IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මුලින්ම මගේ නියෝගය පිළිගන්න

ජනපති එජාපයේ නායකයන්ට කියයි

ගෙවී ගිය සති දෙකේම සිකුරාදා දිනය ආන්දෝලනාත්මක දිනයක් විය. ජනාධිපතිවරයා රටම කළඹන තීන්දු තීරණ කිහිපයක් ගත්තේ ද සිකුරාදා දිනයේ වීම විශේෂත්වයකි. ඉකුත් 26 වැනිදා සිකුරාදා දිනයේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට හිටි හැටියේම පත් කළේ රටම පුදුමයට පත් කරමිනි. ජනාධිපතිරයා හදිසියේම පර්ලිමේන්තුව විසුරුව හැරියේ ද ඉකුත් 2 වැනිදා සිකුරාදා හැන්දෑවේය.   


එදින හැන්දෑවේ 5.30ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හදිසියේම තීන්දු කළේය. සුසිල් ප්‍රේමජයන්ත, විජයදාස රාජපක්ෂ, ඩිලාන් පෙරේරා යන මහත්වරුන් හා නීතිඥයින් කණ්ඩායමක් ද සමග ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.   
ජනාධිපතිවරයා නීතිඥයින් සමග සාකච්ඡා කරමින් සිටින අතරේ ජනාධිපති කාර්යාලයේම තවත් කාමරයක ලක්ෂ්මන් යාපා සහ නිමල් ලන්සා යන මන්ත්‍රීවරුන් රැඳී සිටියේ රජයේ මුද්‍රණාලයකට යාමේ සූදානමිනි.   


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර ජනාධිපතිවරයාට තවත් අත්‍යාවශ්‍ය පියවර කිහිපයක් ගැනීමට තිබිණි. එකක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර කැබිනට් මණ්ඩලය පත් කර අවසන් කර ගැනීමය. දෙවැන්න රජයේ මුද්‍රණාලයට ගැසට් නිවේදනය එන බව දැනුම් දී එහි ආරක්ෂාව තර කිරීමය.   
කැබිනට් මණ්ඩලයේ ඒ වන විට දිවුරුම් දී තිබු​ෙණ් අැමැතිවරුන් විසි දෙදෙනෙකු පමණි. ඒ වන විට පත් කර තිබූ රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකුට පැමිණ කැබිනට් ඇමැති ධුරවල දිවුරුම් දෙන ලෙස ජනාධිපතිවරයා දන්වා තිබේ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, එස්.එම්. චන්ද්‍රසේන, සී.බී. රත්නායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිස්බුල්ලා යන මන්ත්‍රීවරු හවස 6.00ට පමණ ජනාධිපති කාර්යාලයට පැමිණ කැබිනට් ඇමැතිවරුන් ලෙස දිවුරුම් දුන්හ.   


ගාමිණී ලොකුගේ සහ මහින්ද යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන් දෙදෙනාට ද වහා පැමිණ ඇමති ධුරවල දිවුරුම් දෙන ලෙස දන්වා තිබුණ ද ඔවුන් ඒ වන විට සිටියේ කොළඹින් බැහැරවය.   


මහින්ද යාපා මාතර මාකඳුරට ගොස් සිටි අතර, ලොකුගේ ද කොළඹින් පිට සිටියේය. ඔවුන් දෙදෙනාට රෑ 8.00 වන විට ජනාධිපති නිල නිවසට එන ලෙස ජනාධිපති කාර්යාලයට දුරකථනයෙන් දන්වා තිබිණි. ඒ අනුව මහින්දයාපාත් ලොකුගේත් රෑ 8.00 වෙද්දි මහගමසේකර මාවතේ නිල නිවසට පැමිණ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ කැබිනට් ඇමැතිවරුන් වශයෙනි.   


ලොකුගේ සහ මහින්දායාපා දිවුරුම් දීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය සම්පූර්ණ විය. ඔවුන් දිවුරුම් දුන් වහාම ජනාධිපතිවරයා රාත්‍රී 8.45ට පමණ සිය නිල නිවසේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනයට අත්සන් කළේය. එය රජයේ මුද්‍රණාලයට යවනු ලැබුවේ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු මාර්ගයෙනි.   
අනතුරුව රාත්‍රී 12.00ට පමණ රජයේ මුද්‍රණාලයට ගිය ලක්ෂ්මන් යාපා, සුසන්ත පුංචි නිලමේ සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන තිදෙනාම ගැසට් නිවේදනයේ පිටපතක් ගෙන මාධ්‍යයට ද පෙන්නා කෙළින්ම විජේරාම මාවතේ නිල නිවසට ගියේ අගමැති මහින්දට එය පෙන්වන්නටය. ඒ වන විට මහින්ද ද නින්දට නොගොස් ගැසට් එක එන තෙක් බලා සිටියේය. මහින්දට ගැසට් එක දී මන්ත්‍රීවරුන් තිදෙනා නැවත බත්තරමුල්ලේ පිහිටි බැසිල් රාජපක්ෂ මහතාගේ නිවසට ගියේ බැසිල්ට ද එහි පිටපතක් දෙන්නටය. ඔවුන් යන විට අතුරලියේ රතන හිමියෝ ද උදය ගම්මන්පිල ඇතුළු නීතිඥයෝ පිරිසක් ද බැසිල් සමග සාකච්ඡාවක යෙදී සිටියහ.   


ආණ්ඩුවේ පක්ෂ නායකයින් බදාදා රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද දිනේෂ්, බන්දුල, විමල්, ඩලස්, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, එස්.බී., අනුර යාපා, සුසිල්, උදය, මහින්දානන්ද, ඩිලාන්, සී.බී., බැසිල්, වාසුදේව ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ. මුලින්ම කතා බහට ලක් වූයේ එදින සවස පාර්ලිමේන්තුවේ දී කතා නායකවරයා හැසිරුණු ආකාරය ගැනය. මරණාධාර සමිතියකට සභාපති කෙනෙකුවත් ඉවත් කිරීමට මෙවැනි ආකාරයට කටයුතු කර නැතැයි පක්ෂ නායකයෝ කියා සිටියහ.   


මේ අතර පහුවදා පාර්ලිමේන්තුවේ දී ද මෙවැනිම ආකාරයට හැසිරිය හැකි බැවින් සැසිවාරය කල් තබන්නැයි පක්ෂ නායකයින් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය ද තවත් පිරිසක් කියා සිටියේ සැසි වාරය කල් තැබීම අනවශ්‍ය බවය.   


පාර්ලිමේන්තුවට ගොස් ඊට මුහුණ දිය යුතු බව ඔවුහු කියා සිටියහ. බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ද කීවේ ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේම බොහෝ දේ කළ බැවින් එතුමා සැසිය කල් දැමීම අවශ්‍ය නොවන බවය. මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට ගොස් මේ අභියෝගයට මුහුණ දිය හැකි බව බැසිල් ද කීවේය.   


ඒ අතර ජනාධිපතිවරයා අගමැති මහින්දට කීවේ අගමැතිවරයා ලෙස පහුවදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරන ලෙසය.   


මේ අතර ජනාධිපතිවරයා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ බවට එවන ලද ලිපිය ගැනත් අත්සන් ලේඛනය ගැනත් කීවේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා ලෙස තමාට පැවරී ඇති බල තල අභියෝගයකට ලක් කරමිනුයි කතා නායකවරයා මේ ලිපිය එවල තියෙන්නේ. මම නීති උපදෙස් අරගෙන අදම මේකට පිළිතුරු යවනවා. පාර්ලිමේන්තු කතා නායකවරයෙකු කවදාවත් මෙහෙම හැසිරිලා නැහැ. මේක තනිකරම යූ.එන්.පිය. වෙනුවෙන් පෙනී සිටීමක්. මම අද රෑට මේකට පිළිතුරු ලිපියක් යවනවා. ඒක හෙට පාර්ලිමේන්තුව රැස් වුණාම කතා නායකවරයාට කියවන්න වෙනවා යැයි ජනාධිපතිවරයා කීවේ කථානායකවරයා විසින් එවන ලද ලිපිය දැඩි දෝෂ දර්ශනයට ලක් කරමිනි.  


ඒ අනුව ජනාධිපතිවරයා කථානායකවරයාගේ ලිපියට හැරෙන තැපෑලෙන්ම එදින රාත්‍රියේ පිටු දෙකක ලිපියක් යැවීය. ලිපිය ජනාධිපති කාර්ය මණ්ඩලයේ අයකු විසින් කථානායකවරයාගේ නිවෙසටම ගොස් බාර දී තිබිණි. ජනාධිපතිවරයා සිය ලිපිය මඟින් කථානායකවරයාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක්කර තිබිණි. කතානායකවරයා ද පසුවදාම ජනාධිපතිවරයා වෙත යළි පිළිතුරු ලිපියක් යැවීය.  


 කථානායක එජනිස නායකයෝ ජනපති හමුවෙති 


ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා කතානායක කරු ජයසූරිය මහතාත්, විපක්ෂ නායක අාර්. සම්පන්දන් මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝත් ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ. සාකච්ඡා පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේය. සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර එහි පැමිණි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ටික වේලාවකින් පිටව ගියේය. ඔහු කීවේ තමා එහි පැමිණියේ ජනාධිපතිවරයා සමග පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමක් යැයි සිතා බවය. එහෙත් එය එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් නිසා ඊට නොසිට පිටව යන බව ඔහු කියා තිබිණි.  


සාකච්ඡාව සවස 5.00ට ආරම්භ විය. එක්සත් ජාතික පෙරමුණෙන් සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත, පාඨලී චම්පික රණවක, කබීර් හෂීම්, අකිල විරාජ්, තලතා අතුකෝරල, මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. ජනාධිපතිවරයා සාකච්ඡාව ආරම්භ කරත්ම, රනිල් වික්‍රමසිංහ මහතා කිසිම හේතුවක් මත නැවත අගමැති ධුරයට පත් නොකරන බව කියමිනි. රනිල් එක්ක ආණ්ඩු කරන්න මම ලෑස්ති නැහැ. ජනාධිපතිවරයා කීවේය.  


අනතුරුව ජනාධිපතිවරයා කලින් දින පාර්ලිමේන්තුවේ කටයුතු සිදු වූ ආකාරය ගැන දැඩි විවේචනයක් ද කළේය. ‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මට අගමැතිවරයකු පත් කරන්න පුළුවන්. එය ව්‍යවස්ථාව කඩ කිරීමක් නෙවෙයි. අගමැතිවරයා ඉවත් කරන්න අවශ්‍ය නම් විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන්. ඒකත් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා ඔයාලා ඉස්සෙල්ලාම මගේ නියෝගය පිළිගන්න’’ ජනාධිපතිවරයා කීවේය.  

 


 කතානායකවරයා කීවේ තමා කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ වරප්‍රසාද වෙනුවෙන් බවය. කලින් දිනයේ පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනා දෙකෙන් පළමු යෝජනාව සම්පූර්ණයෙන් වැරැදි බව ජනාධිපතිවරයා කීවේය. රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේ පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු බවය. ජනාධිපතිවරයා කීවේ, තමත් හැමවිටම කටයුතු කරන්නේ ව්‍යවස්ථාවට අනුව බවය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින්, විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් සම්මත කර බහුතර බලය පෙන්වන්නේ නම් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට තමන් සූදානම් බවද්‍ ජනාධිපතිවරයා කීවේය.  


චම්පික රණවක කීවේ මෙය පුද්ගලයින් පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවය. මෙය පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ ප්‍රශ්නයක් බව චම්පික කීවේය. මේ අතර, විපක්ෂ නායක සම්පන්දන් කීවේ, තමන් ඇතුළු කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංගයට සහාය දෙන බවය. එහෙත් නව අගමැතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ මැදිහත්වීමක් නැති බව සම්පන්දන් කීවේය. සාකච්ඡාව හවස 6.30 පමණ වන තෙක් පැය එක හමාරක් තිස්සේ පැවැත්වුණ ද සාධනීය විසඳුමක් නොලැබුණ බව පැහැදිලි වූයේ පසුවදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙනි.



අදහස් (0)

මුලින්ම මගේ නියෝගය පිළිගන්න

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 176 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site