IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රීවරුන්ට භාවනා පුහුණුවක්

 

අඟහරුවාදා ජාතික වෙසක් නිල උත්සවය සඳහා කෑගල්ල, වට්ටාරම අරහත්ත මලියදේව රජමහා විහාරය වෙත ගිය ජනපති හා කතානායක දෙපල උත්සවය නිමවූ විගසින්ම කොළඹ බලා පිටත් වූයේ සම්බුද්ධාලෝක විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැති වෙසක් කලාපයේ සමාරම්භක අවස්ථාවටද එක්වීමටය.


 වෙසක් පුර පසළොස්වක පොහෝ දින එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සමගාමීව බස්නාහිර මහ නගර සංවර්ධන අමාත්‍යංශය, කතානායක කාර්යාලය සහ පාර්ලිමේන්තුව එක්ව සංවිධානය කළ දියවන්නා වෙසක් කලාපයේ සමාරම්භය සිදු වුණේ  කතානායකවරයාගේ  ප්‍රධානත්වයෙනි.


එදින යන්තම් ඇඳිරි වැටෙන විටත් දියවන්නා අවට භූමිය අතුරු සිදුරු නැතිව මහා ජන ගංගාවකින් පිරීගොස් තිබිණි.


 වෙසක් කලාපය පුළුල් ප්‍රදේශයක විසිරී තිබූ බැවින් දියත උයනේ සිට සියලු ප්‍රධාන ස්ථාන වෙත කතානායකවරයා කැඳවාගෙන ගිය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා අවසන් මොහොත දක්වාම අවශ්‍ය උපදෙස් ලබා දෙමින් කටයුතු කළ ආකාරය අගය කළ කරු ජයසූරිය මහතා පැවසුවේ රජයේ මුදල් වියදම් නොකර මෙතරම් විචිත්‍රවත් දැවැන්ත කාර්යයක් සංවිධානය කිරීමට පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පුරෝගාමී වීම කාහටත් ආදර්ශයක් බවයි.


 වෙසක් දින රාත්‍රියේ පෙහෙවස් සමාදන් වූ දහසකට අධික පිරිසක් පසුදින අළුයම විශේෂ භාවනාමය වැඩසටහනකට එක්වුණේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදීය.


 කතානායකවරයා සහ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා උදෑසනම එහි යන විට පිරිස දැඩිව භාවනාවේ  නිමග්නව සිටි අතර හඬ නොනැගෙන සේ ඔවුන් අතරට එක්වූ එම දෙපලද හෝරාවක් පමණ පිරිස සමඟ භාවනාවේ නිරතව සිටියහ. භාවනා වැඩසටහන මෙහෙය වූ මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය උඩඊරියගම ධම්මජීව හිමියන් කතානායකවරයාට කීවේ “දැන් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙත් ආරම්භයේදී ටික වේලාවක් භාවනා කරනවා. ඒක අපේ පාර්ලිමේන්තුවට වගේම පාසල් වලටත් හඳුන්වා දීම උචිතයි.” යනුවෙනි.


 කරු ජයසූරිය මහතා ප්‍රතිචාර දැක්වූයේ “ඒක ඉතා හොඳ යෝජනාවක් අපේ හාමුදුරුවනේ. අපි බලමු කොහොම හරි ක්‍රියාත්මක කරන්න. මම අනිවාර්යෙන්ම ඊට මැදිහත් වෙන්නම්.” කියාය.

 

ඇමැති රුවන්


රණවිරු පවුල් 733 ක් සඳහා නිවාස, ඉඩම්, ශිෂ්‍යත්ව ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් හිමිකර දුන් “සත්විරු සංහිඳ” වැඩසටහන පසුගිය දිනෙක බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද මේ අවස්ථාවට සහභාගි වූ අතර එහිදී සේවයේ යෙදී සිටින මියගිය හා ආබාධයන්ට පත්වූ රණවිරු පවුල් 733 ක් වෙත ප්‍රතිලාභ හිමිකරදීම සිදුවිය. මේ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා ශ්‍රමදායකත්වයෙන් වැඩ අවසන් කළ නිවාස 500ක් ඒවායෙහි හිමිකරුවන් වෙත බාරදීමත්, තවත් රණවිරු පවුල් සියයකට අලුතින් ඉදිකළ නිවාස ලබාදීමත්, තවත් පවුල් සියයකට පමණ ඉඩම් ඔප්පු ලබාදීමත් සිදුවූ අතර මේ රණවිරු පවුල් 733 අතර සිටි දූ දරුවන් පිරිසකට රුපියල් 25000 බැගින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ද සිදුවිය.


අරණායක සාමසර කන්ද නායයෑම නිසා නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ “වාසනාගම” නිවාස ගම්මානය විවෘත කිරීමේ උත්සවය පසුගිය ඉරිදා දින පැවැත්වුණේ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, රංජිත් සියඹලාපිටිය යන අය ද එක්වූහ. වෙසක් සැමරුම් වෙනුවෙන් කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල සංවිධානය කර තිබූ වෙසක් කලාප රැසක් විවෘත කිරීමේ අවස්ථා රැසක ප්‍රධාන ආරාධිතයා හැටියට ද ඇමැති රුවන් ගෙවී ගිය දින කීපයේදී සහභාගි වූ අතර එහිදී ඒවාට ලබාදී තිබූ ත්‍රිවිධ හමුදා ශ්‍රම දායකත්වය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට සිය ස්තුතිය පළකර සිටියේය.


මුදල් ඇමැති රවි කරුණානායක මහතා වෙසක් උත්සවය නිමිත්තෙන් උතුරු කොළඹ ජනතාව සංවිධානය කර තිබූ වෙසක් කලාප සහ තොරණ රැසක් විවෘත කිරීමේ උත්සව ගණනාවකට ගෙවී ගිය දින කීපයේදී සහභාගි විය. ඉකුත් දිනෙක ජපානයේ පැවති ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වසර සඳහා වෙන් කරන ණය මුදල රුපියල් මිලියන දහස දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවට එම බැංකුවේ ප්‍රධානීන් රවිට දැනුම් දුන් අතර ඒ අනුව එම ණය මුදල ලබාගැනීමට අදාළ එක් එක් ව්‍යාපෘති යෝජනා අමාත්‍යංශ මට්ටමින් මේ වනවිට මුදල් අමාත්‍යංශය වෙත ලැබෙමින් තිබේ.

 

රටට වුවමනා වම ජනගත වෙයි


ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා විසින් සිරගතව ලියූ “රටට වුවමනා වම” කෘතිය පසුගියදා සවස කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළිදැක්විණි. කෘතියෙහි මුල් පිටපත විමල් වීරවංශ මහතා විසින් මහාචාර්ය විලේගොඩ අරියදේව නාහිමියන්ට පිළිගන්වන ලදී.


 මෙම අවස්ථාවට ඇල්ලේ ගුණවංශ, කිරම විමලජෝති,  බෙංගමුවේ නාලක යන හිමිවරු ඇතුළු මහා සංඝරත්නයද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, මහාචාර්ය නලින්ද සිල්වා, ආචාර්ය දයාන් ජයතිලක මහචාර්ය ක්ෂණිකා හිරඹුරේගම ඇතුළු විද්වත්හු රැසක්ද එක්ව සිටියහ.


අධිරාජ්‍යවාදීන්ගේ බලවත් වටලෑමකට මේ රට ලක්වී තිබියදී වම කරන්නේ කුමක්ද? තුන් වේලටම රාජපක්ෂ මුව හමට” තඩි බෑම, “අධිරාජ්‍ය විරෝධී අරගලය ඔස්සේ සමාජවාදයට” ලෙස තම උපාය මාර්ගික දැක්ම සකසා ගත් වම මේ මහා වටලෑමට විරුද්ධව කරන්නේ කුමක්ද? ඔවුන් අද තම උපායමාර්ගික දැක්ම “දූෂණ විරෝධී අරගලය ඔස්සේ සමාජවාදයට” ලෙස වෙනස්කර ගෙන තිබෙනවා. ඒ නිසා මේ මහා අධිරාජ්‍යවාදී වටලෑමට විරුද්ධව සටන් වදිනවා වෙනුවට මේ “පුංචි මිනිස්සු” එක අතකට “හොරු ඇල්ලීමේ සටනත්” අනෙක් අතට .ී්ෂඔඵ. විරෝධී සටනත් අරගෙන පුංචි මානසික තෘප්තියක් ලබනවා. අධිරාජ්‍යවාදයට ඉඩදී, සමාජවාදය ගොඩනැගීමේ සිහිනයක් දකිමින් රැය පහන් කිරීම වර්තමාන වමේ, භූමිකාව බවට පත්ව තිබෙනවා. අපට ඔවුන්ට කීමට ඇත්තේ ඨදදා භසටයඑ කියා පමණී. කනගාටුවට කරුණ තමයි මේ අය නින්දට යන්නේ ජාතියත් නින්දට රැගෙන වීම. ජාතිය නින්දට රැගෙන යාමට මේ තත්කඩීන්ට ඉඩදිය යුතු නැහැ. ඒ නිසා වම තමන්ගේ භූමිකාව නව ආකාරයකින් එළියට ගත යුතුයි. මේ කෘතිය මගින් අපි උත්සාහ කළේ ඒකට බෞද්ධ සභ්‍යත්වයත් සමාජවාදී දැක්මත් අතර පවතින සමපාතවීම පෙන්වන්නේ අපි ඒකට. මේ පොළොව සමාජවාදී පැළය පැළ කරන්න සුදුසු පොළොවක් බව ඒත්තු ගන්වන්න හදන්නේ ඒකට.


 ඒ නිසා අපට දැවැන්ත වගකීමක් සහ කාර්යභාරයක් පැවරී තිබෙනාව. “ඉතිහාසයේ කොඩිය” අපි අතට ගත යුතුයි. ඒ කොඩිය අපි අතට නොගත්තොත් එය අතට ගැනීමට වෙන කිසිවෙක් නැහැ.


විමල් වීරවංශ මහතා එහිදී කීවේය.



අදහස් (0)

මන්ත්‍රීවරුන්ට භාවනා පුහුණුවක්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 168 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site