IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සිංගප්පූරු ආර්ථික සමුළුවේ ප්‍රධාන දෙසුම අගමැතිගෙන්

ලොව රටවල් 125ක ප්‍රබල දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, විද්වතුන් එක්වූ ප්‍රධාන සමුළුවේ ප්‍රධාන දේශනය සඳහා පසුගියදා සිංගප්පූරුවට ගිය අගමැතිවරයාට එහිදී ඉහළ පිළිගැනීමක් ලැබිණ.


‘ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රය ලෙස අප ගොඩනගනවා. ඒ හරහා මුළු ආසියාවටම ශක්තිය වීමට නුදුරේදීම අපට පුළුවන් වේවි යැයි’ එහිදී ප්‍රකාශ කළ අගැමතිවරයා ලංකාව ගොඩනගන වැඩපිළිවෙළද විස්තර කළේය. දිවා හා රාත්‍රී නිල භෝජන සඳහා අගමැතිවරයාට ලැබුණු ආරාධනාවල නිමක් නොවීය. එ් අතර සිංගප්පූරු අගමැතිගේ නිල දිවා භෝජනය විශේෂ තැනක් ගත්තේය.


‘රනිල් අගමැතිතුමා වැනි දැක්ම ඇති නායකයකු අපේ සමුළුවේ ප්‍රධාන ​ෙද්ශනයට පැමිණීම ඉතා අගයක රනවා. ඔබේ ඒ දේශනය තුළ අන්තර් ගත වූ වැඩපිළිවෙළ සම්පූර්ණ වූ විට ලංකාව ලෝකයේම බලවත් රටක් වේවි’, සිංගප්පූරු අගමැතිවරයා එහිදී විශේෂ ඇගයීමක්ද කළේය.


සජිත් ප්‍රේමදාස ලංකාවේ අනාගතය බාර ගැනීමට සිටින නායකයකු ලෙස අගමැතිවරයා එහිදී සිංගප්පූරු අගමැතිට ඔහු හඳුන්වා දුන්නේ හිටපු ජනාධිපති ප්‍රේමදාස ගැනද මතක් කර දෙමිනි. සජිත් හා සිංගප්පූරු අගමැතිවරයා දිවා භෝජනයට එක ළඟ අසුන්වල වාඩි වූයේ අනතුරුවය.


අගමැති රනිල්ගේ වැඩපිළිවෙළ ඉදිරියටම ගෙන යාමට තමා සතු වැඩපිළිවෙළ ගැනද සජිත් එහිදී සිංගප්පූරු අගමැතිවරයා දැනුවත් කළේය. ඇමැති මලික්ගේ සහභාගිත්වයෙන් සාර්ථක ආයෝජන සමුළුවද පැවති අතර දෙරට අතර වන ආර්ථික ගිවිසුම ගැනද දෙරට අගමැතිවරු අතර ඉතා සුහද ලෙස අදහස් හුවමාරු වූහ.


‘මේ ආරාධනාවෙන් පේන්නේ සිංගප්පූරුව අප ගැන තබා ඇති විශ්වාසය හා ගෞරවයයි. අප කරන දේ එළිකිරීම නිසා මුළු ලෝකයටම ඒ පණිවිඩය ගියා. ඒක රටට ඉතා වාසි වේවි’ අගමැතිවරයා අනතුරුව ශ්‍රී ලංකා දූත පිරිසට කීවේය.


යළි සියරට පැමිණි අගමැතිවරයා දකුණු ආසියාවේ කතානායක සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස එක් වූයේ කරු ජයසූරියගේ අැරයුමෙනි.


බදාදා උදේ අගමැතිවරයා අරලියගහ මැදුරට ආවේ චම්පික රණවක හා නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත ​ෙබා්ගොල්ලාගමගේ මූලිකත්වයෙන් දියත් වෙන ත්‍රිකුණාමලය මහ සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට එක්වීමටය. චීන සමාගම සකස් කළ එය අගමැතිවරයාට මෙන්ම චම්පික රණවක, ආර්. සම්බන්ධන් හා රෝහිත බෝගොල්ලාගමට බාර දෙනු ලැබීය.


‘රටේ ආර්ථික කේන්ද්‍ර හතරක් ක්‍රියාත්මකයි. කොළඹ, හම්බන්තොට හා දකුණු තීරය, මහනුවර - කුරුණෑගල තීරුව හා ත්‍රි’ම​ෙල් මහ සැලැස්ම ඒවායි. උතුරටත් ඉක්මනින් මහ සැලැස්මක් ඇති කරනවා’ අගමැතිවරයා එහිදී පැහැදිලි කළේය.


අනතුරුව අගමැති හා රෝහිත බෝගොල්ලාගම අතරද කතා බහ ඇති විය.


‘එදා කටුනායක - කොග්ගල - බියගම - සීතාවක කර්මාන්තපුර ඇති කළා. ඒ අත්දැකීම් මත දැන් රට පුරා කර්මාන්ත දියත් කර රැකියා ඇති කිරීම අරමුණයි’ අගමැති කී විට බෝගොල්ලාගම ඒ සඳහා උපරිම ශක්තිය දීමට ප්‍රතිඥා දුන්නේය.


බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැදුරේ රාජකාරී ඇරැඹීමට පෙර පැමිණ සිටි මැති ඇමැතිවරුන් සමඟ ද කතා බහ කළේය.


‘ලක්ෂ්මන් ලන්ඩන් ගියේ පෞද්ගලික සංචාරයකටද’ ලක්ෂ්මන් කිරිඇල්ල දුටු විගස අගමැතිවරයා විමසීය.


‘නෑ නෑ සර්, ලන්ඩන් තේම්ස් විහාරය රටේ තත්ත්වය ගැන මට දේශනයකට ආරාධනා කළා. අද ලංකාවේ ජනතාවට පූර්ණ නිදහස තිබෙනවා. මානව හිමිකම් රැකෙනවා. රාජ්‍ය පැහැර ගැනීම් හා දූෂණ නැහැ. බුදු දහම අනුව ආණ්ඩුව ක්‍රියාත්මකයි. හැමදේම මුදලින් තක්සේරු කරන යුගයක අද ලංකාවේ තිබෙන නිදහස හා සුබවාදී බව මිල මුදලින් තක්​ෙස්රු කරන්න බැහැ.


ආණ්ඩුවේ යම් අඩුපාඩු ඇති. ඒත් ආර්ථිකය ඉක්මනින් හැදුවාම ඒ ප්‍රශ්න නිමා වේවි. ඒ නිසා යළිත් පවුල්වාදී භීෂණකාරී යුගයට ලංකාව ගෙනයන්න ජනතාව සූදානම් නැහැ කියලා මා ලන්ඩන්වලදී කිව්වම අපේ මිනිස්සු සාධුකාර දුන්නා’ ලකෂ්මන් කිරිඇල්ල කීවේය.


‘ඉන්ධන මිල අඩු කරනවා. වැඩි කරනවවා. මේක විහිළු ටෙලි නාට්‍යයක් වගෙයි’ පී. හැරිසන් කීය.


‘මිල සූත්‍රයට යන්න කැබිනට් තීන්දුවක් තිබුණා. අප ඡන්දයේදීත් මිල සූත්‍රය ගැන ජනතාවට කිව්වා. ලෝකයේ මිල අඩු මුණාම වාසිය ජනතාවට දෙන්නත්, මිල වැඩි වුණාම ආණ්ඩුවේ අලාභය සමනය කරගන්නත් ඒ හරහා පුළුවනි.’


ඉන්දියාව හා බොහෝ රටවල දිනපතා මිල වෙනස් කරනවා. අගමැතිතුමාත් ලංකාවේ හිටියේ නැති වෙලාවේ මේ වගේ ටෙලිනාට්‍ය එළිදැකීම හොඳ නැහැ.’ නවීන් දිසානායක කළ විග්‍රහය කවුරුත් අනුමත කළහ.
‘හම්බන්තොට වරායේ දැන් තත්ත්වය ගැන අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ ද නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ පළවූ කෝටි 112 චීන පගාව ​ෙචා්දනාවට අදාළව මහින්ද ප්‍රකාශයක් නොකිරීම තුළම ඒ චෝදනාවෙන් ඔවුන් මඟහරින බව තහවුරු වෙන තරම්’ දයා ගමගේ කීවේය.


‘චීන සමාගමෙන් තව බලවතකුගේ බිරිඳක් රුපියල් ලක්ෂ 192ක් පගාව අරන්ලු. ඒ ගැනත් ඒකාබද්ධෙ අය කට හොල්ලන්නේ නැහැ.’ චමින්ද විජේසිරි කීය.


‘ලංකාව හා රටවල් තුනක ආණ්ඩු පෙරළන්න ඇමරිකාව ඩොලර් ලක්ෂ 585ක් වැය කළා කියලා ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ​ෙජා්න් කෙරී කිව්වාය කියන කතාව මොකක්ද? රන්ජන් රාමනායක ප්‍රශ්න කළේ අගමැතිගෙනි.


‘අලි බොරු’ එහෙනම් චෙක් පෙන්නන්න කියන්න. ලංකාවෙ අයට ලැබුණු සල්ලිවල චෙක් හා බැංකුවල විස්තර පවා නිව් යෝර්ක් පත්තරේ පළවුණා. ඒක වහන්න දැන් ජෝන් කෙරී කිව්වා කියලා බොරුවක් මවන්න හදනවා. අැමරිකාව රහසින් තමයි, යටි දේශපාලන ගේමක් ගහනවා නම් ගහන්නේ. එහෙම කළා නම් ජෝන් කෙරී ඕක එළිපිට කියනවද?

 

 

ඔවුන්ගේ වාර්තාවල ඒ විස්තර ඇතුළු කරනවද? මිනිස්සු මුළා කරන්න හැදුවට ඒවා හරි යන්නේ නැහැ’ ලක්ෂ්මන් කිරිඇල්ල අගමැතිවරයා වෙනුවෙන් පිළිතුරු දුන්විට අගමැතිවරයාද එය අනුමත කළේය.
‘හම්බන්තොට වරාය ගැන අගමැතිතුමා වත්මන් තත්ත්වය ගැන කතා කළාම එදා පාර්ලිමේන්තුවේදී වීරවංශ නැගිටින විට කවුරුත් හිතුවේ වරායේ මුල් සිදුවීම් ගැනත් පගා ගැනත් ඔහු කියාවි කියලයි. අන්තිමට විමල් නිසා එජාපය ඒ ගැන විවාදය ඉල්ලුවා. විමල් මහින්දගෙන් බැණුම් අහන්න ඇති මා හිතන්නේ’ නවීන් දිසානායක කීවේ සිනා මැදය.


‘දැන් කුඩු හා පාතාලය වගේම මිනීමරුම් වැඩි වෙලා බවයි ජනමාධ්‍ය කියන්​ෙන්, ඒත් නිල වාර්තා අනුව රාජපක්ෂලාගේ කාලෙට වඩා ඒවා අඩුයි. දැන් කුඩු එන ප්‍රමාණය පොලිසියේ වැටබැඳීම නිසා අඩු වෙලාලු. ඒ නිසා කුඩු වෙළෙන්දෝ ඔවුන් ඔවුන් මරා ගන්නවා. ඔවුන්ට මරණ දඬුවම දීම ගැන එජාප ස්ථාවරය වැදගත් වෙනවා.’ විජයදාස රාජපක්ෂ කීය.


‘දැන් අලුගෝසුවොත් නැහැ. මරණ දඬුවම පැනෙව්වත් ලංකාව ජේ.අාර්. යුගයේ ඉඳලා ඒක ක්‍රියාත්මක නොකරන රටක්. මහින්ද කළෙත් නැහැ. ජාත්‍යන්තර තත්ත්වය හා මානව හිමිකම් ප්‍රශ්නත් බලා අප ඉක්මන් තීන්දුවක් ගන්න ඕනෑ. කුඩු සැපයුමයි, මර්දනය කරන්න ඕනෑ. ඒක වේගවත්ව කෙරෙනවා.’ අගමැතිවරයා පැහැදිලි කළේය.


‘සාමාන්‍ය උසාවියේදී තමාගේ නඩු අහන්න එපෝ කියා වාරණ නියෝග ගන්න ගෝඨාභය අලුතින් හදන මහාධිකරණවල එයාගේ නඩු මුලින් අහන්න කියා ළඟදී බොරු සෝබනයක් දැම්මා. මිනිස්සු ඒකට බඩ අල්ලගෙන හිනාවෙන්නේ. ෆේස්බුක්වල මාර ඒවා ඒ ගැන යන්නේ’ චමින්ද විජේසිරි කීවේ සිනාසෙමිනි.



අදහස් (0)

සිංගප්පූරු ආර්ථික සමුළුවේ ප්‍රධාන දෙසුම අගමැතිගෙන්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 177 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site