IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


එජාප කෘත්‍යාධිකාරියේ මොකද වුණේ ?

 

බැඳුම්කර සිද්ධියත් ඊට අදාළ ජනාධිපති කොමිසමත් එහිදී එළි වූ කරුණුත් මත එජාප උප නායක හා විදේශ ඇමැති රවි කරුණානායකට ඉවත්වීමට ඇතිවූ බලපෑම හා ඊට හිස නමා රවි ක්‍රියා කිරීම තුළ එජාපය ප්‍රමුඛ ආණ්ඩුවේත්, රටේත් මතය තවත් කුළු ගැන්විණ.  


ඒ තුළ දූෂණය හා නාස්තියට එරෙහි මතවාදය නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා ප්‍රමුඛ එජාප පසුපෙළ තුළින් දැඩි ලෙස ඉදිරිපත් වන්න විය. මේ රජයේ මෙන්ම පසුගිය රජයේද ජනතා මුදල් ගසා කෑ අය ගැන ද පරීක්ෂණ කඩිනම් විය යුතු බවට එජාපය තුළින් මතවාද මතු විය.   


අප හුඟ දෙනෙකු ආණ්ඩුවේ නායකයන්ට මේ ගැන බල කළා. ඔවුන් එකඟයි. ඒත් අධිකරණ ඇමැති හා නීතිපති දෙපාර්තමේන්තුව වැඩේ අදිනවා. ඔවුන්ට හොරුන් රකින්න ඉඩ දෙන්න බැහැ. අජිත් පෙරේරා සේව නූලට ගින්දර පත්තු කළේය. එය ගම් නියම් ගම් සිසාරා පත්තු වී ගියේය.  


 ‘නීතිපති හා එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කැඳවල සමහර නඩු පමා වීම ගැන ප්‍රශ්න කළ යුතුයි. ඔබතුමා පෙරමුණ ගන්න.’ එජාපය පසුපෙළ අගමැතිවරයාට බල කළහ. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරින් බදාදා අරලියගහ මැදු​ෙර්දී අගමැතිවරයා සමග සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, අජිත් පී. පෙරේරා, හරේන් ප්‍රනාන්දු, ස්වාමිනාදන් ඇතුළු පිරිස හමුවූහ.  


‘දූෂණ ගැන සොයන්න පත්කළ එෆ්.සී.අයි.ඩී. හා අල්ලස් කොමිසම කටයුතු නිම කළ ෆයිල් 100 කට වඩා නඩු නොපවරා නීතිපති දෙපාර්තමේන්තුවේ හිරවෙලා තියෙන්නේ ඇයි? මේක ඉතා නරක තත්ත්වයක්. මේක ආණ්ඩුවේ ප්‍රශ්නයට වඩා ජාතික ප්‍රශ්නයක්. වහාම පියවර ගැනීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමයි. අගමැති ප්‍රමුඛ එජාප පිරිස කීවේ එවැනි කතාවකි.  


 ‘හිරවීම්වලට විවිධ හේතු තිබෙනවා. ආණ්ඩුව ඇතුළෙන් මෙන්ම පිටිනුත් බලපෑම් එනවා. අධිකරණ අමාත්‍යාංශය පැත්තෙන් ඉටුවිය යුතු කරුණු හා ලැබිය යුතු නියෝගවල ගැටලු තිබෙනවා.’ නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශවයේ පිළිතුර විය.  


 ‘රටට- ජනතාවට සාධාරණය ඉටු කිරීම ඔබලාගේ වගකීමයි. ඔය දෙපාර්තමේන්තුවේ බලය නිලධාරින් දෙතුන් දෙනෙකු අල්ලගෙන ඉන්නේ. ඔවුන් දූෂිතයන් හා යටින් ගනුදෙනු කරන බවටත් තොරතුරු තිබෙනවා. ඒ නිසා නීතිපතිවරයා දෙපාර්තමේන්තුවේ පූර්ණ බලය අතට අරන් රටට සාධාරණය ඉටු කළ යුතුයි.’ ලක්ෂ්මන් කිරිඇල්ල, අජිත් පී. පෙරේරා මෙන්ම හරීන් ප්‍රනාන්දු ද කීවේ එකම කතාවකි.  
 ‘අප උපරිම සාධාරණව මීට පසු වැඩ කරන්නම්. දිගටම බලපෑම්වලට යට වෙන්නෙ අපට බැහැ.’ නීතිපති නිලධාරීහු ප්‍රතිඥා දුන්හ.  
 ඒ හමුවෙන් පසු අගමැතිවරයා එජාප මැති ඇමැතිවරුන්ට කීවේ ‘මා නැති වෙලාවක සභානායක කිරිඇල්ලගේ මූලිකත්වයෙන් මේ ප්‍රශ්නය කළමනාකරණය කරන්න’ කියාය.  


 අනතුරුව අගමැති හා කිරිඇල්ල අතර පෞද්ගලික කතාබහක් ද සිදුවිය.  


බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයාට වැඩ අධික වූයේ එදින පෙරවරු 10 ට සිරිකොතේදී එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම තිබූ හෙයිනි.  


අගමැතිවරයා කෙළින්ම ගියේ සිරිකොතටය. ඒ වන විට සියලු සාමාජිකයෝ පැමිණ සිටියහ.  


‘අද කෘත්‍යාධිකාරියේදී විජයදාස ඇමැතිතුමාට මොකක්ද වෙන්නේ? ලක්ෂ්මන් කිරිඇල්ල, රවි කරුණානායක, දයා ගම​ෙග්, වජිර අබේවර්ධන, පී. හැරිසන් ඇතුළු බොහෝ දෙනෙක් ප්‍රශ්න කළහ.  


‘මොකද වෙන්නේ කියා රැස්වීමේදී බලමු. එජාප බහුතරයකගේ මතය එතනදී එළිවේවි. සියලු ඇමැතිවරුන් ආණ්ඩුවේ මතය එක්ක වැඩ කළ යුතුයි.’ අගමැති කීවේය.  


’පළාත් පාලන මැතිවරණය මේ අවුරුද්දේවත් පවත්වමු. සීමා නිර්ණ ප්‍රශ්න නිසා නොවෙයි ආණ්ඩුව ඡන්දවලට බය නිසා කල් දානවා කියලනේ විපක්ෂය කියනනේ දයා ගමගෙ කීය.  


 ‘මේ අවුරුද්දේ පළාත් පාලන ඡන්ද පවත්වන්න පුළුවන් වේවි. අවශ්‍ය නීති සම්පූර්ණ කළ හැකි වේවි.’ අගමැති කීය.  


‘පළාත් සභාත් කල් දාන්න 20 වැනි සංශෝධනය ගේනවා කියලත් ඒකාබද්ධය අය රටට කියනවා.’ වජිර අබේවර්ධන මෙන්ම නවීන් දිසානායක කීවේ එකම කතාවකි.  


‘මැතිවරණ කොමිසමේ සභාපති 20 වැනි සංශෝධනයට විරුද්ධයි කියා පත්තර වල ගියා. ඒකත් බොරුවක්. නිශ්චිත කාලයක් කල් දාමු කියන උපදේශයයි එයා කියල තිබෙන්නේ. ආණ්ඩුවට ඡන්ද කල් දාන්න බැහැ. එහෙම කළොත් ජනතාවත් ඊට විරුද්ධ වේවි. අගමැතිවරයා පැහැදිලි කළේය.  


 ‘ජනතා මුදල් දූෂණය කළ අය ගැන විශේෂ අධිකරණය නොමෙයි පවතින ක්‍රමය තුළ වෙනම උසාවිය ගැන එන යෝජනාවට ප්‍රමඛත්වය දීම වටිනවා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


‘ඒ අදහස වැදගත්. අප නීතිපති එක්කත් මේ ගැන කතා කළානේ.? කැබිනට් එකේදීත් ඒ අදහසට හැමෝම සහාය පළ කළානේ.’ අගමැති පිළිතුරු දුන්නේය.  


 ‘සමෘද්ධි සහන කපනවා කියා ඒකාබද්ධ විපක්ෂය රටපුරා මිනිස්සු අවුස්සලා උද්ඝෝෂණ දානවා.’ දයා ගමගේ කතාව වෙනතකට හැරවිය.  


 ‘සමෘද්ධි පවුල් ලක්ෂ ගණනක් නිසා පොත්වල ලියා මේක කරන්න බැහැ. පරිගණක ගත කරන්න ගියේ ඒකයි. ඒත් ඒක පිටස්තර අයට දී වැඩේ අවුල් වෙලා නිසා ඒක නැවැත්තුවා.’ අගමැතිවරයා කීය.  


‘සමෘද්ධි නියාමකයෝ ඔක්කොම වගේ ඒකාබද්ධයට හේත්තු වෙලා ඉන්නේ. උද්ඝෝෂණ කරන්නේ ඒ අය හරහායි. අසරණ ජනතාවගේ සමෘද්ධිය කපන්නේ නැහැ.   


අද ලොරි බස් හා ඉහළ රැකියා ඇති අයත් සමෘද්ධි ගන්නවා. සමෘද්ධි සහන නව තාක්ෂණය හරහා විධිමත් කිරීම නවත්වන්න නරකයි. පවතින ක්‍රමවේදයේ අඩුපාඩු හදන්නෙ නැතුව බැහැ. පී. හැරිසන් මෙන්ම නවීන් දිසානායක කීවේ එවැන්නකි.  


කෘත්‍යාධිකාරිය ආරම්භයේදීම අජිත් පී. පෙරේරා, විජයදාස රාජපක්ෂට එරෙහි ප්‍රකාශයක් කළේය.  


 ‘අධිකරණ ඇමැතිතුමා හොරුන් රකිනවා. අපට විශ්වාසයක් නැති නිසා ඉවත් කළ යුතුයි.ි’ අජිත් කීවේය.  


‘විජයදාස හම්බන්තොට වරාය ගැන කියපු දේ සඳුදා වෙන විට නිවැරදි විය යුතුයි. මංගල රවි සමරවීර හා මලික්ගේ කමිටුව එක්ක එකඟ වෙලා ඒක නිවරැදි කරන්න.’ අගමැති කීය.  


විජයදාස රාජපක්ෂ ද විශාල ලෙස කරුණු කියන්න විය.  


 ‘ආණ්ඩුවේ මතයට පටහැනිව කතා කරන හොරුන් රකින අධිකරණ ඇමැති අයින් කරන්න. 2020 දී එජාප ජනාධිපති අපේක්ෂකම හරි එතුමාට දෙමු. ඒත් දැන් ඉවත් කරන්න.’ නලින් බණ්ඩාර කීය.  


 ‘හොරුන් රකින්නෙ ඇයි කියා මිනිස්සු අපට බනිනවා. ගමට යන්න බැහැ. ගෝඨාභය රිමාන්ඩ් කරන්න දෙන්නේ නැහැ කියා අධිකරණ ඇමැති ලෙස මෙතුමා කිව්වා. ඇමැතිකම මාරු කර හරි ම​ෙග් එක දෙන්න.’ හරින් ප්‍රනාන්දු කීවේය.  


 ‘මේ ඇමැතිතුමා නීතියට බලපෑම් කරන්න බැහැ කියනවා. ඒත් මාව රාජපක්ෂලා ඇදගෙන ගියේ මොන නීතිය යටතේද? මාස හයෙන් හයට රාජපක්ෂලගෙ නඩු කල් යන්නේ කොහොමද? එ් හොරුන් අද ආණ්ඩුවට ඔලොක්කු කරන්නේ මෙයාලගේ රැකවරණය නිසයි. මෙයාට වෙන ඇමැතිකමක් දෙන්න.’ සරත් පොන්සේකා කීය.    


‘විජයදාස ඇමැතිතුමා ගැන විශ්වාසයක් නැහැ. කරුණු 05 කින් යුතු යෝජනාව මා ඉදිරිපත් කරනවා.’ ආශු මාරසිංහ කීය.  


 සිඩ්න් ජයරත්න එය ස්ථීර කළේය. යෝජනාවට විරෝධයක් තිබේදැයි අගමැති විමසූ විට එවැන්නක් ඉදිරිපත් නොවිණ.  


 ‘රාජපක්ෂලා එක්ක මෙතුමාගේ ඇති ගනුදෙනු පැහැදිලියි. අද ඔවුන් හා ඒ නඩය මෙතුමා රකින්නත් කතා කිරීමෙන් සියල්ල ඔප්පු වෙනවා.’ ඉරාන් කීය.  


 ‘අගමැතිතුමා හොඳ පරපුරක නිසා මෙතනදී කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න’ ජෝන් අමරතුංග කීය.  


 එහිදී දයා ගමගේ නැගිට්ටේය.  


 ‘විජයදාස ඇමැතිතුමාට හැමෝම පහර දෙනවා. එතුමා කළ හොඳ දේවල් අමතක කරන්න නරකයි.’ දයා ගමගේ කියාගෙන එන විට බොහෝ අය එයට විරුද්ධ වීමෙන් ඔහු කතාව අවසන් කළේය. මුජිබර් රහුමාන් ද ඇමැති විජයදාසට දැඩි ප්‍රහාරයක් එල්ල කළ තවත් අයෙකි.


පුවත්පත්වලට ඇමැති විජයදාස කළ ප්‍රකාශ නිවැරැදි කරන ආකාරය අනුව ඊළඟ එජාප කණ්ඩායම් රැස්වීමේදී පක්ෂය ඔහු ගැන තීන්දු ගැනීමට නියමිත බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.  

 


කතානායක  
 පාකිස්ථානය කවදත් මෙරට දේශපාලන සංහිදියාවෙන් යුතුව ඉදිරියට යනු දැකීම අපේක්ෂා කළ ශ්‍රී ලංකාවේ කළණ මිතු​ෙරකි. ර​ෙට් විවිධ ​ෙද්ශපාලන මතධාරි ප්‍රධාන චරිත ගණනාවක්ම එකම මේසයක් වටා අසුන් ගන්වන්ට මේ ගැඹුරු මිතුදම නිමිත්ත වී තිබුණේ පසුගිය සතියේ කොළඹ දී පැවැති පාකිස්තානයේ 70 වැනි නිදහස් සමරුවයි. කෙසේ වෙතත් උත්සවයේ ප්‍රධාන අසුන කතානායක කරු ජයසූරිය මහතාට පිරිනැමීමට උත්සවය සංවිධානය කළ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය හා ඉස්ලාමාබාද් ක්‍රමෝපාය අධ්‍යයන ආයතනය කටයුතු කර තිබීම තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පාකිස්තානයේ සමබර දේශපාලන පිළිවෙත ද සංකේවත් කළේය.  


 චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දෙපළ මෙන්ම මලික් සමරවික්‍රම, දයා ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, රිෂාඩ් බදුර්දීන්, මහාචාර්ය ජී.එල්. පීරිස් ආදී මැති ඇමැතිවරුද ප්‍රධාන මේසය වටා අසුන් ගෙන සිටියහ.  


රට අභ්‍යන්තරයෙහි ශ්‍රී ලංකාව මුහුණ දුන් දශක 3 ක යුද්ධය මෙන්ම සෑම දුෂ්කර අවස්ථාවේදීම නොසැලී සිටි මිතුරකු වන පාකිස්තානය ලෝක දේශපාලනය තුළදීද ශ්‍රී ලංකාව වෙනුවෙන් නිබඳව පෙනී සිටි බව කතානායකවරයා පාකිස්තානු නිදහස් සැමරුමේ ප්‍රධාන දෙසුම පවත්වමින් කෘතවේදීව සිහිපත් කළේ දිගු ඉතිහාසයක මතකය ද ආවර්ජනය කරමිනි.  


 

 

‘වල්ලුවර් කෝට්ටම්’

ඉකුත් සති අන්තයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ නිලධාරින් සමඟ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙරියකුලම් වෙත ගියේ 36 වැනි උදා ගම්මානය වන ‘වල්ලුවර් කෝට්ටම්’ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහාය.


සජිත් සමඟ මෙම අවස්ථාවට විශේෂ අමුත්තන් දෙදෙනෙකුද සහභාගි වූහ. එනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විදානගේ සහ රෝහිණී කවිරත්නය. අමුත්තන් දෙදෙනා සජිත්ගෙන් ඇසුවේ ගම්මානයට ‘වල්ලූවර් කෝට්ටම්’ යයි නම් කළේ මන්ද කියාය. ‘ඒකට ලොකු අතීත කතාවක් තියෙනවා. දෙමළ සාහිත්‍යයේ මුදුන් මල්කඩ හැටියට සැළකෙන ‘තිරුක්කුරල්’ ග්‍රන්ථය රචනා කළේ මීට අවුරුදු 2000 කට විතර කලින් දකුණු ඉන්දියාවේ ජීවත් වුණු ‘තිරු වල්ලුවර්’ නැමැති පඬිවරයායි. එතුමාට ගරු කිරීමක් හැටියට ජනතාවගේත් කැමැත්තෙන් අපි මේ ගම ‘වල්ලුවර් කෝට්ටම්’ කියා නම් කළා. සජිත් පැහැදිලි කළේය. හේෂා සහ රෝහිණී කීවේ ‘දෙමළ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වුණු උතුමෙකුගේ නමින් මේ ගම්මානය නම් කිරීම ජාතීන් අතර එකමුතුකමට, සංහිඳියාවට නිසැකයෙන්ම හේතු වෙනවා.’ කියාය. සජිත් කීවේ. ‘අපි මේ දිස්ත්‍රික්කයේ තවත් ගමමාන ගණනාවක්ම ඉදිකරගෙන යනවා.’ කියාය.  


 

රවිට ඇමතුම්

රවි කරුණානායක මහතා ඇමැති තනතුර අතහැර මන්ත්‍රීවරයෙක් වශයෙන් නිවසට පැමිණි දිනයේ සිට තොරතෝංචියක් නොමැතිව දුරකථන ඇමැතුම් ගලා එන්නට විය. රවි කරුණානායක මහතා ඒ වන විට පිටුපස සිටින පාර්ලිමේන්තුවේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් වුවද ඔවුන් තවමත් ‘ඇමැතිතුමා’ වශයෙන් ඇමතීය. ඒ අතර විශ්වාසභංගයට අත්සන් කළ එක් හිටපු ඇමැතිවරයෙක් අපූරු කතාවක් කීහ.  
‘රවි ඇයි? ඔයා අස්වුණේ අපි නම් හිතුවේ නැහැ අස්වෙයි කියලා. හිටපු ඇමැති විමසීය.  


‘ඕවා ​ඔහොම තමයි’ කියමින් රවි කරුණානායක මහතා ඊට සිනාසෙමින් නිහඬ විය.  


 දුරකථනයෙන් සම්බන්ධ වූ නායක හිමිවරුන් බැහැ දැකීමට ඉදිරි දිනයන් හි පැමිණෙන බව  කී රවි කරුණානායක මහතා හමුවීමට අගමැති රනිල් හා තවත් ඇමැතිවරු කිහිප දෙනෙක් ද නිවසට පැමිණියහ. එහිදී ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී නව දේශපාලනමය සංස්කෘතියක් පක්ෂය වෙනුවෙන් ඉටු කිරීමට කළ කැප කිරීම පිළිබඳව ඔවුහු රවි කරුණානායක මහතා ඇගැයුමට ලක් කළහ.  



අදහස් (0)

එජාප කෘත්‍යාධිකාරියේ මොකද වුණේ ?

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 125 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 238 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 330 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1384 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site