IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රවිට එරෙහිව තොරතුරු දුන් ඇමැති කවුද ?

 

බැඳුම්කර සිද්ධිය ගැන විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේදී එක්තරා කාන්තාවක් නිවසක් පිළිබඳව දුන් තොරතුර මත ඇමැති රවි කරුණානායක විශාල අර්බුදයක පැටලී ඔහු දූෂිතයෙකු බවට චෝදනා කළ ඒකාබද්ධ විපක්ෂය ඔහුට එරෙහි විශ්වාසභංගයක්ද කතානායකට බාර දුන්නේය.   


මීට සතියකට පෙර ඇමැති රවි බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන්නේය. ‘නිවාස හෝ මුදල් හෝ ගැන මා දන්නේ නැහැ’ රවිගේ බොහෝ පිළිතුරුවල ගැබ්ව තිබුණේ එය ය. කෙසේ වෙතත් ඇමැති රවි ඉල්ලා අස්විය යුතුය යන හඬ ඉස්මතු විය.  
 ‘අප අමාරුවෙන් හදපු ආණ්ඩුව අපටම ගහනවා. මේක කුමන්ත්‍රණයක්. එජාප අයට වගේම හිටපු හොරුන් ගැන හොයන්න ජනාධිපති කොමිසම් පත් නොකරන්නේ ඇයි? එජාපයේ අප මේ කුමන්ත්‍රණයට එරෙහිව සංවිධානය වෙනවා.’ ඇමැති හරින් ප්‍රනාන්දු ද දැඩි ප්‍රහාරයක් දියත් කළේය.  


ඒ අතරේ ඇමැති රවි එජාප නායක, අගමැති රනිල් හමුවී පවතින පසුබිම ගැන සාකච්ඡා කළේය.  


 ‘ජනපතිවරණයේ දී අපේ සමහරුන් ඩබල් ගේම් ගහද්දී මා ඒක දිනන්න උපරිමයෙන් කැප වුණා. ම​ෙග් මුදල් ඇමැතිකමේ ආයතනත් දින 100 න් පස්සේ ගැලෙව්වා. ඒත් මා ජනතාවට සහන දුන්නා. ආණ්ඩුවට ආදායම් සොයා දුන්නා. පිටත වගෙම ඇතුළෙත් මට විරුද්ධ කුමන්ත්‍රණ ක්‍රියාත්මකයි.’ රවි කීය. අගමැතිවරයා ද එහිදී ඉතා සංවේදී වූ බව කියැවිණි.  


 ‘යමෙකු හොරකම් කර ඔප්පු වුණොත් ඔවුන් පක්ෂයේ හෝ ආණ්ඩුවේ හෝ තියාගන්න බැහැ. දූෂණයට විරුද්ධවයි. ජනතාව අපව පත් කළේ’ අගමැති කීය.  


‘අැත්ත දූෂිතයන්ට විරුද්ධව ක්‍රියා කළ යුතුයි. මා දූෂණ කර නැහැ. පෞද්ගලික ප්‍රශ්න මත කාන්තාවක් කියන දේකින් මාව මනින්න බැහැ.’ රවි කීය.  


අනතුරුව අගමැතිවරයා හැටන් හි උත්සව රැසකට එක් විය.  


 ‘හම්බන්තොට වරාය බිලියන 47 ක් පාඩුයි. ශ්‍රී ලංකන්වලට ඔරොත්තු නොදෙන විශාල යානා ගේන්න තව බිලියන 135 ක් විනාශ කරලා. අද රවි ගැන ලොකුවට කතා කරන ජනමාධ්‍ය රාජපක්ෂලාගේ දූෂණ ගැන එදා නිදා හිටියා.’ අගමැතිවරයා කීය.  


 සතියේ මුල ජනපති හා අගමැති හමුවී විශේෂ කරුණු කිහිපයක් ගැන කතාබහ කළහ. එහිදී ද රවිගේ ගැටලුව ගැන අවධානය යොමු කෙරිණ.  


බදාදා කැබිනට් හමුවට ඇමැති රවි පැමිණියේ නැත. එහෙත් ඒ හමුවෙන් පසු ජනපති - අගමැති හා රවි අතර හමුව සූදානම්ව තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේය. ඊට ඇමැති රාජිත ද එක්විය.  


 එහෙත් ඉන්පසු රවිගේ දුරකථනයට ඔහු පිළිතුරු නොදුන්නද සාකච්ඡාවේ නොසිටි වෙනත් ප්‍රබල ඇමැතිවරයෙකු අදාළ තොරතුරු ජනමාධ්‍යවලට දී ඇති බව කියවේ.  


 බ්‍රහස්පතින්දා හෝමාගම උත්සවයට යාමට පෙර අගමැතිවරයා අරලියගහ මැදුරට ආවේ හදිසි රාජකාරි කිහිපයක් ඉටුකර මැති ඇමැතිවරුන් හමුවීමටය.  


 ‘ඊයේ ජනාධිපතියි, ඔබතුමයි රවි අතරේ සාකච්ඡාවේදී මොකද වුණේ?’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේ අගමැතිගෙනි.  
‘රවීට එයාට කියන්න තිබෙන දේවල් කිව්වා. ජනාධිපතිටයි, මටයි කතා කර රවිගේ තීන්දුව කියන්නම් කියා කිව්වා.’ අගමැති කීය.  
‘රවි වැදගත් දෙයක් ඊයේ කිව්වා. මා නිර්දෝෂියි. හොරුන් බලපෑම් කළාට මා බය නැහැ. පක්ෂයයි, ආණ්ඩුවයි ගැන හිතා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගනිමු කිව්වා. මේ තීන්දුව ගන්න පරක්කු කළේ නැහැ කියලත් රවි කිව්වා.’ අගමැති පිළිතුරු දුන්නේය.  


‘එතකොට විශ්වාසභංගයට මොකද වෙන්නේ?’ දයා ගමගේ ඇසුවේය.  


‘ඒක කතානායකට බාරයි. ස්ථාවර නියෝග අනුව බැරි නම් ඒවා අත්හිටවල හරි ක්‍රියා කරමු කියලයි අගමැතිතුමා කිව්වේ.’ ලක්ෂ්මන් කිරිඇල්ල ඊට පිළිතුරු දුන්නේය.  


 ‘මහින්ද රාජපක්ෂ ඔබතුමාට කතා කළේ නැද්ද’ වජිර අබේවර්ධන විමසීය.  


 ‘මට මොකටද එයා කතා කරන්නේ? රවිට කතා කළාද දන්නේ නැහැ.’ අගමැති කීය.  


‘විශේෂ උසාවියක් වෙන් කරගෙන හරි දූෂිතයන්ට විරුද්ධව නඩු ඉක්මන් කරමුයි අජිත් පෙරේරාගේ අදහසට විජයදාස රාජපක්ෂ ඇමැතිතුමා විරුද්ධයි. ඒත් ජනතාව ඉන්නේ අජිත් පෙරේරාගේ පැත්තේ’ රන්ජන් රාමනායක කීය.  


‘යාපනේ විද්‍යා දැරිය දූෂණය විශේෂ කටයුත්තක් සේ සලකා විශේෂ අධිකරණයක නඩු අහනවා නම් රට කාපු හොරුන් ගැන විශේෂ අධිකරණ ඇති කළාම මොකද කියලයි. මිනිස්සු අහන්නේ.’ පි. හැරිසන් කීවෙ එවැන්නකි.  


 විජයදාස ඇමැතිතුමා හමබන්තොට වරාය බදු දී රට ණය බරින් ගලවා ගත්ත එකටත් විරුද්ධයි. දිවි හිමියෙන් වරාය බේරාගන්නවා කියලත් කියා තිබුණා.’ රන්ජන් රාමනායක කීය.  


‘බිත්තරය දැම්මා විතරයි. පැටියා එළියට එන තෙක් ඉවසන්න ඕනෑ. දැන් අනවශ්‍ය දේ කතා කර වැඩක් නැහැ. විපක්ෂයේ කතා ආණ්ඩුවේ ඉඳන් කර හරි යනවද? රවීගේ ප්‍රශ්නය මුලින් ඉවර කර ගනිමු.’ අගමැතිවරයා කීවේ මද කේන්තියකිනි.  


‘සමෘද්ධි කපනවා කියා විපක්ෂය මිනිස්සු අවුස්සලා. ඒකේ ක්‍රමවේදය තවත් විධිමත් කරන්නයි හදන්නේ කියා එස්.බී. කිව්වා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


 ‘ආවා කල්ලියේ නායකයා හා අනිත් අය ඇල්ලීමයි මත්ද්‍රව්‍ය තොග ගණන් ඇල්ලීමයි ලොකු දෙයක්. සාගලයි-පොලිසියයි ඒක නම් හරියටම කළා.’ දයා ගමගේ කීවේය.  


කතානායක  
8 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අසුන් ගත් දිනයේ සිටම තමා බෙහෙවින් වෙහෙසුන කටයුත්තක සාර්ථක ඉදිරි පියවරක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර ධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත පසුගිය සතියේ කතානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ තැබීය.  


එය ඉදිරිපත් කරමින් හෙතෙම සඳහන් කළේ ‘ව්‍යවස්ථාදායකයේ අභිමානය සහ ගෞරවය ආරක්ෂා වන පිණිසත්, ව්‍යවස්ථාදායකයෙන් අපේක්ෂා කරනු ලබන විශිෂ්ටතා මට්ටම සම්බන්ධයෙන් මහජන විශ්වාසය ඇතිකිරීම පිණිසත්, මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවේ කැපවීම සහතික කිරීම පිණිසත්, අවශ්‍ය වන්නා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යා ධර්ම සංග්‍රහයේ අවසාන කෙටුම්පත ඉදිරිපත් කිරීම ඓතිහාසික අවස්ථාවක් බවයි.’  


විවිධාකාර දේශීය විදේශීය විද්වතුන්, විශේෂඥයන් විමසීමෙන් ඉදිරිපත් කළ අදහස්ද, මැනවින් අධ්‍යයනය කර කෙටුම්පතක් වශයෙන් සකස් කර මීට මාස කිහිපයකට පෙර සෑම මන්ත්‍රීවරයකුටම ලබාදීමෙන් අනතුරුව ලැබුණු විවිධ අදහස්, යෝජනා සියල්ලම සලකා බලා අවසාන වශයෙන් නීති කෙටුම්පත් සම්පාදකවරයාගේද සහාය ඇතිව යථා පරිදි සකස් කරන ලද කෙටුම්පත එලෙස ඉදිරිපත් කරන ලද බව ද කතානායකවරයා සඳහන් කළේය.  


රවි කරුණානායක ඇමැතිවරයා සම්බන්ධව ගෙන ආ විශ්වාසභංගය සම්බන්ධව කතානායකවරයාගේ තීරණය බ්‍රහස්පතින්දා වන විට අපේක්ෂා කෙරුණු නමුත් එම තීරණය දැනුම් දීමට පෙර විශේෂ ප්‍රකාශයක් කළ ඇමැතිවරයා එදින ඉල්ලා අස්විය.  


ඊට පෙර දින ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ තමා ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු පස්දෙනා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල​ෙයන් ඉවත්වීම ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට කෙබඳු බලපෑමක් කරන්නේද යන තීරණය දැනුම් දෙන ලෙසයි.  


මෙහිදී කතානායකවරයා දැනුම් දුන්​ෙන් ඔවුන්​ෙග් ඉවත්වීම ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට බලපෑමක් නොකරන බවයි. එහෙත් වීරවංශ මන්ත්‍රීවරයා ඉන් සෑහීමකට පත් නොවූ බව පෙන්වීය. මෙම කරුණු සම්බන්ධව කතානායකවරයාට නීති උපදෙස් දෙන අයගෙන් ප්‍රවේශම් වන ලෙස ඔහු සඳහන් කළේ ඒ බව පළ කරමිනි.  


 නමුත් තමා ප්‍රාමාණික බුද්ධිමතුන්ගෙන් සහ උගතුන්ගෙන් සෑම විටම කතානායක ලෙස නීතිමය උපදෙස් ලබාගන්නා බව කතානායකවරයා පැවැසූ පසු විමල් වීරවංශ මන්ත්‍රීවරයා නිහඬ වනු පෙනිණි. මේ අතර ගෙවුණු සතියේ ශ්‍රී ලංකාවට පැමිණි තුර්කියේ හිටපු අග්‍රාමාත්‍ය සහ කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙන්ම ප්‍රකට විද්වතකු වූ මහාචාර්ය අහමඩ් ඔව්ටොග්ලු මහතා එම මහත්මිය ඇතුළු දූත පිරිස අඟහරුවාදා කතානායකවරයා හමු වූ​යේ කතානායක නිල නිවසේ දී ය. 


 

මානාභරණගම විවෘත වෙයි

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුවේදී 35 වැනි උදා ගම්මානය වන ‘‘මානාභරණගම’’ ජනතා අයිතියට පත් කිරීම සඳහා පැවැති උත්සවයට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ඇරයුම පිළිගෙන පැමිණ සිටි විශේෂ අමුත්තන් දෙදෙනකු වූයේ වනජීවී හා තිරසාර සංවර්ධන නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරිය. සමරු ඵලකය විවෘත කිරීමෙන් පසු ගම්මානයේ නිවාස 33ටම මේ අමුත්තන් දෙදෙනා සජිත් සමග පැමිණීම විශේෂ සිද්ධියක් විය.   


අලුත් නිවාස පෙළ හා ගෙවතු වගා නිරීක්ෂණය කරමින් ඇවිද යද්දී සුමේධා කීවේ  ‘‘සජිත් ඔයා නම් තාත්තා වගේම උනන්දුවෙන් මේ වැඩේ කරනවා. අපි එ් කාලෙම දැනගෙන හිටියා ප්‍රේමදාස ජනාධිපතිතුමා මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්න ගත්තු වෙහෙස ගැන. දැනටමත් ඔයා තාත්තාට නොදෙවෙනි වෙන්න වැඩ’’ කියාය. සජිත් පිළිතුරු දෙමින් කීවේ, ‘‘මාව තාත්තට සම කරන්න නම් අමාරුයි. ඒත් මාව මේ තැන තියපු ජනාධිපතිතුමාගෙත්, අගමැතිතුමාගෙත්, රටේ ජනතාවගෙත් ගෞරවය රැකෙන විදියට මට කරන්න පුළුවන් දේ උපරිමයෙන් මම කරනවා’’ කියාය.  


 

චීනයේ යුනෙස්කෝ ලොක්කාගෙන් අධ්‍යාපනයට උදව්

මහජන චීනය නි​යෝජනය කරමින් යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා තරග වදින ආචාර්ය කියු ටෑන් මහතා හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා දින පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ය. එහිදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා වර්තමාන රජය ගෙන යන වැඩපිළිවෙළ ගැනත්, ඒ සඳහා යුනෙස්කෝ සංවිධානයට දැක්විය හැකි දායකත්වය ගැනත්, ශ්‍රී ලංකාවේ තිබෙන ලෝක උරුමයන් සංරක්ෂණය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගැනත් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා විය.  


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන දිවයිනේ පිහිටි වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවය එළඹෙන 15 වැනි දින අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, මෙම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සම්බන්ධ වගකීම බාර ඇමැතිවරයා විදියට අකිල පසුගිය දින කීපයේදීම එම උත්සවයෙහි සංවිධාන කටයුතු පිළිබඳව සොයා බැලුවේය. එවකට සංස්කෘතික අරමුදලේ ඍජු මැදිහත්වීම මත ක්‍රියාත්මක වන මේ වැඩපිළිවෙළ යටතේ ඓතිහාසික වෙහෙර විහාරස්ථාන විශාල සංඛ්‍යාවක් සංරක්ෂණය කිරීමට නියමිතය. එහි ප්‍රමුඛ අදියර යටතේ ලබන 15 වැනි දින පැවැත්වෙන සමාරම්භක උත්සවයේදී වෙහෙර විහාරස්ථාන 150ක් සංරක්ෂණය කිරීම සඳහා රුපියල් මිලියන 440ක මුදලක් පරිත්‍යාග කිරීමට නියමිතය. මේ අනුව එක් විහාරස්ථානයක් සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වෙන් කරනු ඇත.


පසුගිය 09 වැනිදා සහෝදරත්වයේ නගර සම්බන්ධතාව නම් වැඩසටහන යටතේ චීනයේ ජීෂාන් නගරය හා මොනරාගල අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිණි. මහජන චීන සමූහාණ්ඩුවේ නිලධාරීන් මේ සඳහා සම්බන්ධ වූ අතර, ඔවුන් වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් රංජිත්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. මෙරට සාම්ප්‍රදායික ලුණු මිරිස් පදමට සැකසූ කෑම/බීමවලින් යුක්ත වූ මෙම සංග්‍රහය මහත් ආශාවෙන් භුක්ති විඳි චීන නියෝජිත පිරිසේ මුහුණු රත් පැහැ ගැන්වී තිබිණි. මිරිස් සැරෙන් වඩාත් අපහසුතාවට පත්ව සිටි නියෝජිත පිරිස අසලට සිනහවෙමින් එන අමාත්‍යවරයා දුටු ඔවුන් සඳහන් කළේ ‘‘අපි ආවෙ ඔබතුමාගේ ගමට සහයෝගය දෙන්න. ඔබ අපට දුන්නේ අපේ මූණු රතු වෙන්න නේද’’ කියායි. එවිට අමාත්‍යවරයා සිනහව මැඩගෙන සඳහන් කළේ ‘‘අපි ඔබේ රටට ආවම ඔබගේ කෑම කනව. ඔයගොල්ලො මෙහෙ ආවම මෙහේ විදියට කන්න. එතකොට තමයි වෙනස තේරෙන්නේ’’ මෙය අසා සිටි නියෝජිතයන් මහ හඬින් සිනාසුණේ කඳුළු පිස දමමිනි.  



අදහස් (0)

රවිට එරෙහිව තොරතුරු දුන් ඇමැති කවුද ?

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 156 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 245 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 300 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site