IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමෙරිකාවත් එක්ක ගිවිසුමක් ගැහුවේ කවුද?

මේ සතියේ ආණ්ඩුවට තම ස්ථාවරත්වය යළිත් රටට පෙන්වීම සඳහා දැවැන්ත පිම්ම පැනීම සිදුවිය. ඒ ජවිපෙ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට අදාළ විවාදය සහ ඡන්ද විමසීම තුළිනි.


බදාදා ඇරැඹූ විවාදය තුළින් වඩාත් කැපී පෙනුණේ ආණ්ඩු විරෝධයට වඩා විපක්ෂ කණ්ඩායම අතර ඇති දේශපාලනික සහ න්‍යායාත්මක පරස්පරතාය. ඔවුනොවුන් තම තමන්ගේ ශක්තිය වාචිකව පෙන්වන ගමන් ආණ්ඩුවට වඩා විපක්ෂයේම සෙසු කණ්ඩායම්වලට ප්‍රහාර එල්ල කිරීම විශේෂත්වයක් විය.


බ්‍රහස්පතින්දා උදයේම අගමැතිවරයා පාර්ලිමේන්තුවට ගියේ එදින සවස විශ්වාසභංගයට අදාළව පැවැත්වීමේ ඡන්ද විමසීමේ ගණන් හිලව් සමබර කර ගැනීමේ මෙහෙයුම සඳහාය.
“ජවිපෙයි විපක්ෂයේ අනිත් කට්ටියයි ඊයේ හොඳට මරා ගත්තා. අද ඒකේ දෙවැනි කොටසයි.”, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවේ අගමැති කාර්යාලයට පැමිණ සිටි මැති ඇමැතිවරුන් අතරින් මූලිකත්වය ගනිමිනි.


“පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආණ්ඩුවේ ශක්තිමත් බව රටට පෙන්නන්න විපක්ෂය අපට හොඳ අවස්ථාවක් දුන්නා කියලයි, හිතෙන්නේ” අගමැතිවරයා කීවේ මද සිනහවක් ද සමගිනි.


“රිෂාඩ්ගේ විශ්වාසභංගේ ඉවත්වෙලා තිබෙන වෙලාවේ මෙහෙම එකක් ආපු එක මෝඩ වැඩක්. අන්තිමට ගෙනාපු අයයි පච වෙන්නේ”, නවීන් දිසානායකගේ මතයට කාගේත් එකඟත්වය පළවිය.


“වසර 10ක් භුක්ති විඳපු රජයේ ඉඩම් අසරණ මිනිස්සුන්ටම පවරා දෙන ආණ්ඩුවේ ඉඩම් පනතට ජනාධිපති ඇතුළු විපක්ෂය හොඳටම බය වෙලා. පොහොට්ටුවේ කණ්ඩායම් දෙකක් ජනතාවට ලැබෙන ඉඩම් ප්‍රතිලාභයට විරුද්ධව උසාවිත් ගිහින්”, හේෂා විතානගේ කතාව වෙනතකට යොමු කළේය.


“පවුල් ලක්ෂ 10කට ඉඩම් බෙදනවාට විරුද්ධ වෙලා තිබෙන්නෙ ෂැන්ග්‍රිලා එකට හමුදා මූලස්ථාන ඉඩමයි, චීනෙට පෝට් සිටියෙන් භාගයයි, ඩෝල් සමාගමට කෙසෙල් හා වෙනත් ඒවා වගා කරන්න ඉඩම් අක්කර 15,000ක් සින්නක්කරවම ලියා දීපූ කට්ටිය වීමයි පුදුමේ.” චමින්ද විජේසිරි දැවැන්ත බෝම්බය පත්තු කළේය.


“ඉඩම් බෙදා දෙන වැඩේ වසර දෙකක් කැබිනට් එකේ පල් වුණා. අමාරුවෙන් සම්මත කරගෙන ගැසට් කළාම පාර්ශව දෙකක් උසාවි ගිහිල්ලා. මේ අයට විරුද්ධව ඉඩම් හිමි ජනතාවත් එක්ක පාරට බහිමු. ආණ්ඩුව ජනප්‍රිය වේවි කියා හැම දෙනාම බය වෙලා පහත් වැඩේ කරන්නේ.” අගමැතිවරයා පැහැදිලි කළේය.


“ඉඩම් වැඩේ සෝෆා හා ඇක්සා වගේම මිලේනියම් ගිවිසුම් එක්ක බොරුවට පටලවන්න හදනවා. මේවා අතර කිසිම සම්බන්ධයක් නැහැ. අගමැතිතුමා ගිවිසුම් ගැන පාර්ලිමේන්තුවෙදි පැහැදිලි කළ එක ඉතා වටිනවා. විපක්ෂය හා මාධ්‍ය තේ කෝප්පයේ කිඹුල්ලු පෙන්වනවා”, නවීන් දිසානායක කීය.


“ඉඩම් අයිතිය ජනතාවට දෙනවට ජනාධිපතිතුමා විරුද්ධවීම ගැන පොළොන්නරුවේ මිනිස්සු අමුතු විග්‍රහයක් කරනවා කියා ආරංචියි. අඳ ගොවියාගෙන් වි කොල්ල කන මාෆියාවේ ශක්තිය ඉඩම් අයිතිය ගොවීන්ට ලැබුණම නැති වේවි කියා මාෆියා කාරයත් බයවෙලා කියලයි, ඒ මිනිස්සු කියන්නේ. ඊට පස්සේ වී කුණු කොල්ලෙට ගන්න බැරි වේවි”, හේෂා විතානගේ බරපතළ හෙළිදරව්වක් කළේය.


“සුදු ජූලිය පටන් ගත්තදා ඉඳලා ජනතාවට වැඩි-පඩි, වැඩි විශ්‍රාම වැටුප්, ඉන්ධන මිල අඩු කිරීම්, සමෘද්ධි පවුල් ලක්ෂ 6කට දීම් විතරක් නෙවෙයි, දේශපාලන පළිගැනීම්වලට ලක්වූ 30,000 කට ජීවිත-දේපළ හා පළිගැනීම්වලට එරෙහි වන්දි දීමත් ඇරැඹීම ගැනත් ජනතාව විශාල ලෙස සතුටු වෙනවා.”, මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.


”සෝෆා හා ඇක්සා ඇමරිකානු ගිවිසුම් 1995 දී චන්ද්‍රිකා ආණ්ඩුව හා 2007 දී මහින්දගේ ආණ්ඩුවයි, ගැහුවේ. 2007 ඇක්සා එක ගෝඨාභය හා රොබට් ඕ බ්ලේක් කියන ඇමරිකානු පුරවැසියෝ දෙන්නයි අත්සන් කර තිබෙන්නේ. රටට අහිතකර කොන්දේසි ඉවත් කර රටට වාසි විදියට ඒවා පවත්වා ගෙන යන්න පුළුවන්ද කියලයි, මේ ආණ්ඩුව බලන්නේ. එදා පිටු 7 ක ගිවිසුමට කෑ ගහපු නැති මිනිස්සු දැන් පිටු 5ක ගිවිසුමකට කෑ ගැහීම විහිළුවයි.” දයා ගමගේ කීවේ එවැන්නකි.


“හිටපු පොලිස්පති පූජිත හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිගේ පිට ඔක්කොම කුණු පටවන්න සමහරුන් දැඟලුවත් රටේ අධිකරණය එතනදීත් සත්‍යවාදීව ක්‍රියා කිරීම රටේ වාසනාවයි. උසාවිය නොකිය කියන්නෙ වැරදි කළේ ඒ දෙන්නා නොවෙයි ඊට ඉහළින් සිටි අය කියලයි. මේ දෙන්නා වගකිවයුතු නැතිනම් ඊට ඉහළින් ඉන්න කෙනා කවුද කියා ජනතාවට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. විශේෂ කාරක සභාවෙදිත් ඒක තහවුරු වුණා”, ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“ප්‍රහාරය ගැන සොයන විශේෂ කාරක සභාවට දයාසිරි නොගිහින් ඉන්නයි, හැදුවේ. එතනදී කතානායකතුමාගේ නිවැරැදි ස්ථාවරයත්, නොයන්නේ හංගන්න දේවල් තියන නිසාද කියා කිරිඇල්ල ඇමැතිතුමාත් අහපු නිසා දයාසිරිට මඟ හරින්න බැරි වුණා.” චමින්ද විජේසිරි කීවේය.


“එක්තරා හෝටලයක එදා බෝම්බේ පුපුරවන්න ත්‍රස්තවාදීන් ක්‍රියා නොකළේ ඒකේ හිටපු ප්‍රභූන් නිසා කියා දයාසිරි මාධ්‍යට කිව්වා. ඒ ගැන අහන්න කාරක සභාව ඔහු ගෙන්නුවත් එයාට හරි පැහැදිලි කිරීම කර ගන්න බැරි වුණා.


“සමහර දේශපාලකයෝ එක්කො ඇත්ත හංගනවා. නැතිනම් ටී.වී. මයික් එකක් දැක්කම කටට එන වල්පල් කියා රට නොමඟ යවනවාද කියා අපට තේරෙන්නෙ නැහැ” මහාචාර්ය ආශු මාරසිංහ කී දේ සියලු දෙනා අනුමත කළහ.


“ඊයේ පෙරේදා දයාසිරි ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායමකුයි, එජාපෙ ඇමැතිවරුන් පිරිසකුයි රහස් සාකච්ඡා තියා ජනාධිපතිගේ අනාගතය බේරා ගැනීමේ උත්සාහයක් කරලා කියලත් ආරංචියි.


“ඒ එක්කම ජ’පුර රෝහල ළඟ සුපිරි තට්ටු නිවාසයක තවත් රහස් සාකච්ඡා වගයක් ගිහින් තිබෙනවා. ඒ ගැන විස්තර මා අගමැතිතුමාට පෞද්ගලිකව කියන්නම්.”, එජාප නීති නිලධාරියා කීය.


“සජිත් ඇමැතිතුමා ඇතුළු මේ ආණ්ඩුව දාගැබ් 1126ක්, දහම් පාසල් ගොඩනැගිලි 815ක් හදද්දිත් හා පන්සල් දහස් ගාණක් වැඩි දියුණු කරද්දිත් බුදු දහම අනතුරේ කියා සුළු පිරිසක් කෑ ගහනවා. රාජපක්ෂ ආණ්ඩුවෙන් නිවන් යන්න වාහන හත අට ගත්ත, කෝටි ප්‍රකෝටි ගණන් බිස්නස් කර ගත්ත, පිටරටින් ඩොලර් මළු පූජාවට ගත්ත, පන්සිල් පද පහවත් පේළියට කියන්න බැරි සිවුරුධාරීන් තමයි, වරප්‍රසාද නැති කමට අද කෑ ගහන්නේ” එජාප ඉහළ නිලධාරියෙක් කීය.

 

ඉන්දීය රජයේ මූල්‍ය පරිත්‍යාගයක් යටතේ නිවාස 24 කින් සමන්විතව ඉදිවුණු “රනිදුගම” ජනතා අයිතියට පත් 213 වැනි උදා ගම්මානයයි. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, රන්පොකුණගම දී මෙම ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ විශේෂ ඇරියුම පරිදි එක්ව සිටියේ ශ්‍රී ලංකාවේ සිව්වැනි විධායක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි. 


ජනපතිනිය මෙවැනි උදා ගම්මාන උත්සවයකට පැමිණි මුල්ම අවස්ථාව එය වූ හෙයින්මෙම වැඩපිළිවෙළ පිළිබඳ ඇය තුළ කිසියම් පිබිදීමක් ඇති බව පෙණිනි. “මේ ගෙවල් හරිම ලස්සනයිනේ සජිත්. කොහෙන්ද සල්ලි?” කියා ජනාධිපතිනිය අසද්දි සජිත් කීවේ “මගේ ජාත්‍යන්තර සබඳතාවල පිහිටෙන් තමයි” කියාය. එවර ජනාධිපතිනිය කීවේ “ඔව් ... ඔව් ... ඔයා නම් ණය අරන් මේ වගේ වැඩ කරන කෙනෙක් නෙ​ෙවයි” කියාය. “අනිත් අය ගිනි පොලියට ණයට අරන් සංවර්ධනය කරන කොට මගේ නිවාස ව්‍යාපෘති වෙනුවෙන් ඉන්දීය ආණ්ඩුව රුපියල් ලක්ෂ 12,000ක්ම දුන්නේ සම්පූර්ණ ප්‍රදානයක් හැටියටයි. ඉන්දීය ආධාර යටතේ ඉදිකර ජනතා අයිතියට පත් කරන පළමු වැනි ගම්මානය මෙයයි” සජිත් පැහැදිලි කළේය. “රනිදුගම” උදා ගම්මානයේ ඔසු උයන ද ජනපතිනියගේ සිත් ඇදගත් විශේෂ ස්ථානයක් විය. මෙම ගම්මානයේ උත්සවයට පෙර සජිත් ගියේ ජනපතිනියගේ ඉල්ලීම පරිදි වේයන්ගොඩ නගරයේ කම්කරු පවුල් 94ක් ජීවත්වන පැරැණි කම්කරු නිවාස යෝජනා ක්‍රමයක අඩුපාඩු නිරීක්ෂණය කිරීමටය. පසුවදා “මංගල සමරවීර දේශපාලනයේ දශක තුනක්” කෘතිය ජනගත කිරීම වෙනුවෙන් මාතර පැවැති විශේෂ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ ද සජිත් ය. ආර්. සම්බන්දන් හිටපු විපක්ෂ නායකවරයා එහි පැමිණි තවත් සුවිශේෂ අමුත්තකු විය. එහිදී මෙරට සමාජ ආර්ථික ක්‍රමය විග්‍රහ කරමින් සජිත් කළ විග්‍රහය මංගලගේ පැසසුමට ලක්විය. මංගල සිය කතාවේ දී එම කරුණු නැවතත් සිහිපත් කරමින් ඇගයීම විශේෂ සිද්ධියක් විය. පසුගියදා කිසියම් පුද්ගලයන් පිරිසක් විසින් ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානය පිළිබඳව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වූ සාවද්‍ය කරුණු පිළිබඳව සත්‍ය තතු පැහැදිලි කරමින් එම පූජ්‍යස්ථානයේ දැනටමත් සිදුකරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා සජිත් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීය. මෙම සාකච්ඡාවට ආචාර්ය මැදගම ධම්මානන්ද, කූරගල රජමහා විහාරාධිපති දෙල්තොට චන්ද්‍රජෝති හිමිවරුන්ද, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, ආචාර්ය නිමල් පෙරේරා සහ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර ද සහභාගි වූහ.


“මෙවැනි ඓතිහාසික පූජ්‍යස්ථානයක සංවර්ධන කටයුතු කරද්දී අදාළ නිකායේ මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනු දැනුම ඇතිව සිදු කිරීම තමයි හොඳ” ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් පවසද්දී සජිත් කීවේ “මම අනිවාර්යයෙන්ම මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුදැනුම සහ ආශිර්වාදය ඇතිවයි කවදත් මෙවැනි කර්තව්‍යයකට මුල පුරන්නේ” කියාය. “විෂය කරුණු පිළිබඳ පරිචයක් ඇති විද්වතුන් මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම ගැන අපේ ප්‍රශංසාව ඔබතුමාට හිමිවෙනවා. ධම්මානන්ද හිමියෝ පැවැසූහ. විහාරස්ථාන පරිශ්‍රයේ පරිසර හිතකාමී නළ ජල හා නව විදුලි පද්ධතියක් ස්ථාපනය කිරීම මෙන්ම සංචාරකයන්ට ගිමන් නිවා ගැනීමේ ස්ථාන, සනීපාරක්ෂක කටයුතු ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද, චෛත්‍යය වන්දනා කර ගැනීමට එන පිරිස් සඳහා පරිසර හිතකාමී මාර්ගයක් තැනීම හා පුරාවිද්‍යාත්මක නටබුන්වලට හානිවීම වළක්වා ගැනීම පිණිස පර්යේෂණ ඒකකයක් එහි ස්ථාපනය කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.

 

පසුගිය සතියෙහි අමරපුර මහා නිකායෙන් පිරිනැමුණු “සාධුජන ප්‍රසාදිනී ලංකාපුත්‍ර” ගෞරව සම්මානයත් සමගම ත්‍රෛනිකායෙන්ම ගෞරව සම්මාන ලැබීමේ දුර්ලභ අවස්ථාව කතානායක කරු ජයසූරිය මහතාට ලැබීම ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සටහනක් බවට පත් විය. එය මෙරට දේශපාලන ක්ෂේත්‍රයට ද දුර්ලභ අවස්ථාවකි.


මින් පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් “විශ්ව කීර්ති ශ්‍රී, ශ්‍රී ලංකා ජනරංජන” යන ගෞරව සම්මානයත් සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි පාර්ශවයන් වෙතින් “ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී” ගෞරව සම්මානයත් හිමිකරගැනීමේ භාග්‍ය කතානායකවරයාට ලැබිණි.


කතානායකවරයා ලද මෙම ගෞරව සම්මානයට අඟහරුවාදා පාර්ලිමේන්තුවෙන් ද පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔහු වෙත උණුසුම් සුභපැතුම් හිමි වූ අතර මුලින්ම සුබපැතුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලකය.


හැම විටම නිවැරදි පිරිසිදු මහජන සේවයක යෙදුණු නායකයෙක් ලෙසත්, මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා ලෙසත් පාර්ලිමේන්තුවේ මුල් පුටුව හොබවන ඔබතුමා මින් පෙරත් ජපානයෙන් ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයෙකුට හිමි වූ උදාවන සූර්යයා සම්මානයත්, මහා භාරතයෙන් අබ්දුල් කලාම් සම්මානයත් හිමිකරගත් කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස ත්‍රෛනිකායෙන්ම ගෞරව සම්මාන ලැබීම පාර්ලිමේන්තුවේ සාමාජිකයන් වන අපටත් ගෞරවයක් යැයි සඳහන් කරමින් ඇමති ගයන්ත අසුන් ගන්නවාත් සමග නැගී සිටි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද ඉතාමත් හෘදයාංගම ලෙසින් කතානායකවරයාට සුබපැතීම විශේෂත්වයක් විය.


එමෙන්ම විපක්ෂනායකවරයා කීවේ “මෙහෙම සුභපතනවා විතරක් නෙවෙයි. ඔබතුමා මේ වැදගත් ගෞරවය ලබන වෙලාවේ දැන සිටියා නම්, අපි සහභාගි වෙනවා” කියායි. කතානායකවරයා ප්‍රතිචාර දැක්වූයේ “ඔබතුමාට බොහොම ස්තුතියි, මම තනියම ගිහින් ඒ සම්මානය භාරගත්තේ කිසිවෙකුටත් විශේෂයෙන් ආරාධනා කළේ නැහැ. ඒ ප්‍රකාශයට නැවතත් ස්තුතියි” කියායි.


විපක්ෂනායකවරයාගෙන් පසු ඇමති කබීර් හෂීම්, ජවිපෙ නියෝජනය කරමින් නලින්ද ජයතිස්ස, මුස්ලිම් කොන්ග්‍රසය වෙනුවෙන් අලි සහීර් මවුලානා, එජාපයේ පසුපෙළ වෙනුවෙන් හේෂා විතාන යන මන්ත්‍රීවරු ද කරු ජයසූරිය මහතාගේ ආදර්ශමත් ජීවන පිළිවෙත අගයමින් විශේෂ ශුභපැතුම් එක් කළහ.

 

උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට පැමිණි කොළොන්නාවේ ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ප්‍රබලයෙක් විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතාට රහසක් කීය.


“තෙල් නළ එළන්න දුන්නෙ නැත්නම් විදුලිබල මණ්ඩලයට තෙල් දෙන්නෙ නැහැ යයි ගත්ත තීන්දුවට අපි කිහිප දෙනෙක්ම විරුද්ධ වුණා. ඒකට පිටිපස්සෙ ඉඳන් තල්ලුව දුන්නේ එක්තරා දේශපාලකයෙක්. මේක හරියට මූණත් එක්ක තරහවෙලා නහය කපා ගන්නවා වගේ වැඩක්. යම් හෙයකින් තෙල් ලබා නොදී විදුලිය නැතිවුණහොත් ඒක අපේ සියලුම සේවකයන්ගේ නිවාසවලටත් විදුලිය නැතිනෙවා. අඳුරේ තමයි ඉන්න වෙන්නේ. ඔබතුමාගේ වැඩ කඩාකප්පල් කරලා ජනතා අප්‍රසාදයක් ගොඩ නගන කුමන්ත්‍රණ තමයි මේක පිටිපස්සෙ තිබුණේ. මේ දිනවල ජනාධිපති තරගයට ඉදිරිපත් වෙන්න දඟලන කෙනෙක් සමඟ දකුණේ ප්‍රබල චරිතයකුත් ඉන්නවා.” යයි කීය.


“අඩි 120ක දිග බටයක් අල්ලගෙන විදුලි බල මණ්ඩලයට තෙල් දෙන්නෙ නැහැ කියලා බලපෑම් කරන්න ඛනිජ තෙල් සංස්ථාවට සැබෑ වුවමනාකමක් නැහැ. ඊටත් වඩා වැදගත් අර්බුද නිරාකරණය කර ගන්න ඛනිජ තෙල් සංස්ථාවට තියෙනවා. මට මේවා ඔක්කොම ආරංචි වෙනවා. ඒත් මම කලබල වෙන්න ගියේ නැහැ. දේශපාලන බල්ටිවලට දක්ෂ අගමැති සිහින මවන කෙනෙක් තමයි මේ කොන්ත්‍රාත්තුව භාර අරන් තියෙන්නෙ. මේ වගේ කකුල් මාට්ටු වගේ බොරු වළවල්වලට තල්ලු කරලා මාව දේශපාලනයෙන් ඉවත් කරන්න බ‌ැහැ. ඉදිරි කාලයේ දී තවත් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. රවි කරුණානායක ඇමැතිවරයා කීවේය.



අදහස් (0)

ඇමෙරිකාවත් එක්ක ගිවිසුමක් ගැහුවේ කවුද?

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1418 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site