IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එජාප අපේක්ෂකයා කවුද? අගමැතිගෙන් උත්තරයක්

ගෙවී ගිය සතිය තුළ සංවර්ධනයට අදාළ කටයුතු රැසක් ජනතා අයිතියට පැවරීම මෙන්ම ආරම්භ කිරීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.


ඊට කලින් සතියේ දෙවැනි වතාවටත් එකම දිනක් තුළ පාසල් ගොඩනැගිලි 500 සිසු අයිතියට පැවරූ මේ රජය පසුගිය සතියේ ඇමති චම්පික ගොඩ නැගූ නිවාස 3300ක් එකම දිනක දී අගමැතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණ.


“2005 ඉඳලා 2015 දක්වා රාජපක්ෂ ආණ්ඩුව හැදුවේ නිවාස 4600 යි. අද අප නිවාස 3300 ක් ම එකම දිනක දී ජනතාවට පවරනවා. මේ වසර 4ට ඇමති චම්පික විතරක් නිවාස 12,000 ක් හැදුවා. ලබන වසර මැද වෙනවිට 20,000 සම්පූර්ණ කරනවා. ගිය රජය කාලා බීලා වැඩි මිනිස්සුන්ට ව්‍යායාම කරන්න මං තීරු හදන්න ප්‍රමුඛත්වය දුන්නට අපි කළේ හිසට සෙවණ නැති මිනිස්සුන්ට ගෙවල් හැදීමයි.” අගමැතිවරයා එහිදී කීවේය.


ඇමැති චම්පිකට අමතරව නිවාස ඇමැති සජිත් ද රට පුරා මේ වන විට උදාගම් 2562 ක වැඩ අරඹා ඉන් 290ක්ම විවෘත කර හමාරය. එක් උදාගමක ගෙවල් 30ක සංඛ්‍යාව ඉදිවුවද උදාගම් 2562 තුළ නිවාස 76,860ක් මේ වන විට වැඩ හමාර වෙමින් පවතී.


ඊට අමතරව උතුරු නැගෙනහිර සහ කඳුකරයේ ද නිවාස ඉදිකිරීම් දහස් ගණනක් වෙනත් අමාත්‍යවරුන් හරහා වන නිසා මේ රජය ආරම්භ කළ නිවාස විප්ලවය මෙතෙක් ලොව කිසිම රටක නොවූවක් බව පැහැදිලිය.


බ්‍රහස්පතින්දා පෙරවරුවේ කළුතර උත්සවයට යාමට පෙර අගමැතිවරයා පැමිණ සිටි මැති ඇමැතිවරුන් සමග ද කතා බහ කළේය.


“මේ ආණ්ඩුවේ ඇතුළේ හිටපු පාර්ශවයි, ජනමාධ්‍යයි, විපක්ෂයයි කකුලෙන් අදිද්දි රට අධික ණය බරකින් වෙළී තිබෙද්දිත් අප කළ සංවර්ධනය සමහරුන්ට තේරෙන්නේ නැහැ. අධිවේග, ගුවන් පාලම්, මහා මාර්ග, පාසල්, රෝහල්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් ගොඩනැගිලි සිය ගණනක් හැදුවා. නොමිලේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමේ හා නිවාස විප්ලවයකුත් කළා.


පඩි 10,000 ක් හා 2500ක් වශයෙන් දෙවතාවක දී වැඩි කළා. සමෘද්ධි, මහපොළ, වැඩිහිටි දීමනා ආදී සියල්ල දෙගුණ කර, ගැබිණි මව්වරුන්ට පෝෂණ මලුත් දුන්නා. 2015ටත් වඩා තාම ඉන්ධන හා ගෑස් මෙන්ම බොහෝ අත්‍යවශ්‍ය බඩුවල මිල අඩුයි. ඒත් ආණ්ඩුව කළේ මොනවද කියා සමහරුන් අහනවා. මේක හරිම කනගාටුදායක තත්වයක්” යැයි සභානායක ලක්ෂමන් කිරිඇල්ල මතක් කළේය.


“ඒ විතරද? අප දීපු නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, ජනතාව පැහැර ගැනීම් හා ජනතාවගේ පපුවට තුවක්කු පත්තු නොකිරීමේ සංස්කෘතිය මිල කරන්න පුළුවන්ද?” නවීන් දිසානායක කී විට අගමැති ඇතුළු සියලු දෙනා එය අගය කළේය.


“මේ සතියේ සමෘද්ධි නියාමකවරුත් 5000ක් අප ස්ථිර කළා. දින 52 හොර ආණ්ඩුවේ දී බොරු ලියවිලි දී වීරවංශලා මේ අය ස්ථිර කළා කියා රැවැට්ටුවා.
ඊට අමතරව මේ සතියෙදි උපාධිධාරීන් 4252කට අගමැතිතුමා කොළඹදීත් තවත් 1400 කට ජනාධිපතිතුමා කුරුණෑගලදීත් රැකියා දුන්නා. පවුල් ලක්ෂ 6කට අප සමෘද්ධියත් දුන්නා. ආණ්ඩුවේ දැවැන්ත වැඩපිළිවෙළ මිනිස්සු හරි හැටි තේරුම් නොගත්තොත් ඔවුන් 2015 ට කලින් වගේ යළිත් අනාත වේවි.” ලක්ෂ්මන් කිරිඇල්ල විග්‍රහ කළේය.
“ජනාධිපතිවරණයට නොමිනේෂනුත් කැඳවලා. අපේ අපේක්ෂක කවුදැයි මිනිස්සු අහනවා. කලින්ම නම් කළ ගෝඨාභය දැන් ඉන්නවද කියා නැහැ. අනිවාර්යයෙන් දිනන අපේක්ෂක නම් කිරීම පරක්කු කළ එක හොඳයි. ඒත් දැන් තව පරක්කු කරන්න වෙලාව නැහැ”, චමින්ද විජේසිරි හේෂා විතානගේ මෙන්ම මහාචාර්ය ආශු මාරසිංහ අගමැතිවරයාට යොමු කළේ එකම තාලයේ ප්‍රශ්නයකි.


“නැහැ. එන සුමානේ මුල අප තීන්දුව ගන්නවා. අද රෑටත් පක්ෂ නායක රැස්වීම තිබෙනවා.” අගමැතිවරයා කීවේය.


“සාකච්ඡාවකින් ද නැතිනම් ඡන්දයකින් ද අපේක්ෂකයා තීන්දු කරන්න වෙන්නේ? සියලු දෙනාගෙම සම්මුතිය ඇති කර ගන්නවා නම් තමයි වඩාත්ම හොඳ”, අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩිගේ මතය සියලු දෙනා අගය කළහ.


“සජිත් ඇමතිතුමා අපේක්ෂකත්වය ඉල්ලා ඔබතුමාට ලියුම යැව්ව නේද? ඒකට දැන් මොකක්ද වෙන්නේ?” කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති උපාලි පියසෝම ඍජුවම ඇසුවේ අගමැතිගෙනි.


“සජිත් විතරක් නොවෙයි ඉල්ලන්න කැමතියි කියා කරුත් ඉල්ලීම් කර තිබෙනවා. එයා පත් වුණොත් වසරක් තුළ විධායක ජනාධිපතිකම අහෝසි කරන බවත් කිව්වා. ඒක ජවිපෙත් ප්‍රධානම සටන් පාඨයයි. කරුයි-ජවිපෙටයි ඒ ගැන ඉක්මන් තීන්දුවකට එන්න පුළුවන් නම් කරුට ඉඩක් තිබෙනවා” අගමැතිවරයා පැහැදිලි කළේය.


“දැන් කෝටි 450ක් වියදම් කර බලය නැති නාම මාත්‍රික ජනාධිපති කෙනෙකු පත් කරන්නේ ඇයි කියා සමහරුන් අහනවා”, ගයන්ත කරුණාතිලක මතු කළ කාරණය ඉතා වැදගත් එකක් බව පිළිගැනිණ.


“පත්වෙන ජනාධිපති නාමමාත්‍රිකම නැහැ. යම් විධායක බලයක් තිබෙනවා. හැබැයි කිසිම ඇමැති බලතලයක් නැහැ.” අගමැතිවරයා කීය.
“ගෝඨාභයගේ ඇ​ෙමරිකානු පුරවැසිකම ගැන තාම පැහැදිලිතාවය නැහැ. එයා ලියකියවිලි වගයක් ගෙන හොර රහසේම මැතිවරණ කොමිසමේ අය හමුවෙලා. ඒත් ඇ​ෙමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ලංකාවේ ඇ​ෙමරිකානු තානාපති කාර්යාලය ගෝඨාගේ පුරවැසිකම් ඉවත් කළා කියා ප්‍රසිද්ධියේ එළි කරන තෙක් නොමිනේෂන් දීමේ දී අනිවාර්යයෙන් ප්‍රශ්නය ඇතිවිය හැකියි.” එජාප නීති ලේකම් නිශ්ශංක නානායක්කාර කීවේය.


“දැන් දොස්තරලයි, රාජ්‍ය නිලධාරිනුයි, අනධ්‍යයන කට්ටියයි, රණවිරුවෝයි ඔක්කොම ස්ට්‍රයික් කරනවා. මේවා ඇත්ත ස්ට්‍රයික් ද?” ගයන්ත කරුණාතිලක විමසීය.
“නැහැ. මේ ස්ට්‍රයික් තනිකරම දේශපාලනිකයි. රට අඩාළ කර ජනතාව අපහසුතාවයට ලක් කර ආණ්ඩුව අපකීර්තියට පත් කරමින් පටු දේශපාලනය මෙයාලා මේ කරන්නේ. මිනිස්සු මේක දන්නවා.”


“2009 දී යුද්ධය ඉවර වුණත් 2015 වෙනකන් බලයේ හිටපු මහින්ද හා ගෝඨාභය යුද්ධයේ ලකුණු එයාලට දාගත්තට ඒ රණවිරුවො ගැන පොඩ්ඩක්වත් බලා නැහැ. දැන් ඒ මදිවට මිනිස්සු දාලා රට අක්‍රිය කරන්න හදනවා. අප රටේ සියලු දෙනාට සාධාරණය ඉෂ්ඨ කරන්න උපරිමය කැප වෙනවා මිසක් රණවිරුවොයි - හාමුදුරුවරුයි බාල දේශපාලනයට යොදා ගන්නෙ නැහැ.” අගමැතිවරයා කීය.


“නෙළුම් කුලුනෙන් කෝටි 200ක් හොරකම් කරලා කියා ජනාධිපතිතුමා කිව්වා. ගෙවීම් කර තිබෙන්නෙ නිල සමාගමට විතරයි, කියා මහින්ද මහතා උත්තර දුන්නත් ජනාධිපතිතුමා යළිත් තහවුරු කර එතන කෝටි 200ක මහ හොරකම වෙලා කියනවා.”


මිනිස්සු විතරක් නොවෙයි කොම්පැනි අතුරුදන් කරන්නත් රාජපක්ෂලා දක්ෂයි. නෙළුම් කුලුන ගනුදෙනුවේ දී චීන සමාගම වගේම මීට කලින් මෙයාල මිග් ගනුදෙනුවෙදි යුක්‍රේන් සමාගමකුත් මේ විදියටම අතුරුදන් කළා.”, රංජන් රාමනායක දැවැන්ත බෝම්බය පත්තු කළේය.


”එජාපය මහ බැංකුව කැඩුවා කියා ජනාධිපතිතුමා කියනවිට ඒ කතාව හරියට හරි කියා අනුමත කරන පොහොට්ටුකාරයෝ රාජපක්ෂලා කුලුනෙන් කෝටි 200ක් මාටිය ගහලා, ඒක ගෙවපු සමාගමත් අතුරුදන් කළා කිව්වාම ජනාධිපතිතුමා කියන්නේ බොරුලු. මේවා මාර ලොජික්.” උපාලි පියසෝම තර්ක කළේ කාගේත් සිනා මැදය.
මහනුවර දිගන, රජවැල්ල හින්දු ජාතික පාසලට බස් රථයක් ප්‍රදානය කිරීමට ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් සහ තෙල්දෙණිය සංවිධායක ආර්.ජී. සමරනායක ඇතුළු පිරිසක් ද සහභාගි වී සිටියහ. සජිත් වටකර ගත් මාපියෝ මේ පරිත්‍යාගය පිළිබඳව බෙහෙවින්ම සතුටට පත්ව සිටියහ.


“වතුවල වැඩ කරන අපි වගේ දුප්පත් අයගේ දරුවෝ ඉගෙන ගන්න ඉස්කෝලෙකට සර් බස් එකක් තෑගි දීපු එක ගැන අපට හරි සංතෝෂයි” කියාය.


එදිනම සජිත් ඊළඟට ගියේ මහනුවර අස්ගිරිය මහා විහාරස්ථානයේ බටහිර දිසා ප්‍රවිෂ්ට වාහල්කඩ සඟ සතු කිරීමේ උත්සවයටය. මීට මාස කීපයකට පෙර මෙම වාහල්කඩට මුල්ගල් තැබුණේ ද සජිත් අතිනි. අස්ගිරි උපෝසථාගාරයේ පැවැති පූජෝත්සවයේ දී අස්ගිරි මහ නාහිමියන් සජිත්ගේ ශාසනික සේවාව අගයමින් විශේෂ තිළිණයක් පිළිගැන්වීම විශේෂ සිද්ධියක් විය. “ඔබතුමාගේ ශාසනික සේවාව තව තවත් ශක්තිමත් කරන්න. එය ඉදිරියටම කරගෙන යන්න” යි උන්වහන්සේ සඳහන් කරද්දී ලේඛකාධිකාරී මැදගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන් ද පැවැසුවේ “අපි ඔන්න ඔබතුමාගේ ශාසනික සේවාව ඉහළින්ම අගය කළා. මේ සේවාව තව තවත් ශක්තිමත්ව ඉදිරියටම කරගෙන යන්න” කියාය. රත්මලාන, ශ්‍රී ධර්මාරාම පුරාණ රජමහා විහාරයේ සහ රනාල ශ්‍රී මහින්දාරාම විහාරයේ දහම් පාසල් ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව අවසන් වනවිට එදින රෑ බෝ වී තිබිණි. වාරියපොළ ‘නවන්ගම’-279 වන උදා ගම්මානය පසුදා ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව නිකවැරටිය ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් ප්‍රදානය කිරීමේ උත්සවයට ඉන්දික බණ්ඩාරනායක ද එක්වී සිටියේය. පෝය දිනය ද වූ නිසා මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගිවී සිටියහ. “අපේ ඉස්කෝලෙට මේ වගේ උදව්වක් කරාවි කියලා අපි නම් කවදාවත් හිතුවේ නෑ.” මාපිය පිරිසක් කීහ. කොටවෙහෙර ‘මෙත්සිරිගම’-281 වන උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමත්, නිකවැරටිය ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ, ගිරිබාව වීරපොකුණ ශ්‍රී නිග්‍රෝධාරාමයේ, තඹුත්තේගම ශ්‍රී ඥානෝදය දහම් පාසලේ සහ තඹුත්තේගම පුරාණ ගල්කුඩා විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිලි විවෘත කිරීමත් එදිනම සජිත් අතින් සිදුවිය. පුත්තලම නවගත්තේගම ‘රන්මිණිපුර’-282 වන උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම පසුවදාට යෙදී තිබිණි. අනතුරුව පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ඉල්ලීම මත පුත්තලම, ආණමඩුව, පුස්වැව ශ්‍රී රතනපාල මහා විද්‍යාලයට බස් රථයක් පිරිනැමීමට ගිය සජිත්ට එම පාසල පිළිබඳව අසන්නට ලැබුණේ අපූරු තොරතුරු රැසකි. එම පාසල ඇරැඹෙන්නේ අලුයම 4.30ටය. රාත්‍රී 10.00 වන තුරු පංති පැවැත්වෙන මෙම අපූරු පාසලේ ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කරන කලාපයක් තිබේ. මෙම පාසල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් නම් දරා සිටින අතර පාපන්දු ක්‍රීඩාව සඳහා සුවිශේෂ දස්කම් දක්වයි. ඉංග්‍රීසි ඉගැනීමට ඉමහත් ආශාවක් දක්වන මෙම පාසලේ සිසු සිසුවියන් වෙනුවෙන් 24 පැය පුරා ඉංග්‍රීසි ප්‍රවෘත්ති විකාශයන්ට සවන් දිය හැකි වන සහ ඉංග්‍රීසි කතා පුහුණුව වර්ධනය වන වැඩසටහනක් ලබාදීමට ද සජිත් එහිදී පොරොන්දු විය. සජිත් එහිදී පාසලේ ළමුන් සමග වොලිබෝල් ක්‍රීඩා කිරීමට ද අමතක නොකළේය.


මංගල සමරවීර ඇමැතිවරයාගේ නිවසේ දී එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් වන රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, දිගම්බරම් ඇතුළු දමිළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් සජිත් හමුවෙමින් ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් සියලු දෙනාම සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවට පොරොන්දු විය. දිගම්බරම් කීවේ ‘මේ පාර නම් ඉතිං එක එක්කෙනාට දෙන්න බෑ. මුළු රටම බලන් ඉන්නේ ඔබතුමා දිහා’ කියාය. ‘ඒක එහෙම නොවුණොත් අපට වෙනම දේශපාලන තීන්දුවක් ගන්න වෙනවා’ මනෝ ගනේෂන් කීවේය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස පාර්ශ්ව ගණනාවකින් සති කිහිපයක සිට දිගින් දිගටම ඉදිරිපත්වූ ඉල්ලීම් හමුවේ නිහඬව සිටි කථානායකවරයා සිය ප්‍රතිචාර දැක්වීමට ගෙවුණු සතියේ තීරණය කළේය. ඒ අනුව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළ හෙතෙම එමගින් කියා සිටියේ එම ඉල්ලීම සලකා බැලිය හැක්කේ ප්‍රධාන ප්‍රතිපත්තිමය කරුණු කිහිපයකට යටත්ව බවයි.


මෙම ප්‍රකාශයත් සමග දේශපාලන ලෝකයේ උණුසුම් නව මාතෘකාවක් නිර්මාණය වූ බව නම් පෙනී ගියේය. කථානායකවරයාට ලැබුණු දුරකථන ඇමතුම් නිමක් නොවීය. දේශපාලන ක්ෂේත්‍රයේ නොවන අය ද ඒ අතර බහුල විය. ඇතැම් පිරිස් ඍජුවම සහය පළ කළහ.


පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් වූ බැවින් කථානායකවරයාගේ කාර්යාල කාමරය වෙත පැමිණි විවිධ තරා තිරමේ මැති ඇමැතිවරු ඔහු සමග සාකච්ඡාවල නිරත වූහ. විශේෂත්වයක් වූයේ පොහොට්ටු පාර්ශ්වයේ මන්ත්‍රීවරු කිහිප දෙනකු ද ඒ අතර වීමයි. සාකච්ඡාව ජනාධිපතිවරණයට අදාළව සිදුවූ බව කිසිදු සැකයක් නැති වුවද කතා කළ කරුණු අනාවරණය නොකිරීමට දෙපාර්ශ්වයම වගබලාගත් බව පෙනිණි.


එජාපයේ සියලු දෙනාගෙන්ම කථානායකවරයා ඉල්ලා සිටියේ තම ප්‍රකාශයේ සඳහන් සියලු පාර්ශ්වයන්ගේ සහාය ඇතිව සහ පක්ෂ ව්‍යවස්ථාවට අනුව යන කරුණු දෙක ගැන අවධානය යොමු කරන ලෙසය.


ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ආචාර්ය රාෂිඩ් ෂාපි අල්මාරි මහතා සිය ධුරයෙන් නික්ම යාමට පෙර අප රට තුළ පවත්නා සිරිත් විරිත් හා මිත්‍රශීලී සුහදත්වය සුරකිමින් දෙරට අතර සබඳතා වඩ වඩාත් තහවුරු කර ඔහුට ලබාදුන් සහාය වෙනුවෙන් විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අැමැති රවි කරුණානායක මහතාට ස්තුතිය පළ කිරීමට විදුලිබල බලශක්ති අමාත්‍යාංශයට පැමිණ සිටියේය. එම හමුවෙන් පසු උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාශයේ අඩු ආදායම්ලාභී නිවාස නොමැති පිරිසට අලුතින් මහල් නිවාස ලැබීම පිළිබඳව ස්තුති කිරීමට පැමිණ සිටි පිරිසට ඇමැති රවි අපූරු කතාවක් කීවේය.


දැන් මීට පස්සෙ තෙල් නළ උඩ හෝ වතුර නළ උඩ ගෙවල් හදාගෙන ඉන්න උවමනා නැහැ. මම ඔයගොල්ලන්ට නිවාස ලැබෙනකන් පළාතේ මන්ත්‍රීවරයා විදියට තනි සටනක් දුන්නා. මට යම් යම් අය අභියෝග කළා. එ්ක මතක ඇති. ඒත් මම ඔබලා තනි කළේ නැහැ. මම දන්නවා ඔය අහිංසක ඉල්ලීම්. ඉන්න හිටින්න නිවසක් ඉල්ලුවා මිසක් මහා මන්දිර හෝ පිහිනුම් තටාක ඉල්ලුවේ නැහැ. අඩු ආදායම්ලාභීන්ට නිවාස හදාගන්නට 6% පොලියට ණයට මුදල් දීලා පොලී මුදලාලිලාගේ වැඩේ කරන්න මම ගියේ නැහැ. තුන්වේල කාගන්න විශාල සටනක් කරන අයට පොලී මුදලක් ගෙවන්න කිව්වම කොච්චර අසාධාරණ ද? නිවාස හදන්න අය වැයෙන් මුදල් වෙන් කළාම ඒකෙන් නිවාස හදලා දෙනවා මිසක් ඒ මුදලට පොලියක් අය කරන්න කියලා කියන්නෙ නැහැ. එතකොට තව තව ණයකාරයෝ වෙන පිරිසක් සමාජය තුළ වැඩි වැඩියෙන් බිහිවෙනවා. මේවා හඳුනාගෙන තමයි නාගරික දුප්පත් අය වෙනුවෙන් තමන්ටම කියලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා මහල් නිවාස ලබා දුන්නෙ. මේ නිවස ජනතා අයිතියට පත් කරනවා කියලා රට පුරා පෝස්ටර් ගැහුවෙත් නැහැ. විශාල කටවුට් ගැහුවෙත් නැහැ. ඒ මුදල්වලින් පුළුවන් නිවාස නොමැති තවත් කිහිප දෙනෙකුට උදව් උපකාර කරන්න. අනික මේවා ඡන්දයක් බලාගෙන කළ වැඩකුත් නෙමෙයි. රවි කීවේය.



අදහස් (0)

එජාප අපේක්ෂකයා කවුද? අගමැතිගෙන් උත්තරයක්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 135 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site