IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජනපතිට චීනයෙන් තෑගි මල්ලක්

කිතුනු දේවස්ථාන තුනකට හා ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවී අනිද්දාට (21) හරියටම මාසයකි. ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ බිඳවැටුණ ජනජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී ගිය සතියේ වයඹ පළාතේ හා ගම්පහ තැන් කිහිපයක සිදුවීම් පෙළක් ද වාර්තා විය. එම තත්ත්වයන්ද මේ වන විට පාලනය කර ඇති අතර, තවත් සතියක් දෙකක් යනවිට රට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි යන්න බොහෝ දෙනකුගේ විශ්වාසය වී ඇත.


ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සඳුදා චීනය බලා පිටත්ව ගියේය. ඒ චීන ජනාධිපති ෂි ජින් පින් මහතාගෙන් ලැබුණ නිල ආරාධනය පිළිගනිමිනි. ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරයට තලතා අතුකෝරළ ඇමැතිවරිය ද දයා ගමගේ, අශෝක අබේසිංහ යන ඇමැතිවරු සහ කීර්ති තෙන්නකෝන්, සුරේන් රාඝවන් යන ආණ්‍ඩුකාරවරුද එක්ව සිටියහ. රටේ ඇතිව තිබූ තත්ත්වය හේතුවෙන්, මෙම සංචාරයට සහභාගි වන්නේ ද නැද්ද යන දෙගිඩියාවක ජනාධිපතිවරයා සිටියේය. එහෙත් ලංකාව පත්ව සිටින වත්මන් තත්ත්වය හමුවේ ජාත්‍යන්තරයේ සහාය ලබාගැනීමටත්, චීනයේ අවධානය ගැනීමත් යන කාරණා මත චීන සංචාරයට සහභාගිවන්නට ජනාධිපතිවරයා අවසන් මොහොතේ තීරණය කළේය. ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස සඳුදා උදේ චීනය බලා පිටත්ව ගියේය.
චීනයට ගිය ජනපති මෛත්‍රී එරට ජනාධිපති ෂි ජින් පින් මහතා චීන ජනපති මැදුරේදී අඟහරුවාදා හමුවිය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල කටයුතු සඳහා සහාය ලබාදෙන ලෙස ජනපති මෛත්‍රී කළ ඉල්ලීම පිළිගත් චීන ජනාධිපතිවරයා රුපියල් කෝටි 260ක මුදලක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගත්තේය. එපමණක් නොව, රුපියල් කෝටි 150ක් වටිනා ජීප් රථ 100ක් ද ශ්‍රී ලංකාවේ පොලිසිවලට ලබාදීමට චීන ජනාධිපතිවරයා පොරොන්දු විය.


ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ගිය බදාදා (15) ආරම්භ වූයේ චීන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ජනපති මෛත්‍රී ද එදින සමුළුව ඇමතූ රාජ්‍ය නායකයෙකි. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ජාත්‍යන්තර ත්‍රස්තවාදය ගැන ද සිය දෙසුමේදී සඳහන් කළ ජනාධිපතිවරයා කීවේ අන්තවාදයත්, ත්‍රස්තවාදයත් අතුගා දැමීමට ලෝකයේ සියලු රටවල් අත්වැල් බැඳගත යුතු බවය.


අඟහරුවාදා උදේ සුපුරුදු පරිදි පැවැත්වෙන සතියේ කැබිනට් රැස්වීම මෙවර නොපැවැත්විණි. ඒ ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරට ගොස් සිටි බැවිනි. වෙනදා ජනාධිපතිවරයා විදේශගතවීමේ දී වැඩබලන ආරක්ෂක ඇමැතිවරයකු පත් නොකළඳ මෙවර ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා වැඩබලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස පත්කරන්නට ජනාධිපතිවරයා පියවර ගත්තේ රටේ ඇතිව තිබෙන ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව ගතවූ වසර හතරකුත් මාස හතරක කාලය තුළ වැඩබලන ආරක්ෂක ඇමැතිවරයකු පත්කළ පළමු අවස්ථාව මෙය වේ.


ජාතීන් හා ආගම් වශයෙන් නොමැතිව, පොදුවේ රටටම බලපාන නීති පද්ධතියක් ගෙන ආ යුතු බව ගිය සතියේ දේශපාලන කරළිය තුළ ගැඹුරින් කතාබහට ලක්විය. ඒ කතාබහට මුල පිරුණේ ඉකුත් සතියේ සිකුරාදා කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවැති කමිටු සාකච්ඡාවකදී ඉදිරිපත් වූ අදහසක ප්‍රතිඵලයක් වශයෙනි. බුර්කාව තහනම් කිරීම, මද්‍රසා පාසල් රජයට ගැනීම, ශරියා විශ්‍වවිද්‍යාල රජයේ පාලනයට ගැනීම ආදී යෝජනා එහිදී කතාබහට ලක් වූ අතර, එ් සඳහා ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න අවසන් තීරණයක් නොගැනුණි. සාකච්ඡාවෙන් අනතුරුව එළියට ආ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිස වෙනම සාකච්ඡාවක් කැඳවා යෝජනාවලියක් සකස් කරන්නට තීරණයකට පැමිණියේ එය කාලීන වශයෙන් අත්‍යවශ්‍යම කාරණයක් බව ඒත්තු ගන්වමිනි.


ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් සෙනසුරාදා සවස අගරදගුරු නිල නිවසේදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් බැහැ දුටුවේ අලුතින් ගෙන එන්නට යන යෝජනා මාලාව පිළිබඳව දැනුවත් කිරීමටය. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, ලසන්ත අලගියවන්න ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ. මෙවැනි යෝජනාවලියක් රැගෙන ඒම ගැන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ස්තුතිය පළ කළ අගරදගුරුතුමෝ වෙනත් කිසිවකුත් මෙවැනි යෝජනාවලියක් රැගෙන ආවේ නැතැයි කියා සිටියහ. සාකච්ඡාව පැය දෙකකටත් අධික කාලයක් පැවැති අතර යෝජනාවලිය සඳහා අලුතින් කරුණු කාරණා කීපයක් ද අගරදගුරුතුමෝ යෝජනා කළහ.   
යෝජනාවලිය ගැන සාකච්ඡා කරන්නට ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිස පහුවදා උදේ අමරවීරගේ නිවසේදී රැස්වූයේ උදේ කෑමටත් එක්කය. ආරක්ෂක අමාත්‍යාංශය ආංශික කාරක සභාවේ සභාපති මලිත් ජයතිලක මන්ත්‍රීවරයාද එම සාකච්ඡාවට එක්ව සිටියේය. එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ කරුණු 11කින් යුත් යෝජනාවලියක්ද සකස් කරගනු ලැබීය. අනතුරුව යෝජනාවලියද රැගෙන පිරිස එදින හවස්වරුවේ පක්ෂ මූලස්ථානයට ද ගියේ ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර කෙටුම්පත සකස් කිරීමේ බලාපොරොත්තුවෙනි. මෙම යෝජනාවලිය ගැන දේශපාලන පක්ෂ නායකයින් හමුවී ඔවුන්ගේද සහාය ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමටද එහිදී තීරණය විය.   

 


ඒ අනුව ශ්‍රීලනිප මන්ත්‍රීවරු බදාදා උදේ විජේරාම මාවතේ නිල නිවසට ගොස් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ. නිමල් සිරිපාල, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා රංජිත් සියඹලාපිටිය ද ඊට සහභාගි වූහ. බුර්කාව තහනම් කිරීම, ශරියා විශ්වවිද්‍යාලය රජයට ගැනීම, මද්‍රසා පාසල් රජයේ පාලනයට ගැනීම ආදී යෝජනා ගැන පිරිස විපක්ෂනායකවරයා දැනුවත් කළේ මෙය කඩිනමින්ම පාර්ලිමේන්තුවට ගෙන ඒමේ අවශ්‍යතාවද පෙන්වා දෙමිනි. එවැනි යෝජනාවක් ගෙන එ්ම අගය කළ මහින්ද මෙහි අධ්‍යාපන කටයුතු ගැනද සඳහන් වන බැවින් ඒ ගැන කතා කිරීමට හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන ද සහභාගි වුවහොත් හොඳ බව කීවේය. මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගිවීමට බන්දුල ගුණවර්ධන ඒ වනවිටත් පැමිණ සිටියේය. එළියේ සිටි ඔහුට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවට එන්නැයි මහින්ද දැනුම් දුන් අතර බන්දුල ඊට සහභාගි විය. මෙම යෝජනාවලිය ඉතා හොඳ බව කී මහින්ද සාකච්ඡාවෙන් පසුව පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද සහභාගිවී මේ ගැන පැහැදිලි කරන්නැයි ඉල්ලීමක්ද කළේය.   



අදහස් (0)

ජනපතිට චීනයෙන් තෑගි මල්ලක්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 150 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 245 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site