IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහනුවරින් එජාප ඡන්ද සටන අරඹයි

 

පළාත් පාලන මැතිවරණයේ එජාප ඡන්ද සටන සතියකට පෙර මහනුවරදී අගමැතිවරයා ආරම්භ කළේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සංවිධානය කළ දැවැන්ත රැලිය සමගිනි.   


රැලියේ සාර්ථකත්වය ගැන අගමැති කිරිඇල්ලට ප්‍රශංසා කළ අතර එජාපයේ සියලු දෙනා සිටියේ බලවත් සතුටකිනි.   


"මහ රෑ වෙනකම් රැලියේ සෙනඟ හිටියා. තරුණයන් එළිවෙනකම් නැටුවා" කිරිඇල්ල කීය.   


පසුගිය සතිය පුරා ජනාධිපතිවරයා, එජාපය හා වෙනත් පක්ෂ ඉලක්ක කරමින් රට පුරා රැලි ගණනාවකදී දැඩි ප්‍රහාරාත්මක ස්වරූපයක් අනුගමනය කළ අතර එ් හැසිරීම ගැන විවිධ විග්‍රහ එජාපය මෙන්ම සෙසු පක්ෂ තුළින්ද එළිදකින්නට විය.   


ඒ අතරේ පසුගිය සති අන්තයේ ෂැංග්‍රිලා හෝටලයේ විශේෂ විවාහයක් සිදුවිය. ඒ හිටපු ඇමැති හා වත්මන් නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම හා බිරිඳ දීප්තිගේ එකම පුතුගේ විවාහයයි.   


ඊට සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළේ ජනපති හා අගමැතිය. මැති ඇමැතිවරු ආරක්ෂක අංශ ප්‍රධානීහු, තානාපතිවරු, ව්‍යාපාරිකයන් ඇතුළු විශේෂ පිරිසක් එ් අවස්ථාවට එක්වූහ. අත්සන් කර අගමැතිවරයා නික්ම ගියේ වෙනත් රාජකාරි සඳහාය. එහෙත් ජනපති මඳ වේලාවක් රැඳී සිටි අතර එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා ජනපතිට සමීප වී කතා බහ කළේය.   


“ඔබතුමා ආර්ථිකය අතට ගන්නවා කියා ළඟදී කිව්ව එක එජාපයට හරියට පැහැදිළි නැහැ. මොකක්ද ඒ කිවුවේ? හර්ෂ ඇසුවේය.   
“ආර්ථිකය මෙහෙය වන්නේ එජාපයනේ? පොඩි පොඩි ගැටලු ආපු නිසා මගේ මූලිකත්වයෙන් ආර්ථික කමිටුව ළඟදී දැම්මනේ? ඒකට වැඩි බලතල ටිකක් දෙන්න මා කල්පනා කළා. එච්චරයි” ජනපතිවරයා කීවේය.   


ගෙවී ගිය සතියේ ආසියාවේ ප්‍රබලම ආර්ථික හා වේගවත් සංවර්ධනය හිමි සිංගප්පූරු හා ඉන්දුනීසියානු නායකයන් දෙදෙනාම සිය ඉන්දීය සංචාරය අතරතුර ශ්‍රී ලංකාවටත් පැමිණීම විශේෂ සිද්ධිය විය.   


ජනපති හා අගමැති හමුවූ ඔවුන් දෙදෙනා ද්විපාර්ශ්වික ගිවිසුම් හා ආර්ථික ප්‍රතිලාභ රැසක් ශ්‍රී ලංකාවට දීමේ එකඟතාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව තුළ අයෝජන සඳහා එම රටවල ව්‍යාපාරිකයන් දිරි ගැන්වීමටද ඔවුහු එකඟත්වයකට පැමිණ තිබේ.   


මෙම වසර මැදදී රුසියාවේ පැවැත්වෙන ලෝක පාපන්දු තරගාවලියේ ශූරයන් සඳහා පිදෙන ශූරතාව රටවල් 51ක් තුළ සංචාරය කොට රුසියාවට යැවීමට එම සංවිධායකයන් ක්‍රියා කළ අතර එහි මුල්ම රට ලෙස ශ්‍රී ලංකාවට එම ශූරතාව ගෙන ඒමද පසුගිය සතියේ මෙරටේ නම ලොව පුරා ප්‍රචලිත වීමට බලපෑ විශේෂ හේතුවක් විය. ජනපති මෙන්ම අගමැතිවරයා හමුවටද එම ශූරතාව ගෙනැවිත් සුබපැතුම් ලබාගැනීමට සංවිධායකයන් ක්‍රියා කළහ.   


එජාප මැතිවරණ සටනේ රැලි සඳහා අගමැතිවරයා රට පුරා යන අතරේ බ්‍රහස්පතින්දා සුපුරුදු ලෙස අරලියගහ මැදුරට පැමිණියේ ජපන් ආයෝජකයන් පිරිසක් හමුවීමටය. මුලින් ජනපති හමුවූ ඔවුහු අනතුරුව අරලියගහ මැදුරට පැමිණි අතර ජපන් ආයෝජන රැසකට එහිදී පදනම වැටිණ.   


අනතුරුව අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණ සිටි මැති ඇමැතිවරුන් හා පක්ෂයේ හිතවතුන් සමගද කතාබහ කළේය.   
"බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න කියා බෙරිහන් දීපු විපක්ෂය ඒක පාර්ලිමේන්තුවට එව්වම දැන් කියනවා කොළ අඩුයි, කියා" දයා ගමගේ කතාවට මුල පිරුවේය.   


"සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට එවපු බවට ජනාධිපති කාර්යාලය කතානායකතුමාට කියා තිබෙනවා. ඒ නිසා මේක සම්පූර්ණ වාර්තාව ලෙස පිළිගැනීම එජාප ස්ථාවරයයි. කොළ අඩුයි කියා මෙයාල චෝදනා කරනවා නම් විවාදය දෙන්න බැහැ කියා මා පාර්ලිමේන්තුවේදී කිව්වා" ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාසෙමිනි.   


"ජනාධිපති ලේකම් කාර්යාලය සම්පූර්ණ වාර්තාව එව්වා කියා කිව්වත් ජනාධිපතිතුමා රැස්වීමක කිව්වේ විත්තිකරුවන්ට වාසි වෙන නිසා යම් පිටු සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට යැව්වේ නැහැ කියලයි. එතැන පොඩි පරස්පරයක් තිබෙනවා නේද? ගයන්ත කරුණාතිලක සෘජුවම ඇසුවේ අගමැතිගෙනි.   


"පාර්ලිමේන්තුවට වාර්තාව එවනවිට පිටු අඩු කරන්න බැහැ. 

එහෙම වුණොත් පාර්ලිමේන්තුව හෑල්ලු වෙනවා. එහෙම අඩු කළා නම් ඒකේ පොඩි ගැටලුවකුත් තිබෙනවා.   


මට ආරංචි විධියට කොමිසමට දීපු සාක්කි එවා නැහැ. ඒ ගැන විපක්ෂය අපෙන් අහළා හරි යන්නෙ නැහැ අගමැතිවරයා සිය මතය එළිදැක්වීය.   


“දූෂණ විරෝධී පෙරමුණක් හදන බව ජනාධිපතිතුමා හා ඒ වේදිකාවේ දැන් කියන සටන් පාඨයයි. ඒකට ජනතාවත් කැමතියි. ඒක නැඟලා යන සටන් පාඨයක්" දයා ගමගේ කීය.   


"2015 ජනවාරිවල බිහි වුණේ දූෂණ විරෝධී පෙරමුණ තමයි" ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාසෙමිනි.   


"එහෙත් බැඳුම්කරය හරහා මේ ආණ්ඩුවටත් පහරක් වැදුණානේ. ඒක දූෂණ විරෝධී ආණ්ඩු කිරි කළයට වැටුණු ගොම බින්දුවක් වූවා. මාධ්‍යයි, මිනිස්සුයි, පරණ හොරුයි ඔක්කොම දැන් බැඳුම්කරය ගැන කතා කළාට පරණ මහා පරිමාණ හොරකම් කාටත් අමතකයි. ඒක පුදුම වැඩක්" ගයන්ත කරුණාතිලක කීවේය.   


"ඒ තත්ත්වය ඇති වෙන්න අපත් වගකියන්න ඕනෑ. පසුගිය රජයේ දේවල් කැලෑ නීතිය නැතුව ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න ගිය නිසයි, මේ තත්ත්වය ඇති වුණේ. ඒකට කරන්න දෙයක් නැහැ" වජිර අබේවර්ධන කීවේ එවැන්නකි.   


"ගෝඨාභය අත්අඩංගුවට ගන්න යන නිසා රට පනින්න කියා ජනාධිපතිතුමා එයාට උපදෙස් දුන් බව ඉසුර දේවප්‍රිය කියපු එකට ශ්‍රීලනිප කවුරුවත් තාම උත්තර දුන්නේ හෝ ප්‍රතික්ෂේප කළේ හෝ නැහැ. මොකද වේදිකාවල ලොකු කතා කිව්වට මිනීමරුවන් හා දූෂිතයන් රකින්නේ කවුද කියා මිනිස්සු අපෙන් අහනවා" ලක්ෂ්මන් කිරිඇල්ලගේ විග්‍රහයට අගමැති ඇතුළු සියලු දෙනාගේ එකඟත්වය හිමිවිය.   
"රනිලුයි - මෛත්‍රීයි කතාවෙලා තරහ බව රටට පෙන්නා දෙපැත්තෙන් ගිහින් ඡන්ද එකතු කරනවා කියා ජවිපෙ කියා ගෙන යනවා" නවීන් දිසානායක කීය.   


"ඒක ඇත්ත කියලත් මිනිස්සුත් හිතනවා. දෙන්න වේදිකාවල බැන ගත්තට එකට මඟුල් ගෙවල්වල, උත්සවවල, කැබිනට් එකේ ඉන්නවානේ?’’ දයා ගමගේ කීවේ සිනාසෙමිනි.   


“ජනාධිපතිතුමා මා ගැන හෝ එජාපය ගැන සෘජුව හෝ වක්‍රව ඉලක්ක කර මොනව කිව්වද නැද්ද දන්නේ නැහැ. ඒත් මා නම් ජනාධිපති හෝ ඒ පක්ෂය හෝ ඉලක්ක කර වචනයක්වත් තාම කියා නැහැ. අගමැති කී විට, ඒ ඉවසීම තවදුරත් පවත්වා ගෙන යාමේ වැදගත්කම එහි සිටි බොහෝ දෙනෙක් ​ෙපන්වා දුන්හ.   


"අනුන්ගේ ප්‍රශ්න ශ්‍රීලනිපයේ අය ලොකුවට කතා කළාට ගුරුවරිය දණ ගස්සපු කෙනා දැන් ආණමඩුවේ සංවිධායකයි. ළඟදී විදුහල්පති දණ ගස්සපු මහ ඇමැති බොරු ගේම් ගහලා බේරන්න හදන එක ගැනත් රට පුරා මිනිස්සු විරුද්ධයි" බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේය.   


"ඩිලාන් පෙරේරයි, නිමල් සිරිපාලයි, මහ ඇමැති රකින දොරටු පාලකයන් වෙලා. ඒ පැත්තේ මිනිස්සු කියන කතා මට මෙතන කියන්නත් අමාරුයි" චමින්ද විජේසිරි තවදුරටත් කීවේ අගමැතිවරයාටය.   


"මේ ඡන්දයේ දී වේදිකාවෙදී ගහ ගන්නේ ශ්‍රීලනිප හා පොහොට්ටුවයි. එජාපය මේක මැද්දට පනින්නේ නැතුව අපේ ගමන යමු" නවීන් දිසානායක කීය.   


ජනපතිට ලැබුණු දූෂණ - වංචා කොමිසමේ චෝදනා 34ට අදාළ නිර්දේශ තුළ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාද තිබෙන බවත් එහිදී එළිවිය.   


අතීතයේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි වූයේද, මෙවැනිම කොමිසමකින් කරන ලද නිර්දේශ මත පදනම්ව බවට ද එහිදී මත පළවිය.   


"දොස්තරලත් දැන් හංදි ගානේ ඉන්න රස්තියාදුකාරයෝ වගේ ගහ ගන්නවා. කලිසම් ඉරා ගන්නවා. ඒ මදිවාට ඡන්දයට බලපෑම් කරන්න ආපහු ශිෂ්‍යයෝ පාරට දාලා විරෝධතා සංවිධානය කරනවා. මේ විකාර ගැන ජනතාව තීන්දු ගන්නා තත්ත්වය දැන් තිබෙන්නේ යැයි ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ සියලු දෙනා අනුමත කළහ.



අදහස් (0)

මහනුවරින් එජාප ඡන්ද සටන අරඹයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 162 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site