන්න වේවි, කියා නීති අංශ මට උපදෙස් දුන්නා. මන්ත්‍රීලා හා සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය රැකෙන නීති සම්පාදනය කරන්නත් පියවර ගන්නවා.’ අගමැතිවරයා කීය.
‘දෙගොල්ලො එකතු වුණා නම් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන කියා එජාප අය පටලවන සුජීව සේනසිංහට විරුද්ධව කූඨ ලේඛන හදලා ගේම් ගහන වැඩ පිළිවෙළකුත් තිබුණා කියා ප්රවෘත්ති පළ වුණා නේද?’ රන්ජන් රාමනායක ඇසුවේය.
‘මොන පිස්සුද? එහෙම කරන්න පුළුළුන්ද? යි කී අගමැතිවරයා ඉවත බලා ගත්තේය.
‘මංගලයි-මලිකුයි ජනාධිපති හමුවෙලා ශ්‍රීලනිප ඒකාබද්ධය එක්ක යනවා නම් එජාප වෙනම ආණ්ඩුව හදන බව කිව්වා කියන කතාව මොකක්ද? රන්ජන් රාමනායක ඇසුවේය.
‘නැහැ. ඒ අය වෙන වෙනම හමුවෙච්ච වෙලාවල්වල නිකං කතා කර තිබෙනවා. එච්චරයි’ අගමැති කීවේ සැහැල්ලුවෙනි.
සම්මුතිය ඉවරයි. දෙසැම්බර් වෙනකම් ඉන්නේ ජනාධිපතිතුමා කියපු නිසා කියා සුසිල් ප්‍රේමජයන්ත කිව්වා? රන්ජන් යළි විමසීය.
‘තීන්දු ගන්නේ සුසිල් නොවෙයිනේ? කියන්න දේවල් නැතිව සමහරුන් මයික් ඇල්ලුවාම කියන දේවල් ගණන් ගන්න එපා. සුසිල් කියන විදියට ශ්රීලනිපය දෙසැම්බර්වල ආණ්ඩුවෙන් යනවා නම් අගමැතිතුමා හා අප ඊළඟට කරන දේ කතා කර තිබෙන්නේ.
රාජපක්ෂලාගේ තුනෙන් දෙකේ බලයෙන් එයාලත් ශක්තිමත් වුණත් අපේ මේ තුනෙන් දෙකෙන් රට ගොඩ ගන්නයි, අගමැතිතුමා බලන්නේ.’ ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැතිවරයා නළල රැළි ගන්වා ඉවත බලා ගත්තේය.
‘ශ්‍රීලනිපයේ කවුරුවත් ආණ්ඩුවෙන් යන්න කැමැති නැහැ. හුඟ දෙනෙකු එකතු වෙනවටත් විරුද්ධයි. ඒකාබද්ධයේ 55 නුත් 42 ක් එකතු වෙනවට විරුද්ධයිලු.
අප වසර දෙකක් දුක් විඳ රිමාන්ඩ් වෙලා දැන් එකතු වෙන්නේ මොනවටද කියලාලු ඔවුන් අහන්නේ’ නවීන් දිසානායක කීවේය.
‘පළාත් පාලන ඡන්ද කල් යාම නවතා සියලු ඒවා එකවර තියන්න අගමැතිතුමා ලොකු මෙහෙයුමක් දියත් කළා කියා ආරංචියි.’ වජිර අබේවර්ධන ඇසුවේය.
‘රටේ සියලු දේශපාලන පක්ෂවල නායකයෝ ඡන්දය ඉල්ලන බව අධිකරණයට දැන්වූවා. උසාවියට ඒ ගැන අවධානයෙන් ක්‍රියා කරන්න වෙනවා. පෙත්සම්කාරයන් ඒවා ඉවත් කරන්නත් අප සූදානම් කළා. ඒ නිසා නීතිපතිගේ ඉල්ලීම් අනුව ඡන්දයට පසුබිම තැනීම අධිකරණයේ වගකීමයි.’ අගමැතිවරයා කීය.
‘විනිශ්චයකාර චෙම්බරේට ගිහින් කතා කර හරි නීතිපති හා නීතිඥයන් මේ ජාතික අවශ්‍යතාව ඉටුකරාවි කියා අප හිතනවා. අගමැතිවරයා තවදුරටත් කීය.
‘රාජ්‍ය දේපළ කෝටි ගණන් අවභාවිතය ගැන ගිය රජයේ අය අත්අඩංගුවට ගන්න යන විට ජනමාධ්‍ය හා සමහර හාමුදුරුවරුන් නීතියත් එයාලට ඕනෑ විදියට නවන්න හදනවානේ? ඉහළම තැනක උපදේශක හස්තයකින් මේවා වළක්වනවා කියලයි කියන්නේ. ඉතින් හොරු අල්ලන්නේ කොහොමද? රන්ජන් රාමනායක කීවේය.
‘එජාපය හොරුන් රකිනවා කියා ඒ අස්සේ අපට මඩක් ගහනවා.’ කිරිඇල්ල කීය.
‘අපේ ස්ථාවරය වෙන්නේ නීතිපතිගේ උපදෙස් අනුව ක්‍රියා කළ යුතු බවයි. නීතිපතිගේ උපදෙස් මත ක්‍රියා නොකරනවා නම් එතන ලොකු ගැටලුවක් තිබෙනවා. ඒ ගැන දැඩි ලෙස අපට සලකා බලන්න වේවි.’ අගමැතිවරයා කීය.
එදා ප්‍රජාතන්ත්‍රවාදීව ජනාධිපතිවරණයට ඉල්ලු නිසා ෙෆාන්සේකා කකුල් දෙකෙන් ඇදගෙන ගිහින් හිර කළා. අද කෝටි ගණන් වංචා කළ අය ගැන ක්‍රියා කළ යුතු විදිය නීතිපති කියන කොට ඒවාත් යට ගහනවා. මේක පුදුම රටක් එදා ෆොන්සේකා ඇදන් යන කොට අහක බලාගෙන හිටපු අය අද දඟලන්නේ රෙදි ඇදගෙනදැයි කියලයි මිනිස්සු අහන්නේ. රන්ජන් රාමනායක දූෂණ හා වංචාවලට එරෙහි සිය දැඩි ස්ථාවරය එළි කළේ එසේය.
‘ගිය රජයේ දූෂණ හා විශේෂයෙන් ග්‍රීක බැඳුම්කරයේ දූෂණ ගැනත් කොමිසම් පත් කරන්න කියලා එජාප මන්ත්‍රීවරුන් 49 ක් අත්සන් කර ජනාධිපතිතුමාට ලිපියක් දී තිබෙනවා. ඒකේ තත්ත්වය මොකක්ද? ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේ අගමැතිගෙනි.
”වංචා දූෂණ, ග්‍රීක හා අනික් බැඳුම්කර ඇතුළු හැම දේ ගැනම අද මා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනවා. බැඳුම්කර කොමිසම යන කාලේ මා මේවා කිව්වේ නැත්තේ කොමිසමට වක්‍ර හෝ බලපෑමක් වේවියි කියලයි. ඒ නිසා බැඳුම්කරවල අතීත හා වත්මන් කතා ඔක්කොම අද මා එළිකරනවා’ අගමැති කීවේය.
මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක
නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ
ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි
එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු
පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක
රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පළාත් පාලන ඡන්දය ලබාගන්න එජාපයෙන් මෙහෙයුමක්