IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දේශපාලන හැප්පිලි

 

අගමැතිගේ ඉන්දීය සංචාරය

 

ඉන්දීය සාගරයේ ආර්ථික, වෙළඳ, සමාජයීය හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ්‍රී ලාංකේය අපේක්ෂාවන් සඳහා පූර්ණ සහය ලබාදෙමින්, බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරලීම උදෙසා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව ගෙන යනු ලබන වැඩපිළිවෙල වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බව ඉන්දීය - ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවන්හිදී අවධාරණය කෙරිණි.


ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර 26 වැනිදා දහවල් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී පැවති සාකච්ඡාවන්හි දී අග්‍රාමාත්‍යවරුන් දෙපළ අවධාරණය කළේ, කලාපීය සාමය සහ ආරක්ෂාව සහ ඉන්දීය සාගර ආචාර ධර්ම හා නිදහස් නාවුක ගමනාගමනය සහතික කරලීම උදෙසා නිරතුරුවම කැපවෙන බවය.


2017 ජනවාරියේ පැවති රයිසිනා සංවාදයේදී ජපාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ෂුන්සුකෙ තකෙඉ මහතා අවධාරණය කළාක් මෙන්, ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපීය රටවල් වෙනුවෙන් ජපානය සහ ඉන්දියාව එක්ව සහය ලබාදීමේ වැඩපිළිවෙල අනුව, ශ්‍රී ලංකාවට සුවිශේෂී සහයක් ලබාදීමේ වැඩ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද මේ සාකච්ඡාවේදී කියැවිණි.


ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ ජපන් සංචාරයේදීද, මේ සම්බන්ධව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ මහතා සමග සාකච්ඡා කළ අතර, ජපාන අග්‍රාමාත්‍යවරයා ද ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරලීම ඔස්සේ ඉන්දීය සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීම සඳහා අවශ්‍ය සහය ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ක්‍රියා කරන බව පැවසීය.


ඉන්දු-ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉහළ හා සමීප තලයකින් පවත්වාගෙන යෑම උදෙසා වික්‍රමසිංහ මහතා සිදුකරන මෙහෙවර අගය කළ නරේන්ද්‍ර මෝදි මහතා, ලබන මැයි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා එක්වීමේ උනන්දුවෙන් පසුවන බවද ප්‍රකාශ කළේය.
කළමනාකරණය, තොරතුරු තාක්ෂණය හා ඉංජිනේරු යන විෂයයන් පිළිබඳ උසස් අධ්‍යාපන ආයතන හා විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා සහය ලබාදෙන ලෙස වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.


ඉන්දීය ආධාර යටතේ වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන්ගේ ප්‍රගතිය පිළිබඳවද මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.


මෝදි මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාවේ ආර්ථිකය පණ ගැන්වෙමින් ඉදිරියට යාම නිසා ආසියානු කලාපය වේගවත් වර්ධනයක් හිමිකර ගනිමින් සිටින බවත්, එය ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථික ස්ථාවරත්වයට උත්ප්‍රේරකයක් බවත්, වික්‍රමසිංහ මහතා පැවසීය.


යුද්ධයෙන් පෑරුණු හදවත් සුවපත් කරලමින්, ජාතික සංහිඳියාව සහ තිරසර සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන පිළිවෙත අගය කළ මෝදි මහතා, ඒ ගමන් මග තව තවත් වේගවත් සහ ක්‍රමවත් කරලීමේ අවශ්‍යතාව ද පැවසීය.


හවුල් ව්‍යාපාර සහ අනෙකුත් සහයෝගිතා ක්‍රියාකාරකම් ඔස්සේ දැවැන්ත ආර්ථික, ආයෝජන සහ සංවර්ධන සහයෝගීතාවක්, වර්ධනාත්මක ලෙස ලබා ගනිමින්, දෙරටේම ජනතාවට අන්‍යොන්‍ය හා සමබර ලෙස ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණි.


ඉන්දියාව වෙනුවෙන් විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය ද, ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ද අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

 

කතානායක


පසුගිය 25, 26 දෙදින තුළ කොළඹදී පැවැත්වුනු ආසියා පැසිපික් කලාපීය තරුණ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සමුළුවෙහි සත්කාරක ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රධාන වගකීම ඉසිලුයේ කථානායක කරු ජයසූරිය මහතාය. සමුළු සමාරම්භක උළෙල සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායකවරයා එක්ව සිටි අතර රටවල් ගණනාවක තරුණ ව්‍යවස්ථාදායක නියෝජිතයන් සමග අත්දැකීම් හුවමාරු කරගැනීමේ මෙම වැදගත් අවස්ථාවට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය කරමින් තරුණ මන්ත්‍රීවරුන් එක්ව සිටීමද විශේෂත්වයක් විය.


 මෙම සමුළුව ඇමතූ අග්‍රාමාත්‍යවරයා මෙන්ම කථානායකවරයාද ලෝකය මුහුණ දෙන කාලීන ගැටලු නිවරදිව හඳුනා ගනිමින් යථාර්ථවාදී විසඳුම් සෙවීමෙහිලා තරුණ මන්ත්‍රීවරුන් සතු විචක්ෂණශීලි කාර්යභාරයේ වැදගත්කම අවධාරණය කළහ.


 25 වනදා සන්ධ්‍යාවෙහිදී සමුළු නියෝජිතයන් වෙනුවෙන් බත්තරමුල්ල, වෝටර්ස්ඒජ් පරිශ්‍රයේදී විශේෂ භෝජන සංග්‍රහයක්ද පිරිනැමුනු අතර එම අවස්ථාව නාවුක හමුදා සංස්කෘතික කණ්ඩායමේ විශේෂාංග ගණනාවකින් අලංකෘත විය. ඊට පැමිණීමට ප්‍රථම  නුදුරෙහි වූ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් සභා ගර්භය දැක බලා ගැනීමේ අවස්ථාවද විදෙස් නියෝජිතයනට සලසා දීමට කථානායකවරයා කටයුතු යොදා තිබිණි.


ජනාධිපතිවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සිකුරාදා පැවැත්වෙන පාර්ලිමේන්තුවෙහි කටයුතු පිළිබඳව පූර්ව අවධානය යොමු කිරීම සඳහා බදාදා පෙරවරුවෙහි පක්ෂ නායක රැස්වීම කථානායක නිල කාර්යාලයේදී පැවැත්වුණු අතර එදින පෙරවරු 9.30 සිට සවස 6.30 වන තුරු කසළ කළමනාකරණය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම ඇතුළු කැළි කසළ බැහැර කිරීම, එක්රැස් කරලීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, පිරිසැකසුම් කිරීම, වෙන් කිරීම, පිළියම් යෙදීම් සහ විකිණීම් ආදී ක්ෂේත්‍රයන් කෙරෙහි පුළුල් ලෙස අවධානය යොමු කිරීමට නියමිතය.

 

පිය පුතු සමඟ යන ගමන


වත්මන් උදා ගම්මාන වැඩපිළිවෙල යටතේ ජනතා අයිතියට පත්වුණු 25 වැනි ආදර්ශ ගම්මානය මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවණගල “දිනුජයගම” යි. මේ ගම්මානය විවෘත කිරීමට ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා එහිදී පිළිගනු ලැබුවේ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරීන් විසිනි. මෙහිදී ආනන්ද කුමාරසිරි කීවේ අපූරු කතාවකි. “මමයි රංජිතුයි ඔයාගෙ තාත්තත් එක්ක එකතුවෙලා මෙහේ ගෙවල් හැදුවේ මීට අවුරුදු 25 කටත් ඉස්සරින්.

කතරගමයි, බුත්තලයි “ගම් උදා” වැඩසටහන් දෙකක්ම කළා. අද ඒ තාත්තගේ පුතත් එක්ක වැඩ කරන්න ලැබීමත් දෛවෝපගත සිද්ධියක්.” ඔහු කියද්දී සජිත් කීවේ ඊටත් රසවත් කතාවකි. “මට මතකයි 87 “ගම්උදාව” වෙලාවේ තිරික්කලේ යන්න නම් කසාද බැඳල තියෙන්න ඕනෑ කියලා නීතියක් දැම්මම තමයි මෙයා කසාද බැන්දේ. දැන් සාර්ථක විවාහ දිවියක් ගත කරනවා.” කියාය. සජිත් නිවාස සංවර්ධන අධිකාරියෙ මොණරාගල දිස්ත්‍රික් නිලධාරින්ගේ මන්දගාමී බව ගැන දොස් නඟමින් කීවේ “පහුගිය ආණ්ඩුව කාලෙ වගේ බෑ. නින්දෙන් නැගිටලා හොඳට මුණ කට සෝදගෙන මාත් එක්ක ගමනක් යන්න ලෑස්ති වෙන්න. ඒක දූවිලි කාගෙන යන්න සිද්ධවෙන ගමනක් කියලත් හොඳට මතක තියා ගන්න.” කියාය.

 

අධ්‍යාපන අමාත්‍යංශයේ අවුරුදු උළෙල


අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවක සේවිකාවන් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අලුත් අවුරුදු උත්සවය මෙවර පැවැත්වුණේ ගිය බ්‍රහස්පතින්දාය. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ අවුරුදු උත්සවය ආරම්භ කිරීම සඳහා එදින උදෑසනම අමාත්‍යාංශයට පැමිණි අතර උත්සවය ආරම්භ කරමින් අකිල ඊට සහභාගී වී සිටි හැමෝටම අලුත් අවුරුදු සුබපැතුම් එක්කරන්නට ද අමතක නොකළේය. මේ අතර පසුගිය දිනෙක අකිල මුණගැසීම සඳහා ඔහු සමඟ එක්ව ජාතික යොවුන් පෙරමුණේ ක්‍රියාකාරීන් හැටියට එහි ආරම්භක අවධියේදී ක්‍රියා කළ සාමාජිකයන් පිරිසක් අමාත්‍යාංශයට පැමිණි අතර ඇමැති අකිල ඔවුන්ව උණුසුම් ලෙස පිළිගනිමින් තමන් ද ජාතික යොවුන් පෙරමුණේ සාමාජිකයකු ලෙස කටයුතු කළ අවධියේ සිදුවූ සිදුවීම් සිහිපත් කරනු දක්නට ලැබිණි.


පිරිවෙන් අධ්‍යක්ෂ හිමියන් සහ ඇමැති අකිල අතර ඉකුත් දිනෙක විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ පිරිවෙන්වල පහසුකම් වර්ධනය කිරීමට ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්නටය. එහිදී උන්වහන්සේ අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ පිරිවෙන් කටයුතු පාලනය කිරීමේදී සමහර පාර්ශ්ව ගැටලු මතුකරන බවය. “ඔබවහන්සේ කිසි දේකට බය නොවී කෙලින් තීන්දු තීරණ අරගන්න. ඔබවහන්සේට එන ඕනම ප්‍රශ්නෙකදී විෂය බාර ඇමැතිවරයා හැටියට මම ඔබවහන්සේ එක්ක ඉන්නවා. අපි ඉදිරියේදී මේ දේවල් ගැන මහනායක හිමිවරු දැනුවත් කරලා උන්වහන්සේලාගේත් ආශිර්වාද ඇතුව පිරිවෙන් සංවර්ධනය කරන්න පියවර ගන්නවා.”


රංජිත් මද්දුම බණ්ඩාර පදනම සහ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවය මෙවර පැවැත්වුණේ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදීය. රංජිත් උදේ පාන්දරින්ම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයට ගියේ අවුරුදු උත්සවය නිල වශයෙන් ආරම්භ කරන්නටය. මොනරාගල දිසා ලේකම්තුමිය ඇතුළු විශාල රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද ඒ වනවිටත් ක්‍රීඩාපිටියට පැමිණ සිටියහ. අවුරුදු උත්සවය නැරඹීම සඳහා අවට ගම් රැසකින් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ සිටිනු දුටු රංජිත් “මෙච්චර සෙනඟක් උදේම පිට්ටනියට එයි කියලා මම හිතුවෙ නෑ. මිනිස්සු මෙච්චර සතුටින් ඉන්නවා දැක්කම මටත් ඇත්තටම සතුටුයි” කී අතර එතන සිටි සංවිධායකයන් කීවේ මිනිස්සුන්ට සතුටු වෙන්න කාලෙකින් මේ වගේ අවස්ථාවක් තිබුණෙ නෑ. ඇත්තටම ඇමතිතුමා මේ වගේ දෙයක් සංවිධානය කරපු එක ගොඩක් වටිනවා කියාය.

 

ඒකාබද්ධ විපක්‍ෂය


24 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා නෙළුම් මාවතේ කාර්යාලයට පැමිණියේ නව වසරට කාර්ය මණ්ඩලයට සුබ පැතීමටය. ඒවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පූජ්‍ය පක්ෂය ඇතුලු විශාල පිරිසක්ද එතැනට පැමිණ සිටියහ. සියලුදෙනාට සුබපැතූ මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන කතාබහටද එක්වූයේය.


“සර් මැයි දිනේට ගාලු මුවදොර පිටියට එන්න ඉන්න පිරිස විශාලයි. අපට තියෙන වගකීමත් විශාලයි.” ඒ ඒ ප්‍රදේශ වලින් පැමිණෙන පිරිස ගැන ගණන් හිලව් දක්වමින් පවිත්‍රා, එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන කීහ.


“දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එජාපයත් පාක්ෂිකයන්ට එපාවෙලා. ඒ හැමෝටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එන්න පුළුවන්. ගොඩදෙනෙක් දැනටමත් අපට එන්න සූදානමින් ඉන්නෙ. පක්ෂයේ සියලු සංවිධාන ව්‍යුහයක් හදල ඉවරයි.” බැසිල් රාජපක්ෂ කීවේය.


“අපේ මැයි දිනය හොඳටම සාර්ථක වෙන බව ඇත්ත. ඒක නෙවෙයි ප්‍රශ්නය. මේ බලන්න අපේ ජාතික සම්පත් ටික පිටරටට විකුණන්න හදන හැටි. මට 2005 ලැබුනෙ යුද්ධයෙන් වෙලාගත්ත සෘණ ආර්ථිකයක් ඇති රටක්. ඒත් මම ඕව පිට රටට විකුණන්න හිතුවෙවත් නෑ.” මහින්ද රාජපක්ෂ හැඟීම්බරව කීවේය.


“ජාතික දේපල විකුණනව කියන්නෙ මහ පාපයක්. ඔයවගේ වැඩ කරන්න ගියාම තමයි රට විපතට පත්වෙන්නෙ. පියසේන රතුවිතාන මහත්තය කිව්ව තවත් ඛේදවාචක කීපයක් සිද්ධවෙන්න තියෙනව කියල.” කුමාරසිරි හෙට්ටිගේ කීවේය.

 

ආණ්ඩුවෙන් අතීසාරෙට අමුඩයක්


සරත් ෆොන්සේකා ඇමැතිවරයාට ආණ්ඩුවෙන් ලබා දීමට ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති නව තනතුර පිළිබඳව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්වීමත් සමඟ මේ බව ජවිපෙ නායකයින්ටද විවිධ ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් කිහිප දෙනක් අතර සාකච්ඡාවක් ඇතිවිය. “ආණ්ඩුවෙන් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට ජනතාවගේ උද්ඝෝෂණ මර්දනය කරන්න දැන් උපක්‍රම තෝරනවා. උද්ඝෝෂණ වැඩි වෙන්නේ ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග නිසයි. නැත්නම් ජනතාව නිකන් ඉන්න බැරිව උද්ඝෝෂණ කරන්නේ නැහැ. මේ ආණ්ඩුව කරන්නේ අතීසාරෙට අමුඩ ගහනවා වගේ වැඩ.” ටිල්වින් සිල්වා කියා සිටියේය.


 “මට දැනගන්න ලැබුණ විදියට සරත් ෆොන්සේකා ඇමැතිකමෙන් ඉවත්වෙලා ත්‍රිවිධ හමුදාව භාරගන්නවා. එතකොට එයා තමයි හමුදාව මෙහෙයවන්නේ. මේ යන්නේ මිලිටරි පාලනයක් ගේන්න. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය ආරක්ෂක ලේකම් කළේත් මේ ටිකටම තමයි. වෙනසක් නැහැ. වැලිවේරියෙ ජනතාවට වෙඩි තිබ්බේ, හලාවතදී, කටුනායකදී වෙඩි තිබ්බේ එහෙම කරලා තමයි. ඉදිරියේදීත් එහෙම දේවල් වෙන්න පුළුවන් ඒ කියන්නේ” විජිත හේරත් කියා සිටියේය.


“මේ තීරණවලින් වැඩිපුරම නාගන්නේ මෛත්‍රිපාල සිරිසේන. වැඩකරන ජනතාව මර්දනය කරන්න උපාය උපක්‍රම හදන ගමන්ම නායකයෝ කොහොමද කම්කරුවන් එක්ක මැයි දිනය සමරන්නේ. මේ කරන්න යන්නේ ජනතාව බය කරලා තමන්ට ඕන දේවල් කරගන්න. ඒකට ඉඩ තියන්න බැහැ.” බිමල් රත්නායක කියා සිටියේය.

 

ජානිපෙ


ජානිපෙ දේශපාලන මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා රැස්විය.


“මේ ආණ්ඩුව වැඩ කරන ජනතාවට මරු කැඳවන ආණ්ඩුවක් බව අද ඔප්පු වෙලා ඉවරයි. එක පැත්තකින් ජාතිවාදී, බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයකට සැරසෙනවා. තවත් පැත්තකින් රට රකින රණවිරුවන් දඩයම් කරනවා. ඒ වගේම ජාතික සම්පත් විකුණා දමනවා. සංහිඳියාවේ නාමයෙන් ජාතිවාදය වපුරනවා. ඔවුන් එතැනින් නතර වෙලා නැහැ. මේ විනාශකාරී මෙහෙයුමට එරෙහි වන පිරිස මර්දනයටත් ආණ්ඩුව දැන් අත තියලා තිබෙනවා. ඒකටයි ..ීත්‍ හමුදාවක්” හදන්නේ. මේ තත්ත්වය පිළිබඳව දැනුම්වත් කළාම අපේ ක්‍රියාකාරීන්  පැවසුවේ.  ගාලු මුවදොරට ලක්ෂ ගණනින් රැස්වෙලා ආණ්ඩුවට ගෙදර යන්න කියමු” කියලයි. මේ ආණ්ඩුවේ ජනතාද්‍රෝහී වැඩ කටයුතු නිසා ජනතාව පුදුම කල කිරීමක ඉන්නේ. ඒ කලකිරීම පිටකරන දිනය බවට මැයි දිනය පත්වේවි.” විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.


තමන් බලයට ගේන්න කැපවුණු නරේන්ද්‍ර  මෝඩිලාට හොඳ හැටියට සලකන්න තවම මේ ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා.

ඉන්දියාවට සලකන්න ඔවුන් ගෙනෙන හැම සැලසුමකටම දැඩි ජනතා විරෝධයක් එනවා. 2001-2004 කාලයේ වගේ ඉන්දියාවට සලකන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා ජනතාවගේ ඇස්වලට වැලි ගහලා යමක් කරගන්නයි මේ අය හදන්නේ.” නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.



අදහස් (0)

දේශපාලන හැප්පිලි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 135 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site