IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


පාර්ලිමේන්තුව බලවත් කරන එජාපයේ සැලැස්ම

ඉරිදා උදේ මල්වතු මහ නාහිමියන් බැහැදැක රටේ තත්ත්වය පැහැදිලි කළ අගමැතිවරයා අනතුරුව බගවන්තලාවට ගියේ ඉන්දියානු ආධාර යටතේ ඉදිකළ නිවාස 150කට අධික සංඛ්‍යාවකින් යුත් නිවාස සංකීර්ණය විවෘත කිරීමටය.


එදින රාත්‍රියේ මහනුවර නවාතැන් ගත් ඔහු පසුදා අරණායක පැමිණියේ පාසල් දෙකක නව ගොඩනැගිලි විවෘත කිරීමටය. ඉන් එක් පාසලක උත්සවය නිමවා යළි වාහනයට නැඟීමට අගමැතිවරයා පා ගමනින් පැමිණෙමින් සිටිය දී ‘‘හලෝ මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර්, හව් ආ යූ?’’ යනුවෙන් කුඩා දැරියක් මහ හඬින් අමතනු ලැබුවාය. එය ඇසුණු අගමැතිවරයා මදක් නැවතී ඇය හා සිනාසුනා පමණක් නොව ඇය සිටි කුඩා කඳු ගැටය අසලට ගොස් ඉංග්‍රීසි භාෂාවෙන්ම ඇයට සුබ පැතීය.


සඳුදා බුලත්සිංහල බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කළ අගමැති රනිල් අනතුරුව සාමාන්‍ය බස් රථයකින් ගොස් එහි ඉදිකළ නව සති පොළ ද ජනතා අයිතියට පත් කළේය.
බදාදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘‘ජෝන් අමරතුංග’’ හතළිස් වසරක උපහාර උළෙලට ද එක් විය.


‘‘ඇමැති ජෝන් සෙසු දේශපාලනඥයන්ට මහඟු ආදර්ශ ගෙනා තම පක්ෂය තුළ පර්වතයක් සේ නොසැලී සිටි කෙනායි. 78 ව්‍යවස්ථාවට වඩා ජෝන්ගේ දේශපාලනය බාල දින කිහිපයයි’’ අගමැතිවරයා කීවේ කාගේත් සිනා මැදය.


බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණියේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ උත්සව රැසකට එක්වීමට යාමට පෙර ය. එහෙත් පෙර දිනයක අභාවප්‍රාප්ත වූ බණ්ඩාරගම එජාප හිටපු රාජ්‍ය ඇමැති නීතිඥ රාජා සමරනායකගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දාම නිම කිරීමට තීන්දු කළ බවට ලැබුණු තොරතුර මත ඔහු වහාම බණ්ඩාරගම යාමට තීරණය කළේය.


1977 දී රාජලා අප එකටයි, පාර්ලිමේන්තු ආවේ. එතුමා ජනතා මුදල් යටිමඩි ගැහීම වෙනුවට තම ධනය පවා ප්‍රදේශය හා එහි ජනතාව වෙනුවෙන් කැප කළ අවංක දේශපාලනඥයෙකු වනවා. බොහෝ නඩු පවා කතා කළේ නොමිලේයි. අගමැතිවරයා කීවේ තමා හමුවීමට පැමිණ සිටි මැති - ඇමැතිවරුන්ටය.


‘‘දැන් 20 වැනි සංශෝධනය ක්ෂණිකව ගෙනල්ලා අගමැති හා පාර්ලිමේන්තුව බලවත් කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බවට පළවෙන කතාව මොකක්ද? මේක අප හරියට දන්නෙත් නැහැ. මිනිස්සු ලේස්ති වෙන්නේ ජනපතිවරණයටයි’’ ඇමැති නවීන් දිසානායක විමසුවේ අගමැතිගෙනි.


‘‘20 වැනි සංශෝධනය දැම්මේ අප නොවෙයි, ජවිපෙයි. 2015 දී විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට බලතල දෙන්න අප පොරොන්දු වුණා. ඒ නිසා 20ට අප ප්‍රතිපත්තියක් ලෙස එකඟයි. ඒ සංවාදයයි මේ යන්නෙ’’ අගමැතිවරයා කීවේය.


‘‘මේකට සුළු පක්ෂ පොඩ්ඩක් අදිනවා වගෙයි නේද? ජනපති ධුරය අහෝසි කළොත් ශක්තිමත් පාර්ලිමේන්තුව බිහි කිරීම අත්‍යවශ්‍ය වෙනවා’’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ ද අගමැති දෙස බලාය.


‘‘ඔව්, 20 කියන්නෙ සම්පූර්ණ ලියවිල්ලක් නොවෙයි. බොහෝ පක්ෂ ශක්තිමත් පාර්ලිමේන්තුව හා අළුත් ඡන්ද ක්‍රමයකුත් ඉල්ලනවා. ඒ වගේම දෙමළ සන්ධානය කියන්නේ බලය බෙදීමකුත් එක්ක මේක එන්න ඕනෑය කියලයි. ඒ නිසා 20 ගැන අවසන් තීන්දුව නැහැ. මේක ගැන පළල් සංවාදය කර කාටත් එකඟ විය හැකි තැනකට ආවොත් 20 සංශෝධනය බලාත්මක වේවි’’ අගමැතිවරයා පිළිතුරු දුන්නේය.


‘‘මිනිස්සුන්ට බදු පිට බදු ගහලා තිබෙද්දී කාබන් බද්ද ගැනත් කතාවක් යනවා. මේක ජනාධිපතිතුමාගේ පරිසර අමාත්‍යාංශය දාපු එකක් නේද? ඒත් මිනිස්සුන්ගෙන් දොස් අහන්නේ ආණ්ඩුවයි’’ චමින්ද විජේසිරි කතාව වෙනතකට යොමු කළේය.


‘‘මේකෙ හරි නම ‘පරිසර බද්දයි’ ලෝකයේ හැම රටකම වගේ මේක තිබෙනවා. ආදායම් ලැබීමට වඩා පරිසරයට එකතු වෙන කාබන් මොනොක්සයිඩ් වායුව අවම කිරීම මේකේ අරමුණයි. නමුත් මෙතන ආණ්ඩුව අපහසුතාවට ලක්වන යම් දේශපාලන ගේමකුත් තියනවාදැයි සමහරුන් සැක කරනවා’’ දයා ගමගේ ගේ විග්‍රහය එය විය.


‘‘දැන් දිගට හරහට කුඩුයි, පාතාලයොයි අල්ලනවා. ඒක ඉතා හොඳ දෙයක්. ඒත් අල්ලන කුඩුවලට මොකද කරන්නේ කියා මිනිස්සු අපෙන් අහනවා. අල්ලපු කුඩු හංගලා තියන් ඉඳලා ආපහු එළියට දාලා අල්ලලා පෙන්නනවදැයි මිනිස්සු ෆේස්බුක් එකේ අහනවා මා දැක්කා’’ හේෂා විතානගේ කීවේ එවැන්නකි.


කුඩුවලින් හා පාතාලයෙන් රට මුදාගන්න මාසෙන් දෙකෙන් බැහැ. සිංගප්පූරුව වසර 10ක සැලසුම්ගත වැඩපිළිවෙළකිනුයි මේක කර තිබෙන්නේ. 2010 දී සාගල මේක පටන් ගත්තා. මද්දුමබණ්ඩාර ඉදිරියට ගෙනිච්චා. මීට අදාළ එ්කක තුනක් එකතු කර ශක්තිමත් මධ්‍යගත කාර්යාංශය අප හැදුවා. ජනාධිපතිතුමා දැන් ඒ ගැන හොඳට කතා කරනවා. අපට ලකුණු ඕනෑ නැහැ. වැඩේ සිද්ධ වුණාම ඇති’’ අගමැතිවරයා කීය.


‘‘රංජන්ගේ කොකේන් වාර්තාවේ මොනවද තිබෙන්නේ. මේක හරියට කළමනාකරණය කර ගත්තේ නැතිනම් පාර්ලිමේන්තුවම හෑල්ලු වේවි’’ නවීන් දිසානායක කීවේ එවැන්නකි.
‘‘කමිටු වාර්තාව මට ලැබුණා. මා කෘත්‍යාධිකාරියේ දී මේ ගැන කතා කළා. එජාප අයගේ නම් තිබුණා නම් පක්ෂය ලෙස මා පියවර ගන්නවා.’’


‘‘කඳුකරයේ දෙමළ ඇමැතිවරුන් දෙන්නෙකුගේ මත්ද්‍රව්‍ය චෝදනා කතාව ඡන්ද කාලේ වෙච්ච අපහාස නඩුවයි. අහවලා මත්ද්‍රව්‍ය ගන්නවා කියා කවුරුහරි කිව්වට විතරක් හරි යන්නේ නැහැ. රංජන් CID එකට නම් දීලා තිබෙනවා නම් රටේ නීතිය අනුව ඔවුන් ක්‍රියා කරාවි’’ අගමැතිවරයා පැහැදිලි කළේය.


‘‘ලංකාවේ විනිවිදම ගනුදෙනුව මිග් ගනුදෙනුව බව ළඟදී ගෝඨාභය කියා තිබුණා. එච්චර විනිවිඳ නම් එයා දන්න තොරතුරු සාක්කි හැටියට එළි කරන්න ඕනෑ. ඒ වගේම ලෝකයේ කොහේවත් හොයා ගන්න නැති මේ ගනුදෙනුවට අදාළ කොම්පැනිය මොකක්ද කියලත් ඔහු එළි කරන්න ඕනෑ’’ චමින්ද විජේසිරි ප්‍රහාරාත්මක මාතෘකාව ඉදිරියට ගෙන ආවේය.
‘‘ගනුදෙනුව විනිවිද නම් ඒ ගැන ලියපු ලසන්ත වික්‍රමතුංග කෙටි කලකින්ම ඝාතනය වුණේ ඇයි කියලත් දැන් මිනිස්සු ප්‍රශ්න කරනවා’’ දොස්තර කාවින්ද ජයවර්ධන කීවේ එවැන්නකි.


‘‘බැඳුම්කරය ගැන මහ ලොකු බණ දේශනා කරන ආචාර්ය බන්දුලතුමා ලක්ෂ 130ක උකස්කරයකට කොටුවෙලා තීන්දුව ලැබිලා. හොර ආණ්ඩු හදන්න දැඟලුවේ මේවා ෂේප් කරගන්න බව දැන් පැහැදිලියි’’ රංජිත් අලුවිහාරේ කීවේ එවැන්නකි.


‘‘බැඳුම්කරය ගැන දඬුවම් කරන්න බැරි ඒක කළ අය ආණ්‍ඩුවේ ඉන්න නිසා කියා ජනාධිපතිතුමා සීමාවෙන් ටිකක් එහා ගිහින් අමුතු කතාවක් කියා තිබුණා.’’ නවීන් දිසානායක කීවේ අගමැතිටය.


‘‘ආණ්ඩුව ඇතුළේ‍ ඉන්න බැඳුම්කර හොරුන් කවුද කියා එහෙම නම් එතුමා අඟවන්න ඕනෑ. දේශපාලන වාසි තකා ආණ්‍ඩුව අපහසුතාවට පත්කරන ප්‍රකාශ, එහෙම නැතිනම් නොකර ඉන්න ඕනෑ’’ එජාප නීති නිලධාරියෙක් කී විට එහි සිටි සියලු දෙනාම ඊට එකඟත්වය පළ කළහ.


‘‘ක්‍රිකට්වල බලය යළිත් ක්‍රිකට් වට්ටපු අයටම ගිහිල්ලායි, මිනිස්සු අපට බණිනවා. එතනදී ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ. සල්ලි වරප්‍රසාද හා වෙනත් සාධක මත ඔවුන් හැමදාම දිනනවා. ක්‍රීඩා නීතිය නිසි පරිදි නිසි විදියට සංශෝධනය නොකළොත් ක්‍රිකට්වලට අනාගතයේ දී තවත් අමාරු වේවි.’’


‘‘මහේල ළඟ තිබෙන මීට අදාළ සැලැස්ම ක්‍රියාත්මක කරන්න මා ක්‍රීඩා ඇමැති කාලේ පසුබිම හැදුවා. හරීන් දැන් ඉතිරි ටික කරන්න ඕනෑ’’ නවීන් දිසානායක කී දෑ අගමැති ඇතුළු කාගේත් ප්‍රශංසාවට ලක්විය.

 

 

 



අදහස් (0)

පාර්ලිමේන්තුව බලවත් කරන එජාපයේ සැලැස්ම

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 119 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 397 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 237 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 242 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 330 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site