IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඩීල් දාපු ඇමැතිවරු නිසා අර්බුද ඇතිවුණා අගමැති කියයි

ගෙවීයන සතිය තුළ අගමැතිවරයා ජනතාවට ඉහළ ප්‍රතිලාභ ලැබෙන ‘සුදු ජූලිය” සංකල්පය යටතේ පියවර රැසක් ගත්තේය. රාජ්‍ය සේවකයන්ට විශ්‍රාමිකයන්ට හමුදා සහ පොලීසියට ආබාධයන්ට වකුගඩු රෝගීන් ඇතුළු ජන ස්ථර රැසකට රුපියල් දසලක්ෂ 39,360ක දැවැන්ත මුදල හරහා ප්‍රතිලාභ දීම ජූලි මාසයේ සිට ඇරඹිණි.
ඊට අමතරව සමෘද්ධිය අලුතින් පවුල් ලක්ෂ 6 කට බෙදා දීමද රට පුරා ආරම්භ වී තිබේ.


ඇමැති චම්පිකගේ මූලිකත්වයෙන් ජපන් ආධාර රුපියල් කෝටි 27,000 කට අධික වියදමින් මාලබේ සිට කොළඹ දක්වා වූ කණු මත දිවෙන දුම්රිය සේවයට ද මුලපිරුවේය.


එසේම බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා ඇමැති අකිල සමඟ පේරාදෙණිය බලා පිටත්ව ගියේ එදිනට විවෘත කිරීමට නියමිත නව පාසල් ගොඩනැගිලි, විද්‍යාගාර, ශ්‍රවණාගාර ඇතුළු ව්‍යාපෘති 250ක් විවෘත කිරීමේ ප්‍රධාන උත්සවයට එක් වීමටය. පිටත් වීමට පෙර පැමිණ සිටි මැති ඇමැතිවරුන් සමග සුපුරුදු කතා බහක යෙදීමටද අගමැතිවරයා අමතක නොකළේය.


මේ ආණ්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදය - නිදහස - ජනමාධ්‍ය නිදහස, ස්වාධීන අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය විතරක් නොවෙයි වැවිලි, නිවාස, සෞඛ්‍ය, කෘෂිකර්ම, වාරි වගේම විශේෂයෙන් අධ්‍යාපනයටත් දැවැන්ත සේවයක් ඉටුවුණා. මීට කලින් එක දවසට පාසල් 200ක ව්‍යාපෘති සිසුන්ට පරිත්‍යාග කළා. අද එකම දිනයේ එවැනි ව්‍යාපෘති 250ක් සිසුන් සතු කිරීම විශේෂයි, නවීන් දිසානායක කතාවට මුලපිරුවේය.


ඒත් පෙළ පොත්වලට ඇමැති අකිලගේ ඡායාරූපය දැම්මා කියා විජයද‌ාස රාජපක්ෂ පටු දේශපාලන මඩ ප්‍රහාරයක් එල්ල කිරීම ඇමැති අකිලට වඩා සිසු පරපුරට දිපු ප්‍රහාරයයි, චමින්ද විජේසිරි කීවේය.


‘විජයද‌ාස හිටපු ඇමැතිතුමාගේ බංකොලොත් දේශපාලනය ගැන මටත් පුදුමයි. හිටපු සියලු අධ්‍යාපන ඇමැතිවරුන් විතරක් නොවෙයි මහින්ද ජනාධිපතිතුමාගේ පින්තූර පවා ඉස්සර දාලා තිබෙනවා. මගේ ඡායාරූපය දැම්මා කියා රුපියලක පාඩුවක් වෙලා නැති බව මා සාධක සහිතව ඔප්පු කළා, අකිල විරාජ් කාරියවසම් කීවේ ශෝකාකූල ස්වරූපයෙනි.
‘අකිල ඇමැතිතුමා පහුගිය වසර පහට රුපියල් කෝටි 35,000 කට වඩා රටේ අධ්‍යාපනයට වැය කළා. තට්ටු දෙකේ හා තුනේ පාසල් ගොඩනැගිලිම 1600ක් හැදුවා. තවත් පාසල් 5500 කට ලක්ෂ 10 සිට 100 දක්වා වියදම් කළා. දරුවන් ලක්ෂ 45ම රක්ෂණය කළා. විද්‍යාගාර 3,000ක් වැසිකිළි 40,000 ක් හද‌ා ති​ෙබනවා.


ගුරුවරුන් 10,000 කට වඩා බඳවා ගත්තා. ක්‍රීඩා ගුරුවරුත් 3500 ක් ගත්තා. සා.පෙළ අසමත් අයට වෘත්තීය පුහුණු අංශ 26ක් ඇති කළා. දැන් ටැබ් බෙදනවා. කුරුණෑගලට විශේෂයක් කළෙත් නැහැ. සියල්ල රට පුරා බෙදා හැරියා. ඵළ ඇති රුකටයි ගල් වදින්නේ කියා ජනතාව දන්නවා. අනාථ වෙච්ච විජයදාස මහත්තයා මඩ ප්‍රහාරයෙන් නැත්තටම නැති වෙනවා.” හේෂා විතානගේ කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.


දැන් පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂක තෝරගන්න බැරුව අවුල් ජාලයක් වෙලා. අප එතෙන්ට වැටෙන්න හොඳ නැහැ. මේක ඉක්මනින් විසඳ ගන්න ඕනෑ. එතකොටයි, ජයග්‍රාහී මානසිකත්වය හා විශ්වාසනීයත්වය ඇති වෙන්නේ, නවීන් දිසානායක කීවේය.


‘එජාපය නොදැන පක්ෂයේම කිහිප දෙනෙකුගේ කල්ලිය හොර රහසේ තැන් - තැන්වල සාකච්ඡා කරමින් ජනාධිපති අපේක්ෂකයෙකු තෝර ගන්න උත්සාහ කරනවලු. ඒ කියන ජනාධිපති අපේක්ෂකයා පවා මේ ගැන දන්නේ නැතිලු. ඇතැම් සාකච්ඡාවල විස්තර ඔහු දැනගෙන ති​ෙබන්නෙත් මාධ්‍ය සහ වෙබ් අඩවිවලින් කියලයි, ආරංචියි. පක්ෂයේ කාගේත් නිල අනුග්‍රහය නැතිව එවැනි වගකීම් භාර ගන්න එතුමාත් අකමැතිලු. රහස් කතා කරපු කට්ටිය ඒ නිසා දැන් මාර හිරවීමක ඉන්නවා කියලත් ආරංචියි. මේ සාකච්ඡාවල මූලිකත්වය ගෙන තිබෙන්නේ අගමැතිතුමාගේ කර උඩම හිටපු ඇමැති කෙනෙකුනේ? අගමැතිට හොරා ගේම් ගහන්න ගිහිල්ලා ඔහු දැන් ව්‍යාපාර ලෝකය තුළත් අනාථ වීගෙන යනවා කියලත් ආරංචියි.


යෝජනා කරන අපේක්ෂකයගෙන් හරි වචනය තාම ලැබී නැති නිසාද කොහේද මේ කට්ටිය තම අනාථ බවෙන් මිදෙන්න තවත් අපේක්ෂකයෙකු හමුවෙලා ඔහු උඩට ගේන්න උත්සාහ කරලත් තියෙනවා. ඔහු ඒ විස්තර නොසඟවා පක්ෂයේ නායකයන්ට එළි කර තිබෙනවා කියලත් ආරංචියි., එජාප නීති නිලධාරියෙකු කීවිට අගමැතිවරයා මඳ සිනහවක් පා ඉවත බලා ගත්තා මිස කිසිවක් කීවේ නැත.


‘මුලින් කී කෙනා අපේක්ෂකයා කරනවාට කොළඹ පැත්තේ එජාප ප්‍රබලයෙකු තදින්ම විරුද්ධයිලු. එහෙම වුණොත් එයා පක්ෂය මාරු කරන්නත් සැලසුම් කරලා කියා ආරංචි. ඔහු එජාපෙට නැතිවුණොත් ඒක පාඩුවක් වෙන්න බැරි නැහැ. කොහොම හරි මේවා සියල්ල ‘බැලන්ස්” කර ගන්න වෙනවා. එජාප දේශපාලන උපදේශකයෙක්ගේ මතය එය විය.
‘මේ සතියේ තිබූ ‘ෆ්රී කැබිනට්” එකේදී අගමැතිතුමා ආණ්ඩුවේ ඉන්න ඩීල්කාර ඇමැතිවරුන් ගැන ලොකු හෙළිදරව්ව කළා කියා ආරංචියි. එජාප ප්‍රධානීන්ට වඩා වෙනත් පක්ෂවල නායකයො හා ඉහළ තනතුරුලාභීන් එක්ක ඩීල් දාන ඇමැතිවරුන් නිසා එජාපයයි ආණ්ඩුවයි දේශපාලන ලෙස අර්බුදයකට ගිහින් කියා අගමැතිතුමා කියපු එක සමාජ ජාලා ඇතුළු මාධ්‍යවල ප්‍රසිද්ධ වුණා. 


කිරිඇල්ලට ඇමැති බලතල අහිමිවුණෙත් පක්ෂය හා ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටි නිසා බව අගමැතිතුමාම කියපු එකත් වටිනවා. ඩීල්කාරයන් නිසා ආණ්ඩුව අපහසුතාවකට පත්වෙලා කියා කිරිඇල්ල ඇමැතිතුමා කිව්වේ මීට මාස ගණනාවකට පෙරයි. ඒ සත්‍ය දැන් අගමැතිතුමාගේ කටින්ම එළියට ආපු එක කවුරුත් හිතට ගත යුතු තත්ත්වයයි. එහි සිටි එජාප ජාත්‍යන්තර කටයුතු උපදේශකයෙක් කීවේය.


‘පාස්කු ප්‍රහාරය වෙන වෙලාවෙ ආරක්ෂක නීතිය හා සාමය ඇමැතිකම් දරපු වගකිවයුත්තන් අත හෝදාගෙන පහළ තැන් දෙකකින් වතුර බස්සන්න හදනවා කියලයි, පේන්නෙ. අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතියි, හිටපු ආරක්ෂක ලේකම්වයි අද කොටුකරලා.


විශේෂ කාරක සභාවට ඇත්තම කිව්ව නම් මෙහෙම වෙන්නේ නැහැ කියා ඇමැති රාජිත කිව්වා. මා කියන්නෙත් ප්‍රහාරය ගැන විස්තර දැන දැනත් ඊට මැදිහත් නොවූ ප්‍රබලයින් බේරන්න මේ දෙන්න නීතිය නමලා උදවු කළා. ඒ වැරැද්ද කරපු නිසා ඒ දෙන්නට අද නීතිය කෙළින් වෙලා, චමින්ද විජේසිරි කීවේ සිනා සෙමිනි.


‘රටේ කිසිදා පොලිස්පතිවරුන් අත්අඩංගුවට ගෙන නැහැ. එයා ධූරයෙන් ඉවත් කරලත් නැහැ. ඔහු ඇරෙස්ට් කරන්න පාදක කරගත්ත ත්‍රිපුද්ගල කමිටු වාර්තාව කවුරුවත් දැකලත් නැහැ. විශේෂ කාරක සභාවෙ සාක්කි දුන්නට පස්සෙයි, දෙන්නට මේක වුණේ. මිනීමැරුම් චෝදනා දාන්නයි හදන්නේ.


ඔවුන්ට එවැනි චේතනාවක් නොතිබුණු නිසා ඒක හරියන්නේ නැහැ කියලයි නීති විශාරදයින් කියන්නේ, මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.


‘පොලිස්පති පත් කළේ ව්‍යවස්ථාදායක සභාව හරහායි. ඒත් ආරක්ෂක ලේකම් තනිකර ජනාධිපතිගේ පත්කිරීමයි. අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමේ වගකීම අගමැතිතුමාට පවරනවා නම් ආරක්ෂක ලේකම් හේමසිරිගේ පත්වීමේ වගකීම තනිකරම ජනාධිපතිතුමාට බාර ගන්න වෙනවා, එජාප නීති අංශ නිලධාරීන්ගේ අදහස එය විය.
‘දොස්තර සංගමයට කළුතර දි මිනිස්සු ගහලා. ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන ඩිස්පැන්සරිත් කුඩු කරලා. එක පුද්ගලයෙකුගේ ප්‍රශ්නයක් අල්ලාගෙන රට පුරා වර්ජනය කරන දුම්රියේ අයටත් ජනතාවගෙන් එවැනි ආනිසංශය ලැබෙන දිනය වැඩි ඇතක නැහැ, මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.


‘ශ්‍රී ලංකන් එක කාලා කෝටි 15,000 ක් මහින්දගේ කාලේ නැති කළා. ඒත් අලුතින් ඉපදුනු ශ්‍රී ලංකන් සේවකයෝ ටිකක් ඇවිත් ශ්‍රීලංකන් එක ගොඩදාලා දෙන්න කියා මහින්ද මහත්තයගෙන් ඉල්ලලා. අර මස්සිනාම දාල ශ්‍රීලංකන් ගොඩ දාල දෙන්න කියා ඉල්ලුවද දන්නේ නැහැ, හේෂා විතානගේ කීවේ හැමෝම සිනා සයුරක ගිල්වමිනි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ‘සව්සෙත්ගම’ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ‘අරුණලුගම’, ‘වරුණගම’ යන 208, 209 සහ 210 වැනි උද‌ා ගම්මාන ජනතා අයිතියට පත්කිරීමෙන් පසු සජිත් ප්‍රේමද‌ාස ඇමැතිවරයා ගියේ රුපියල් ලක්ෂ 2,380 ක වියදමින් සිදුවන ඓතිහාසික මිහින්තලේ පුදබිමේ සංවර්ධන කටයුතු ඇරඹීම සඳහාය. ‘ඉතිහාසයේ පළමු වතාවටයි මිහින්තලේ සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් මේ තරම් විශාල මුදලක් එකවර ලැබෙන්නේ’ කියා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසද්දී සජිත් කීවේ ‘නායක හාමුදුරුවනේ, ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතදිග හැරලා වියදම් කරන්න මට ඉඩ ප්‍රස්ථාව දීලා තියෙනවා. මගේ තාත්තාගෙන් ලැබුණු ආභාෂයත්, වජිරාරාම දහම් පාසලෙන් ලබපු ධර්ම අධ්‍යාපනයත් මට ආශිර්වාදයක් වුණා.’ කියාය. මිරිසවැටිය විහාරාධිකාරී ඊතලවැටුණවැවේ ඥ‌ානතිලක හිමියන් පැවසුවේ ‘තාත්තා වගේම ශාසනයට ළැදිව කටයුතු කිරීම බොහෝම හොඳයි ඇමැතිතුමා’ කියාය. ථූපාරාම, අභයගිරි විහාරස්ථානවල නායක හිමිවරුන් සඳහන් කළේ තමන්ට රජයේ නිලධාරින්ගෙන් සිදු​ෙවන කෙණහිලිකම් නිසා වැඩ කිරීමේදී විවිධ අපහසුතා ඇති​ෙවන බවයි. සජිත් ඒ මොහොතේම සිය නිලධාරින් කැඳවා කීවේ ‘ගරුතර ස්වාමීන් වහන්සේලාටත්, චීවරයටත් ගරු කරන්න. උන්වහන්සේලා එක්ක තර්ක විතර්ක කරන්න සූදානම් වෙන්න එපා. අඩුපාඩු ඇත්නම් සාකච්ඡා කර විසඳුම්වලට එළැඹෙන්න’ කියාය. රුපියල් ලක්ෂ 540 ක වියදමින් මඩු දේවමාතා සිද්ධස්ථානයේ අල්තාරයට ඉහළ ගෝලාකාර මුදුන ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ගිය සජිත්ගේ නිරීක්ෂණයට හසු වුණේ අවට විහිදී තිබූ කල්ඉකුත් වූ ගොඩනැගිලි සමූහයයි. මේ පිළිබඳව මන්නාරම පදවියේ එමෑනුවෙල් ප්‍රනාන්දු රදගුරුතුමන්ගෙන් කරුණු විමසද්දී එතුමන් කීවේ එම ගොඩනැගිලි අලුත්වැඩියා කර ගැනීමේ අවශ්‍යතාවක් පැවතුණත් ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බවයි. ‘රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්නේ නැද්ද’ කියා විමසද්දී රදගුරුතුමන්ගේ පිළිතුර වූයේ ‘වාර්ෂික මංගල්‍යෝත්සවයට විතරයි රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්නේ.’ කියාය. මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුකර අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට ඇති හැකියාව සොයා බලන බව සජිත් රදගුරුතුමන්ට දැන්වීය. අනතුරුව සජිත් ගියේ මන්නාරම නානාට්ටන් හි ‘කුරිංචිනගර්’- 211 වැනි උද‌ා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයටයි. ගම්මානයේ නිවෙසින් නිවසට යමින් සිටි සජිත් හදිසියේම දුටුවේ අලුත් නිවාස අතර තිබුණු කටුමැටි පැලකි. ඒ ගැන නිවෙස් හිමියාගෙන් ඇසූවිට ඔහු දුන්නේ අපූරු උත්තරයකි. ‘ඉස්සර ජීවත් වෙච්ච හැටි මතක් වෙන්ඩත් එක්ක පරණ ගේ ඉතුරු කළා සර්’


ශ්‍රාවස්තියේ සිටුවරයා යැයි විරුද‌ාවලිය ලත් දොස්තර ආතර් ද සිල්වා මහතා 1919 ඇරඹි ලංකා ජාතික සංගමයේ ප්‍රථම ලේකම්වරයා ද විය.


එතුමන්ගේ වාස භවනය වූ ‘ශ්‍රාවස්ති මන්දිරය’ කලක් බස්නාහිර පළාත් සභා කාර්යාල පරිශ්‍රය බවට පත්ව තිබිණි.


මින් මාස කිහිපයකට පෙර බස්නාහිර පළාත් සභාව බත්තරමුල්ලේ නව ගොඩනැගිලි සංකීර්ණයට ගෙන ගිය වහාම මෙම ශ්‍රේෂ්ඨ ප්‍රභූවරයා මව්බිම වෙනුවෙන් කැප කළ මෙම අමිල සම්පත එතුමාගේ නම පවතින ලෙස සුරක්ෂිත කිරීමටත්, එහි පෞරාණික අභිමානවත් බව රැකෙන ලෙස ප්‍රතිසංස්කරණය කර රටට උපරිම පලද‌ායී ලෙස යොද‌ා ගැනීමටත්, මැදහත් වූයේ කථානායක කරු ජයසූරිය මහතාය.


එයට විශේෂ හේතුවක් වූයේ එම මන්දිරය ඇතුළු පරිශ්‍රය වත්මන් භාරකාරත්වය දරන්නේ පාර්ලිමේන්තුව වීමය. මේ අනුව, රාජ්‍ය ආයතන කිහිපයකින් ලැබී තිබූ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුකර ස්වකීය කාර්යාල පවත්වාගෙන යාම සඳහා තාවකාලික පදනම මත එම ගොඩනැගිලි පරිශ්‍රයේ අවස්ථාව ලබා දුන් අතර ඉතාම සීරුවෙන් හා ප්‍රශස්ත අන්දමින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා කර පියවර ගනු ලැබීය.


ඓතිහාසික වටිනාකමකින් යුත් බලංගොඩ කූරගල පුදබිමට විදුලිය ලබා දීමට විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා ගෙන තිබූ තීරණය නවතාලීමට ගෙන තිබූ පියවර සම්බන්ධව දැඩි කලකිරීමකින් කොටුවේ හාමුදුරුවෝ හා තරුණ ගායක ඉරාජ් වීරරත්න මහතා කළ ප්‍රකාශය ඉතාමත් වේගයෙන් රට පුරා පැතිරෙන්නට විණ. ප්‍රධාන නාහිමිවරුන් මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක්ම දුරකථන ඇමතුම් ලබා දෙමින් ඇමැති රවි කරුණානායක මහතාගෙන් ඒ පිළිබඳ විමසන්නට වූහ. ඒ අතර හමුවීමට පැමිණි පිරිස් අතර සිටි උතුරු කොළඹ ප්‍රධාන විහාරස්ථානයක නාහිමිපාණන් හිමිනමක් ඉතාමත් සංවේදී කතාවක් කීහ.


‘ඇමැතිතුමා අබෞද්ධයෙක් වෙලා බුදුදහම පෝෂණය කිරීමට මේ වගේ උදව් කරනවා. ඒත් අපේ බෞද්ධ යයි කියාගත් ඇමැතිවරු මේ රට බෞද්ධ රටක් නෙවෙයි කියනවා. ඒ මදිවට රට පුරා චෛත්‍ය හදනවා කියමින් කූරගලට දෙන්න හිටිය විදුලියත් නැති කළා නේදැයි’ ඇසීය.


‘පුරාවිද්‍යා වටිනාකමක් ඇති තැන්වලට නිධන් හොරුන් විදුලිය දෙනවාට කොහොමත් කැමැති නැහැ. ඒක නිධන් හැරීමට ලොකු බාධාවක්. ඒවාට විදුලි පන්දම් තමයි ඕනැ. අනික තමන් තරම් බෞද්ධයෙක් නැහැ කියන ඇතැම් දේශපාලනඥයින් බෞද්ධයන් අන්දවන්න බොරු සැදැහැවත් බෞද්ධකමක් අරගෙන දේශපාලනය කරන්නයි හදන්නේ. ජනතා මුදලින්ම පෝස්ටර් ගහගෙන ලකුණු ද‌ාගන්න කරන වැඩ. නැගෙනහිර පළාතේ එරාවුර්වල තිබ්බ ලොකුම දාගැබත් බුල්ඩෝසර් කරලා මිරිස් වවනවා. පුරාවිද්‍යාව අද විනාශයට ගිහිල්ලා, ඒවා රැකගන්න උත්සාහ කරන්නේ නැහැ. මම කූරගලට කිසිදු ප්‍රචාර වියදමක් නැතුව විදුලිය දෙන්න ගියාම තමයි හීනෙන් බයවෙලා වගේ ඒ පුදබිම මතක් වුණේ. රවි කරුණානායක ඇමැතිවරයා කීවේය.

 



අදහස් (0)

ඩීල් දාපු ඇමැතිවරු නිසා අර්බුද ඇතිවුණා අගමැති කියයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site