IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රීලනිප සංවත්සරයදා ජනපතිගේ බර අවි ප්‍රහාරය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරය ඉකුත් 2 වැනිද‌ාට යෙදී තිබිණි. එහෙත් එදින සුගතද‌ාස ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙන්කර ගැනීමට තිබූ ගැටලුවක් හේතුවෙන් සංවත්සර උළෙල 3 වැනිද‌ා පවත්වන්නට තීරණය විය. ඒ අනුව 68 වැනි සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. උත්සවයට කලින්ද‌ා හැන්දෑවේ සිටම මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, නිමල් සිරිපාල, තිලංග සුමතිපාල ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සුගතද‌ාස ගෘහස්ත ක්‍රීඩාංගණයට පැමිණ සංවිධාන කටයුතු සොයා බැලූහ. ජනපති මෛත්‍රි ද රාත්‍රී 9.00 ට පමණ සුගතද‌ාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට හදිසියේම ආවේ කලින් දැනුම් දීමකින් තොරවය. සංවිධාන කටයුතු ආදිය සොයා බලමින් මන්ත්‍රීවරුන් සමග ද කතාබහ කරමින් සිට ජනාධිපතිවරයා පිටත්ව යන විට රාත්‍රී 10.00 ද පසු වී තිබිණි.


සංවත්සර උළෙල පැවැති අඟහරුවාද‌ා දිනයේ තවත් විශේෂත්වයක් තිබිණි. ඒ ජනපති මෛත්‍රිගේ 68 වැනි උපන් දිනය ද එදිනම යෙදී තිබීමය. සමුළුව සවස 3.00 ට පමණ ආරම්භ විය. සංවිධායකයින් ද අපේක්ෂා නොකළ මට්ටමේ සෙනගක් ඊට සහභාගි වී සිටියහ. එක්සත් ජාතික පක්ෂයටත්, දෙමළ ජාතික සන්ධානයටත් ජනතා විමුක්ති පෙරමුණටත් හැරෙන්න දේශපාලන පක්ෂ 35 කට උළෙල සඳහා ආරාධනා කර තිබූ අතර ඉන් ​ෙද්ශපාලන පක්ෂ 32 කින් නියෝජිතයෝ පැමිණ සිටියහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද ආරාධනය කර තිබූ නමුත් ඉන් කිසිදු නියෝජිතයෙක් සහභාගි නොවීය. පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ට ඒ සඳහා ආරාධනා පත්‍රය යොමුකළ විට ඔහු කියා තිබුණේ එදින ඔහු කොළඹින් පිට සිටින බැවින් සහභාගි නොවන බවය. අනතුරුව ආරාධනා පත්‍රය පක්ෂයේ ලේකම් සාගර කාරියවසම්ට යොමුකර තිබුණි. ජාතික නිදහස් පෙරමුණට ද ආරාධනා කර තිබූ නමුත් එම පක්ෂයෙන් ද සහභාගිත්වයක් නොවීය. තමා එදින කොළඹින් පිට සිටින බැවින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ද නොඑන බව දන්වා තිබිණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් හිටපු අගමැති දි.මු. ජයරත්න මහතාත්, කුමාර වෙල්ගම, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, චම්පික රණවක, රිෂාද් බදියුදීන්, අතාවුල්ලා, උදය ගම්මන්පිල ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද උත්සවයට පැමිණ සිටියහ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු විශාල පිරිසක් ද ඊට සහභාගි වී සිටි අතර නැටුම් ගැයුම් වලින් ද උළෙල විචිත්‍රවත් විය.


ජනාධිපතිවරණය ද ළඟ ළඟම එන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමක් කරන්නේ දැයි රටම බලා සිටී. මෙවර සංවත්සර උළෙලේදී ශ්‍රීලනිපය ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවරය කුමක්දැයි හෙළිකරනු ඇති බව බොහෝ දෙනා බලා සිටියත් ඒ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ඉන් නොලැබිණි. ජනපති මෛත්‍රි ද සංවත්සර උළෙල අමතමින් කීවේ ශ්‍රීලනිපය උනන්දු වන්නේ ජනාධිපතිවරණය ගැන නොව ඊළඟට එන මහ මැතිවරණය ගැන බවය. මහ මැතිවරණයෙන් පත්වන අගමැතිවරයා කවුරුන් ද යන්න ගැන ශ්‍රීලනිපය උනන්දු වෙන බව ජනාධිපතිවරයා කීවේය.


මහ බැංකු බැඳුම්කර කොල්ලය හා පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම ගැන ද ජනාධිපතිවරයා කීවේ එජාප ආණ්ඩුව දෙසට චෝදනාව එල්ල කරමිනි. බැඳුම්කර කොල්ලයට චෝදනා එල්ල වී ඇති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට ලිපි බාර දී ඇති බව කී ජනාධිපතිවරයා සඳහන් කළේ ඊට වගකිව යුතු මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්වරුන් ද උසාවි කූඩුවට ගෙන්වීමට සියල්ල සූද‌ානම් බවය. ඒ සමගම ජනාධිපතිවරයා කීවේ පළාත්සභා මැතිවරණයක් ආයෙත් නොඑන බවය. පළාත්සභා මැතිවරණයට අළු ගසා ඇති බවත්, ඊට වගකිවයුත්තේ අගමැතිවරයා බවත් ජනාධිපතිවරයා කීවේය. මේ අතර උත්සවය ඇමතූ නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා දිගින් දිගටම නොකියා කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ​ෙපාදුජන පෙරමුණත් එකතු විය යුතු බවය. එය ඔහුගේ කතාව පුරාම දකින්නට ලැබුණ තත්ත්වයකි.


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාද‌ා උදේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරුන්ට තීරු බදු සහන යටතේ ඇමෙරිකානු ඩොලර් 35,000 ක උපරිමයකට යටත්ව වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ වජිර අබේවර්ධන ඇමැතිවරයා විසිනි. උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට පමණක් මීට පෙර වාහන ලබා දී තිබුණ ද අනෙකුත් පළාත් සභාවල මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා දී නොතිබිණි. පළාත් සභාවල මන්ත්‍රීවරුන් ගණන 455 කි. ඉන් උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 37 දෙනා හැරුණු විට ඉතිරි මන්ත්‍රීවරුන් 418 දෙනකුට වාහන බලපත්‍ර ලැබී නොමැත. මේ වන විට පළාත්සභා 8 කට නිල කාලය අවසන් වී ඇති අතර ඉතිරි වී ඇත්තේ ඌව පමණී. එහි නිල කාලය ද ලබන මාසයේ අවසන් වනු ඇත. මේ තත්ත්වය තුළ පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබාදීමට වජිර යෝජනා කර තිබිණි. එහෙත් වජිර ගිය සතියේ කැබිනට් රැස්වීමට සහභාගි නොවුවේ වි​ෙද්ශගතව සිටි බැවිනි. වජිරගේ යෝජනාවට එකහෙළා විරුද්ධ වූයේ මංගල සමරවීර මුදල් ඇමැතිවරයාය. ඔහු යෝජනාවට දැඩි විරෝධය පළකළේ මෙමගින් මහා භාණ්ඩාගාරයට වන බලපෑම ද සිහිපත් කරමිනි. දැන් පළාත්සභා වල කාලයත් ඉවරයි. අනෙක මේක දුන්නොත් භාණ්ඩාගාරයට ලොකු පාඩුවකුත් දරන්න වෙනවා. මම නම් මේකට එකඟ නෑ. මංගල කීවේය. එහෙත් මංගලගේ චෝදනාවට පිළිතුරු බඳින්නට වජිර නොසිටියේය.


විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ඇති පැරැණි ක්‍රිස්තියානි පල්ලිය පිහිටි භූමියේ අක්කර අටක ඉඩමක් විල්පත්තු වනෝද්‍යානයෙන් ඉවත්කර වෙනම ගැසට් කිරීමට යෝජනාවක් ජෝන් අමරතුංග ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. එහෙත් ජෝන්ගේ යෝජනාවට චම්පික රණවක, ගාමිණී ජයවික්‍රම පෙරේරා, සජිත් ප්‍රේමද‌ාස යන ඇමැතිවරු දැඩි විරෝධය පළ කළෝය. ඔවුන් කීවේ වනෝද්‍යානයේ ඉඩම් වෙනම ගැසට් කරන්නට ඉඩදිය නොහැකි බවය. පල්ලිය තියෙනවා නම් ඒ අවට ඉඩම් පාවිච්චියට බාධාවක් නෑ. වනජීවි ආඥා‌‌‌ා පනත යටතේ ඒක පාවිච්චියට අවසර තිබෙනවා. හැබැයි වෙනම ගැසට් කරන්න දෙන්න බෑ. චම්පික කීවේය. ජයවික්‍රම පෙරේරාත්, සජිත් ප්‍රේමද‌ාසත් චම්පිකගේ අදහස අනුමත කළෝය. අවසානයේ යෝජනාව අකුළා ගන්නට ජෝන්ට සිදුවිය.


විදුලිබල මණ්ඩලය මේ වන විට හිරවී සිටින්නේ දැඩි ණය උගුලකය. රාජ්‍ය බැංකුවලට පමණක් තිබෙන ණය බර කෝටි 9600 කට වැඩිය. ඉන් වැඩිම ණය ප්‍රමාණයක් ඇත්තේ මහජන බැංකුවටය. එය​ කෝටි 6600 කි. සමෘද්ධි බැංකුවට ද කෝටි 27 ක් ණය වී ඇත. ඛනිජ තෙල් සංස්ථාවට ඇති ණය මුදල ද කෝටි 8000 ඉක්මවා ඇත. 2015 ට පෙර ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය මේ වන විට අධික පාඩු ලබන ආයතනයක් පමණක් නොව ණය බරින් මිරිකී ඇති ආයතනයක් බවට පත්ව තිබේ. මේ තත්ත්වය තුළ විදුලිබල මණ්ඩලයේ රාජ්‍ය බැංකුවලින් ගත හැකි ණය සීමාව රුපියල් කෝටි 10,000 දක්වා ද තෙල් සංස්ථාවේ ණය සීමාව කෝටි 10,000 දක්වා ද වැඩි කිරීමට රවී කරුණානායක ඇමැතිවරයා යෝජනා කර තිබිණි. ඊට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබිණි.


ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ මංගල උත්සවයේදී ජනප්‍රිය ඉන්දීය කලාකරුවන් පිරිසක් රංගනයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.


ජනප්‍රිය ඉන්දීය නළු සල්මන් ඛාන් ඇතුළු ඉන්දීය කලාකරුවන් පිරිසක් මෙහිදී විශේෂ නර්තනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද දැනගන්නට ඇත.



අදහස් (0)

ශ්‍රීලනිප සංවත්සරයදා ජනපතිගේ බර අවි ප්‍රහාරය

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site