IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාර්ලිමේන්තු බලය පෙන්වන්න එජාපය හැදූ සැලසුම

අගමැති රනිල් හා එජාපෙ ආණ්ඩුව ඉවත් කර නව අගමැති ලෙස මහින්ද හා ශ්‍රි.ල.නි.ප.-පොහොට්ටුව නව රජය පිහිටුවීමට ජනපති මෛත්‍රී පසුගිය 26 වැනිදා බදාදා කාටත් හොරෙන් ගත් තීන්දුව තුළ මුළු රටම අක්‍රිය වී අවුල් ජාලය බවට පත්විය.


අගමැති රනිල් තම නිල නිවස වූ අරලියගහ මැදුරේ දිගටම රැ​ෙඳමින් කියා සිටියේ නව අගමැති මහින්ද හා නව රජයට පාර්ලිමේන්තුව කැඳවා බහුතරය තිබෙන බව පෙන්වන ලෙසය, ඔවුහු ඒ සඳහා විවිධ උපක්‍රම යොදා උත්සාහ කළද එය ව්‍යර්ථ වූ තැන ජනපති සතු බලතල මත පාර්ලිමේන්තුව කල් දැමූහ.


අනතුරුවද බහුතරය තනා ගැනීමට නව රජය උත්සාහ කළද සියල්ල ව්‍යර්ථ වූ තැන ජනපති කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය.


එහෙත් මෙරට ව්‍යවස්ථාව අනුව වසර 4 1/2 ක් යනතෙක් හෝ පාර්ලිමේන්තු 2/3 කින් සම්මත කරගත් යෝජනාව තුළින් හෝ මිස පාර්ලිමේන්තුව විසුරුවීමට නොහැකි බවට ජනපති තීන්දුව අභියෝග කරමින් සියලු පක්ෂ හා විවිධ සංවිධාන 10 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ. එහිදී මෙරට ගෞරවනීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් පවතිනවාද නැද්ද යන්න පිළිබඳ තීරණාත්මක අවස්ථාව බව ලෝකයේම අදහස විය.


ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබඳ තවදුරටත් කරුණු හදාරා තීන්දුව ප්‍රකාශ කළ යුතු බවය. එසේම අගමැති රනිල් ඉවත් කිරීම නව අගමැති මහින්ද පත් කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළව ජනාධිපතිගේ ගැසට් 03 ක් ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කළේය. ඒ තුළ මීට කලින් පාර්ලිමේන්තුව පසුගිය 14 වැනි බදාදා රැස් කිරීමට ජනපති ගත් තීන්දුව නිරායාසයෙන් බලාත්මක වූ අතර 14 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූයේ ඒ ප්‍රතිපාදන යටතේය.


නව අගමැති මහින්ද ඇතුළු නව රජයේ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් උදේම පැමිණ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් අතර රනිල් ප්‍රමුඛ එ.ජා.පෙ. පිරිස විපක්ෂයේ අසුන් ගත්හ. රනිල් වාඩිවූයේ පිටුපස පේළියට ඉදිරි පේළියේය.


එහිදී ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව විපක්ෂයෙන් ඉදිරිපත් වූ අතර එය ඡන්ද විමසීමෙන් පසුව සම්මත විය.


ඒ සමඟම ජ.වි.පෙ විසින් නව අගමැති මහින්ද හා ඒ රජය නීත්‍යනූකූල නැති බවත්, ඔවුන්ට එරෙහිව විශ්වාසයද නොමැති නිසා විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවත් සඳහන් කරමින් කථානායක කරු ජයසූරියට අදාළ යෝජනාව බාර දුන්නේය.


කථානායක කරු ජයසූරිය ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක නීති රීති තුළ එවැනි විශ්වාසභංග යෝජනාවක් පිළිගැනීම හැර විකල්පයක් ඇත්තේ නැත. විශ්වාභංගය පිළිගෙන අනතුරුව නිවේදනය කළේ නව අගමැති හා ඒ රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසන බවය.


ඒ අවස්ථාව වන විට රජය පාර්ශ්වයේ සිට මනූෂ නානායක්කාර, ඒ.එච්.එම්. ෆවුසි හා පියසේන ගමගේ පාර්ලිමේන්තු සභා ගැබ හරහා විපක්ෂයට එක්වූයේ විපක්ෂයේ දැඩි ප්‍රීතීඝෝෂා හා ආණ්ඩු පක්ෂ විරෝධතා මධ්‍යයේය.


පාර්ලිමේන්තු සම්මුතිය අනුව විශ්වාසභංගයට පක්ෂව හා විපක්ෂව ඡනදය විමසීමට කථානායක කරු තීන්දු කළේ අනතුරුවය. ඒ අවස්ථාව වන විට ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා කලබලයට පත් වූ ආකාරය පෙන්නුම් කළ අතර “ඇයි බය වෙලා පාර්ලිමේන්තුවේ බහුතරය බොරු අගමැතිට හා බොරු ආණ්ඩුවට නැහැ නේදැයි?” චමින්ද විජේසිරි හේෂා විතාරණ ඇතුළු ඒ.ජා.පෙ. තරුණ මන්ත්‍රීවරු හඬ නගන්න වූහ.


නම් කතා කිරීමෙන් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට හෝ ඡන්දය ගැනීමට කතානායක කළ උත්සාහයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් එරෙහි වී එය වළක්වාලීමට දැඩි උත්සාහ කළේ සභා ගැබට පැමිණ කෑ ගැසීම් හා සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කිරීම හා කථානායකට තර්ජනය හා බැණ වැදීම් මධ්‍යයේය.


“මේ විශ්වාසභංග යෝජනාවට විපක්ෂ අය සිටිනවාද?” කථානායක විමසා සිටියද පිළිතුරු නොලැබිණ.


ආණ්ඩු පක්ෂයේ එකම ප්‍රතිචාරය වූයේ ඝෝෂා කිරීම් පමණකි. අනතුරුව කථානායකට ඇති බලතල මත “නම කතා කිරීම” තුළ ඡන්දය ඉල්ලීම කිරීම ඇරඹිණ. ඒ අවස්ථාව වන විට තමාට පක්ෂව බහුතර මන්ත්‍රී සංඛ්‍යාව නැති බව දැනගත් නව අගමැති මහින්ද සභා ගැබෙන් ඉවත් වීමට නැගී සිටියේය.


“මම යනවා” යයි ඉදිරිපෙළ සිටි ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායකට කී අගමැති මහින්ද සභා ගැබෙන් පිට වූයේ ඒ.ජා.ප. මන්ත්‍රීවරුන්ගේ දැඩි ප්‍රතිවිරෝධතා හා උසුළු විසුළු මැදය.


නව අගමැති සභා ගැබෙන් එළියට එනවිට නාමල් හමුවූ අතර දෙදෙනා ඉතා කෙටි කතා බහක් පමණක් ඇති විය.


සභාවේ ඡන්ද විමසන අවස්ථාවේ දැඩි ඝෝෂා මතුවිය හැකි බව කල් තියා තේරුම් ගත් හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල හිටපු ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක හා හිටපු නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක අජිත් පී. පෙරේරා ඒ සඳහා කල් තියාම ක්‍රමය සුදානම් කර තිබිණ. තම නම කියවන අවස්ථාවේ විශ්වාසභංගයට පක්ෂව තම පාර්ලිමේන්තු අංකය සහිත විශාල කාඩ්බෝඩ් පුවරු සියලු දෙනාට දී තිබිණ. විපක්ෂයේ සිටි 122 ටම අදාළ අංක සහිත පුවරු දී තිබු අතර ඡන්දයට නම කියන විට බෝඩ් අල්ලමින්ද “පක්ෂයි” හා හඬින්ද විපක්ෂ මන්ත්‍රීවරුන් විශ්වාසභංගය සඳහා තම සහාය පළ කිරීම අරමුණ වී තිබිණ.


ඉන්පසු විශ්වාසභංගයට සහාය පළකළ මන්ත්‍රීවරුන් 122 අත්සන් කළ ලිපිය මගින්ද තම මතය සනාථ කළ ලිපියද කථානායකට බාර දීමට එ.ජා.ප. නායකයෝ ක්‍රියා කළහ.
අනතුරුව එ.ජා.ප. කණ්ඩායම් රැස්වීම පැවති අතර පසුගියදා නව රජය හා එක් වූ වසන්ත සේනානායක හා වඩුවේල් සුරේෂ් දෙදෙනාද ඊට එක්වීම විශේෂත්වයකි.


අනතුරුව කතානායකවරයා එදින පාර්ලිමේන්තුව තුළ වූ නිල කටයතු හා තීන්දු සියල්ල ජනපතිට ලිඛිතව වාර්තා කළේය. විශ්වාසභංගයකින් නව අගමැති හා රජය පරාජයට පත්ව ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය නැති තත්ත්වය උද්ගතව ඇති බවද කථානායක ජනපතිට නිල වශයෙන් දැන්වීය. ඊට ක්ෂණික පිළිතුරු දීමට ජනපති ක්‍රියා කළේ අනතුරුවය. එදින පාර්ලිමේන්තුවේ වූ කටයුතු තමා පිළිනොගන්නා බව කියමින් ජනපති කථානායකට ලිපිය යැවීය.


එසේම පසුදා සියලු පක්ෂ නායකයන් හමුවීමේ අවශ්‍යතාව ජනපති විසින් පක්ෂ නායකයන්ට දැන්වීය. මුළින්ම ජ.වි.පෙ. එය ප්‍රතික්ෂේප කළේ තමන් ඉදිරිපත් කළ විශ්වාසභංගය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ජයගත් පසු එය පිළිගැනීමට ජනපති සුදානම් නැති බව ප්‍රකාශ කිරීම නීති හා සදාචාර විරෝධී මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීම බව පවසමිනි. එ.ජා.පෙ. ප්‍රමුඛ සියලු සෙසු පක්ෂ ජනපති හමුවීම ප්‍රතික්ෂේප කළේද ඒ සමඟය.

 


පාර්ලිමේන්තුවේ එදා ගත් සියලු තීන්දු ස්ථාවර නියෝග අනුව කළා. එය ගෞරවනීයව කරන්න බොරු ආණ්ඩුවේ අය ඉඩ දුන්නෙත් නැහැ. බාධා කළේ පරාජය ඒකාන්ත නිසායි. දැන් ජනපති අතීසාරයට අමුඩ ගහන්න හදනවා. සියලු පක්ෂ නායකයින් කියන්නේ කථානායකතුමා ලෙස ජනපති කැඳවූ සාකච්ඡාවට යා යුතු නැති බවයි. ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පක්ෂ නායකයන්ගේ පැහැදිලි කිරීම තුළ කථානායක ද ජනපති හමුවට නොයැමට තීන්දු කළේය.


2015 මා ජනපති වූ විගස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 44 ක් පමණක් සිටි රනිල් මහතා අගමැති කළා සේ තමාට මහින්ද මහතා හෝ ඕනෑම අයෙකු හෝ අගමැති කළ හැකි බවද ජනපති විසින් කථානායකට යොමු කළ ලිපියේ දක්වා තිබිණ.


කථානායක කරු ජයසූරිය මහතා ජනපතිගේ ලිපියට ක්ෂණික ප්‍රතිචාර දැක්වීය.


2015 ජනාධිපතිවරණයේදි ඔබතුමා රට පුරා ඇමතු රැස්වීම් 140 තුළම කියා සිටියේ තමා ජනපතිවූ විගස රනිල් අගමැති කිරීමට ජනවරම දෙන ලෙස වුවද අද ඔබතුමාට එය අමතකවීම ඉතා කනගාටුවට කරුණක් බවය. ඒ තුළ එදා රනිල් අගමැති කළේ ජන වරමකින් වුවද අද එවැනි ජනවරමක් හෝ පාර්ලිමේන්තු බහුතරය නැති අයෙකු අගමැති කර නීත්‍යනුකූල හා ජනතාව පත් කළ අගමැති හෝ රජය හෝ ඉවතට දැමීමට ඔබතුමාට සදාචාරත්මකව හැකිදැයි කථානායක කරු ජයසූරිය මහතා ලිපියෙන් ජනපතිගෙන් විමසා තිබිණ.


බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව රැස් වූ විට කථානායක නිවේදනය කළේ කලින්දා විශ්වාසභංගයකින් නව අගමැති හා ආණ්ඩුව පරාජය වූ නිසා පාර්ලිමේන්තුවේ නිල වශයෙන් නව අගමැති, සභානායක, ආණ්ඩුවේ මැති-ඇමැතිවරු ලෙස පිරිස නැති අතර සියලු දෙනා මන්ත්‍රීවරුන් පමණක් බවය.


මන්ත්‍රී මහින්ද රාජපක්ෂට කතාව කිරීමට අවස්ථාව හිමි වූ අතර කතා මැදදී ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ “මෙතුමාගේ කතාවට අපේ විශ්වාසයක් නැහැ. ඒ නිසා විශ්වාසය පළ කරන යෝජනාව සම්මත කළ යුතුයි. ඒ සඳහා ඡන්දයක් ඉල්ලනවා” කිරිඇල්ල කී විට පාර්ලිමේන්තු සම්මුතිය තුළ ඊට සුදානම් වූ විට එ.ජ.නි.ස. හා පොහොට්ටු පාර්ශ්වය තුළින් සභාව මැදට පැමිණ ඝෝෂා කර එයද කඩාකප්පල් කළේ තමන්ට බහුතරය නැති බව දැන ගෙනය.


එහිදී ඡන්දය විමසුවා නම් තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විපක්ෂයට එක්වීමට සිටි බවද කියවේ.



අදහස් (0)

පාර්ලිමේන්තු බලය පෙන්වන්න එජාපය හැදූ සැලසුම

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 150 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 245 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site