IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නීතිගරුක රටක් හදන හැටි එජාපය කියයි

ඔක්තෝබර් 26 වැනිදා ඇරැඹුණු රට දේශපාලන ලෙස අක්‍රියවීමේ ගැටුමට දැන් මාසයක් ගතව තිබේ. එහෙත් රටට ස්ථාවරභාවය කරා තවම පැමිණීමේ අවස්ථාව ලැබී නැත.


පසුගියදා අභිනවයෙන් පත්වූ අගමැති මහින්ද හා ඒ රජයට එරෙහිව විශ්වාසභංග දෙකක් පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව කතානායකවරයා විසින් නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දුන්නද ඒ සමඟ මන්ත්‍රීවරුන් 122කගේ දිවුරුම් ප්‍රකාශ දුන්නද ජනපතිවරයා ඒවා පිළිනොගැනීම රටේ අස්ථාවර බව තව තවත් වර්ධනය කරන්න හේතුවී තිබේ.


“මේක කඹ ඇදිල්ලක්. අපේ පැත්ත අප හයියෙන් අල්ලන් ඉන්නවා. අපට කරන්න තිබෙන්නේ එච්චරයි. ඒත් මහින්ද හා මෛත්‍රිලාට කඹය අල්ලගෙන ඉඳින ගමන් බහුතරය තැනීම හා එයාලගේ පැත්තේ කට්ටිය අපත් එක්ක එකතුවීම වළක්වන්නත්, ජාතික හා ජාත්‍යන්තර බලපෑම්වලට මුහුණ දෙන්නත් සිදුව තිබෙනවා. ඒ නිසා අපහසුම කටයුත්ත තිබෙන්නේ ඔවුන්ටයි. ඔවුන් හොඳටම හිරවෙලා. දැන් මෛත්‍රි මහින්ද පාර්ශ්ව දෙක අතර ගැටුම් පවා ඇරැඹිලාලු”, ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ බ්‍රහස්පතින්දා අගමැති රනිල් හමුවූ විටය.


අද උදේ චැනල්-04 රූපවාහිනි නාලිකාව මාව ඉන්ටර්විව් කළා. ඔවුන් සියල්ල ඇහුවා. මා සියල්ල එකිනෙක පැහැදිලි කළා. එයාලා ජාත්‍යන්තරයට ලංකාවේ දැන් තිබෙන ඉතා අවිනිශ්චිත දේශපාලන හා ආර්ථික ව්‍යසනය ගැන කදිම පණිවිඩය දේවි,” අගමැති රනිල් කීය.


“ඊයේ අගමැතිතුමා ගෙනා තර්කය ඉතා වැදගත්. නිත්‍යානුකූල රජයක් දැන් රටේ නැති නිසා නිත්‍යානුකූල මහ ඡන්දය තියන්නත් ඉඩ කඩක් නැහැ”, චමින්ද විජේසිරි කීය.
“අද පක්ෂ නායකයින්ගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව ගැන ආරංචියි. එයාලා මොකක්ද කියන්න හදන්නේ?” දයා ගමගේ විමසුවේ අගමැතිගෙනි.


ඊට පිළිතුරු සැපයුවේ ලක්ෂ්මන් කිරිඇල්ලය. ‘මහ මැතිවරණය තිබ්බත් ආපහු බලයට එන්නේ ජනාධිපතිට එරෙහි රජය නිසා එවැනි රජයක් සහ මේ ජනපතිට දිගටම වැඩ කිරීමේදී විශාල ගැටලු ඇති වනවා. ඒ නිසා සියලු පක්ෂ නායකයින් යෝජනා කරන්නේ කඩිනම් ජනාධිපතිවරණයයි. ජනවාරි 08 වැනිදායින් පසුව පැවැත්විය හැකි නිසා ඒක කර රට ස්ථාවර කරන්න කියලයි” කිරිඇල්ල කීය.


“දැන් එදා පාර්ලිමේන්තුවේ ජෝගි නැටුවා වගේ 29 වැනිදා ස්ථාවර නියෝග අකුළන්නේ නැතුව රටේ කොච්චර හදිසි තත්ත්වය තිබුණත් හදිසි තත්ත්වයත් නොසලකා ක්‍රමානුකූලව දීර්ඝ ක්‍රමවේදය හරහා ව්‍යාජ අගමැතිගේ මුදල් කැපීමේ යෝජනාව ගෙනාවාමත් මේ අය ජෝගි නැටුවොත් මොකද වෙන්නේ?” රන්ජන් රාමනායක විමසීය.


“දීර්ඝ ද, කෙටිද කියන එක නොවෙයි 29 වැනිදා අප අනුගමනය කරන්නේ ජනාධිපතිතුමා අපෙන් ඉල්ලීම් කළ ක්‍රමවේදයයි. අප එතුමාට උත්තර ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒකත් කඩා කප්පල් කළොත් ඒ ඇයි කියා අප විතරක් නොවේ මුළු ලෝකයටම වැටහේවි. 29 වැනිදා පාර්ලිමේන්තුව අවුල් කළොත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටේ ජනතාව විතරක් නොවේ මුළු ලෝකයම ඒකට එරෙහි වේවි”, අගමැති රනිල් කීවේය.


“මේ දින 30ට රටේ ආර්ථිකය හොඳටම අවුල්. රුපියල් කෝටි 3200ක් කොටස් වෙළෙඳ පොළෙන් සමාගම් ඉවත් කරගෙන. ආයෝජන සම්පූර්ණයෙන් නැවතිලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය තහනම් කරලා.”


“ඇමරිකානු ආධාර වගේම ජපානයේ කණුමත දුවන දුම්රිය ව්‍යාපෘතියත් නවත්තලා. යුරෝපා සංගමය ජී. එස්. පී. සහනය නවත්තන්න හා යළිත් මාළු තහනම ඇති කරන්න ලියකියවිලි හදන තැනට පවා ඇවිත්ලු. මේ වසරේ ලොව හොඳම සංචාරක නවාතැන බවට ජාත්‍යන්තරය නම් කළ ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ගෙන් සියයට 90 බුකින්ස් කැන්සල් කරලා.”


“ලෝක තෙල් මිලට තෙල් නොදී අපට කළු කඩයෙන් තෙල් ගන්න වෙන තැනටත් තත්ත්වය උග්‍රවෙලා. මේවා කොහෙන් නවතිද කව්ද දන්නේ? දයා ගමගේ කීය.


“ජාත්‍යන්තරයෙන් මහින්දගේ කාලේ අපේ රට හිරකර තිබුණා. මෛත්‍රි-රනිල් එකමුතුව මුළු ලෝකයම දිනාගත්තා. ඒත් පැය 24න් ඒ සියල්ල බිමටම සමතලා වුණා. දැන් මහින්දගේ කාලෙටත් වඩා ජාත්‍යන්තරය තුළ ලංකාවට අභාග්‍යමත් තැනක්, තිබෙන්නේ.


“අපේ මිනිස්සුන්ට විතරක් නොව දේශපාලන නායකයන්ට පවා ප්‍රධාන රටවල්වලින් වීසා නොලැබෙන අනතුරකුත් ඇතිවෙලා.” චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළහ.
“දැන් නිත්‍යානුකූල රජය නැති බව පාර්ලිමේන්තුව නිල වශයෙන් තහවුරු කර ඇති නිසා අමාත්‍යංශ ලේකම්වරුන් සංස්ථා හා මණ්ඩලවල අය රටේ මුදල් පාවිච්චි කළොත් එය අවභාවිතාව වේවි. ඔවුන්ට ඒවා පෞද්ගලිකව ගෙවන්නත් සිදුවේවි”, රන්ජන් රාමනායක කීවේය.


“දැන් නිත්‍යානුකූල රජය හෝ අගමැති කෙනෙක් හෝ නැති බව කතානායක නිල වශයෙන් ජනාධිපතිට දන්වලා විතරක් නොවෙ, ඒ සියල්ල පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවී තිබෙනවා. එය වෙනස් කරන්න නම් බහුතර බලයකින් යෝජනාවක් සම්මත කළ යුතුයි. පුළුවන් නම් එහෙම කරන්නැයි අප මහින්දට කියනවා”, අගමැති රනිල් කීය.
ඒ විතරක් නොවෙයි. දැන් රටේ කැබිනට් එකක් ඇත්තෙත් නැහැ. කාට පේන්නද මේ බොරු කැබිනට් එක රැස්වෙන්නේ. ජනතාව හෝ ලෝකය හෝ බොරුවෙන් අන්දන්න බැහැ. මේ ගොල්ලා බලෙන් ඉන්නේ ජනාධිපතිගේ හයිය පාවිච්චි කරලයි.


“බහුතරය නැති ආණ්ඩුව පවත්වාගෙන යන්න ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැහැ. දැන් මුදල් ඇමැති කෙනෙකුත් රටට නැහැ. ඉතින් කොහොමද අතුරු සම්මත ගිණුම් ගේන්නේ? අය-වැයක් ඉදිරිපත් කරන්නේ? ඒ නිසා මේ රට අප වහාම බේරාගෙන ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මනින් ස්ථාපිත කරන්න ඕනෑ, “අගමැති රනිල් කීවේ නළල රැළි ගන්වමිනි.
“වසන්ත සේනානායක එහේ යනවා මෙහේ යනවා. මේක හරි විකාරයක් වෙලානේ? දේශපාලකයෝ මේ වගේ හෑල්ලු වෙච්ච අවස්ථාවක් මා නම් දැක්කේ නැහැ”. ‘චමින්ද විජේසිරි කීය.


“නැහැ. නැහැ. වසන්ත ගැන බය වෙන්න දෙයක් නැහැ. එයා හැමදාම දිනන පැත්තේ. පවතින ආණ්ඩුවේ ඉන්න කෙනායි. ඔහුගේ ආකල්පය එයයි. එයාට ඕනැ තමන් ඉන්න පළාතේ ජනතාවට සේවය කරන්නයි. අප බහුතරය පෙන්නනවිට වසන්ත සේනානායක විතරක් නොව ශ්‍රීලනිපයේ හුඟ දෙනෙකුත් අපත් එක්ක හිට ගනීවි”, හේෂා විතාන කීවේ එවැනි කතාවකි.


“මේ ෂොට් එක ගැහුවේ අපේ අගමැතිතුමාට වඩා මහින්ද රාජපක්ෂ නැති කරන්නයි. පේස් බුක්වල හොඳ-හොඳ කතා යනවා. මෛත්‍රී-මහින්දගේ ඔළුව උඩ කරඬුව තියා සරම ගැලෙව්වා වගේ පෝස්ට් එකකුත් මා දැක්කා. මහින්ද-මෛත්‍රි ගැටුම් ඒ නිසා දැන් හොඳටම උග්‍රවෙලාලු.


“මහින්දලාගේ පොහොට්ටුවත් එක්ක යන්නේ නැතුව වෙනමම ඡන්දය ඉල්ලන්නත් ශ්‍රීලනිපයේ අය ජනාධිපතිට බල කරන තත්ත්වයටත් ඇවිල්ලා. පොහොට්ටුවත් එක්ක මහ ඡන්දයට ගියොත් ශ්‍රීලනිපයේ සියලු දෙනා පරාද කරන සැළසුම හෙළි වෙලා”, රන්ජන් රාමනායක කීවේය.


“එදා අපට නම් කැඳවීමෙන් නැතුව ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය ගන්න බැරි වුණේ ඇයි? ඒකනේ මේ වැඩේ හරියට කළේ නැහැ කියා ජනාධිපති කියන්නේ?” අරලියගහ මන්දිරයේ නිලධාරියෙක් විමසීය.

 

 


“කතානායක පුටුවේ ගිහින් අරුන්දික ප්‍රනාන්දු වාඩි වුණා. ඊට පස්සේ ඔක්කොම එකතුවෙලා මයික් සහ සියලු ඉලෙක්ට්‍රොනික් උපකරණ කුඩු පට්ටම් කළා. ඒකයි ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය දෙන්න බැරි වුණේ” ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලි කළේය.


කතානායක මේසය යටින් අරන් ගහපු අර මහ විශාල පොත් මොනවාද? තවත් නිලධාරියෙක් විමසීය.


“පාර්ලිමේන්තුවට එන ඕනෑම ආගමක මන්ත්‍රීවරයකු දිවුරුම් ගන්නේ තමන්ගේ ආගමට අයත් ප්‍රධානතම ග්‍රන්ථය මත, ඒ කියන්නේ කුරානය, බයිබලය ඇතුළු සියලුම ආගම්වල ප්‍රධානම පදනමට අයත් ග්‍රන්ථ මත දෑත් තබා දිවුරලායි. ඒ පොත් තමයි, අර විසි කළේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු තෝරලම බයිබලය ගෙන විසිකළාද කියලාත් මට හිතුණා. මොකද, ඔහු ඒ වෙලාවේ වියරු වැටිලා වගේ හිටියේ.


“හිර ගෙවල්වල කූරු පෙනිලා එහෙම කළාද දන්නේ නැහැ. ඔහු අපේ මන්ත්‍රීවරුන්ට අතින් පයින් දැඩි ප්‍රහාරත් එල්ල කළා. අපේ අය ඉවසලා නොසිටියා නම් එදා ජොන්ස්ටන් ඉස්පිරිතාලේ නොවෙයි, ඊටත් එහා තැනකට යන්නත් තිබුණා. රටේ වාසනාවට අපේ නායකතුමාගේ ඉවසීම නිසා සියල්ල අතක්-පයක් නොකැඩි විසඳුණා,” චමින්ද විජේසිරි මෙන්ම හේෂා විතානද කීවේ එකම කතාවය.


“දැන් හැමෝම බලාගෙන ඉන්නේ නඩුව දිහායි. ජනතාව පත් නොකළ ව්‍යාජ ආණ්ඩුවක ඉන්න පාර්ලිමේන්තුවේ සුළුතර බලය ඇති මන්ත්‍රී මැර කණ්ඩායමකට යටත්වෙලා. ගෞරවනීය ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කරන්නේ නැහැ කියා ජාතික හා ජාත්‍යන්තර නීති විශාරදයින් සියලු දෙනාම දැඩි විශ්වාසයක ඉන්නවා.” රන්ජන් රාමනායක කීය.
“කොහොම හරි රටේ ව්‍යාකූලතාව ඉක්මනින් ඉවර කර රටට-ජනතාවට සමෘද්ධිමත්-ප්‍රජාතන්ත්‍රවාදී - නීතිගරුක රටක් ඇති කරන්න අපි සියලු දෙනා කැපවෙමු. එතනදි සියලු පක්ෂවල රටට ජනතාවට ආදරේ සියලු දෙනාගේම සහාය ඒ සඳහා දේවි කියා අප හිතනවා.” අගමැති රනිල් කීවේ දැඩි හැඟීමකින් යුතුවය.



අදහස් (0)

නීතිගරුක රටක් හදන හැටි එජාපය කියයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site