IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ආසන සංවිධායකයන්ට සජිත්ගේ තීන්දුව

එජාපෙ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් පාර්ලිමේන්තු කමිටු කාමර දෙකේදී කැඳ වූ විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස ඔවුන් හමුවට ගියේ තීන්දුවක් අරගෙනය.
රැස්වීම් ශාලාව පිරෙන්නට සංවිධායකවරු පැමිණ සිටි අතර එතැන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද සිටියේය.
සජිත් මුලින්ම වැඩ ආරම්භ කළේ තමන් අරගෙන සිටි තීන්දුව කුමක්දැයි ප්‍රකාශයට පත් කරමිනි.
‘අපි හදන නව සන්ධානයේ මහ ලේකම් ලෙස අපේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කරනවා.’
සජිත් එහෙම කියන විටම සභාවම එක හඬින් අත්පොළසන් දුන්හ. සියලු දෙනාම පාහේ නව ප්‍රබෝධයක් ලබාගත් අයුරින් සතුටට පත්වූහ.
ඉන් අනතුරුව දෙපැයකට වැඩි කාලයක් සජිත් ඉඩ ලබා දුන්නේ පැමිණි නියෝජිතයන්ට අදහස් දැක්වීමටය. ඔවුන් සියලු දෙනාම පාහේ කීවේ පක්ෂය ජනතාවාදීව ගොඩ නංවන ලෙසටය.’


‘සර් අපේම සමහරු ජනාධිපතිවරණයේදී වගේ කකුලෙන් අදින්න පුළුවන් නේද?’
සංවිධායකවරු කිහිප දෙනෙක්ම විමසූහ.
‘කකුල් මාට්ටු, වෙට්ටු දැමිලි මට හොඳට හුරුයි. ඒවායින් වැටෙන්නෙත් නෑ. පස්සට යන්නෙත් නෑ.’ සජිත් උත්තර දුන්නේය.
‘අපිට වුවමනා ජයග්‍රහණය. ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී, ශිෂ්ටසම්පන්න ගමනක් අපි යනවා. ඒ ගමන වළක්වන්න කාටවත්ම බෑ. සජිත් කීවේය.
පසුගියද‌ා සජිත් කාදිනල් හිමියන් බැහැදුටුවේය. උන්වහන්සේ ඉතා දයාවෙන් සජිත්ව පිළිගත්හ.
‘ඔබතුමාගේ නව තනතුරට සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා පතනවා.’ කාදිනල් හිමියෝ කීහ. පාස්කු ඉරිද‌ා ප්‍රහාරයෙන් පසු විනාශ වූ දේවස්ථාන පිළිසකර කිරීම උදෙසා එවක අමාත්‍යවරයා ලෙස සජිත් ගත් වෙහෙස පිළිබඳව ද කාදිනල් හිමියන් සිය ස්තූතිය සජිත්ට පිරිනැමුවේය.
අනතුරුව උන්වහන්සේ විමසුවේ පැවැති ප්‍රගති සමාලෝචන හමු ගැනය.
‘සතිපතාම ඔබතුමන්ලා පැවැත් වූ ප්‍රගති සමාලෝචන අමතක නෑ.’
උන්වහන්සේ පැවසූහ.


‘මගේ නිලධාරීන් වගේම මාත් ඒවට සහභාගි වුණා.’
සජිත් එහෙම කියද්දී කාදිනල් හිමියන් පැවසුවේ ‘ඔබතුමා ඉතිං බොහොම කාර්යශූරයිනේ’ කියාය.
‘ඒක මගේ තාත්තාගෙන් ලැබුණු දෙයක්’ යැයි සජිත් පෙරළා උත්තර දුන්නේය.
එජාපෙ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති අතර කෘත්‍යාධිකාරියෙන් ඉවත්කර සිටි අජිත් පී. පෙරේරා එහිදී උද්වේගකර කතාවක් කළේය.
යෝජිත සන්ධානය ගැන කතාවට ගැනුණේ අනතුරුවය.
යෝජිත සන්ධානයේ නායකයාට හිමි බලතල ප්‍රකාරව රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම තනතුරට නම් ක​ළේ විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස මහතාය.
ඒ මහතාගේ නම පාර්ලිමේන්තු කණ්ඩායමේදී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් යෝජනා කළ අතර එය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා විසින් ස්ථීර කරනු ලැබීය.
‘මේ නමට විරුද්ධ කවුරු හරි ඉන්නව ද?’


නව සන්ධානයේ නායක සජිත් විමසුවේය. කිසිවෙකු ඊට විරුද්ධ වූයේ නැත.
සජිත් ඒ සමගම රංජිත් මද්දුම බණ්ඩාරට මුලසුනේ අසුනකට ආරාධනා කළේය.
‘මාව නව සන්ධානයේ මහලේකම් ලෙස නම් කළ විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස මහතාට පළමුකොට ස්තූතියි’ කී හෙතෙම සෙසු සියලු දෙනාටත් ස්තූති කළේය.
ඉන්පසුව නව මහලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැති අතර සජිත් රංජිත් මද්දුම බණ්ඩාර වැළඳගෙන ඔහුට සුබපැතුවේය.
බ්‍රහස්පතින්ද‌ා එජාප නායකයා වේලාසනින්ම පාර්ලිමේන්තු ගියේ ඊට කලින් ද‌ා අගමැති මහින්ද පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට අද‌ාළව එජාපයේ පිළිතුර සූද‌ානම් කිරීමටය. ඒ අතර පැමිණ සිටි එජාප ප්‍රබලයන් සමග ද ඔහු විටින් විට කතා බහ කළේය.


‘එජාප ප්‍රශ්නය අතක් පයක් කඩා නොගෙන විසඳා ගැනීම වටිනවා. දැන් නායකතුමායි, විපක්ෂනායකතුමායි එකතුවෙලා ජනතාවට තිත්ත වෙච්ච මේ ආණ්ඩුවට මහා මැතිවරණයේදී පාඩමක් ඉගැන්වීමට සැලසුම් හදන්න ඕනෑ. දෙපැත්තෙන්ම කකුලෙන් ඇදිලි නොකිරීම වැදගත් වෙනවා.’ ​ජේ.සී. අලවතුවල ප්‍රකාශ කළේය.
‘ඔව්. නායකත්ව ප්‍රශ්නය ඉවරයි. දැන් කව්රුත් එකතුවෙලා මහ ඡන්දයට බහින්න ඕනෑ.’ නායකයා කීවේ සැහැල්ලුවෙනි.
‘මෛත්‍රීපාල සිරිසේන නිදහස් උත්සවයට ආවේ නැත්තේ එයාට පොහොට්ටු - ශ්‍රීලනිප සන්ධානයේ සම සභාපතිකම නොදීම හා ශ්‍රීලනිපයට පළ නොකියා පලා බෙදීම නිසා කියලායි ආරංචි. ඒත් ඔබතුමා නොගියේ ඇයි? කේ.කේ. පියද‌ාස ඇසුවේ එවැන්නකි.


‘මා අවුරුදු විසි ගණනක් නිදහස් උත්සවයට අගමැති, විපක්ෂනායක. ඇමැති තනතුරු දරමින් ගියා. විපක්ෂනායක සජිත් එතැනදී කැපී පෙනෙන්න ඕනෑ නේද කියලයි මා බැලුවේ. ඒත් හවස ජනාධිපති මන්දිරයේ තිබුණු නිදහස් සැමරුම් සාදයට මමත් ගියා.’ නායකයා කීවේය.
‘එජාපෙ ප්‍රශ්නේ ඉවර නම් මද්දුමබණ්ඩාර මහලේකම්ගේ නම කෘත්‍යාධිකාරියේදීත් සම්මත වෙන්න ඕනෑ කියා ඔබතුමා කීවේ ඇයි? එතන පොඩි කොස්සක් නැද්ද?’ චම්පිකා ප්‍රේමද‌ාස ඇසුවේය.


‘පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදී වුණේ මහලේකම්ගේ නම නිවේදනය කිරීමයි. ඒක කෘත්‍යාධිකාරි මණ්ඩලයේදීත්, පක්ෂ නායක රැස්වීමේදීත් අනුමත වෙන්න ඕනෑ. ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. එජාප නායකයාගේ පිළිතුර එය විය.
‘මහලේකම් හොර සල්ලි අච්චු ගැහුවා කියා මහා මඩක් යනවා. මේවා අප රටට පැහැදිළි කරන්න ඕනෑ.’ ජේ.සී. අලවතුවල කීවේය.
‘මද්දුමබණ්ඩාරට ‘ටිපෙක්ස්’ ප්‍රශ්නයක් නම් තිබුණා. ඔය සල්ලි කේස් එක ගැන මා ඇහුවා. මගේ කිසිම සම්බන්ධයෙක් නැහැ. ඔෆිස් එකේ කෙනෙකුටයි චෝදනාව තිබෙන්නේ. ඒත් තාම එයාගෙන් ප්‍රශ්න කරලාවත් නැහැ කියා මද්දුමබණ්ඩාර කීවා. මද්දුමබණ්ඩාරලා දේශපාලනිකව මට ඇටෑක් කළත් ඔහු කිසිද‌ාක වංචා, දූෂණ කරපු කෙනෙකු නොවෙයි.’ එජාප නායකයා රංජිත් මද්දුමබණ්ඩාරට චරිත සහතිකයක් දුන්නේය.


2015 ට කලින් රාජපක්ෂ ආණ්ඩුව එයාර් බස් 10 ක් ගන්න ඩීල් එක දාලා ඩොලර් මිලියන 16 ක අල්ලසක් ගන්න උත්සාහ කළා කියා එංගලන්තයේ අධිකරණයක දී එළිවුණා. මේකෙන් රාජපක්ෂලාගේ ඔළුව ගිනිගත්තා. එතනදිත් පහළ තැනින් වතුර යවලා නිලධාරියෙකුගේ ඇඟේ මේක ගහන්නයි හදන්නේ.
එයාර් බස් සමාගම ඒ රටවල් එක්ක එකඟතාවකට ඇවිත් එංගලන්ත අධිකරණයට ඩොලර් බිලියන 05 ක් වගේ විශාල මුදලක් ගෙවා ෂේප් වෙලා. ලංකාවේ කෙනාට ලැබෙන්න තිබූ කොමිස් මුදල කියනවාටත් වඩා වැඩියි කියලායි ආරංචි. අතට ගත්ත පගාවත් කියනවාට වඩා වැඩියි කියලයි ආරංචි. සිංගප්පූරුවේදීත් අතට ගත්ත මුදල් ගිණුම් හතරකට මාරු වෙලා. ඒ ගිණුම් කාගෙ ද කියලයි අප අහන්නේ. ලංකාවට මේ සමාගමෙන් වන්දියක් ගන්න මේ මහා දේශප්‍රේමි ආණ්ඩුව දැන් උත්සාහ කරන්න ඕනෑ.’ ලක්ෂ්මන් කිරිඇල්ල කතාව වෙනතකට යොමු කළේය.


‘එයාර් බස් ගනුදෙනුව දූෂිත බව අපට තේරුණා. අප යම් මුදලක් ඒ සමාගමට ගෙවා ඇණවුම අහෝසි කළේ ඒකයි. 2016 දී අප මේ ගැන දැනගෙන අවශ්‍ය කටයුතු කළා. අධිකරණ ලේකම් හරහා සි.අයි.ඩී.යට හා නීතිපතීට තොරතුරු වාර්තා කළා. ගිය අවුරුද්දේ නොවැම්බර් වෙන කොට සියලු තොරතුරු ලංකාවට ලැබුණා.
අලුත් ආණ්ඩුව එංගලන්තයේ අධිකරණයේදී වැඩේ හෙළි වෙනකම් සද්ද නැතුව හිටියේ ඇයි කියලයි අප අහන්නේ. දැන් ලංකාව ඔය සමාගමෙන් පගා ගන්න බව ඔප්පු වෙලා තිබෙන නිසා අපට මින් මතු එයාර් බස් මිලදී ගන්න බැරිවෙන අනතුර තිබෙනවා.’ එජාප නායකයා කීවේය.
‘නිදහස් දින ජනපතිගේ කතාව ෂෝක් කියා හැමෝම කියනවා. වසර 70 ක් අප ෂෝක් කතා ඇහුවා. වැඩයි - රටේ දියුණුවයි අවශ්‍ය වෙන්නේ.’ නවීන් දිසානායක කී දේ සියලු දෙනා අනුමත කළහ.


ශ්‍රී ලංකාව තුළදී චීන ජාතිකයන්ට මුහුණ දීමට සිදු වූ අමිහිරි සිදුවීම් කිහිපයක් පිළිබඳව ගෙවුණු සතියේ චීන තානාපතිවරයා විසින් සිය කනගාටුව පළකිරීම පිළිබඳව වහාම අවධානය යොමු කළ කථානායකවරයා චීන තානාපතිවරයා කැඳවා විශේෂ සාකච්ඡාවක නිරත විය.
එහිදී කථානායකවරයා සඳහන් කළේ ‘දුෂ්කර අවස්ථාවලදී ශ්‍රී ලංකාව සමග සිටි කල්‍යාණ මිත්‍රයෙකු වන චීනය අතීතයේ සිටම විශේෂයෙන්ම ජනවාර්ගික යුද්ධයේදී රාජ්‍ය තාන්ත්‍රිකව හා යුදමය වශයෙන් ලබා දුන් සහාය ශ්‍රී ලාංකිකයන් කිසි විට අමතක නොකරනු ඇති බවයි.’
අපගේ යෝධ මිතුරා මේ මොහොතේ මුහුණ දී සිටින කටුක වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සුපුරුදු කළ්‍යාණ මිත්‍රත්වයෙන් නොසැලී සිටිනු ඇති බව ද කරු ජයසූරිය මහතා තානාපතිවරයා හමුවේ සහතික විය.


කථානායකවරයා චීනය කෙරෙහි දැක්වූ මෙම විශේෂ සැලකිල්ල තානාපතිවරයාගේ ඉමහත් ප්‍රශංසාවට හේතු වූ අතර සාකච්ඡාව නිමාවේදී හෙතෙම සඳහන් කළේ කථානායකවරයා පළකළ උණුසුම් මිත්‍රත්වය සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ හැඟීම යැයි තමා විශ්වාස කරන බවයි.



අදහස් (0)

ආසන සංවිධායකයන්ට සජිත්ගේ තීන්දුව

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 150 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 245 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site