IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පොලිස්පතිට ජනපතිගෙන් දෝෂාරෝපණ

දිනෙන් දින පිරිහෙමින් තිබෙන රුපියල හමුවේ ආර්ථික අර්බුදයද උග්‍රවෙමින් තිබේ. හද්ද පිටිසර කඩමණ්ඩියේ සිට අගනගරයේ සාකච්ඡා සම්මන්ත්‍රණවල ද වැඩියෙන්ම කතාබහට ලක්ව ඇත්තේ රුපියල බාල්දුවීම හමුවේ ඇතිව තිබෙන ආර්ථික අමාරුකම් ගැනය. ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයින්ද දස අතේ කල්පනා කරමින් සිටින්නේ මේ අර්බුදයෙන් ගොඩඑන මාවතක් ගැනය.


ආර්ථික අර්බුදය හමුවේ රට ගොඩගැනීමට භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් ගැනද ඒකාබද්ධ විපක්ෂයත් ශ්‍රීලනිපයේ පිරිසකුත් තිරය පිටුපස කතාබහ කරමින් සිටින බවට ආරංචි පැතිර යමින් තිබේ. ශ්‍රීලනිපය පැත්තෙන් ආණ්ඩුවෙන් ගිය 15 කණ්ඩායමේ එස්.බී. දිසානායක, තිලංග සුමතිපාලත්, ලක්ෂ්මන් වසන්ත පෙරේරාත්, එස්.බී.ගේ මෙහෙයුම පිටුපස සිටින බව වාර්තාවේ. මේ අතර, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනකු ද භාරකාර ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කර ඇති බව පැවැසේ. ශ්‍රීලනිපයේත් ඒකාබද්ධ විපක්ෂයේත් එකතුව පිළිබඳ සාකච්ඡා තවදුරටත් කෙරෙමින් පවතින අතර දෙපාර්ශ්වයටම සම්බන්ධ දෙදෙනකු ඉකුත් බදාදා රාත්‍රියේ දී හමුවී මේ ගැන සාකච්ඡා කර ඇතැයි ද වාර්තා විය.


ආර්ථික අර්බුදය හැරුණුවිට රට තුළ ඊළඟට කතාබහට ලක්ව ඇති ප්‍රධානතම මාතෘකා වී ඇත්තේ ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයත්, පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපයත් ය. පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සාකච්ඡා නොවන මාධ්‍ය හමුවක් නැති ගාණටම එය සමාජයේ ප්‍රබල කතා බහක් බවට පත්ව තිබේ.


පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය ජනපති මෛත්‍රීගේ ද දැඩි විවේචනයට ලක්විය.


සුපුරුදු පරිදි සතියේ කැබිනට් රැස්වීම ගිය අඟහරුවාදා උදේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටි නිසා කලින් සතියේ කැබිනට් රැස්වීම නොපැවැත්විණි. ඒ නිසා මේ සතියේ කැබිනට් පත්‍රිකා වැඩි ප්‍රමාණයක් සාකච්ඡාවට යොමු කර තිබිණි.


කොටුව පොලිසිය පිහිටි ගොඩනැගිල්ල විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ මීට සති දෙකකට පමණ ඉහතදීය. ඒ අතර, එම ගොඩනැගිල්ල පොලිසියටම දෙන්නැයි ඉල්ලා කිබුණේ පොලිසිය රැගෙන යාමට වෙනත් තැනක් නොමැති බව කියමිනි. මේ පිළිබඳව කතාබහ යන අතරේ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා අදහස් දක්වමින් කීවේ රටේ අපරාධ වැඩි වී ඇති බවය. ටී.වී. එකක් බලන්න බෑ පත්තරයක් බලන්න බෑ. හැමදාම අපරාධ සිදුවෙලා යැයි විජයදාස කීවේ පොලිසියට ද චෝදනා කරමිනි. විජයදාසගේ අදහස පිළිගත නොහැකි බව පොලිසිය බාර ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර කීවේ දීර්ඝ විස්තරයක් ද කරමිනි. ‘‘අපරාධ වැඩිවෙලා කිව්වට ඒක පිළිගන්න බැහැ. සංඛ්‍යාත්මකව ගත්තම අපරාධ අඩුවෙලා. වෙලා තියෙන්නෙ මාධ්‍යවලින් අපරාධ උලුප්පලා පෙන්වන එකයි’’ මද්දුම බණ්ඩාර කීවේ, විජයදාසගේ අදහසට විරෝධය පළකරමිනි. මද්දුම බණ්ඩාර පොලිසියත්, පොලිස්පතිවරයාත් වෙනුවෙන් පෙනී සිටිද්දී මංගල සමරවීර ඇමැතිවරයා ද මද්දුම බණ්ඩාරගේ සහායට එක්විය. අපරාධ වැඩි වෙලා තියෙන්නෙ කොහෙද? අපරාධ වැඩිවෙලා කියන එක මම නම් පිළිගන්නෙ නැහැ. පොලිසිය හොඳට වැඩකරගෙන යනවා. අපරාධ අඩුවෙලා අපරාධ වැඩිවෙලා කියන්නෙ පෙන්නන්නෙ මාධ්‍ය. මාධ්‍ය සංදර්ශන දාලා ආණ්‍ඩුව අස්ථාවරයි කියල පෙන්නන්න මේ හදන්නෙ. අපි ඒවට අහුවෙන්න හොඳ නෑ’ මංගල කීවේය.


එජාප ඇමැතිවරුන් සියලු දෙනා පාහේ පොලිසිය වෙනුවෙන් පෙනී සිටියේ රටේ අපරාධ අඩුවී ඇති බව කියමිනි. ඇමැතිවරුන්ගේ කතා දෙස හොඳින් අවධානයෙන් බලා සිටි ජනාධිපතිවරයා කතා කළේ පොලිසියටත්, පොලිස්පතිවරයාටත් දැඩි විවේචනයක් එල්ල කරමිනි. ‘‘කවුරු මොනව කිව්වත්, රටේ තියෙන්නෙ පොලිසිය ගැන ලොකු කලකිරීමක්. පොලිසියේ ඇතුළෙත් බාහිරත් විනය පිරිහිලා, පොලිස්පති වැඩ කරන්නෙ ජෝකර් කෙනෙක් වගේ. එයාගේ ක්‍රියාකලාපය නිසා වැඩියෙන්ම බැණුම් අහන්නෙ මමයි අගමැතියි. එයාගේ හැසිරීම පොලිස්පති තනතුරට ගැළපෙන්නෙ නැහැ. පොලිස්පතිගේ ඉඳලා, පොලිස් දෙපාර්තමේන්තුවම සම්පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කරන්න ඕනෑ ජනාධිපතිවරයා කීවේ තරමක කේන්තියෙනි. ශ්‍රීලනිප ඇමැතිවරුන් කිහිප දෙනකු ද ජනාධිපතිවරයාගේ අදහස අනුමත කළේ පොලිසියට එල්ල වන චෝදනා ගැන පැහැදිලි කිරීමක් ද කරමිනි.


මැති ඇමැතිවරුන්ට වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම වසරකින් අත්හිටුවූයේ ගිය සතියේදී මුදල් ඇමැති මංගල සමරවීර විසිනි. ඒ අතරෙ උතුරේ මහ ඇමැති විග්නේශ්වරන්ට ඇමෙරිකානු ඩොලර් 60,000ක වාහනයක් ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට අවසර ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා විසිනි. එය අකුළා ගන්නට සිදුවූයේ ශ්‍රීලනිප ඇමැතිවරුන් ගෙන්ම එල්ල වූ විරෝධය හේතුවෙනි. මහින්ද අමරවීර කීවේ වාහන බලපත්‍ර අත්හිටුවන්න තීරණය කරල තියෙද්දී අපි මේකට අනුමැතිය දෙන්නෙ කොහොමද කියාය.


ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ බැංකු අයිරාවල සහන කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා විසිනි. ඒ ගැන දැඩි විවේචනයක් ද එල්ල කරමින් කතා කළේ චම්පික රණවක ඇමැතිවරයාය. ‘‘ශ්‍රී ලංකන් එක ගැන අපි අවුරුදු තුනහමාරක් තිස්සේ කතා කරනවා විතරයි. ඒකට විසඳුමක් නැහැ. පහුගිය මාර්තු 31 වැනිදා වනවිට ශ්‍රීලංකන් එකේ පාඩුව රුපියල් බිලියන 184යි. මිහින් ලංකා පාඩුව බිලියන 19යි. මේ දෙකේම පාඩුව බිලියන 200 ඉක්මවලා, තෙල් මිල ඉහළයාමත් එක්ක මේ අවුරුද්දෙ බිලියන 35ක විතර පාඩුවක් බලාපොරොත්තු වෙනවා. මේ නිසා අපේ රටේ එක පුද්ගලයෙක් රුපියල් 10,000ක ණයකාරයෙක් වෙලා. මම අහන්නෙ අපි තවත් මේ සෙල්ලම කරගෙන යනවද කියලයි. අපි 2015දීම මේක ආයෝජකයකුට දුන්න නම්, මේ ණය මෙච්චර දික්වෙන්නෙ නැහැ. මම කියන්නෙ ශ්‍රීලංකන් එකේ සේවකයින් 7000ට වන්දි ගෙවලා මේක වහන එක හොඳයි කියලයි. පාලම් බෝක්කු හදන්න තියෙන සල්ලි ටික මේ විදියට යට කරන එක වැරදියි ‘‘රාජපක්ෂ ආණ්‍ඩුවේ මහලොකු කළමනාකරණය මේකෙන්ම පේනවා’’ යැයි චම්පික දිගු විස්තරයක් කරමින් කීවේය.


ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ 98 ඉඳලා 2008 වෙනකම්ම එමිරේට්ස් එක ශ්‍රීලංකන් එක ලාභ ඇතිව ගෙන ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මස්සිනාලා බාරගත් නිසයි මෙහෙම වෙලා තියෙන​්නෙ කියාය. මේක මේ අවුරුද්ද තුළ ප්‍රතිව්‍යුහගත කරන්න බලාපොරොත්තු වෙනවා’’යැයි කිරිඇල්ල කීවේය. අනතුරුව කතා කළේ රාජිත සේනාරත්නය. ‘‘ශ්‍රීලංකන් එක ගන්න නොයෙක් අය පොරොන්දු වුණා. නමුත් පස්සේ ඒ අය මේ ගැන වෙන චිත්‍රයක් මවා ගත්තා’’යැයි රාජිත කීවේය.


කබීර් හෂීම් කීවේ මමත් ශ්‍රීලංකන් එක බාර ඇමැති විදියට හිටියා කියාය. එහෙත්, ශ්‍රීලංකන් එක ගන්න කිසි කෙනෙක් පොරොන්දු වුණේ නැහැ යැයි ඔහු කීවේය. මේ අතර ජනාධිපතිවරයා කීවේ මේක ගැන හොයන්න කොමිසමක් දාලා තියෙන්නෙ. ඒකෙන් එන තොරතුරු අනුව මම දැඩි පියවර ගන්නවා’’ කියාය.

 


අනතුරුව කතාබහට ලක්වුණේ පළාත් සභා ඡන්දය ගැනය ඒ කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීමෙන් අනතුරුව වෙනත් කරුණු සාකච්ඡාවට ගනිමිනි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ සීමා නිර්ණ වාර්තාව අධ්‍යයනයට පත්කර ඇති කමිටුව කතානායකවරයා ද හමුවී මේ ගැන සාකච්ඡා කළ බවය. මේ ගැන කැබිනට් එකට දාලා දේශපාලන තීන්දුවක් ගන්නයි දැන් තියෙන්නෙ යැයි කතානායකවරයා කී බව අගමැතිවරයා කීවේය. ඒ අතර අගමැතිවරයා කීවේ මේ ගැන සාකච්ඡා කිරීමට ශ්‍රීලනිපයෙන් කෙනකු සහභාගි නොවූ බවය. ඊට පිළිතුරු දුන්නේ නිමල් සිරිපාල ඇමැතිවරයාය. ‘‘අපේ ස්ථාවරය පැහැදිලියි. අපි මුල සිටම හිටියේ මනාප ක්‍රමය වෙනස් කරන්න ඕන කියලයි. ශ්‍රීලනිපය 19 වැනි සංශෝධනයට සහාය දුන්නෙත් මනාප ඡන්ද ක්‍රමය වෙනස් කරන බවට ජනාධිපතිතුමා දුන් පොරොන්දුව අනුවයි’’ නිමල් කීවේය.


ෆයිසර් මුස්තාපා කීවේ දැන් මේ ගැන දේශපාලන තීන්දුවක් ගැනීමට කල්ගත වූවා වැඩියි කියාය. මේක පාර්ලිමේන්තුවෙනුත් අනුමත කරල ඉවරයි’’ ෆයිසර් කීවේය.


චම්පික රණවක කීවේ දැන් ඉතිරි වී තිබෙන්නෙ විකල්ප තුනක් බවය. ‘‘එක්කො අපි මේ පනත අහෝසි කරලා පරණ ක්‍රමයට ඡන්දය තියන්න ඕන. නැත්නම්, සීමානිර්ණ වාර්තාවේ අඩුපාඩු හදල අලුත් ක්‍රමයට ඡන්දය තියන්න ඕන’’ එහෙමත් නැත්නම්, මේකෙ අඩුපාඩු හදල මීළඟ ඡන්දය අලුත් ක්‍රමයට තියනකන්, මේ ඡන්දය පැරණි ක්‍රමයට තියන්න පුළුවන්’’ චම්පික විකල්ප තුන පැහැදිලි කළේය. අපි ගිය ඡන්දෙදි ඔහේ ඡන්දයකට ගියා ගිහින් විශාල පරාජයක් ලැබුවා. අලුතින් ඡන්දයකට යන්න කලින් ජනතාව ඒ ගැන හිතන්නෙ කොහොමද කියල බලන්න වෙනවා. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කීවේය. මේ අතර, මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධ කාරණයකට මංගල හා චම්පික අතර උණුසුම් වාදයක් ද ඇති විය. වාදය ඇදී යද්දී ජනපති සිනහසෙමින් ක්‍ීවේ අද ඇමැතිතුමාල දෙන්න එකම නැකතකින් නැගිටල තියෙන්නෙ කියාය. මැලේසියාවේ ලිහිසි තෙල් සමාගමකට ටෙන්ඩරයක් නොදීම ගැන සරත් අමුණුගම අර්ජුන රණතුංගට චෝදනා කළේය. ‘‘මේක දෙන්න දැන් කීපාරක් කැබිනට්ටුව තීරණය කළාද? ඒත් තවම දෙන්න බැරි වුණා’’ යැයි අමුණුගම අර්ජුනට කීවේ ටෙන්ඩරය දීම ප්‍රමාද කිරීම පිළිබඳව විරෝධය පළ කරමිනි. මේ නිසා අර්ජුන හා අමුණුගම අතර ද උණුසුම් වාදයක් ඇති විය.



අදහස් (0)

පොලිස්පතිට ජනපතිගෙන් දෝෂාරෝපණ

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 127 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 332 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site