IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එජාපය උතුරේ ඡන්ද ව්‍යාපාරයේ

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවර දී එළි දැක්වීමෙන් පසුව එහි අන්තර්ගතය යථාර්ථවාදී හා පහසුවෙන් ඉටුකළ හැකි වැඩපිළිවෙළක් බවට සියලු පාර්ශ්ව වෙතින් සුබවාදී ප්‍රතිචාර මතුව තිබේ.


විරැකියාව, වැඩකරන ජනතාව, කාන්තාවන්, තරුණ පරපුර, වැඩිහිටියන්, සුළු ජාතීන්, වෘත්තිකයන් ඇතුළු සියලු ක්ෂේත්‍ර සඳහා එහි ප්‍රායෝගික විසඳුම් පවති.
අගමැති හා සජිත් සෑම දිනකම හමුවීම් හෝ තාක්ෂණ විධි ක්‍රම හෝ හරහා සමීපව ඉදිරි සති දෙකට අද‌ාළ මැතිවරණ මෙහෙයුම අවබෝධයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම ද සිදුවෙමින් පවතී.


අගමැතිවරයා උතුරු - නැගෙනහිර රැස්වීම් මාලාව ඇමැතීම ආරම්භ කළේ එකී පසුබිම මැදය. එම රැස්වීම් සඳහා රාජිත, රවි, බුද්ධික පතිරණ ඇතුළු ප්‍රබලයෝ රැසක් එක් වූහ.
‘ජාතික ගීය දෙමළෙන් කියනවාට ගෝඨාභය හා මහින්දලා විරුද්ධයි. එවැනි පසුබිමක ඔවුන් යටතේ සුළු ජාතීන්ට කිසිද‌ා යුක්තිය ඉටු වෙන්නේ නැහැ. ඒත් අප ඒකීය රට තුළ බලය බෙදනවා මෙන්ම සුළු ජාතීන්ට ගෞරවනීය ලෙස ජීවත් වීමට පරිසරය හදනවා. පසුගිය වසර පහේ දී සුළු ජාතීන් ඇතුළු රටේ සියලු දෙනාට නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේත් ඒ නිසයි.’ අගමැතිවරයා ප්‍රකාශ කරන විට දෙමළ හා මුස්ලිම් නායකයෝ ඇතුළු ජනතාව උණුසුම් ප්‍රතිචාර දැක්වූහ.
අප හා සජිත් අතර කිසිදු ගිවිසුමක් හෝ එකඟතාවක් හෝ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා ගෞරවනීය ලෙස ජීවත් වීමේ පසුබිම තවදුරටත් ඉදිරියට ගෙන යාම සජිත් හා රනිල් අනාගත ආණ්ඩුවක් කරාවි කියන පසුබිම තුළයි අපේ සහාය දෙන්නේ.’ දෙමළ සහ මුස්ලිම් නායකයින්ගේ මතය වූයේ එවැන්නකි.
ඒ අතර සජිත් ප්‍රේමද‌ාස ඇමැතීමට නියමිත ප්‍රධාන රැලි 151න් සියවැන්න පසුගියද‌‌ා මහියංගනයේ දී නිම කළේය.
කාන්තාවන්ට සෞඛ්‍යාරක්ෂිත පෑඩ් දීම ගැන සමහරුන් අවඥ‌ාවෙන් බලනවා. කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව එහි මූලික අරමුණයි. ඉන්දියාවේ මේ ජාතික කටයුත්ත කළ මිනිසා දැන් ඒ රටේ ජාතික වීරයෙකු ලෙස සම්මාන ලබනවා.


ත්‍රීවීල් රැකියාව කරන අයට ලක්ෂ තුනක ණයක් දෙනවා. වැඩිහිටි දීමනාව වැඩි කරනවා. නිවාස නැති සියලු දෙනාට අනිවාර්යෙන්ම නිවාස දෙනවා. දූෂණය හා වංචාවට තිත තබනවාමයි. ත්‍රස්තවාදීන්ගේ පැත්තට මිසක් ඉස්සර වගේ ජනතාවගේ පැත්තට කිසි දවසක හමුද‌ා හා පොලිසියේ තුවක්කු පත්තු වෙන්න මා ඉඩ තියන්නේ නැහැ. පෙර පාසලේ සිට සරසවි අධ්‍යාපනය දක්වා සිසු පරපුරේ අනාගතය බාර ගන්නවා.’ සජිත් එවැනි කරුණු රැසක් ඒ රැලියේ දී ප්‍රකාශ කළේ ඉහළම ජනතා ප්‍රතිචාර මැදය.
බ්‍රහස්ප්‍රතින්ද‌ා සජිත්ට මෙන්ම අගමැතිවරයාට ද වැඩ අධික දිනය විය. මොරවක, ගල්කිස්ස හා බොරැල්ලේ රැලි තුනක් ඇමැතීමට අමතරව අධිවේගයේ පිටත වට රවුම් පාර, කටුනායක අධිවේගය හා ඒකාබද්ධ කිරීම ද එදින පස්වරුවේ අගමැති අතින් සිදුවිය.
මාතර සිට හම්බන්තොට හා මත්තල දක්වා අධිවේගය ද එදින පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණ.
උත්සව සඳහා යාමට පෙර අරලියගහ මැදුරට පැමිණ සිටි මැති ඇමැතිවරුන් සමග ද අගමැතිවරයා කතා බහ කළේය.
‘මධ්‍යම අධිවේගයේ මීරිගම-කුරුණෑගල කොටසෙත් වැඩ ඉවරයි. මා ඇමැති වෙලා හිටියා නම් මේ වෙන විට ඒ කොටස විවෘත කර හුඟක් කල්.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාසෙමිනි.


ඒ කොටසත් තව සති දෙක තුනකින් ජනතා අයිතියට පවරන බවයි. මාර්ග සංවර්ධන අධිකාරිය කියන්නේ.’ අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි ඊට ප්‍රතිචාර දැක්වීය.
2007 දී පාර්ලිමේන්තුවටත් නොදන්වා, කැබිනට් අනුමැතියත් නැතිව ලංකාව වෙනුවෙන් ගෝඨාභය හා එවකට ඇ​ෙම්රිකානු තානාපති බ්ලේක් ඇක්සා ගිවිසුම අත්සන් කළා. ඇමෙරිකන් හමුද‌ාවට රට තුළ ඕනෑ ඕනෑ විදියට හැසිරෙන්න ඒකෙන් පුළුවනි. ඒත් අප විනිවිදව අත්සන් කරන්න යන මිලේනියම් කෝපරේට් ගිවිසුමට ලෝකල් ඇමරිකන්කාරයෝ හා ඒ නඩය විරුද්ධ වීම පුදුමයි.’ චමින්ද විජේසිරි කතාව වෙන අතකට හැරවීය.
‘මිලේනියම් ඇ​ෙමරිකන් ආධාරය රටවල් 43 කට දී තිබෙනවා. ඒක ණයක් නොවෙයි. ඩොලර් මිලියන 480ක එනම් රුපියල් කෝටි 9000ක ආධාරය අපේ ප්‍රවාහන හා මාර්ග පද්ධතිය නවීකරණය කිරීමටත් සහ රටේ ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය කිරීමටයි මේ මුදල් ලැබෙන්නේ.
රටට මේ සල්ලි එපා නම් ඇමෙරිකාව වෙන රටකට ඒ සල්ලී දීල දාවි. මහවැලියට මීට අවුරුදු 40 කට කලින් ඩොලර් මිලියන 67ක් දුන්නට පස්සෙයි ඇ​ෙමරිකාව ලංකාවට මෙවැනි ආධාරයක් කරන්නේ.’ චම්පික රණවක කීවේය.


මිලේනියම් ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබුණා විතරයි. මේක පාර්ලිමේන්තුවට ද‌ාලා සම්මත කර සියලු දෙනාගේ අදහස් මත අවශ්‍ය සංශෝධන ද කර දෙරට එකඟ වු​නොත් විතරයි අත්සන් කරන්න වෙන්නේ. ජනාධිපතිවරණෙට කලින් පාර්ලිමේන්තුව රැස් වෙන්නෙත් නැහැ. ඒ නිසා පොහොට්ටුවෙ අයයි - හාමුදුරුවොයි දඟලන්නේ ඇයි? පටු දේශපාලනයයි, එතන ඇත්තේ.’ අගමැතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කළේය.
මිලේනියම් එකට විරුද්ධව උපවාස කළාට ගිවිසුමේ ඇති දේවල් තියා ගිවිසුමේ නමවත් හරියට දන්නේ නැහැ. ඉතා කනගාටුද‌ායකයි. දේශපාලන පෙලඹවීමක් මතයි, බොහෝ දෙනෙකු හැසිරෙන්නේ.’ චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.
ත්‍රිමලේ ඉඳන් කොළඹ දක්වා කොරිඩෝ එකක් හදනවා, ඉඩම් අක්කර ලක්ෂ 12ක් ඒකට අයිති වෙනවාය. ඒවා ඇමෙරිකාවටය කියා වීරවංශ විකාර වගයක් කියා තිබුණා. වීරවංශ වගේම ගිවිසුම ගැන මෙලෝ දෙයක් දන්නේ නැති ටියුෂන්කාරයෙකු අමෙරිකානු ඩ්‍රයිවින් ලයිසන් එකෙන් ඔය කොරිඩෝවේ වාහන පදින්නත් පුළුවන් කියනවා. ඇ​ෙමරිකානු හමුදාවටත් ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියා තමන්ගේ නොදැනුවත්කම පෙන්නුවට කමක් නැහැ. රෙදිත් ගලවා ගෙන එහෙම කළාම මිනිස්සු හිනාවෙන්නේ ඒ අයටමයි. මේ විකාර කතා ඒ ඒ අයගේ හිත්වල ඇතිවෙච්ච විකෘති මනෝභාව කියා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති විජේවර්ධන මහතා රටට නිවැරැදිව කිව්වා.’ මහාචාර්ය ආශු මාරසිංහ කළ විග්‍රහය අගමැති ඇතුළු කාගේත් ප්‍රශංසාවට ලක් විය.


මෙයාලා ඉසෙඩ් ස්කෝර් එක අවලංගු කර පාසල් මට්ටමින් විශ්ව විද්‍යාලවලට ගන්නවාලු. ඔය Z ක්‍රමය විද්වතුන් වසර ගණනාවක් අධ්‍යයනය කර සිසුන් කාටත් සාධාරණව හදපු එකක්. මුදල් හිඟ හා අඩු පහසුකම් ඇති ගමේ දරුවටයි මේකෙන් වැඩි ආරක්ෂාව සැලසුණේ.
ඒත් Z ක්‍රමය නැති කර පාසල් මට්ටමින් සරසවිවලට ගන්න විට නගරයේ පාසල් දරුවන්ට වැඩි වාසි ලැබෙනවා. ගමේ දරුවාගේ අධ්‍යාපනය වළ ද‌ාන්නයි මේ හදන්නේ.’ අකිල විරාජ් කාරියවසම් කීවේය.
අධ්‍යාපන විද්‍යා පීඨ ද ගෝඨාභය අහෝසි කරනවාලු. අගමැතිතුමා මේවා ආරම්භ කළ නිසා පළිගන්න මේවා කරවන්න හදනවා ද දන්නේ නැහැ. ගමේ පාසල්වලට ගුරුවරුන් 40,000 ක් දී ඇත්තේ විද්‍යා පීඨයි. ගමේ දරුවන්ටමයි, මේ ගහන්න හදන්නේ. ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි.
‘පාර පොඩ්ඩක් හරස් වුණා කියා අර මෝඩ ටියුෂන්කාරයටත් වඩා එහා ගිහින් එස්.බී. දිසානායකගෙ ආරක්ෂකයෝ තරුණයන් දෙන්​නෙකුට වෙඩි තියලා. බලය නැතුව මෙහෙම නම් මෙයාලට බලය ගියොත් කොහොම තියෙයිද?’ රංජන් රාමනායක කීවේය.


රාජ්‍ය ඇමැති බුද්ධික පතිරණට ඉකුත් සතියේ කතා කළ සජිත් ප්‍රේමද‌ාස මහතා ප්‍රගතිශීලි දෙමළ ජාතික පක්ෂය රැස්වීම් මාලාවක් සංවිධානය කර ඇති බවත් එයට සහභාගි වන ලෙසත් දැනුම් දුන්නේය. විජයකාන්ත් නායකත්වය දරන එම පක්ෂයට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 16 දෙනෙක් ද වෙති. එම පක්ෂයේ විශේෂත්වය උතුරේ පීඩාවට පත් වූ ප්‍රජාවක් නියෝජනය කිරීමය. උතුරට ගිය බුද්ධික කිලිනොච්චිය, මුලතිව්, යාපනය හා මන්නාරම රැස්වීම් හතරක් ඇමැතීය. බුද්ධික එහිදී දැක්කේ එකී ජනයා අතර විශාල පිබිදීමක් ඇති බවය. ඔහු ජලනි ප්‍රේමද‌ාස මහත්මියට කතා කර ඇය ද උතුරට ගෙන්වා රැස්වීම් දෙකක් ඇමැතීමට කටයුතු සංවිධානය කර දුන්නේය.
ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස රට පුරා සිය ප්‍රචාරක රැලි අමතමින් යද්දී බොහෝ තැන්වලදී රණවිරු සංවිධානවලට අයත් පුද්ගලයන් ඔහු හමුවීමට පැමිණීම සුලභ සිද්ධියක් විය.   


​කොතරම් කාර්යබහුල වූවත් සජිත් ඔවුන් සමග මඳක් දොඩමලු වීමට ද අමතක කළේ නැත. දැවැන්ත ජාතික සංවර්ධනයකට පමණක් සීමා නොවී රණවිරුවන්ගේ අයිතීන් සුරක්ෂා කිරීම පිණිස වන සමාජ ගිවිසුමකට එළැඹීමට තමන් අදහස් කරන බව සජිත් පැවසුවේ මේ හමුවීම් වලදීය. 
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රාජිත, ලක්ෂ්මන් සෙනෙවිරත්න, රුවන් විජයවර්ධන ඇතුළු කණ්ඩායම මෙම වැඩපිළිවෙළට සජිත් සමග අත්වැල් බැඳ ගැනීමට නියමිතය. සරත් ෆොන්සේකා සජිත්ගේ කණට ළංවී කීවේ “මට ලොකු වගකීමක් තිබෙනවා. මම මේක ඉතාම හොඳට කරනවා” කියාය. “දේශ​ද්‍රා්හීන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාර කාරයන් සමාජයෙන් මුලිනුපුටා දමන්නට ඕනෑ” සජිත් කියද්දී සරත් ෆොන්සේකා කීවේ “ජාතිවාදී ත්‍රස්තවාදය තුරන් කළා වගේම ජන සමාජය ඉහවහා ගිය පිළිල තුරන් කරලා දෙන්නම්” කියාය. 


පසුගිය සෑම දිනකම පාහේ මහජන රැලි 6ක් පමණ ඇමතීමටත් වෙනත් වැඩසටහන් කීපයක් ඇතුළු අවස්ථා 10ක පමණ නියැලීමට සජිත්ට අනිවාර්යයෙන්ම සිදුවිය. බණ්‍ඩාරවෙල ජන රැලිය සංවිධානය කර තිබූ චමින්ද විජේසිරි ඇතුළු සංවිධායකයන්ට සජිත් සිය විශේෂ ස්තුතිය පළ කළේය. 
රැලියට සහභාගි වූ හරීන් ප්‍රනාන්දු ඇසුවේ “කොහොමද ඔබතුමා මෙහෙම එක දිගටම කරගෙන යන්නේ. හරිම වෙහෙසකර අභ්‍යාසයක් නේ” කියාය. සජිත්ගේ මුවට නැඟුණේ සිනහවකි. “ඔයා බලාගෙන ඉන්නකෝ ජනාධිපති වුණාම මම දියත් කරන සංවර්ධන රැල්ල කොහොමද කියලා. ඔයාලටත් ලොකු වැඩ කොටසක් කරන්න වෙයි” සජිත් කීවේය. 
හොරොව්පොතාන රැලියේදී අහම්බෙන් සජිත් අසලට ආ පුද්ගලයකු කීවේ “ඔබතුමා දන්නවාද සිවිල් ආරක්ෂක බළකායේ 40,000ක් ස්ථිර කළේ මේ ආණ්‍ඩුවෙන් බව, ඒවත් ඔබතුමා ජනතාවට මතක් කරලා දෙන්ඩ ඕනෑ” කියාය. කතාවෙන් ඔහුද සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයෙකු බව සජිත්ට සිතිණි. 


“අපට ඉස්සර කරන්ඩ වෙලා තිබුණේ‍ කලින් තිබ්බ ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ වතුපිටි, ඌරු පට්ටි බලාගන්නයි. පාරවල් අතුගාලා සුද්ධ පවිත්‍ර කොරන්ඩයි. රජ පවුලේ අයට රේස් පදින්න පාරවල් දිගේ වැලි කොට්ට ගහන්ඩයි.... ඔන්න ඔය වගේ වැඩ. එහෙම දුක් විඳපු අපට දේශපාලන බලපෑම් නැතිව නම්බු පිටින් ඉන්ට හිටින්ඩ හදල දුන්නේ තමුන්නාන්සේලාගේ ආණ්‍ඩුවෙන්. ඒවට බොහොම ස්තුතියි ඇමැතිතුමා” ඔහු කතා කළේ කිසියම් ප්‍රබෝධයකින් ද යුතුවය.
එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානය මගින් ‘ප්‍රජාතන්ත්‍රවාදය සහ අවංක මහජන සේවය සඳහා කැප වූ දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා’ ලෙස ශ්‍රී ලංකාවේ කතානායකවරයා නම් කිරීම කරු ජයසූරිය මහතා ලැබූ සුවිශේෂී ගෞරවයක් විය.


කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ගෙවුණු සති අන්තයේ දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවයක දී මෙයට හිමි ගෞරව සම්මානය කතානායකවරයා වෙත පිරිනැමුණු අතර එම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ කලාපීය ප්‍රධානියෙකු වන භාරතයේ සන්සාඩ් සංවිධානයේ මහ ලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙවර්ලි හිල් ආර්යාව මුනි ඉරෝනි මැතිනිය විශේෂයෙන් එක්වූහ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමද‌ාස මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රැස්වීම් ගණනාවක් සංවිධානය කළ විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා යාපනය වව්නියා හා කිලිනොච්චිය පෙදෙස්වල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ රැස්වීම් ගණනාවකම උතුරු පෙදෙසට කළ සේවයත් වසර පහකට පෙර පැවැති පසුගිය රජය කාලයේ පැවැති භාණ්ඩවල මිල සිහිපත් කළේය. එද‌ා රුපියල් 167 කට තිබූ පෙට්රල් වසර පහකට පස්සේත් රුපියල් 130යි. එද‌ා රුපියල් 120කට තිබූ භූමිතෙල් අද රුපියල් 50 යි. එද‌ා රුපියල් 2650ක් තිබූ ගෑස් සිලින්ඩරය අද රුපියල් 1437යි. එද‌ා කිරි පැකට් එක රුපියල් 425යි. වසර පහකට පස්සේ අද රුපියල් 360යි. දැන් ගෑස් හිඟයක් ගැන කතා කරනවා. වැඩිම වුණොත් තව සතියක් ඒ ගැන විපක්ෂය වෙන්දේසි කරයි. යම්කිසි ප්‍රමාදයකින් ජනතාව අසීරුතාවට පත්වෙනවා නම් ඒකත් දේශපාලනයට යොද‌ාගෙන අරක නැහැ මේක නැහැ කියලා කාලකන්නි පහත් සතුටක් ලබනවා. නියම දේශපාලකයෝ ඊට පිළියම් යෙදීමට කටයුතු කරනවා මිසක් ඉන් පහත් සතුටක් ලබන්නෙ නැති බව පෙන්වා දෙමින් 2015 දී අපි හවුල් ආණ්ඩුවක් හැදුවත් වැඩිකල් යන්නට මත්තෙන් එය අවුල් ආණ්ඩුවක් වූ බවත් එක පුද්ගලයෙකු එක පවුලක් රජ කරනවා ද එහෙම නැතිනම් සජිත් ප්‍රේමද‌ාස මහතා ජනාධිපති කරලා රටේ සියලුම ජනතාව රජකරනවා ද යන තීරණය තමයි ගන්න වෙන්නේ’ යනුවෙන් පැවැසීය.

 



අදහස් (0)

එජාපය උතුරේ ඡන්ද ව්‍යාපාරයේ

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 176 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site