IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පගා කාරයන් සහ මැයි රැලි ගැන එජාපයේ කතා බහ

අගමැතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා උදේ අරලියගහ මැදුරට ආවේ දෙපාර්තමේන්තු කිහිපයක නිලධාරින් සමග සාකච්ඡාවකටය. එය නිම කළ ඔහු පැමිණ සිටි මැති ඇමැතිවරුන්, නිලධාරින් හා පක්ෂ හිතවතුන් සමග ද කතා බහ කළේය.


‘ජනාධිපතිතුමා ළඟම හිටපු පගාකාරයන් දෙන්නා අල්ලස් එකට කොටු වීම ගැන මිනිස්සු ශුභවාදී තැනකයි ඉන්නේ. තවත් දෙන්නෙකු එතන ඉඳලා මාරු වෙලා කියා ආරංචියි. මේ වැඩේ අගමැතිතුමාගේ ඇඟේ පටවල ජනාධිපතිතුමා එක්ක කොටවන ව්‍යාපාරයකුත් ගියා’ එජාප නීති අංශ නිලධාරියෙක් කතාවට මුල පිරුවේය.


‘අවුරුදු දෙකක් මේ පරික්ෂණය කර තිබෙනවා. අනික හොරුන් අල්ලන්න කියා ජනාධිපතිතුමාම මුළු රටෙන්ම ඉල්ලුවානේ.’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා සෙමිනි.


‘එජාප මැයි රැලිය ගෘහස්ථ ක්‍රීඩාංගණයක තිබීමයි. පෙළපාළියක් නැතිවීම ගැනයි විපක්ෂය මඩ ගහන්න ගත්තා. අප අලුත් සංකල්පයක් මත වැඩ කරපු එක එයාලට තේරුණේ නැහැ. අනික මේ පාර කොයි පක්ෂයක්වත් පෙළපාළි ලොකුවට කළේ නැහැ.’ නවීන් දිසානායක කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.


‘පෙළපාළි හැමදාම ගියේ කම්කරුවා වෙනුවෙන් නොවෙයි. තම පක්ෂයේ දේශපාලන හයිය පෙන්වීමටයි. මේ පාර ඒ බොරුව රටට පැහැදිලි කළා. ඒක නොතේරෙන අය කෑ ගහාවි. ප්‍රශ්නයක් නැහැ. අගමැති කීය.


‘ෆොන්සේකාගේ කතාවට ලොකු චියර් එකක් ලැබුණා. සජිත් - නවීන් ඇතුළු තරුණ එජාප නායක​යෝ පක්ෂයට විශාල ශක්තියක් බව එදා මැයි දිනයේදී රටට ඔප්පු කළා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
‘රවි කරුණානායකටත් මා විශේෂයෙන් ආරාධනා කළා. එතුමා ආවේ නැහැ. කතාවකුත් වෙන් කර තිබුණා. මේ ජනාධිපති දිනවල ජාතික ආණ්ඩුව හදන්න එජාප අප කට්ටිය එකතු වෙලා කරපු කැපවීම කියා. රවිට ලොකු ජනතා ප්‍රසාදයක් ගන්න තිබුණ අවස්ථාව මඟ ඇරියේ ඇයිද කියා තේරෙන්නේ නැහැ. මහ ලේකම් අකිල විරාජ් කී දේ කාගේත් දැඩි අවධානයට යොමු විය.


‘සමෘද්ධි බැංකුවේ කෝටි 675 ක ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ගැන සොයන්න කියා මිනිස්සු අපට බල කරනවා. සමෘද්ධි බැංකුවට විතරක් කිසිම නියාමනයක් නැතුව යන්න දීම දූෂණයට පාර කපන බවත් මිනිස්සුන්ගේ මතයයි.’ නවීන් දිසානායක කීය.


‘සමෘද්ධි ව්‍යාපාරය ගලා යන හා ගලා ආ ක්‍රමය ගැන පරික්ෂණ කළ යුතුයි. මුදල් අමාත්‍යාංශය ඒකට පෙරමුණ ගනීවි. කෝටිපතියන්ටත් දේශපාලන හිතවත්කම් මත සමෘද්ධි දුන් පරණ ක්‍රමය වෙනුවට දුගී අයට පක්ෂ භේදයකින් තොරව සමෘද්ධි දීමේ ක්‍රමවේදය අප හදනවා.’ අගමැති කී විට සියලු දෙනා ඊට ප්‍රශංසා කළහ.


‘ශ්‍රීලනිප මඩකළපු මැයි රැලියට පොළොන්නරුවෙන් හා අම්පාරෙන් සෙනඟ ගෙනත් තිබෙනවා. ඉතිරි පිරිස ජනාධිපතිතුමා බලන්න ආපු අය බව බොහෝ දෙනකුගේ විග්‍රහයයි. ගාල්ලේයි, මඩකළපුවෙයි, එකම වගේ සෙනඟක් ඉඳලා ති​ෙබන්නේ.’ එජාප නීති නිලධාරියෙක් කීය.


‘ගාල්ලේ පොහොට්ටු රැස්වීම බැසිල් හා රෝහිත අබේගුණවර්ධන මෙහෙයවල තිබෙන්නේ ඒ අයට ඕනෑ විදියට නිසා ඇතුළෙ මාර කචල් තිබිලා කියා ආරංචියි.’ පී. හැරිසන් කීය.
‘ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයට ගියේ සෙංකෝලය තියා කතානායකතුමා වාඩි වෙන්න කලින් නිසා ඒ අය ‘ක්‍රෝස් ඕවර්’ කළා කියා පිළිගන්න බැහැ. ජනාධිපතිතුමා​ෙග් කතාව ඉවර කළාම අනිත් පැත්තට යන්න තරම්වත් ඒ අයට කොන්දක් නැහැ කියලයි සමහරුන් කියන්නේ’ නවීන් දිසානායක කීවේ සිනා සෙමිනි.


එජාප-ශ්‍රීලනිප සම්මුති රජයේ කතානායක හා නියෝජ්‍ය කතානායක පක්ෂ 02 ට බෙදෙන නිසා ජනාධිපතිතුමාගේ පණිවිඩය එනකම් මොකුත් කරන්න අමාරු බව කතානායකතුමා කිව්වා නේද? ගයන්ත කරුණාතිලක ඇසුවේය.


‘තිලංග යළි පත් කළොත් ආණ්ඩුවේ හා විපක්ෂයේ හැම පැත්තෙම බොහෝ අය ඊට විරුද්ධ වේවි. නියෝජ්‍ය කතානායකයකුට තම පක්ෂ තීන්දුව අනුව ඡන්දය දිය හැකි වුවත් යම් ප්‍රශ්නයක දී පක්ෂග්‍රාහීව වැඩ කරන්න බැහැ. නවීන් දිසානායක කළ විග්‍රහය අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.


එජාපයට ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කරන්න යනවද? ඒකට සාගල දානවා කියා විරෝධතාවකුත් තැන තැන යනවා.’ ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේය.


‘නැහැ. සාගලගේ කතාව බොරු. දේශපාලනය නොකරන කෙනෙකු එවැනි තනතුරකට පූර්ණ කාලීනව පත් කරන්න කියා රුවන් විජයවර්ධන කමිටුව නිර්දේශ කළා. සිරිකොතේ පරිපාලනය ශක්තිමත් කිරීමයි නව තනතුරේ අරමුණ. පක්ෂයටත් තවත් තනතුරු කිහිපයක් අලුතින් ඇති කරනවා. අගමැතිවරයා පැහැදිලි කළේය.


නව එජාප මහලේකම් තුමා වැඩේ හොඳට පටන් ගත්තා. ඒත් කිහිප දෙනෙකු වටවෙලා එතුමාව පුම්බන්න දඟලනවා. කෑ ගහන්නේ නැතුව, පිම්බෙන්නේ නැතුව වගකීම් ඉටු කරන ලෙස එතුමාට උපදෙස් දෙන්න. එජාප හිතවතෙක් අගමැතිවරයාගෙන් ඉල්ලීය.


ඔය තත්ත්වය මටත් ආරංචියි. අකිලට මේ වගේ දේවල්වලින් බේරිලා ඉදිරියට යන්න ශක්තිය තිබෙන්න ඕනෑ.’ අගමැති කීය.


නව මහාධිකරණ පිහිටවලා බරපතළ නඩු දිනපතා අහන ක්‍රමවේදයට අදාළ පනත සම්මත වීම රටම ලැබූ ලොකු ජයක්. ඉස්සර බරපතළ නඩු බව කිව්වේ මිනීමැරුම් වලටයි. අද ජනතා මුදල් ගසා කෑම් පවා ඒ ගණයට වැටෙන බව සමාජ පිළිගැනීම ඇතිවෙලා. පනත හරහා රටට විශාල සේවයක් වේවි.


වැරදි නොකරපු කවුරුවත් මේකට බයවෙන්න දෙයක් නැහැ. අනික මේ පනත මේ ආණ්ඩුව යටතේ විතරක් නොවේ මුළු අනාගතයටම බලපානවා.’ විජයදාස රාජපක්ෂ කී දේ අගමැති ඇතුළු සියලු දෙනා පිළිගත් අතර නව පනත ගෙන ඒමට හා පාර්ලිමේන්තුවේදී ඒ වෙනුවෙන් මතවාදීව පෙනී සිටීමට ඇමැති විජයදාස දුන් සහාය ගැන ද එහිදී සියලු දෙනා ඔහුට ස්තූතිය පළ කළහ.


රවි කරුණානායකට ඇමැතිධුරය දීම ගැන ද එහිදී අවධානය යොමු විය. අල්ලස් ගැන සෙවීම අල්ලස් කොමිසමේ කටයුත්තක් මිස නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කටයුත්ත නොවන බවත් ඔහුට අදාළව නීතිපති නිර්දේශ ගනු ලබන්නේ බැඳුම්කර කොමිසමේ වාර්තාව පදනම් කර ගනිමින් පමණක් බවත් එහිදී කරුණු එළි විය.

 



අදහස් (0)

පගා කාරයන් සහ මැයි රැලි ගැන එජාපයේ කතා බහ

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 150 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 245 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 287 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site