IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


රාජිතගේ විශ්වාසභංගයට එජාපය සූදානම්

පසුගිය සති අන්තයේ ඉන්දියාවේ පෞද්ගලික චාරිකාවක නිරත වූ අගමැතිවරයා එහිදී ආගමික කටයුතු හා පුද පූජාවලටද එක්විය.  
 යළි සිය රට පැමිණි ඔහු උත්සව රැසකට මෙන්ම තීරණාත්මක සාකච්ඡා රැසකට එක් විය. සඳුදා සවස අරලියගහ මැදුරේදී මාධ්‍ය​ෙව්දීන් රැසක් ද හමුවිය.  


බ්‍රහස්පතින්දා උදේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ විශේෂ උත්සවයට යාමට පෙර අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා එහි සිටි මැති ඇමැතිවරුන් සමග ද කෙටි පිළිසඳරක යෙදිණි.  


 කලින්දා අස්වර් මහතාගේ අවමඟුලට එක්වූ අග්‍රාමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ බිරිඳගේ අභාවය අසා දුරකථනයෙන් කතාකර එදින අවසන් කටයුතු කරන හෙයින් ඊට එක්වීමේ අපහසුතාව දන්වා සිටියේය.  


‘සෙනසුරාදා හවස මා ඔබේ නිවසට එනවා.’ අගමැතිවරයා රණසිංහ මහතාට කීවේය.  


‘පළාත් පාලන ඡන්දයට සියල්ල සූදානම් වුණත් මහ නගර සභා, නගර සභා ප්‍රාදේශීය සභා පනත්වල ගැටලු නිසා ඡන්දය ආපහු කල් යනවා කියා පත්තරවල තිබුණු ප්‍රවෘත්තිය මොකක්ද? දයා ගමගේ ඇසුවේ අගමැතිගෙනි.  


 ‘නැහැ. කල්යාමක් නැහැ. ඒකට කතානායකතුමා අත්සන් කරනවා. මාධ්‍යවල යන හැම එකක්ම ඇත්ත නොවෙයි.’ අගමැතිවරයා කීවේය.  


‘රාජ්‍ය සේවකයන්ට පළාත් පාලන ඡන්ද ඉල්ලීම නව ක්‍රමය තුළ තහනම් කළා යයි විපක්ෂය රටට බොරු කියනවා. රාජ්‍ය සේවකයො ගස් බැඳපු කට්ටිය දැන් ඔවුන් ගැන කිඹුල් කඳුළු හෙළන බව පාර්ලිමේන්තුවේදී මා කිව්වාම දිනේෂ් ඇතුළු කට්ටිය කට පියාගත්තා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.  


 ‘සියලු පක්ෂ කතා කර ඡන්දවලට බලපෑම් කළ හැකි රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ඉල්ලන්න දෙනවද කියන තර්කය කොමිසමට ඉදිරිපත් කළාම ඔවුන් තමයි එහෙම අය ඉල්ලන විට අනිත් අයට අසාධාරණය වෙන බව පෙන්නුවේ. ඉස්සර ගුරුවරුන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්ද ඉල්ලන්න පුළුවන් උනත් ග්‍රාම නිලධාරීන්ට තහනම් කර තිබුණා.  


 මෙවර ග්‍රාම නිලධාරීන්ට වගේම සමෘද්ධි කෘෂි නිලධාරි වගේ අයත් තහනම් කිරීම සාධාරණයි. හරි නම් ගුරුවරුන්ටත් මේක අදාළයි. ගමේ පාසලේ ගුරුවරයාට ගමේ දරුවන්ගේ මව්පියන්ගේ ඡන්ද නිරායාසයෙන් යනවා. හරි නම් ඒකත් අසාධාරණයයි.’ වජිර අබේවර්ධන කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළ විය.  


‘ක්ෂේත්‍ර නිලධාරීන්ට මෙවරත් ඡන්ද ඉල්ලන්න පුළුවනි. ඒත් රැකියාවෙන් ඉවත් වෙලා වෙනත් තැනකයි ඉල්ලන්න වෙන්නේ. තමන්ගේ ගමේම ඉල්ලුවොත් සමෘද්ධි කපනවා. පොහොර සහන කපනවා කියා තර්ජන දාලා ඡන්ද ගන්න පුළුවනි. අප ඒක නැති කර කාටත් සාධාරණ ක්‍රමය ගේන්නේ. අගමැතිවරයා තවදුරටත් පැහැදිලි කළේය.  


‘ජයවික්‍රම ඇමැතිතුමාට බුද්ධ ශාසනය ගැලපෙනවා. අධිකරණ වැඩේ නව ඇමැතිතුමිය හරියට කරාවි කියා රටම බලා ඉන්නවා. දැනටමත් ඒ ක්ෂේත්‍රයේ වැඩ වේගවත් වෙලාලු.’ පී. හැරිසන් කී දේ අගමැතිවරයා ඇතුළු සියලු දෙනා අනුමත කළහ.  


‘රාජිතට විරුද්ධ විශ්වාසභංගයේ සයිටම් සයිටම් කියා හැම තැනම තියනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව විශ්වාසභංග ගේන්න බැහැ. ඒ නිසා ඒකට ඉඩ දෙන්න බැහැ. ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


 ‘මුළු ආණ්ඩුවම රාජිත එක්ක ඉන්න නිසා විශ්වාසභංගය ගෙනාවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ගෙනාපු අය පැරදිලා පතුලටම වැටේවි’ අගමැතිවරයා කීවේය.  


 ‘මේ විශ්වාසභංගයේ කරුණු කීපයක් රාජිතට නොවෙයි මටයි ගේන්න ඕනැ. ඒත් ඒ කාලේ ‘මීක්’ කියලවත් ඔය කට්ටිය කිව්වේ නැහැ කියා එස්.බී. හොඳ කතාවක් කිව්වා.’ දයා ගමගේ කීය.  


‘අපේ ක්‍රිකට් ඇද වැටීම හරි අපරාධයක්. 2019 ලෝක කුසලානෙ කණ්ඩායම් 08ට එන්න බැරි වුණොත් ලොකු අවාසියක් වෙනවා.’ නවීන් දිසානායක කීය.  


‘දැන් අශ්වයන්ට විතරක් නොවෙයි ක්‍රිකට්වලටත් ඔට්ටු අල්ලන ක්‍රමය තිබෙනවා.’ ගයන්ත කරුණාතිලක කීය.  


‘ඒක ලෝකය පුරා තිබෙනවා. ඇමරිකාවෙ ජනාධිපතිවරණටත් ඔට්ටු අල්ලනවා.’ අගමැති කීවේ සිනාසෙමිනි.  


 ‘ඒත් හැම එකකම පාලනයක් අවශ්‍යයි. 2015 දී තව අවුරුදු දෙකකට ක්‍රිකට් අතුරු පාලනය දැමීම නම් ඉවරයි. තිලංගලා, දයාසිරිලා ලෝක ක්‍රිකට් එකේ බලපෑම් ඒවි කියා ඡන්ද තිබ්බ. ලෝක ක්‍රිකට් එකෙන් ප්‍රශ්න ආවානම් ආණ්ඩුවට ඒක බලා ගන්න තිබුණා.’ ඇමැති කිරිඇල්ල තවදුරටත් විග්‍රහ කළේය.  


 ‘විනිශ්චයකරුවන් හා නීතිඥයො දූෂිතයි කිව්වා කියා බොදුබල සංවිධානයයි, නීතිඥ සංගමයයි රන්ජන්ට විරුද්ධව උසාවි ගිහින් නේද?’ නවීන් දිසානායක විමසීය.  


‘බොදු බලයයි, නීතිඥ සංගමයයි එකට උසාවි යාමෙන් නීතිඥ සංගමයේ සායමයි හේදෙන්නේ කියා සමහරුන් කියනවා. නීතිඥයන් හුඟ දෙනෙකු ඒ වැඩේට විරුද්ධයිලු.’ ගයන්ත කරුණාතිලක කී දේ අගමැති ඇතුළු බොහෝ දෙනෙක් අනුමත කළහ.  


 ‘බොදු බලයේ පිරිසක් හෝමාගම උසාවියට පැන යකා නටලා උසාවියට අපහාස කළා. නඩුවකුත් තිබෙනවා. දැන් මා අපහාස කළා කියා එයාලා උසාවි යාමයි පුදුමේ.   


මා කිව්වේ දූෂිත විනිශ්චයකාරවරුන් හා නීතිඥයන් ගැනයි. තොප්පි හරිනම් දූෂිත අය දා ගනීවි. නැතුව මා උසාවියට හා වැදගත් විනිශ්චයකාරවරුන්ට, නීතිඥයන්ට මුකුත් කිව්වේ නැහැ.’ රන්ජන් රාමනායක කීවේය.  


 ‘​අපේ තිස්ස අත්තනායක මහත්මයා එජාපයට එනවාය. 2020 දී හොඳ එජාප අපේක්ෂකයකු ඕනෑ කියා මාධ්‍යවලට කියන කතාව මොකක්ද’ එහි සිටි මැති ඇමැතිවරුන් ඇසුවේ අගමැතිගෙනි.  


 ‘අද මාධ්‍ය නිදහස් නිසා ඕනැ කෙනෙකුට ඕනෑ දෙයක් කියන්න නිදහස තිබෙනවා. එච්චරයි.’ අගමැතිවරයා කීවේ නළල රැළිගන්වමිනි.  
 ‘විපක්ෂය අස්ගිරි පාර්ශ්වය ආණ්ඩු විරෝධයකට සූක්ෂම තල්ලු කරන්න හැදූ බව පෙනුනා. ඒත් දැන් ඇත්ත තත්ත්වය තේරුම් අරන්. ජනාධිපතිතුමා අගමැතිතුමා, කිරිඇල්ල ඇමැතිතුමා හා ආණ්ඩුව ගැන ඉතා සුබවාදීව ළඟදී මත පළ කර තිබුණා.’ නවීන් දිසානායක කීය.  
 ‘උතුරට ගිහිනුත් උන්වහන්සේලා කියා තිබුණේ රට ගැන සමහරුන් මවපු භීතිය උතුරේ සංචාරය කිරීමෙන් හා හමුදාවත් එක්ක කතා බහ කිරීමෙන් පහ වුණා කියලයි. ඒ ප්‍රකාශය ඉතා වටිනවා. උන්වහන්සේලා ඉතා බුද්ධිමත් නිසා දේශපාලන අවස්ථාවාදීන් ගැන අවබෝධය තිබෙනවා.’ ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම දයා ගමගේ දැරෑ අදහස අගමැතිවරයා ඇතුළු සියලු දෙනා එකහෙළා අනුමත කළහ.  


20 වැනි සංශෝධනය බොහෝ පළාත් සභාවල දිනුවත් ඌව හා දකුණෙදි ප්‍රශ්න මතු වුණා.’ රවි කරුණානායක මෙන්ම පී. හැරිසන් ඇසුවේ එකම කතාවකි.  


‘ඌවේ අපේ විපක්ෂනායක ර.මු. රත්නායක මේක හරියට හැඬල් කර නැහැ. ර.මු. ට විරුද්ධව ක්‍රියා කරන්න කියලයි, හැමෝම මට කියන්නේ.   


දකුණේ ආණ්ඩුකාරයාගේ මතය අනුව ක්‍රියා කළේ නැහැ. ඒකට පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් වග කියන්න ඕනෑ. පසුබෑමට ලක් වූ තැන්වල ආපහු ඡන්ද තියන්න කියලයි හුඟ දෙනෙකු යෝජනා කරන්නේ. ඒක සලකා බලනවා.’ අගමැතිවරයා කීවේය.  


‘හිටපු හමුදාපති ජගත් ජයසූරියට පිටරට එන්.ජී.ඕ. එකක් යුද්ධ කාලේ මානව හිමිකම් කඩ කළා කියා නඩු දාලා. ජාත්‍යන්තර​ෙය් ලංකාවට තිබුණ හැම ප්‍රශ්නයක්ම විසඳලා තිබෙද්දී මෙහෙම සුළු ප්‍රශ්නයක් හරි ඇතිවන එකත් වළක්වන්න ඕනෑ.’ රවි කරුණානායකගේ මතය එය විය.  


‘යුද්ධයකදී හිතාමතා කරන විශේෂ ඝාතන, අතුරුදන් කිරීම් මිසක් සියලු සිදුවීම් මානව හිමිකම් කඩවීම් ලෙස ආණ්ඩුව පිළිගන්නේ නැහැ. සියලු රණවිරුවන් අප රකිනවා. අනික එන්.ජී,ඕ. එකක චෝදනා ගණන් ගත යුතු නැහැ. එහෙම වුණොත් හැම අයම මේ වගේ හැසිරෙන්න බලාවි.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය. 


‘සුදුසුකම් ඇති රාජ්‍ය තාන්ත්‍රිකයන් පමණක් තානාපතිකම්වලට පත් කරන්න රජය ගත් තීන්දුව දිගටම ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නොවී රටට වැඩදායක විදේශ සේවය හදන්න බැහැ.’ අගමැතිවරයා කී දේ සියලු දෙනා අනුමත කළහ. 


 

රවි එජාප පසුපෙළ හමුවෙයි


ඒකාබද්ධ විපක්ෂය විසින් යහපාලන රජයටත් ජනාධිපති අගමැති හා රජයේ ප්‍රබල දේශපාලන චරිතයන්ට එරෙහිව ගෙනඑන විශ්වාසභංගයන්ට මුහුණ දීමට රජයේ පසුපෙළේ මන්ත්‍රී කණ්ඩායම සමග එක්වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා තම හිතවත් පසුපෙළ මන්ත්‍රීවරුන් සමඟ කියා සිටියේ. ‘ඒකාබද්ධ විපක්ෂයේ අය කළ වංචා දූෂණ යටපත් කර ගැනීමට මෙසේ රජයේ එක් එක් ප්‍රබලයන් ඉලක්ක කරගනිමින් ඔවුනට එරෙහිව විශ්වාසභංග ගෙන එමින් ජනතාව වෙනතකට යොමුකර ගැනීමේ උපක්‍රමයක් ක්‍රියාවට නංවා ඇති බවයි. නමුත් පාර්ලිමේන්තු ඡන්දයකින් වසර පහකට ජනතාවගේ විශ්වාසය අප දිනාගෙන තියෙනවා.

ඇමැතිකමකින් කරන්නෙ විධායක ජනාධිපතිතුමා පවරන ලද කාර්ය ඉටු කිරීමයි. කොහොමත් අලි බබා සහ හොරු හතළිහ කළ වංචා හා දූෂණ ඉදිරියේදී හෙළිවන වන විට ජනතාවට නිවැරදි තත්ත්වය දැනගත හැකි වන අතර නමුත් රටේ ණය කන්දරාව නම් ඇලඩින්ගේ පුදුම පහන ගෙනැවිත් හෝ වසරකින් දෙකකින් නම් ගෙවා නිම කළ නොහැකි එකක්.’ රවි කීවේය.


 

 

අරලියගහ මැදුරෙන් ප්‍රතිලාභ

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඇරයුමින් හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා සවස අරලියග මන්දිර​ෙය් විශේෂ නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 1100 කට රුපියල් ලක්ෂ 1100 ක සහන පොළී ‘විසිරි නිවාස ණය’ චෙක්පත් පිරිනැමීම සඳහාය.


මෙම අවස්ථාවට ඉන්දික බණ්ඩාරනායක නියෝජ්‍ය අමාත්‍යවරයා, ඩබ්ලිව්.කේ.කේ. අතුකෝරළ, අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. උත්සවයට පැමිණි අගමැතිවරයා ඇසුවේ ‘අද අපි මොනවද ලබා දෙන ප්‍රතිලාභ?’ කියාය. සජිත් කීවේ ‘ මෑතදී ජාත්‍යන්තර මට්ටමින් විශේෂ ක්‍රීඩා කුසලතා පිළිබිඹු කළ පිරිසකට හා ආබාධිත පුද්ගලයන් සිටින පවුලකට නිවාස ලබාදෙන බවය. අද සර් අතින් පවරා දෙනවා.’ කියායි. ‘බොහොම හොඳයි.’ අගමැතිවරයා කියද්දී සජිත් කීවේ ‘සර් ලබා දීපු රුපියල් ලක්ෂ 1000 ක ප්‍රතිපාදනවලින් මම තිස්සමහාරාමය, හම්බන්තොට, ලුණුගම්වෙහෙර, සූරියවැව කොට්ඨාශවල යොවුන් සේනාංක මධ්‍යස්ථාන 4 ක් හදනවා.’ කියාය. ‘එන්න ඕනෑ බලන්න....’ අගමැතිවරයා කතා කළේ ඉමහත් සතුටිනි.


 

කතානායක

 

‘මින්පසු පාපැදියෙන් පයින් ගොස් මහජන සේවයට කැපවෙන ගමේ ජනතාවගේ අවශ්‍යතා හොඳින් හඳුනන වෙද මහත්වරුන් ගොවියන් ගුරුවරුන් කම්කරුවන් වැනි සමාජ සේවයේ යෙදෙන සැබෑ පරාර්ථකාමීන්ට යළිත් දේශපාලනයේ දොර හැරෙනු ඇති.’  

 
කතානායකවරයා මෙම බලාපොරොත්තුව පළ කළේ මෑත කාලයේ දේශපාලන ලෝකයේ බොහෝ දෙනාගේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේද සුවිශේෂි අවධානයට ලක් වූ පනතක් වූ පළාත් පාලන ඡන්ද ක්‍රමය යළි කේවල ක්‍රමයකට සමගාමීව සංශෝධනයට ලක් කරමින් පසුගිය 25 වෙනිදා සම්මත කළ පළාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත බලාත්මක කරමින් ස්වකීය අත්සන තැබූ අගෝස්තු 31 වෙනිදාය. 


පළාත් පාලන විෂය භාර ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ද කැඳවාගත් හෙතෙම පනතට අත්සන් තැබුවේ බ්‍රහස්පතින්දාය. මනාප ඡන්ද ක්‍රමය නිසා මෙරට දේශපාලන සංස්කෘතියේ රාමුව විකෘති වීම සහ එම විෂම දේශපාලන සංස්කෘතියේ අමිහිරි මතකයන් පිළිබඳව සිහිකළ කථානායකවරයා එම ක්‍රමය වෙනස් කිරීම උදෙසා 2002 වසරේ සිට පැමිණි දුෂ්කර ගමනේදී සහාය වූ සියලු දේශපාලන පක්ෂ හා වෙනත් සමාජ කොටස්වලට සිය ස්තූතිය පළ කළේය.  



අදහස් (0)

රාජිතගේ විශ්වාසභංගයට එජාපය සූදානම්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 125 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 238 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 330 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 183 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site