IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කැබ්නට් රැස්වීම උණුසුම්

 

සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ පැවැත්වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. සති කිහිපයක් කිස්සෙ ඇදී ගිය ජාතික ආර්ථික සභාව පිහිටුවීමේ යෝජනාව මෙවර අනුමත විය.  


යෝජනාව ජනපති මෛත්‍රීගේය. ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ මීට සති තුනකට ඉහතදීය. ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව කී නිසා යෝජනාව සම්මත කිරීම කල් ගොස් තිබිණි. රටේ ආර්ථිකය සම්බන්ධ තීන්දු තීරණ ගැනීම, ක්‍රියාත්මක කිරීම හා පසුවිපරම් කිරීම මෙම ජාතික ආර්ථික සභාව මගින් සිදුකෙරෙනු ඇත. එහි ප්‍රධානියා මෛත්‍රීපාල සිරිසේන මහතාය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ජනපති ලේකම්, අගමැති ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම් හා මහබැංකු අධිපති එහි සෙසු සාමාජිකයෝය.  


සමෘද්ධි සහනාධාර කප්පාදු කරන බවට රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ. මේ ප්‍රශ්නය මෙවර කැබිනට් මණ්‍ඩලයේදී ද සාකච්ඡාවට ලක්විය. සමෘද්ධි සහනාධාර කප්පාදුවක් සිදුවී තිබේද යන්න ගැන ජනාධිපතිවරයා විමසීමක් කළේය. කබිර් හෂීම්ද කීවේ එවැනි කප්පාදුවක් සිදුව ඇති බවය. එස්.බී. දිසානායක ඊට පිළිතුරු දෙන්නට ඉදිරිපත් විය. දේශපාලන වශයෙන් කිසිදු කප්පාදුවක් සිදුවෙලා නැහැ. පරිගණක විශ්ලේෂණයකදී ඇති වූ ගැටලුවක් මේ ප්‍රශ්නයක් බලපා තිබෙනවා’’යැයි එස්.බී. කීවේය. සමෘද්ධි කැබිනට් අනුකාරක සභාව මගින් පරීක්ෂණයක් කර මේ පිළිබඳ අවසන් තීරණයක් ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.  


වංචා දූෂණ ගැන මාතෘකාව කතාබහට ලක්වූවේ ඉන් අනතුරුවය. මේ මාතෘකාව කැබිනට් රැස්වීම උණුසුම් කරන්නට හේතු විය. සාකච්ඡාවට මුල පිරුවේ ජයවික්‍රම පෙරේරාය. පසුගිය ආණ්‍ඩුව කාලෙ සිදුවෙච්ච දූෂණ, වංචා, මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පියවර ගත්තෙ නැහැ. අපි හොරු අල්ලනවා කිව්වා. අල්ලපු හොරෙක් නැහැ. දැන් අපට පාරේ බැහැල යන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. ළඟදී ඡන්දවලට යන්නත් තියෙනවා. ඒ නිසා දූෂණ වංචා ගැන හොයන්න වහාම පියවර ගන්නැයි ජයවික්‍රම පෙරේරා කීවේය. පොලිසිය බාර ඇමැතිතුමා මේ ගැන මොකද කියන්නෙ. ජනාධිපතිවරයා සාගල රත්නායකගෙන් විමසීය. එම පරීක්ෂණවල ප්‍රගතිය මම ඉදිරිපත් කරනවා. ‘‘සමහර පරීක්ෂණවලට දීර්ඝ කාලයක් ගතවෙනවා. මනුෂ්‍ය ඝාතන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණ වාර්තා අස්ථානගත වෙලා තිබුණා. ඒ නිසා පරීක්ෂණ මුල සිට කරන්න සිදුවුණා. පරීක්ෂණ නැවතිලා නැහැ. දිගටම කරගෙන යනවා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා’’යැයි සාගල දිගු විස්තරයක් කරමින් කීවේය. දුමින්ද දිසානායක ද ඒ ගැන කතා කළේය. පරීක්ෂණ සඳහා නව ක්‍රමවේදයක් අවශ්‍ය බව ඔහු කියා සිටියේය. ‘‘මේකට පොලිසියට දොස් කියල වැඩක් නෑ. මහින්දගේ වටේ ඉන්න අයට චෝදනා දාලා තියෙනවා. මහින්ද රාජපක්ෂට චෝදනා නැහැ. හැබැයි බලය අයුතු ලෙස භාවිත කරපු එකට ප්‍රජා අයිතිය අහෝසි කරන්න පුළුවන් හේතු තියෙනවා’’ යැයි මංගල සමරවීර කීවේය.  


‘‘අපි මේවට විසඳුම් ගණනාවක් යෝජනා කළා. නමුත් ඒවා කළේ නෑ. මම නම් මේවා ගැන කතා කරන්න කැමැති නැහැ. ඇතිවෙලා තියෙන්නෙ. හැමදාම කතා කළා. නමුත් ප්‍රගතියක් නැහැ. දේශපාලන උවමනා මතයි මේවා කල් යන්නෙ’’ යැයි රාජිත සේනාරත්න කියා සිටියේය. සියල්ල අසා සිටි විජයදාස රාජපක්ෂ අනතුරුව පිළිතුරු දුන්නේය. ව්‍යවස්ථාව අනුව විශේෂ අධිකරණයක් පිහිටුවන්න බැහැ. විශේෂ සිද්ධින්වලට, මිනිමැරුම් නඩුවලට මිසක් අධිකරණ වෙන් කරන්න බැහැ. ව්‍යවස්ථාව සංශෝධනය කරල දුන්නොත් විශේෂ අධිකරණයක් පිහිටුවන්නම්’’යැයි විජයදාස කීවේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරමිනි. විජයදාසගේ පිළිතුරට සරත් ​ෆොන්සේකාට යකා නැග්ගේය. ‘‘එහෙ නම් කොහොමද එක දිගට නඩු අහල මාව හිරේ යැව්වේ’’ ෆොන්සේකා ඇසුවේය.  


හිටපු නීතිපතිවරයා විදියට ඔබතුමාගෙ අදහස කුමක්දැයි ජනාධිපතිවරයා ඇසුවේ තිලක් මාරපනගෙනි. ‘‘විශේෂ අධිකරණයක් පිහිටුවනවා නම්, ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතුයි. නමුත් ඉහළ උසාවියක් පිහිටුවලා දෛනිකව නඩු විභාග කළ හැකියි’’ මාරපන කීවේය. ‘‘මෙම නඩු ගොන්න අතරේ අනවශ්‍ය නඩුත් තිබෙනවා. ඒකෙන් වෙන්නෙ කාලය ගතවීම පමණයි’’ යැයි මාරපන කීවේ දීර්ඝ විග්‍රහයක යෙදෙමිනි. මේ සියල්ල අවසානයේ චම්පික රණවක කතා කළේය. ‘‘මම මේ මාතෘකාව ගැන කතා කරන්න කැමැති නැහැ. නඩු විභාග ඉක්මන් කළ යුතුයි. කතා කර කර ඉඳල වැඩක් නෑ. අපි මේ ගැන මෙතන කොච්චර කතා කළාද? කැබිනට් පත්‍රිකා පවා දැම්මා. නමුත් සිදුවෙච්ච දෙයක් නෑ. වංචා දූෂණ ගැන විමර්ශනය කරන්නෙත් නැහැ. පැහැදිලි දේශපාලන හස්තයක් නිසයි මේවා නතර වෙලා තියෙන්නෙ. මෙහෙම ගිහින් ඊළඟ මහ මැතිවරණයේදී ඒකේ ප්‍රතිඵල නෙළාගන්න පුළුවන්’ චම්පික කීවේය.  


හම්බන්තොට වරාය ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත්කළ ඇමැති අනුකමිටු වාර්තාව මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. සරත් අමුණුගම කීවේ තමා ​ෙම් කමිටු වාර්තාව මැයි 9 වැනි දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවය. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා ඊට අත්සන් නොකළ බවද ඔහු සඳහන් කළේය. සුසිල් පමණක් නොව අර්ජුන රණතුංග ද ඊට අත්සන් කර නොතිබිණි. මේ අතර අර්ජුන ද වරාය ගිවිසුම ගැන විවෘතව නිරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. එමගින් ඔහු පෙන්වා දී තිබුණේ වරාය ගිවිසුමේ අඩුපාඩු රැසක් තිබෙන බවය.  


රවී කරුණානායකගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ විදේශ ඇමැතිකමේ තිලක් මාරපන දිවුරුම් දුන්නේ ද එදිනමය. රවීගේ ඇමැතිකම මාරපනට දෙන්නැයි එජාපය ද ජනාධිපතිවරයාට යෝජනා කර තිබිණි. ඒ අනුව මාරපන අඟහරුවාදා දහවල් ජනපති මෛත්‍රී ඉදිරියේ දී විදේශ ඇමැති ධුරයේ දිවුරුම් දුන්නේය.   


ශ්‍රීලනිප 66 වැනි සංවත්සරය  
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙන්නෙ පක්ෂයේ 66 වැනි සංවත්සරය වෙනුවෙනි. පළාත් සභා ඡන්දයත්, පළාත් පාලන ඡන්දයත් ළඟ එන නිසා ශ්‍රීලනිපය මෙවර සංවත්සරය වෙනුවෙන් වැඩි බරක් තබමින් සිටී. මෙවර සංවත්සර උළෙල පැවැත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේය. කලින් සැලසුම් කර තිබු​ෙණ් සංවත්සර උළෙල සැප්තැම්බර් 2 වැනිදා පවත්වන්නටය. එහෙත් දැන් එය ලබන මස 3 වැනිදා පවත්වන්නට ශ්‍රීලනිපය තීරණය කර ඇත.  


මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය ජනපති මෛත්‍රීගේ සිහිනයකි. එය කවදා හෝ නිමකිරීම මෛත්‍රීගේ සිහිනය සැබෑවීමකි. මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ නිමවෙමින් තිබේ. ඒ අනුව මොරගහකන්ද ව්‍යාපෘතිය තව මාසයකින් පමණ රජයට බාරදීමට නියමිතය.  
හම්බන්තොට වරාය චින සමාගමකට බදු දීමෙන් පසුව කොළඹ වරාය ගැන ද බොහෝ දෙනා කතා කරමින් සිටිති. හම්බන්තොට චීනයට දුන් නිසා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්නට යන බව කියැවේ. එහෙත් ජනාධිපතිවරයා ඒ ගැන ඉන්නේ දැඩි ස්ථාවරයකය. ජනාධිපතිවරයා කීවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ පිටරට කිසිදු සමාගමකට ලබානොදෙන බවය.   

 



අදහස් (0)

කැබ්නට් රැස්වීම උණුසුම්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 127 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 332 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site