IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජාතික ආණ්ඩුවක්ද? ශක්තිමත් ආණ්ඩුවක්ද ?

අගමැතිවරයා මේ දිනවල වැඩිපුර කාලය යොදවනුයේ ළඟ එන අය-වැය සැකසීමේ කටයුතුවලටය. එහිදී ඇමැති මංගල මෙන්ම නිලධාරීන් සමඟ සාකච්ඡා වට රැසක් පවත්වා ජනතාවට උපරිම සහන හා රටට වේගවත් සංවර්ධනය ගෙන ඒමට අදාළ තීන්දු-තීරණ රැසකට සම්මාදම් විය.


ඒ අතර ඇමැති චම්පික රණවක දෙමටගොඩ ඉදිකළ නිවාස 266කට අධික සංඛ්‍යාවකින් යුතු සංකීර්ණය විවෘත කිරීමටද අගමැතිවරයා එක්විය. ඒ අමාත්‍යාංශයම කලුතරදී රුපියල් කෝටි 48ක් වැයකොට ඉදිකළ සහ වාණිජ සංකීර්ණ 2ක්ද පසුගියදා අගමැති අතින් විවෘත විය.


බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණියේද අය-වැයට අදාළ තවත් සාකච්ඡා වට කිහිපයකට එක්වීමටය. එහෙත් සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දාට අගමැතිවරයා හමුවිමට පැමිණෙන මැති-ඇමැතිවරුන් හා මාධ්‍යවේදීන් සමඟ ගෙවුණු සතියට අදාළ සිද්ධි පසුවිපරමකට ලක් කිරීමටද ඔහු අමතක කළේ නැත.
“මගේ ඇමැතිකම කිසිම වැඩක් කරන්න බැරි තනතුර ලෙස දිගටම තියා ගැනීම මහනුවර දිසාවේ ජනතාවට කරන අසාධාරණයයි. දැන් අප ජාතික ආණ්ඩුවට යන්නේ කවදද?” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ ඍජුවම අගමැතිගෙනි.


“ජාතික ආණ්ඩුවක්ද, ශක්තිමත් ආණ්ඩුවක්ද අප හදන්න ඕනෑ කියා ඉක්මන් තීන්දුව ගන්නවා. පිටින් එන ඕනෑම කෙනෙකු අපේ ප්‍රතිපත්ති පිළිගන්නවා නම් භාර ගන්නවා. මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්ටත් යවන්න ලෑස්තියි. ආණ්ඩුව ශක්තිමත් කරන්නේ කවුරු එක්කදැයි ඒ වේලාවට එළිකරමු.”


“ආණ්ඩුව ශක්තිමත් කරන ගමන් ලක්ෂ්මන්ගේ වැඩේට මුල් තැන දෙනවා. ඒ එක්කම අනිත් කිහිප දෙනෙකුගේ ප්‍රශ්නත් විසඳනවා”, අගමැතිවරයා පිළිතුරු දුන්නේය.
“වතු කම්කරු වැටුප වැඩිකරලත් තාම පොඩි-පොඩි උද්ඝෝෂණ තිබෙනවා. තොණ්ඩමනුත් මේක විසඳන්න හවුල්වීම ගැන අපේ අය අතර පොඩි කොස්සක් තිබෙන පාටයි”, නවීන් දිසානායක කීය.


“නැහැ. සුළු ප්‍රශ්නත් ඉක්මනින් විසඳගන්න පුළුවන් වේවි”, අගමැතිවරයාගේ මතය එය විය.


“ඔබතුමාගේ අගමැතිකමයි, අපේ ආණ්ඩුවයි මහදවල් කොල්ල කාපු රාජපක්ෂලාගේ මගුල් ගෙදර යෑම ගැන යූඇන්පී කාරයෝ විරුද්ධයි. අපරාදේ රනිල් වෙනුවෙන් පත්තු කළ රතිඤ්ඤා කියලත් සමහරුන් කියනවා”, රංජන් රාමනායක බෝම්බය පත්තු කළේය.


”ඔයා තමයි, ඒ මගුල් ගෙදරට ගිය එකට විරුද්ධ” යයි අගමැතිවරයා කීවේ කොක් හඬලමිනි.


“නැහැ. නැහැ. මා විතරක් නොවෙයි යූඇන්පී කාරයෝ හුඟ දෙනෙකු විරුද්ධයි. සමාජ මාධ්‍ය බැලුවොත් ඔබතුමාට වැටහේවි” රංජන් කීවේද සිනාසෙමිනි.


“ඒ මගුල් ගෙදර ගිය කෙනාට වඩා මුලින්ම ආරාධනා කරපු අයයි, එහෙම නම් වැඩියෙන්ම ලැජ්ජ වෙන්න ඕනෑ. ආරාධනා කළ නිසානේ මඟුලට යන්න වුණේ”, චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.


“මහින්දයි-චන්ද්‍රිකයි දෙන්නම මගේ මඟුලට ආවා. තරහ-මරහ තිබුණත් මඟුල් ගෙවල්, මළ ගෙවල්වලට යාම ලංකාවෙ සිරිතයි. අනික වෙන මඟුල් ගෙවල්වලදි මහින්දයි-මමයි ගොඩක් වෙලාව ගෙන වැදගත් දේවල් කතා කරන අවස්ථාද තිබෙනවා”, අගමැතිවරයා කීවේ සැහැල්ලුවෙනි.


“මහ ලොකු සිංහල-බෞද්ධ හා දේශප්‍රේමි අය මනමාලිව බුද්ධාගමට ගන්නේ නැතුව කතෝලික පල්ලියේ කසාද බැන්දා. ඒව මාධ්‍යවල ප්‍රසිද්ධ කළෙත් නැහැ. ඒක බැලන්ස් කරන්න ඊට පස්සේ කෝවිල් ගානෙත් යනවා. මිනිස්සු අන්දන්නයි, මේ ඔක්කොම කරන්නේ.


“මුස්ලිම් පල්ලියකට තාම ගියේ නැත්තේ ඒ පල්ලිවලට ඇතුල්වීමට අවශ්‍ය කොන්දේසි සපුරගන්න බැරි නිසාද දන්නේ නැහැ. ඒ එක්කම කතෝලික පල්ලිය ඇතුළේ ඩාන්ස් කරන්න ඉඩ දීලලු. ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙලාලු”, හේෂා විතානගේ කීවේ තමාට ලැබුණු තොරතුරු මතය.


“ජනාධිපතිතුමා සිංගප්පූරු ගිහින් අර්ජුන් මහේන්ද්‍රන් ගැනත් අහලා කියා ආරංචියි. ලංකාවේ බැඳුම්කර කොමිෂන් වාර්තාවත් ඒ අගමැතිට දුන්නා කියලත් බොරු ප්‍රවෘත්තිය ලංකාවෙ බෙදා හැරල තිබුණා. එහෙම වාර්තාවක් දුන්නෙ නැහැ කියා අපේ විදේශ ඇමැති මාරපනත් තහවුරු කර තිබුණා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“සිංගප්පූරුව වැඩ කරන්නේ ඒ රටේ නීතිය අනුවයි. කාගෙවත් බලපෑම්වලට එයාලා වැඩ කරන්නෙ නැහැ. මහේන්ද්‍රන්ට අදාළවත් තත්ත්වය එහෙම බවයි, මට ආරංචි.”, එජාප නීති අංශ නිලධාරියෙක් කීවේය.


“පළාත් සභා තිබ්බේ නැතිනම් මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙනවලු. පළාත් පාලන වගේම පළාත් සභා ඡන්දත් කල් ගියේ ශ්‍රීලනිපයේ කල් මැරිල්ල නිසයි.”
“අනික මහින්ද දේශප්‍රිය හොඳ කතාවක් කිව්වා. ටී.වී. කැමරා ඉස්සරහා ඡන්දේ ඉල්ලා මර හඬ දෙන පොහොට්ටුකාරයෝ ඊට අදාළ පාර්ලිමේන්තු විවාදෙදි පාර්ලිමේන්තුවට ඇවිල්ලත් නැහැ. මුළු පාර්ලිමේන්තුවේම 18 දෙනයි ඉඳලා තිබෙන්නේ. ඝනපූර්ණයත් තිබුණේ නැහැ කියා දේශප්‍රිය පොහොට්ටුවට හොඳ කනේ පාර දුන්නා.”, රංජිත් අළුවිහාරේ කීවේය.


“ඇමරිකාවත් එක්ක ලංකාව රහස් ආරක්ෂක ගිවිසුම ගහලයි කියා කියන කතාව මොකක්ද?” ගයන්ත කරුණාතිලක ඇසුවේ අගමැතිගෙනි.


“මහින්දලා ගෝඨලා තමයි, ඔය ගිවිසුම ගැහැව්වේ. ඊට අදාළ දේවල් ඉදිරියට් ගෙනි යන්නේ නැතුව අතාරින්න බැහැ. ඒ ගොල්ලන් කොටි වලිගය මුලින්ම අල්ලලා වලිගය දැන් අතෑරපල්ල කියා අපට කියලා හරි යනවද?” අගමැතිවරයා පිළිතුරු දුන්නේය.


“පොහොට්ටුව හැමදාම ප්‍රෙස් කොන්ෆරන්ස් තියා මොනවාහරි බොරුවක් මවා මිනිස්සුන්ට කියනවා. ආණ්ඩුව ප්‍රෙස් කොන්ෆරන්ස් තියන්නෙත් නැහැ.


පොහොට්ටුකාරයින්ගේ බොරුවලට උත්තර දෙන්නෙත් නැහැ. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කර කරන රටේ සංවර්ධනය ජනතාව අතරට ගෙනි යන්නෙත් නැහැ. මේක හරි අවුලයි. නවීන් දිසානායක චෝදනා ස්වරූපයෙන් කීවේ අගමැතිටය.


“නවීන් කියන එකේ ඇත්තක් තිබෙනවා. මංගලත් මේ දවස්වල බජට් එකට හිරවෙලා. මාධ්‍ය මෙහෙයුම ඉක්මනින් ක්‍රමවත් කරනවා. නැතිනම් මිනිස්සු ටී.වී. චැනල් දෙක තුනකයි, පත්තර දෙක තුනකයි යන බොරු අහළම සිහිමූර්ජා වේවි”, අගමැතිවරයා කීවේ දැඩි සිනහවක්ද සමගිනි.


“ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 18 දෙනයි, ජනාධිපතියි අතර කඹ ඇදිල්ල උග්‍රයිලු. එහි ජයග්‍රහණය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඉක්මනින් ලැබෙන බව එයාලගේ විශ්වාසයයි” නවීන් දිසානායක කීවේය.



අදහස් (0)

ජාතික ආණ්ඩුවක්ද? ශක්තිමත් ආණ්ඩුවක්ද ?

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site