IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කැබිනට් රැස්වීමේ මත ගැටුම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට (12) හරියටම සති තුනකි. එහෙත් රට තුළ තවමත් සුපුරුදු සාමාන්‍ය තත්ත්වයක් පෙනෙන්නට නොමැත. අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු දුන් පාසල් ගිය සඳුදා යළි විවෘත කළ ද පාසල් සිසුන්ගේ පැමිණීමේ සතුටුදායක තත්ත්වයක් ගිය සතිය පුරා ද දකින්නට නොතිබිණි.


සතියේ කැබිනට් රැස්වීම ගිය අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. කලින් සතියේ මෙන් මෙවර ද හදිසි විදුලි මිල දී ගැනීම් සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේ දී ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය. මුහුදේ නවතා තැබෙන තුර්කි විදුලි බලාගාරයකින් මෙ.වොට් 400ක් මිල දී ගැනීමට රවී කරුණානායක ඇමැතිවරයා අනුමැතිය ඉල්ලා තිබුණේ කලින් සතියේ පැවැති කැබිනට් රැස්වීමේ දීය. එහිදී මංගල සමරවීර ඇමැතිවරයාත්, චම්පික රණවක ඇමැතිවරයාත් ඊට විරෝධය පළකර තිබූ අතර, මෙවර කැබිනට් රැස්වීමේදී ද එය දැඩි ආන්දෝලනයට ලක්විය.


රවී කරුණානායක කීවේ, මීට අනුමැතිය නොලැබෙන්නේ නම් ඉදිරියේ දී විදුලිය අර්බුදයක් ඇතිවිය හැකි බවය. ඇතැම් විට විදුලිය කැපීමක් සිදුවිය හැකි බවත්, තමා ඊට වග නොකියන බවත් රවී කීවේය. රවී කරුණානායකට දැඩි විරෝධය පළ කළේ චම්පික රණවක ඇමැතිවරයාය. මේ ක්‍රියාදාමයම වැරදියි. මුලින් කීවා මෙ.වො. 100යි කියලා පස්සේ 200යි කිව්වා. දැන් එ්ක 400 වෙලා. මේ ගැන හොයන්න ඉංජිනේරුවන් පස්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළා. ඒ කමිටුව කිව්වේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට යන්න කියලයි. ඒකකය රුපියල් 26ට ගන්නවා කිව්වාට ආණ්ඩුවට තමයි බදු ගෙවන්න වෙන්නෙ. එතකොට ඒකකය 39ක් වෙනවා. ඒනිසා මේක ලාභයි කියන්නත් බැහැ. මේ ක්‍රියාදාමයම වැරදියි. චම්පික කීවේය. එහෙත් රවී ඊට විරුද්ධ විය. ඔහු කීවේ මෙය ලාභදායි බවය. මෙය නොගත්තොත් විදුලිය කැපීමක් සිදුවිය හැකි බව ද ඔහු කීවේය.


චම්පික යළිත් කතා කරමින් කීවේ තමා මේ යෝජනාවට දැඩි විරෝධය පළකරන බවය. ‘‘මතක තියා ගන්න. ඔබතුමාලටත් දවසක මේවට උත්තර බඳින්න වේවි. හැමදාම ආණ්ඩුවේ ඉන්නෙ නෑ. ඒක මතක තියාගෙන වැඩ කරන්න’’ චම්පික කියද්දී රාජිත සේනාරත්න ඇමැතිවරයා ද කතා කළේය. රාජිත කීවේ මේ විදුලිය මෙ.වො. 400 මිල දී ගැනීම ලාභදායී බවය.
අනතුරුව, කතාබහට ලක්වුණේ රජයේ පාසල්වල අ.පො.ස. උසස් පෙළ සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීම ගැනය. යෝජනාව ඉදිරිපත් කර තිබුණේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාය. ටැබ් පරිගණක 183,000ක් මිලදී ගැනීමට ඔහු කැබිනට් අනුමැතිය ඉල්ලා තිබිණි. ඒ සඳහා වැයවන මුදල රුපියල් කෝටි 350කි. අකිලගේ එම යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විරුද්ධ විය. ඔහු කීවේ මේ ව්‍යාපෘතියට රුපියල් කෝටි 350ක් වැය වන්නේ නම්, ඒ මුදල යොදවා පාසල්වල ආරක්ෂාවට අවශ්‍ය උපකරණ මිල දී ගන්නා ලෙසය. අනෙක තමා මීට පෙර එකඟතාව පළ කළේ මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස අත්හදා බැලීමට පමණක් බවය. ‘‘මේක අපි ඡන්දයට කලින් දීපු පොරොන්දුවක්. ඒක අපි කරන්න ඕනෑ. ඊට අවශ්‍ය මූලික දේවල් කරලත් ඉවරයි’’යැයි ඇමැති අකිල කීවේය. කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා ටැබ් පරිගණක යෝජනාව සම්මත කර ගැනුණි.


වරාය සේවා ගාස්තු සියයට 15කින් වැඩි කිරීමට ඇමැති සාගල රත්නායක අවසර ඉල්ලා තිබිණි. ජනාධිපතිවරයා ඊට විරුද්ධ විය. ව්‍යාපාරිකයින් සමග කලින් පැවැති සාකච්ඡාවක දී ද ජනාධිපතිවරයා ඔවුන්ට පොරොන්දුවක් දී තිබුණේ වරාය ගාස්තු වැඩි නොකරන බව කියමිනි. ඒ බව මලික් සමරවික්‍රම ඇමැතිවරයා ද කැබිනට් රැස්වීමේ දී කියා තිබිණි. ජනාධිපතිවරයා කීවේ මේ අවස්ථාවේ තවත් බදු බර පැටවිය නොහැකි බවය. ආර්ථිකය ගෙනයාමට මෙම බදු වැඩි කිරීම කළයුතු බව සාගල කීවේය.


එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඉකුත් අඟහරුවාදා උදේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අංක 4 කාමරයේ දී රැස්වූවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එජාපයේ පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි ද, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ද ඊට සහභාගි වී සිටියහ. මුලින්ම කතා බහට ලක්වුණේ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයයි. ඒ සඳහා දින දෙකක් ලබාදීමට පක්ෂ නායක රැස්වීමේ දී ද තීරණය වී තිබිණි. අනතුරුව කතාබහට ලක්වූවේ පාසල්වලට ළමයින් නොපැමිණීම ගැනය. ආණ්ඩුව පාසල් විවෘත කළ ද දෙමාපියන් දරුවන් පාසල්වලට නොඑවන බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කීවේය. ආණ්ඩුව ඉස්කෝල ඇරියට දෙමාපියන් දරුවන් පාසල් එවන්නෙ නැහැ. ආණ්ඩුව මාධ්‍ය හරහා මොනව කිව්වත් මිනිස්සු තාමත් ඉන්නෙ බයෙන්’’යැයි ඩලස් කීය.


ඩලස්ගේ කතාවට ඌනපූරණයක් එක්කළේ අරුන්දික ප්‍රනාන්දුය. ‘‘මිනිස්සුන්ට ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ. වෙන එකක් තියා ආරක්ෂක විද්‍යාලයේ සිසුන්ගේ පැමිණීමත් සියයට 3යි. ඒකෙන් පේනවා ආරක්ෂක අංශවල ඉන්න අයගෙ දෙමාපියන්ට පවා ආණ්ඩුව කියන දේ ගැන විශ්වාසයක් නැහැ කියලා අරුන්දික කීවේ දිගු විස්තරයක් ද කරමිනි. අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කතා කළේය. ඔහු කීවේ යුද්ධය තිබුණු කාලෙවත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න ඉඩ නොදුන් බවය. අකිල කියල තියෙනවා බය නැතිව පාසල් එවන්න. කරදරයක් වුණොත් රුපියල් ලක්ෂයක් දෙනවා කියල. අකිලගේ කතාවට අම්මලා තාත්තලට මරු නැගල ඉන්නේ යැයි ඩලස් කීවේය. අනතුරුව කතා කළේ පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියයි. ඇය කීවේ ආණ්ඩුවේ ඉන්න ඇමැතිලා වැඩි දෙනෙක් කියන්නෙම ඔය වගේ මෝඩ කතා තමයි කියාය.


සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ වැඩි අවධානයක් යොමුවුණේ ප්‍රතිත්‍රස්ත පනත ගැනය. ප්‍රතිත්‍රස්ත පනත ගැන තර්කානුකූල විග්‍රහයක් කළේ සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයාය. මේක රට විනාශ වෙන පනතක්. මේක ආවොත් ඉතාම භයානක තත්ත්වයක් ඇති වෙනවා යැයි සුසිල් කීවේ වගන්ති කීපයක් ද ගෙන හැර දක්වමිනි. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද කතා කළේ සුසිල්ගේ අදහස අනුමත කරමිනි. ‘‘අපි මේකට විරුද්ධ විය යුතුයි. මේකෙන් වෙන්නෙ ත්‍රස්තවාදීන් සුරතල් වෙන එක. අවශ්‍ය නම් තියෙන පනතට සංශෝධන ගෙන එම, එහෙම නැත්නම් මේ ගේන අලුත් පනතට අපි විරුද්ධයි’’ යැයි දයාසිරි කීවේය.


තුර්කි සමාගමකින් වැඩි මිලට විදුලිය මිලදී ගන්නට යන බව කීවේ රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාය. රවී කරුණානායක ඇමැතිවරයා මේ කරන්න හදන්නෙ ටෙන්ඩර් කැඳවන්නෙත් නැතිවයි. අනෙක රුපියල් 26ට ඒකකය ගන්නවා කිව්වට වැට් ආදිය එකතු වුණාම රුපියල් 40ත් පනිනවා මේකට ඉඩ නොදිය යුතුයි’’ සියඹලාපිටිය කියද්දී මහින්දානන්ද ද එම අදහසම කීවේය.


විදේශ අමාත්‍යංශයේ ආංශික අධීක්ෂණ කමිටු රැස්වීමට නොදන්වා පැමිණි විපක්ෂ මන්ත්‍රී පිරිසක් ප්‍රතිත්‍රස්ත පනත විදේශ අමාත්‍යංශයෙන් ඉදිරිපත් කිරීමට හේතුව විමසමින් කමිටු රැස්වීමට බාධා කළහ.


පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කමිටු කාමරයක මෙම ආංශික කමිටු රැස්වීම පවත්වා තිබිණි. වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, සිසිර ජයකොඩි, රංජිත් සොයිසා ඇතුළු මන්ත්‍රීවරු 30ක පමණ පිරිසක් මෙම ආංශික කමිටු රැස්වීමට පැමිණ කමිටු සාමාජිකයන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.


මෙහිදී අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කර ඇත්තේ මේ රජය බලයට ගෙන ඒමට උදව් කළ නමුත් මෙවැනි අපරාධ සිදුකිරීමට ඉඩ දිය නොහැකි බවයි.


සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා විමසා ඇත්තේ නීතිය හා සාමය අමාත්‍යංශයෙන් කළ යුතු දෙයකට විදේශ අමාත්‍යංශය මැදිහත්වීම බරපතළ ප්‍රශ්නයක් වන බවයි.


විදේශ කටයුතු අමාත්‍යංශයේ උපදේශකවරයකු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් විවේචන ඉදිරිපත් වී ඇති බව ද සඳහන් වේ.



අදහස් (0)

කැබිනට් රැස්වීමේ මත ගැටුම්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 126 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 330 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1483 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site