IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එජාපය ආණ්ඩුව ඉල්ලයි

වර්ෂ 1917 රුසියානු විප්ලවය ඓතිහාසික දේශපාළන සංසිද්ධිය වුවද ශ්‍රී ලංකාවේ 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණය මාස දෙකකට ආසන්න කාලයක් රට අක්‍රිය කළ තවමත් නොනිමි මහා ව්‍යසනය බවට පත්ව තිබේ.


ව්‍යාජ අගමැති ලෙස මහින්දත්, ව්‍යාජ ආණ්ඩුව ලෙස එ් නඩයත් පත්වී පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය තනා ගැනීමට ඔවුහු දැවැන්ත උත්සාහයක් කළහ. එසේ බැරිවූ තැන ජනපතිවරයා පාර්ලිමේන්තුව ද කල් දමා ඒ සඳහා යළි යළිත් උත්සාහ කළේය.


එය ද අසාර්ථක වූ තැන අවසන් තුරුම්පුව ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද තීන්දුවක් ගත්තේය. එහෙත් විවිධ පක්ෂ සහ සංවිධාන ඇතුළු පාර්ශවකරුවෝ 113 දෙනෙක් ඊට එරෙහිව උසාවි ගියහ. පාර්ලිමේන්තුව විසුරුවීම හිර වූවේ එතනදීය. අනතුරුව මහින්ද සහ පිරිවරට තහනම් නියෝගය ආවේ අභියාචනාධිකරණයෙනි.
මෛත්‍රී - මහින්ද දේශපාලනිකව බෙල්ලටම හිරවූවේ එතනදීය. ඒ අතරේ බදාදා රැස්වූ පාර්ලිමේන්තුව රනිල් අගමැති කළ යුතු බවට සහාය පළ කරමින් 117 ක බහුතරය පෙන්වීය. එය කුමන්ත්‍රණයට අභියෝග කළ උච්චතම අවස්ථාව විය.


බ්‍රහස්පතින්දා උදේ අගමැති රනිල් හමුවීමට සුපුරුදු පරිදි එජාපේ මැති ඇමැතිවරු රැසක් අරලියගහ මන්දිරයට පැමිණියහ.


‘‘ඊයේ දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු එන එක වළක්වන්න මෛත්‍රී - මහින්ද පාර්ශ්වය පුදුම යුද්ධයක් කරලා. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ව්‍යවස්ථානුකූලව රටේ කටයුතු විය යුතු බවට ඔවුන් එඩිතර තීන්දුවක් ගත්තා. අරගොල්ලා වගේ අප සල්ලි බෙදලා ඡන්ද ගත්තේ නැතිවීමත් විශාල සතුටක්’’ හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවේය.


‘‘ඒත් ජනපති මෛත්‍රී කිව්වේ මහින්දට 113 හදා ගන්න බැරි වුණේ මන්ත්‍රීවරුන්ගේ මිල මිලියන 500 දක්වා ඉහළ ගිය නිසා බවයි. දෙමළ මන්ත්‍රී හා එජාපෙන් ගිය මන්ත්‍රීවරුන් එයාලා මිලට ගත් බවත් ඒ ඉතා ලාබෙට කුණු කොල්ලයට බවත්, ජනපති විසින්ම රටට තහවුරු කළා’’ චමින්ද විජේසිරි කීවේය.


‘‘දෙමළ ජාතික සන්ධානය හා ජවිපෙ එක්ක එකතු වෙලා ආණ්ඩු පිහිටුවන්න බලාගෙනයි මහින්ද අගමැතිකමට දිවුරුම් දුන්නේ. ඒත් එ් පක්ෂ දෙකම ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව රැකීමට මිස ව්‍යාජ අගමැතිලා හා ව්‍යාජ ආණ්ඩු රකින්න ඉදිරිපත් වුණේ නැහැ...’’ දෙමළ මන්ත්‍රීලා එජාපෙ එක්ක ආවොත් ඔවුන් කොටියි. මහින්ද එක්ක ගියොත් දේශප්‍රේමීන්ලු... මේවා මාර ලොජික්. හොඳ යෝජනාවලට ජවිපෙ සහායත් ඕනෑම ආණ්ඩුවකට ලැබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අගයන බුද්ධිමත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ නිසා රනිල් හා අපේ ආණ්ඩුවට 117 නොව, අවශ්‍ය වෙලාවට 130 කට ආසන්න සහායක් අනිවාර්​යෙන් ලැබේවි......’’ නවීන් දිසානායක කළ විග්‍රහයට අගමැති අතුළු කාගේත් එකඟත්වය පළ විය.


‘‘ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 123 ක් හිටියා. මෛත්‍රී - මහින්ද කුමන්ත්‍රණයට ඔවුන් විරුද්ධයි. ඒ නිසා ඒ 123 නේ හිටපු ජවිපෙ අපට සෘජු සහාය නොදුන්නාට ඔවුන් මහින්දලාටත් කිසි වෙලාවක සෘජු සහායක් දෙන්නේ නැහැ...’’ අගමැති රනිල් කීවේ එවැන්නකි.


‘‘දෙමළ ජාතික සංධානය පක්ෂයක් හැටියට ගෙඩි පිටින් ගන්න බැරි වුණාට ඒ මන්ත්‍රීවරුන් වෙන වෙනම කඩා ගන්න මෛත්‍රී - මහින්ද උත්සාහ කළා... ඒත් බිලිබාගන්න ලැබුණේ එක දෙමළ මන්ත්‍රී කෙනෙකු විතරයි.


එජපෙ දැන් ටී.එන්.ඒ. එකත් එක්ක ආණ්ඩු හැදුවාම මෙයාලා කලබල වෙලා. මඩ ගහන්නත් පටන් ගත්තා. රට පාවා දෙන කොන්දේසි 6 කට ටී.එන්.ඒ. එකට යටත් වෙලාලු... අප මේකට සෘජු උත්තරය දෙන්න ඕනෑ’’ හේෂා විතානගේ අගමැති රනිල්ට සෘජුවම ප්‍රශ්නය යොමු කළේය.


‘‘ඔය කොන්දේසි 6 ක කතාව අලි බොරුව... ඔය කට්ටිය ඉතිහාසයේ ඉඳලා අප රට කඩනවා, පාවා දෙනවා කියා මඩක් ගහනවා... ඒත් රට වැඩියෙන්ම පාලනය කර තිබෙන්නේ එජාපයයි. අපි බිම් අඟලක් හොල්ලලා නැහැ...


‘‘මමත් ජනාධිපති සිරිසේනත් දෙමළ ජනතාව හා උතුරු නැගෙනහිරට කරන්න සැලසුම් කළ දේවලුයි, අප ඉටු කරන්නේ... ඒකත් ඒකීය - නොබෙදුණ බුදු දහමට ප්‍රමුඛත්වය ලැබෙන ශ්‍රී ලංකාවක් තුළයි...’’


‘‘මගේ හා සම්බන්දන්ගේ බොරු අත්සන් දාලා හොර ගිවිසුමක් අන්තර්ජාලයට දාලා කියා ආරංචියි... මේ අය අද ඒ තරමටම බංකොළොත් වෙලා.’’ අගමැති රනිල් පැහැදිලි කළේය.
‘‘දෙමළ ජාතික සන්ධානය හා නාමල්ලා අතරත් ඔවුන් ඒ ගොල්ලන්ගේ ආණ්ඩුවට සම්බන්ධකර ගැනීමේ විශාල සාකච්ඡා වට කිහිපයක් තිබුණා නේද..? ඒවායේ නාමල්ලා පොරොන්දු වෙච්ච දේවල් මොනවද දන්නේ නැහැ නේද..? හිටපු රාජ්‍ය අමාත්‍ය උපාලි පියසෝම මහතා ප්‍රශ්නයක් මතු කළේය.


‘‘මෛත්‍රී - මහින්ද - නාමල්ලා එක්ක ටී.එන්.ඒ. එක කරපු සාකච්ඡාවලදී එයාලා දෙන්න පොරොන්දු වෙච්ච ඉල්ලීම් ටී.එන්.ඒ. එක රටට හෙළි කළොත්, ඔය කට්ටියට දුවන්න පාරවල් මදි වේවි...’’ එසේ කී අගමැති රනිල් ඉවත බලා ගත්තේය.


‘‘මහින්දලා ටී.එන්.ඒ. එකට මාර පොරොන්දුලු දීලා තිබෙන්නේ... දෙමළ මන්ත්‍රීලා අපට ඒවා එළි කළා... උතුරු - නැගෙනහිර එක් කරන්නත් සලකා බලනවා කිව්වාලු... තව තව මහා ගොඩක් දේවලුත් පොරොන්දු වෙලාලු... ඇත්ත ඕකයි’’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ තමාට ලැබුණු තොරතුරු මත පදනම් වෙමිනි.


‘‘දැන් අගමැති කෙනෙකු හා ආණ්ඩුව නැතුව රට නියමෙට දුවනවා කියා කියන මිනිස්සුත් ඉන්නවා...’’ හේෂා විතානගේ කීවේ සිනා සෙමිනි.


‘‘එජාපය පාරට බැහැලා, සිවිල් නීති කඩලා, කලකෝලාහල කරලා මහ විනාශයක් නොකිරීම නිසයි රට හොඳට යනවා වගේ පේන්නේ... ඒත් මුළු රටම නැවතිලා... බොහෝ තැන්වල පඩි නැහැ... නත්තල් බෝනස් නැහැ... අපනයන නැවතිලා... ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් කලට වේලාවට ඇණවුම් දීලා නැහැ...


‘‘ටෙන්ඩර් හිර වෙලා... ආයෝජකයන් හැරිලා යනවා. විදෙස් ආධාර හා සහන ණය සියල්ල හිරවෙලා. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට මේ කඩා වැටීම පේන්න තව ටික දවසක් යාවි’’ අගමැති රනිල් විස්තර කළේය.


‘‘දැන් හැම පැත්තෙන්ම වට කර පහරදීලත් ඔබතුමාව වට්ටන්න බැරි වුණා. දැන් එජාපෙන් පන්නපු කාන්තාවක් ලව්වා බොරු නඩු දාලා මඩ ගහන්න හදනවා... මේ වැඩේ දියත් කර තියෙන්නේ ජනාධිපතිතුමා වටේ ඉන්න කණ්ඩායම කියලත් පැහැදිලි තොරතුරු අපට ලැබිලා තිබෙනවා... අජිත් පී. පෙරේරා කීවේය.


‘‘පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළව නඩු තීන්දුව අාවහම අපට වාසි වු​ෙණාත් ජනාධිපතිතුමා ඊළගට කරන්නේ මොනවාද කියලායි මිනිස්සු බලාගෙන ඉන්නේ? එහෙම වුණොත් ජනතාව පත්කළ අපේ ආණ්ඩුව අපට දෙන්න ඕනෑ... ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිපති ලවා බලපෑම් කිරීම හා පොහොට්ටුවේ ඇතැම් වාචාල අය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රහාර එල්ල කිරීමෙන් නඩු තීන්දුවට බලපෑම් කරන්න හදනවා වගෙයි. ඒත් අපේ ගෞරවනීය අධිකරණය එවැනි දේවල්වලට යටවෙන්නේ නැති බව ඒකාන්තයි. යුක්තිය හා සාධාරණය අනිවාර්​ෙයන්ම අධිකරණය හරහා ජයගනීවි...’’ නවීන් දිසානායක කළ විග්‍රහයට අගමැති රනිල් ඇතුළු කාගේත් එකඟත්වය පළ විය.



අදහස් (0)

එජාපය ආණ්ඩුව ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 168 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site