IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අනුන්ගේ සංවර්ධන වැඩවලට ​ලකුණු දාගන්නේ කවුද ?

සති අන්තයේ, සෙනසුරාදා දකුණු පළාතේ සංචාරයකට ගිය අගමැතිවරයා එහිදී ආගමික කටයුතුවලට මුල්තැන දීමට ක්‍රියා කළේය. මුළින්ම දෙවිනුවර විෂ්ණු දේවාලයට ගොස් පුද පූජා පැවැත්වූ ඔහු අනතුරුව ගියේ කතරගම පුදබිමටය.


කිරිවෙහෙර වැඳ පුදාගත් අගමැතිවරයා අනතුරුව කතරගම මහ දේවාලයේදී පුද පූජා පැවැත්වීය. එපමණක්ද නොව, වැඩසිටිකන්ද වන්දනා කිරීමට ද ඔහු අමතක කළේ නැත. ඉහත කී සියළු පුදබිම්වලදී රැස්ව සිටි ජනතාව සමඟ ද සතුටු සාමීචියේ යෙදීමට ද අගමැති රනිල් අමතක කළේ නැත.


බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු යෑමට පෙර වැදගත් රාජකාරි කිහිපයක් ඉටුකිරීම සඳහා අරලියගහ මැදුරට පැමිණි අගමැති රනිල් එහි පැමිණ සිටි මැති - ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් සමඟ ද කතා බහ කළේය.


‘‘ඊයේ කරන්දෙණිය ඉස්කෝලෙදි ඔබතුමා කළ කතාව වටිනවා. පාර්ලිමේන්තුවටත් වඩා අද පාසල් සිසුන් අතරේ හොඳ විනයක් තිබෙනවා, ඒ වගේම පාර්ලිමේන්තු විනයත් මුළින් අඩු ගානේ පාසල් දරු - දැරියන්ගේ විනය මට්ටමටවත් ගෙන ඒම අත්‍යවශ්‍යයි කියපු එක ඉතා වැදගත් විග්‍රහයක්’’, වජිර අබේවර්ධන මෙන්ම ගයන්ත කරුණාතිලක කීවේද එවැනි අදහසකි.


‘‘ජනතාවට උපරිම සහන දෙන අපේ අය-වැය, ‘‘බ්ලාස්ට්’’ කර අය-වැය මැදදී ජනාධිපතිවරණය කැඳවන්නත් සමහරුන් ජනාධිපතිට බල කරනවා කියා ආරංචියි,’’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


‘‘පස්ස දොරෙන් අගමැතිකමයි, ආණ්ඩුවයි කොල්ල කාලා නඩු ටික යට ගහගන්න උත්සාහ කරලා බැරි වූ නිසා දැන් ජනාධිපතිවරණය කැඳවා ජනාධිපතිතුමා බිල්ලට දීලා හරි අවසාන තුරුම්පුව ගහන්නයි, මේ හොර නඩය උත්සාහ කරන්නේ’’, රංජිත් අළුවිහාරේ පළ කළේ එවැනි අදහසකි.


‘‘තමා උගුළට දාවි කියා ජනාධිපතිතුමාට සැකය තිබෙනව කියලත් ආරංචියි. එක - එක්කෙනා කියන පදේට ජනපතිවරණ තියා මහින්දට වගේ මෙතුමාටත් කළින්ම ගෙදර යන්න සිදුවීම ගැන අපට කනගාටුයි. කොහොම කළත් ජනපති මෛත්‍රී අප පත් කළ ජනාධිපති නිසා අපට එතුමා ගැන විශාල හැඟීමක් තිබෙනවා’’, ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි.
‘‘යූඇන්පී කාරයෝ ගැන වැඩියෙන්ම බලපු ඇමැතිවරුන් කිහිපදෙනා අතර කිරිඇල්ල ඇමැතිතුමා ඉන්නවා කියන එක රටේ මතයයි. ඒත් ආණ්ඩුව බේරගන්න උපරිම සටන දීපු නිසා විෂයන් ගැසට් කිරීමේදී ඔබතුමාටයි වැඩිම අසාධාරණය වෙලා තිබෙන්නේ. ඒක නිවැරැදි වෙන්නෙ නැද්ද?’’, චමින්ද විජේසිරි විමසුවේ අගමැති දෙස බලාය.


‘‘කිරිඇල්ලට අසාධාරණය වෙන්න ඉඩ තියන්නේ නැහැ කියා මා වගේම ජනාධිපතිතුමාත් ප්‍රසිද්ධියේ පොරොන්දු වුණා. ඒ නිසා ඉක්මනින්ම කිරිඇල්ල ඇමැතිතුමාට සාධාරණය ඉටුවේවි’’, අගමැතිවරයා සිය මතය එළි කළේය.


‘‘පළාත් සභාවල හිටපු පරිණත ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඒ වෙනුවට රනිල් අගමැතිතුමාටයි, එජාපෙටයි දැඩිලෙස විරුද්ධ, දේශපාලන අත්දැකීම් නැති පිරිස ආණ්ඩුකාරවරුන් ලෙස පත් කිරීම පුදුමයයි.’’ හේෂා විතානගේ කීවේ එවැන්නකි.


‘‘මැතිවරණ ව්‍යාපාරය සඳහා රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ අල්ලගෙන මරාගෙන - මැරෙන ගේම් එකක් දෙන්න නව ආණ්ඩුකාරවරුන් පත් කළා කියලත් කියනවා’’, නවීන් දිසානායක කළ විග්‍රහය අගමැති ඇතුළු කාගේත් අවධානයට පළ විය.


‘‘නව පත්වීම් ලබපු අය ආණ්ඩුකාරවරුන්ට වඩා ඒ ඒ පළාත්වල ශ්‍රීලනිපයේ ප්‍රධාන සංවිධායකවරුන් කියලත් සමහරුන් කියනවා’’, නවීන් දිසානායක වැඩිදුරටත් කීවේය.
‘‘ප්‍රේමදාස මහතා පටන් ගත්ත චන්ද්‍රිකා ඉස්සරහට තල්ලු කරපු මහින්ද දැඩිලෙස උනන්දු වූ හා මේ රජය ඉදි කළ මාතර - බෙලිඅත්ත නව දුම්රිය පාරේ ගිය පළමු දුම්රියට මහින්දගේ බැනර් ගහලා හෙන්චයියො ටිකක් ඇවිත් මහ කලබලයක් කළා. එහෙම නම් අනිත් හැම කෝච්චි පාරක්ම ඉදි කරපු මහ රැජිනගේ හෝ බ්‍රිතාන්‍යය අගමැතිගේ හෝ පින්තූර ගහන්න වෙනවා. කෝච්චියේ ගහපු මහින්දගේ පෝස්ටරේ ලසන්ත හා තාජුඩීන්ගේ මිනී පෙට්ටිවල ගැහුවේ නැත්තෙ ඇයි කියලයි සමාජ ජාලාවල ප්‍රශ්න කරන්නේ?’’, රංජන් රාමනායක සුපුරුදු ලෙස දැවැන්ත බෝම්බය පත්තු කළේය.


‘‘ජනතා මුදලින් හා අධික ණයවලින් හදන දේවල්වලට නම ගහගන්න සමහරුන්ට තිබෙන දැඩි ආශාව ඔබතුමාට නැත්තේ ඇයි?’’, අජිත් පී. පෙරේරා අගමැති රනිල්ගෙන් ප්‍රශ්න කළේ සිනහවක්ද සමගිනි.


‘‘ජනතා මුදලින් හදන දේවල්වලට තියා අතේ මුදලින් හදන දේකට පවා නම නොගහන එක මගේ නොවෙ ඒක එජාප සම්ප්‍රදායයි. ජේ.ආර්. මේක කළේම නැහැ. ප්‍රේමදාස උපන් දින උත්සවය නම් තිබ්බා. හැබැයි ඒකෙන් වැඩිම වාසිය වුණේ ඒ ඒ පළාත්වල මිනිස්සුන්ටයි’’. අගමැතිවරයා අතීතය විස්තර කළේය.


‘‘ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ළමයා ලංකාවෙන්ම පළවැනියා වීමට විරුද්ධව බන්දුල ගුණවර්ධන මුළු රටම විරුද්ධ වෙද්දි තාම තනියම නානවා. අධ්‍යාපන ඇමැති අකිලයි, වත්මන් විභාග කොමසාරිසුයි රටට ඇත්ත පැහැදිලි කළා. ‘‘බන්දුල අධ්‍යාපන ඇමැති කාලේ පවා තිබූ ක්‍රමයයි, අදත් ක්‍රියාත්මක වෙන්නේ. එහෙම එකේ අසරණ දරුවෙකු අල්ලාගෙන බන්දුල ගුණවර්ධන කරන මේ අශිෂ්ඨ වැඩේට රටම විරුද්ධයි’’. දයා ගමගේ කීවේය.


‘‘බොහෝ ජනමාධ්‍ය සමබර නොවී රට නොමඟ යවනවා. තමන්ගේ අඩුපාඩු හදාගන්නෙ නැහැ. ඒ අයට ජනතා දේපළක් වූ සංඛ්‍යාත පාවිච්චි කර ජනතාව නොමඟ යවන්න අයිතියකුත් නැහැ. ඒ නිසා ‘‘කළු මාධ්‍ය’’ කියා බණිනවා, රජයේ දැන්වීම් දෙන්නෙ නැහැ කියා ආඩපාළි විතරක් කියා හරියන්නේ නැහැ’’ චමින්ද විජේසිරි කී දෙය සියලු දෙනා අනුමත කළහ.


මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියට අදාළව ලග්ගල ඉදිවූ නව හරිත නගරය විවෘත කිරීම පසුගියදා ජනපති අතින් ඉටු වූ අතර උත්සවයට ශ්‍රීලනිප මෙන්ම එජාප මැති ඇමැතිවරු රැසක් ද එක්වූහ.


සජිත් ප්‍රේමදාස බලෙන්ම වාගේ ජනාධිපතිවරයා සිය වාහනයට නංවා ගත් බවට ද ආරංචි පැතිර ගියේය. ඒ උත්සවයට අගමැති ඇතුළු එජාපෙ සියලු දෙනාටම ආරාධනා ලැබී තිබූ අතර අගමැතිවරයා උපදෙස් දී තිබුණේ හැකි සෑම කෙනෙකුම උත්සවයට එක්වීම වැදගත් බවය. මන්ද, එ් ව්‍යාපෘතිය මේ ආණ්ඩුව මගින් නිමකළ දැවැන්තම සංවර්ධන යෝජනා ක්‍රමයක් වූ බැවිනි.


‘‘දැන් ව්‍යවස්ථා මර උගුලක් කියා ජනමාධ්‍යයි, හාමුදුරුවරුයි, පොහොට්ටු හා ශ්‍රී ලංකා කාරයොයි උදේ - හවස මොර දෙනවා. නිමක් නැහැ. රට නොමඟ යවන මේ ප්‍රශ්නය ගැන ආණ්ඩුවේ පැහැදිළි කිරීමත් ඉතා මදි’’. නවීන් දිසානායක යළිත් කීවේ අගමැතිටය.


‘‘සිකුරාදට නව ව්‍යවස්ථාවේ විශේෂඥ වාර්තාව හා අනෙක් වාර්තා ඔක්කොම පාර්ලිමේන්තුවට දානවා. ව්‍යවස්ථා සභාව ඒවා අධ්‍යයනය කර ඉදිරියට යන්න කිව්වොත් යනවා. නැත්නම් මේක නවතීවි.’’ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විමසුමකින් සම්මත නොවී නව ව්‍යවස්ථාව ගේන්න බැරි බව කෑ ගහන අය දන්නවා වුණත් පටු දේශපාලන වාසි වෙනුවෙන් රට ගිනි තියන්න හදනවා. කළු මාධ්‍ය ඊට උඩ ගෙඩි දෙනවා. මේක අපරාධයක්’’. අගමැතිවරයා කළ පැහැදිළි කිරීමට කාගේත් එකඟත්වය පළ විය.


‘‘බරපතළ දූෂණ වංචා හා බලය අයුතු ලෙස පාවිච්චි කිරීමට අදාළ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිගන්නෙ නැහැ කියා මහින්ද පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒක ජනාධිපති අලුත් යාළුවාට කියන්න කියා ඇමැති මංගල හොඳ උත්තරය දුන්නා’’. දයා ගමගේ කීවේ එවැන්නකි.


‘‘අයි.ටී.එන්. එකේ මුදල් ප්‍රශ්න ගැන උදඝෝෂණය කළ සේවකයන් පුදුම මිනිස්සු. 2015 ජනපතිවරණයේදී රුපියල් ලක්ෂ 1100ක් මහින්දගේ දැන්වීම්වලට පොලු තියපු එක ගැන වචනයක් කතා කළේ නැහැ. අනික ඒ ජනපතිවරණයේදීම ජනපති මෛත්‍රීගේ දැන්වීම්වලට අසාධාරණ ලෙස දෙගුණයක් සල්ලි අය කරලත් තිබෙනවා’’. රංජිත් අළුවිහාරේ එළි කළේය.



අදහස් (0)

අනුන්ගේ සංවර්ධන වැඩවලට ​ලකුණු දාගන්නේ කවුද ?

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 170 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site